සැමට විදු නැන නුවණ – Science Literacy for All

ගංවතුරට එරෙහි සටනට යුරෝපා අභ්‍යාවකාශ තාක්ෂණය

ලෝකයේ ස්වභාවික විපත්ති අතුරෙන් වඩාත්ම වියදම් දැරීමට සිදුවන්නේ ගංවතුර හානිය හේතුවෙනි.  ගෝලිය ගංවතුර හානි පිරිවැය බැලුවොත් යුරෝ මුදලින් බිලියන සිය ගණන් ඉක්මවනවා. සංවර්ධනයවෙන රටවල නිරන්තරයෙන්ම වාගේ ගං වතුර නොවැරදීම පමිණෙයි.2010 වසරේදී පකිස්තානයේ ඇතිවූ මහා ගංවතුරෙන් පමණක් යුරෝ බිලියන 7 කට වැඩි පාඩු සිදුවුනා. දියුණු නැතිනම් සංවර්ධිත රටවල් කියා මායිම් කිරිමක් ගං වතුරට නැහැ. 2002 වර්ෂයේ දී යුරෝපයෙ ඇතිවු ගං වතුරෙන් ජීවිත ගණනාවක් මෙන්ම යුරෝ බිලියන ගණනක දේපොළ වලට හානි පැමිනුණා.

යුරෝපයේ සමස්ත සිවිල් ආරක්ෂක කටයුතුවලින් සියයට 85ක් ම සම්බන්ධවෙන්නේ ගංවතුරටයි. එමෙන්ම ගංවතුරෙන් වෙන හානිය අනාගත්යේදී තව තවත් වැඩි වෙන බවයි පැවසෙන්නේ. ගං ඉවුරු ප්‍රදේශ ආශ්‍රිතව  සහ  පිටාර තැන්නෙහි ඉවක් බවක් නොතකා ගොඩනැගිලි ඉදිකිරිම තව් තවත් දේපොළ ගංවතුර හානියට ඇද දමනවා පමණක් නොව, අනාගතයේ දි ගංවතුර අතුලුව අන්ත කාලගුණ තත්ත්වයනට මගපාදන බවටයි දේශගුන විද්‍යාඟයන් අනතුරු හඟවන්නේ.

ගංවතුර,  වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව හෝ ගංගාවන් ආසන්නයේ ඇතිවෙන්න පුළුවන්. රටක හෝ ප්‍රදේශයක පහත් බිම්  ජල කඳකින් යටවී ගිය විට ගේ දොර, බවභෝග, සංනිවේදන පහසුකම් ඇතුළුව දේපළ වලට අතිවිශාල හානියක් සිදුවෙනවා පමනක් නොව ජීවිත තර්ජන ඇතිවෙනවා.

ගංවතුරට එරෙහි සටනේ ප්‍රදාන අවිය වන්නේ  යුරෝපා අභ්‍යාවකාශ තාක්ෂණය යි(European space technology). ප්‍රථම ආරක්ෂක රේඛාව සපයනු ලබන්නේ Meteosat සහ MetOp  යන කාලගුණ චන්ද්‍රිකා මගිනුයි. කුණාටු පද්ධති වර්ධනය වන ආකාරය මෙවායින් දක්වනු ලබන අතර එය සුළං සහ වැසි ගැන වඩාත් නිවැරදිව පුරෝකතනයන් කිරිමට අවකාශ ලැබෙනවා.

Image result for sattelite flood monitoring

Image result for sattelite flood monitoring

ගං වතුර  ගැලීම් දිවා කාලයේ දී නම් අහස පැහදිලිව තිබෙන විට සාමාන්‍ය කැමරාවකින් දැක බලා ගත හැකියි.  ඒත් ගංවතුර සාමන්‍යයෙන් එන්නේ අහස වැහි වළාකුලින් බරව තිබෙන විටයි. ගංවතුර සිද්ධියකදී එසැණින් හෙවත් තථ්‍ය කාලීනව ලබාගන්නා අනුරුප, ව්‍යසනයකට මුහුණදීමේදී බලධාරින්ට කළමනාකාර මෙවලමක් ලෙස යොදා ගන්න පුලුවන්. එහෙත් මෙතැනදි මතුවන ප්‍රධානතම ගැටළුවක් තමයි ගංවතුර පැතිරි ඇති සමස්ත වපසරියේම  පැහැදිලි චිත්‍රයක් ලබාගැනිම.  ගංවතුර පැතිර පවතින සම්පූර්න පළාතම  පුළුල් ප්‍රදේශ චන්ද්‍රිකා  තනි අනුරූප මගින් දක්වන්න පුළුවනි. ගංවතුරෙන් යටවූ ප්‍රදෙශ වියලි භූමියෙන් මනාව වෙන්කොට දැක්වීමට රේඩාර් උපකරණවලට හැකියාව තිබෙනවා.

Image result for weather satellite images

එමෙන්ම, කාලයත් සමග ගංවතුර බැසයන්නේ ද  නැතිනම් තවත් වර්ධනය වන්නේ ද යන්න එවැනි චන්ද්‍රිකා අනුරුප පෙලක් මගින් නිර්ණය කරන්න පුළුවනි. ඒ වගෙම තවත් ප්‍රදෙශ ජලයෙන් යටවේ දැයි පෙන්නා දෙන්නත් පුළුවනි. තවද කලින් ගත් චන්ද්‍රිකා අනුරූප සහ ගංවතුරෙන් යටවූ පසු ගත් අනුරූප සමග සන්සන්දනය කිරිම  ගංවතුර හානි ඇගයිමට රුකුලක් වෙනවා.

European Space Agency (ESA) යන වෙබ් අඩවියේ FLOOD MONITORING යන ලිපිය සහ ESA Kids වෙබ් පිටුවේ FLOODS  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: