සැමට විදු නැන නුවණ – Science Literacy for All

උස හා මිටි සෞඛ්‍යයට බලපාන හැටි

ඇමරිකා එක්සත් ජනපදයේ පිරිමියකුගේ සාමාන්‍ය උස අඩි 5 අඟල් 9 කි. ස්ත්‍රීන් වෙනුවෙන් උස දක්වතොත් එය අඩි 5යි අඟල් 4 කි. සාමාන්‍යයට වඩා උස වීම හෝ මිටි වීම කෙනෙකුට වාසිදායක මෙන්ම අවාසිදායක වන අවස්ථා ද ඇත. එය සෞඛ්‍යයටත් අදාළයි. මන්ද, සෞඛ්‍යය හා ඔබේ උස අතර සම්බන්ධතාවක් ඇති හෙයිනි. කෙනෙකුගේ උස — හෝ උස නැතිකම — හේතුවෙන් සෞඛ්‍යමය ගැටලූ තත්ත්වයන් හට ගන්නේ නැති නමුත්, ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු අධ්‍යයනයන් පෙන්නුම් කරන්නේ, එය ඔබට ඇතැම් ප‍්‍රශ්න ගෙන ඒමට ඇති ඉඩකඩ අඩු හෝ වැඩි කරවන බවයි. අපි එකින් එක බලමු.

පිළිකාව :

ඇතැම් පර්යේෂණ පෙන්නුම් කරන්නේ සාමාන්‍යයට වඩා අඩු උසකින් හෙබිවීම සමහර වර්ගවල පිළිකා වැළදීමේ හැකියාව පහත හෙළන බවයි. නිදසුනක් දක්වන්නේ නම්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ කාන්තාවන්ගෙන් ලක්ෂයක් (100,000) සම්බන්ධ කරගෙන සිදු කළ පර්යේෂණයකදී මිටි කාන්තාවන්ට ඩිම්බාධාර පිළිකාව () සෑදීමේ හැකියාව හෙවත් ඉඩ ප‍්‍රස්ථාව අඩු බව පෙනී ගොස් ඇත. මේ ආකාරයෙන්ම බි‍්‍රතානඥ ජාතික පිරිමි 9,000 කට වැඩියෙන් යොදා ගෙන කළ (මේ පිරිමි වයස අවුරුදු 50-60 ත් අතර වූහ) අධ්‍යයනයක් පෙන්නුම් කළේ මිටි පිරිමින්ට පුරස්ථිත පිළිකාව (* වැළඳීමේ ඉඩ ප‍්‍රස්ථාව අඩු බවය.

දියවැඩියාව (Diabetes)

කෙනෙකුගේ පාදවල දිග, එම අයට 2 වර්ගයේ දියවැඩියාව() වැළඳීමේ සම්භාවිතාවට සම්බන්ධයක් ඇත. විද්‍යාඥයන් අදහස් කරන්නේ උස අයට දියවැඩියාව ඇතිවීමට ඇති ඉඩ අඩු බවයි. ඔවුන් මේ නිගමනයට එළඹ ඇත්තේ වැඩිහිටියන් 6,000කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් වසර 5 ක් තිස්සේ එක්රැස් කළ දත්ත පදනම් කර ගනිමිනි. උස සහ 2 වර්ගයේ දියවැඩියාව අතර සම්බන්ධය පැහැදිලි නැත. එහෙත්, ඉදිරිපත් වී ඇති එක් අදහසක් වන්නේ, උස අඩු බව, උත්පත්තියට පළමුව හෝ ළමාවියේදී හෝ පෝෂණ ඌනතාවයේ හෝ වෙනත් පරිවෘත්තිය ගැටලූවල සලකුණක් විය හැකි බවයි.

හෘද රෝග

අඩි 5 අඟල් 5කට  අඩු අයට අඩි 5 අඟල් 8 ට හෝ ඊට වැඩි අයට වඩා කිරීට හදවත් රෝගය සෑදීමේ අවස්ථා 50%කින් වැඩිය. ඒ ඇයිද යන්න ගැන විද්‍යාඥයන්ට නිසැකවම කිව නොහැකිය. හේතුව සමහරවිට උපතට පෙර හෝ  ළමා කාලයේ වර්ධනයට බලපාන ලෙස පෝෂණය දුර්වලවීම හෝ ආසාදනය විය හැකිය. එසේම, ඔබේ ජාන ඔබේ උසට මෙන්ම ජීවිතයෙ පසු කලෙක ඔබෙ  ඔබට හෘද රෝග ඇතිවිම කෙරෙහි බලපානවාද විය හැකියි.

ආඝාතය (Stroke)

කෙනෙකුගේ මොළයෙහි කොටසකට සැපයෙන රුධිරධාරාව  ඇණහිටි විට ආඝාතය ඇතිවේ. උස පුද්ගලයන්ට මෙය හට ගැනීමේ අවස්ථාව අඩුය. විශේෂයෙන් ඔවුන් සෞඛ්‍ය සම්පන්න මට්ටමකින් සිය ශරීර බර පවත්වාගෙන යන්නේ නම් එය එසේවීමට වඩාත් ඉඩකඩ ඇත. පෝෂණය සහ කෙනෙකු කොපමණ උසද යන්නට සම්බන්ධ අනෙකුත් සෞඛ්‍යයට අදාළ කාරනා (ආඝාතය හා උස අතර) මෙම සම්බන්ධයට බලපාන කාරණාවන් විය හැකියි.

ලේ කැටිය (Blood Clot)

මෙය බරපතළ තත්ත්වයක් විය හැකිය. විශේෂයෙන්ම ලේ කැටියක් ප‍්‍රධාන ශිරාවක හටගත්තොත් හෝ පෙනහළු වෙත ගමන් කළහොත් එය බරපතළය. පර්යේෂකයන්ට ඒ මන්දැයි යන්න පැහැදිලි කිරීමට අසීරු වුවත් අධ්‍යයන පෙන්නුම් කරන්නේ මිටි වන්න වන්න ශිරාවක ලේ කැටියක් හටගැනීමේ අවස්ථාව අඩු බවයි. අඩු 5 හෝ ඊට අඩු උසක අයට එවැන්නක් හටගැනීමේ අවස්ථාව අඩුම මට්ටමක පවතී.

 

ඇල්සයර්මගේ රෝගය (Alzheimer’s Disease)

මේ ආකාර චිත්ත වික්ෂේප වර්ග සලකන විට උස විශේෂයෙන්ම පිරිමින්ට  වාසිදායක විය හැකියි. පුද්ගලයන් 500කට වැඩි පිරිසක් සම්බන්ධකොට ගෙන සිදු කළ අධ්‍යයනයකින් පෙන්නුම් කළේ උසින් අඩි 5  අඟල් 11ක් හෝ ඊට වැඩි පිරිමින්ට උස අඩි 5 අඟල් 7ට වඩා මිටි පිරිමින්ට වඩා ඇල්සයිමර්ගේ රෝගය වැළඳීමේ හැකියාව 60%ක් පමණ අඩු බවයි. උසින් වැඩි කාන්තාවටද මෙය මෙලෙස බලපෑ හැකි වුවත් උස සහ රෝගය අතර සම්බන්ධය ඔවුනට එතරම් තදින් බලනොපායි.

ගර්භණීබව

උස ස්තී‍්‍රන්ට, මිටි ස්තී‍්‍රන්ට වඩා දිග කාලයක ගර්භණී කාලයක් තිබීමට වැඩි ඉඩකඩ තිබේ. එක් අධ්‍යයනයක් පෙන්නුම් කලේ උස අඩි 5 අඟල් 8ට හෝ ඊට වැඩි ස්තී‍්‍රන්ට වඩා අඩි පහ හෝ ඊට අඩු ස්ති‍්‍රන් සම්පූර්ණ කාලයට පෙර දරුවන් ප‍්‍රසූත කිරීමට ඉඩ ඇති බවයි. ගර්භණී කාන්තාවන් දෙදෙනෙකු අතරේ සෑම සෙන්ටිමීටරයක වෙනසකට මිටි කාන්තාව දින 1/5කින් කලින් දරුවා ප‍්‍රසූත කරයි. මේ ඇය දැයි විද්‍යාඥයන්ට නිශ්චිතවය කිව නොහැකි වුවත් බාගදා එය ශ්‍රෝණිය හෝ ගැබ්ගෙල වැනි  ශරීර අංග වල ප්‍රමාණය විය හැක.

මුඩු හිස්

රටවල් හතක පිරිමි 22,000ක් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යනයකින් පෙන්නුම් කළේ මිටි අයට තට්ටය පෑදිමෙ ඉඩකඩ වැඩි බවයි. විද්‍යාඥයෝ, අකලට කෙස් හැලිමට පිරිමියෙකුට බලපාන විශේෂිත ජාන ගැන හොයා බැලූහ. පිරිමින්ගේ තට්ටය පෑදීමේ රටාවෙහි සහ මිටි බව අතර සමබන්ධයක් දක්වන ජාන හතරක් සොයා ගැනිමට ඔවුනට හැකිවිය.

 

දිර්ඝායුෂ

කලක් තිස්සේ සිදුකෙරෙන අධ්‍යනවලින් පෙණී යන්නේ, මිටි අය උස අයට වඩා මදක් වැඩි කලක් ජීවත් වන බවයි. එමෙන්ම වයස් ගත වෙද්දී දිගුකාලින රෝග අඩු බවයි. විද්‍යාඥයන් තවමත් මෙයට හේතු සොයමින් සිටිනා අතර කල්යාමෙදී සෛලවලට සිදුවන හානියේ ප්‍රමාණය, ඇතැම් හෝමෝනවල මට්ටම් මෙන්ම මොළය, අක්මාව,වකුගඩු වැනි සමහර ශරීරාංග වල ප්‍රාමාණය ඔවුන්ගේ අවධානය යොමුව ඇති කාරනා අතරේ වෙයි.

WebMD වෙබ් අඩවියේ How Your Height Affects Your Health යන්න ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: