සැමට විදු නැන නුවණ – Science Literacy for All

සංසිඳවීමේ වියදම් ඉහළ යාම සහ පහළ වැටීම

දේශගුණ විපර්යාසයේ පිරිවැය 

එක්සත් රාජධානියේ, එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ වායුගෝලීය හා පරිසර විද්‍යා ආයතනයේ ඬේවිඞ්. එස්. රීයි විසිනි.

ආර්ථික විද්‍යාව හා දේශගුණ විපර්යාස පිළිබඳ විද්‍යාව  යන දෙකටම පොදු  බොහෝ දේ ඇත. දෙකම රඳා පවතින්නේ අනාගතය ගෙන එන්නේ කුමක්ද යන්න පිළිබඳ නිවැරදි පුරෝකතන මතය. එම පුරෝකතන වලට බොහෝ සේ පාදක වන්නේ කලින් සිදු වූ දේවල්ය. මෙලෙස, නිවාස වෙළඳ පොළ ලබන වසරේදී කෙබඳු වේදැයි අපට දැනුවත් අනුමානයක් පමණක් වුව කළ හැකි නමුත්  ඉදිරි වර්ෂවලදී හරිතාගාර වායු විමෝචන කොපමණ ඉහළ යයිද යන්න ගැන අපට ස්ථීරවම යමක් කිව හැකි නොවේ. එමෙන්ම එවිට පෘථිවියේ දේශගුණය කෙබඳු ආකාරයකට ප‍්‍රතිචාර දක්වා වීද යන්න ද නිශ්චිතව දැක්වීම කළ නොහේ.

එක් අතකින් දේශගුණ විපර්යාසයේ ආර්ථික බලපෑම ගණනය කිරීමෙන් ද අනෙක් අතට දේශගුණ විපර්යාස සංහිඳවීමේ වියදම ගණනය කිරීමෙන් ද මේ අඥාතයන්(නොදන්නා දෙවල්) සියල්ල එක්තැන් කර බලන විට ලැබිය හැකි ප‍්‍රතිඵල පරාසය අසීමිතය. මේසා අවිනිශ්චිතතාවන් ඇති කල්හි පරිසරය වෙනුවෙන් පෙනී සිටින්නන් සහ ඛනිජ තෙල් භාවිතය වෙනුවෙන් පෙනී සිටින්නන් යන දෙපිරිසටම, දේශගුණ විපර්යාස සංහිඳියාව ගැන දෙගොල්ලන් අතර තිබෙන එකිනෙකට වෙනස් ස්ථාවරයන් සාධාරණීකරණය උදෙසා ආර්ථිකමය තර්ක ප‍්‍රයෝජනයට ගත හැකිය.

ගෝලීය වශයෙන් හරිතාගාර වායු අඩු කිරීම වර්තමානයේ ප‍්‍රයෝජනවත් දෙයක් දැයි තහවුරු කර ගැනීම පිණිස එම වායු අඩු කිරීමේ පිළිවෙත්වල පිරිවැය  ප්‍රතිලාභ ලිපි පෙළෙහිදි විශ්ලේෂණය කෙරේ. අපගේම හරිතාගාර විමෝචන පෞද්ගලිකව අඩු කිරීමේ හැකියාව මෙන්ම ඊට වැයවන පිරිවැය ද ඇගයීමට ලක් කෙරේ. දේශගුණ විපර්යාසයේ සම්පූර්ණ ආර්ථික බලපෑම් සලකා බලන විට ශුද්ධ පිරිවැයක් නැතුවම හෝ කුඩා ප‍්‍රමාණයක් පමණක් ඇතිව විමෝචන කැපී පෙනෙන අන්දමින් අඩු කර ගත හැකිය යන්න මාගේ විශ්වාසයයි. එපමණක් ද නොව පුද්ගලයන්ට, දේශගුණය කෙරෙහි සිය බලපෑම අඩු කරන අතරම මුදල් ඉතිරි කර ගැනීමේ විශාල හැකියාවක් ද ඇත. හරිතාගාර විමෝචන සම්බන්ධයෙන් ක‍්‍රියා නොකිරිම සම්බන්ධයෙන් දේශපාලන අලසකම වසා ගැනීමට ආර්ථික හේතු යොදා ගැනීම සාධාරණ නොවේ යයි මම කියා සිටිමි.

Related image

සංසිඳවීමේ වියදම් ඉහළ යාම සහ පහළ වැටීම

දේශගුණ විපර්යාස පිළිබඳ එන්ට එන්ටම උග‍්‍ර අතට හැරෙන ප‍්‍රශ්නය ගැන මෙන්ම ඊට වගකිව යුතු යයි පෙනී යන හරිතාගාර වායු විමෝචන වර්ධනය වීම ගැන සාකච්ඡා කිරීම පිණිස 160 කට වැඩි රටවල් ගණනාවක් 1997 දී ජපානයට රැස් විය. මෙහි ප‍්‍රතිඵලය තමයි ක්යෝටෝ සම්මුතිය — ඉන් ඉදිරිපත් කෙරුණේ සංවර්ධිත රටවල් සඳහා වායු විමෝචන සීමාවන් මාලාවකි. 1990 විමෝචන හා සංසන්දනය කිරීමේ දී  පැනවෙන නව සීමා මාර්ගයෙන් හරිතාගාර වායු (හගාවා) සියයට 5 කට වැඩි ප‍්‍රමාණයකින් ගෝලීය විමෝචන අඩු කිරීම ඉලක්කය විය. වසර හතරක් ගතවෙද්දී ජෝර්ජ්.ඩබ්.බුෂ්,  ක්යෝටෝ සම්මුතියෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කරගන්නේ එහි පැවැත්ම සැකයට ඇද දමමිනි. සිය රටේ ක‍්‍රියාමාර්ගය සාධාරණිකරණය කරමින් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශකයා කියා සිටියේ  ක්යෝටෝ සම්මුතිය  ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයට යහපත් නොවන බවයි. ලොව විශාලතම හගාවා විමෝචකයා ලෙස තවත් පමා නොවී ඉක්මණින්ම ඊට සම්බන්ධ කර ගැනිම ගෝලීය දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් සිදු කෙරෙන උත්සාහයන්ට වැදගත්ය.

කෙසේ වෙතත්, හගා වායු කපා හැරීමට ඇමරිකා එක්සත් ජනපදයේ විරෝධයෙන් යම් ප‍්‍රමාණයක් සාධාරණ බවක් ඇතැම් පිරිවැය විශ්ලේෂණ  දක්වයි. ඇතැම් අධ්‍යයන මගින් දැක්වෙන්නේ ක්යෝටෝ සම්මුතිය    මගින් දන්වනු ලබන අන්දමේ සීමා කිරීම් හේතුවෙන් විශාල ආර්ථික වියදම් ඇතිවන බවයි. වඩාත් විස්තීරණ අන්දමින් විමෝචන අඩු කිරීම ඉතිිරි කෙරෙන සෑම හගාවා මෙටි‍්‍රක් ටොන් එකක සඳහා වැයවන වියදම තව තවත් ඉහළ දැමීමට මග පාදයි. කෙසේවෙතත්, හගාවා අඩු කිරීමේ සුවශේෂී ක‍්‍රමෝපායයන් පිළිබඳ පිරිවැය විශ්ලේෂණයන් බොහොමයක් ද ඇත. ඒවායින් දැක්වෙන්නේ ඉතා සුළු පිරිවැයක් හෝ පිරිවැයක් නැතුවම වුව විමෝ්චන කපා හැරිය හැකි බවයි. විමෝචන අඩු කිරීමට පමණක් නොව පරිසර දූෂණය හේතුවෙන් මහජන සෞඛ්‍ය වෙනුවෙන් වැය කෙරෙන වියදම් ඉතිරි කර ගැනීමට ද මග පාදයි.

Related image

දේශගුණ විපර්යාසවල බලපෑම හීන කිරීම පිණිස වැයවන පිරිවැය  ක‍්‍රම ගණනාවකින්ම අඩු කළ හැකි බව පැහැදිලිය. එහෙත් මේ සියල්ලටම යටින් ඇති ගැටළුව තවමත් ඉතිරිව පවතී : දේශගූණ විපර්යාස හීන කිරීමට පියවර නොගෙන ඒ සදහා වැයවෙන පිරිවැය ගතහොත් අවසානයේ එය හීන කිරීමට ගන්නා  පිරිවැයට වඩා අඩුවිය හැකි ද? ඔව් යන්න පෙනී යන පරිදි පැහැදිලි පිළිතුරයි.

ක්යොටෝ  එකඟතාව ඉතාලියේ ක‍්‍රියාවට නැංවීම පිළිබඳ ඔවුන්ගේ විශ්ලේෂණයේ දී ද ලියෝ සහ සගයන් පෙන්වා දෙන්නේ මනුෂ්‍යයන්ගේ සෞඛ්‍යයට, භෞතික භාණ්ඩවලට, කෘෂිකර්මයට සහ පරිසරයට (මේවා හගාවා විමෝචන බාහිරත්වයි — බාහිරත්වය ගැන මැයි 17 දා තතු ලිපියෙහි සටහන කියවන්න) සිදුවන හානි පියවීම සඳහා වැයවන පිරිවැය බලශක්ති නිපදවීම පිණිස වැයවන ප‍්‍රමාණය (මුදල) සමග එක්කළ විට දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් නිහ`ඩ පිලිවෙතක් අනුගමනය කිරීමෙන්  මුදල් ඉතිරි කරගත හැකිය යන තර්කය බිඳ වැටේ. ලියෝ සහ සගයන් කියන පරිදි ‘‘හරිතාගාර වායු විමෝචන වල සමාජයීය සහ පරිසර පිරිවැය මහා සමාගම්වල ශේෂ පත‍්‍රයට ඇතුළත් නොකෙරුණද ජාතික ශේෂ පත‍්‍රයට එක් කළ යුතුය’’. අධික විමෝචන සිදුකරන එකසත් ජනපදයෙහි වුව, ආර්ථික විශ්ලේෂණයන්හී බාහිරත්ව එක් කිරීමෙන් පෙන්වනු ලබන්නේ ක්යෝටෝ සම්මුතිය සදහා දරන ශුද්ධ වියදම රටේ ආර්ථිකයට ඇතිකරන්නේ නොවැදගත් බලපෑමක් බවයි.

Related image

සුවිශේෂී දේශගුණ විපර්යාස සහ හගාවා විමෝචන අතර සම්බන්ධතාව දැක්වීමට අපට ඇති හැකියාව වර්ධනය වෙත්ම ලෝකයේ හගාවා වැඩියෙන්ම විමෝචනය කරන සමාගම් සමහරකට නඩු හබ වලට මුහුණ දීමට හා අනාගතයේ දී විය හියදම් වැඩිවීමට මග පාදනු ඇත. එවැනි නීතිමය ක‍්‍රියාමාර්ග දැනටමත් ගණනාවක් ම ගෙන ඇත. විමෝචන අඩු කිරීමට කි‍්‍රයා කිරීමේ පිරිවැය නිහ`ඩව සිටීමෙන් ඇතිවන ඵල විපාක වලට වඩා අඩු බව දැක්වෙන අධ්‍යයන ද එන්ට එන්ටම වැඩිවේ. මේ ක‍්‍රියා මාර්ග හමුවේ හගාවා විමෝචන කපා හැරීමට ක‍්‍රියා කිරීමට වහාම පියවර ගත යුතුය යන්න අහක දැමිය නොහැකි තර්කයකි. දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ පාදක ව්‍යුහ සම්මුතිය කියා සිටින්නේ ගෝලීය උණුසුම සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමේ දී ක්යොටෝ එකඟතාව මුල් පියවර පමණක් බවයි. අධ්‍යයනයේ ඉදිරි ක‍්‍රියාමාර්ග වෙනුවෙන් විශාල මුදලක් වැයවෙනු ඇත. එහෙත් එය හරිතාගාර වායු විමෝචන කපා හැරීමට වහා පියවර නොගැනීම පිණිස කිසිසේත් හේතුවක් විය නොහැක.

Royal Society Series on Advances in Science (Vol. 2) = Advances in Earth Science: From Earthquakes to Global Warming (2007) නම් ග්‍රන්ථයෙහි  The Price of Climate Change යන කොටස අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: