සැමට විදු නැන නුවණ – Science Literacy for All

දේශගුණ විපර්යාස ඵලවිපාක ගැන ඔට්ටු අල්ලන්න යෑම

දේශගුණ විපර්යාසයේ පිරිවැය 

එක්සත් රාජධානියේ, එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ වායුගෝලීය හා පරිසර විද්‍යා ආයතනයේ ඬේවිඞ්. එස්. රීයි විසිනි.

ආර්ථික විද්‍යාව හා දේශගුණ විපර්යාස පිළිබඳ විද්‍යාව  යන දෙකටම පොදු  බොහෝ දේ ඇත. දෙකම රඳා පවතින්නේ අනාගතය ගෙන එන්නේ කුමක්ද යන්න පිළිබඳ නිවැරදි පුරෝකතන මතය. එම පුරෝකතන වලට බොහෝ සේ පාදක වන්නේ කලින් සිදු වූ දේවල්ය. මෙලෙස, නිවාස වෙළඳ පොළ ලබන වසරේදී කෙබඳු වේදැයි අපට දැනුවත් අනුමානයක් පමණක් වුව කළ හැකි නමුත්  ඉදිරි වර්ෂවලදී හරිතාගාර වායු විමෝචන කොපමණ ඉහළ යයිද යන්න ගැන අපට ස්ථීරවම යමක් කිව හැකි නොවේ. එමෙන්ම එවිට පෘථිවියේ දේශගුණය කෙබඳු ආකාරයකට ප‍්‍රතිචාර දක්වා වීද යන්න ද නිශ්චිතව දැක්වීම කළ නොහේ.

එක් අතකින් දේශගුණ විපර්යාසයේ ආර්ථික බලපෑම ගණනය කිරීමෙන් ද අනෙක් අතට දේශගුණ විපර්යාස සංහිඳවීමේ වියදම ගණනය කිරීමෙන් ද මේ අඥාතයන්(නොදන්නා දෙවල්) සියල්ල එක්තැන් කර බලන විට ලැබිය හැකි ප‍්‍රතිඵල පරාසය අසීමිතය. මේසා අවිනිශ්චිතතාවන් ඇති කල්හි පරිසරය වෙනුවෙන් පෙනී සිටින්නන් සහ ඛනිජ තෙල් භාවිතය වෙනුවෙන් පෙනී සිටින්නන් යන දෙපිරිසටම, දේශගුණ විපර්යාස සංහිඳියාව ගැන දෙගොල්ලන් අතර තිබෙන එකිනෙකට වෙනස් ස්ථාවරයන් සාධාරණීකරණය උදෙසා ආර්ථිකමය තර්ක ප‍්‍රයෝජනයට ගත හැකිය.

ගෝලීය වශයෙන් හරිතාගාර වායු අඩු කිරීම වර්තමානයේ ප‍්‍රයෝජනවත් දෙයක් දැයි තහවුරු කර ගැනීම පිණිස එම වායු අඩු කිරීමේ පිළිවෙත්වල පිරිවැය  ප්‍රතිලාභ ලිපි පෙළෙහිදි විශ්ලේෂණය කෙරේ. අපගේම හරිතාගාර විමෝචන පෞද්ගලිකව අඩු කිරීමේ හැකියාව මෙන්ම ඊට වැයවන පිරිවැය ද ඇගයීමට ලක් කෙරේ. දේශගුණ විපර්යාසයේ සම්පූර්ණ ආර්ථික බලපෑම් සලකා බලන විට ශුද්ධ පිරිවැයක් නැතුවම හෝ කුඩා ප‍්‍රමාණයක් පමණක් ඇතිව විමෝචන කැපී පෙනෙන අන්දමින් අඩු කර ගත හැකිය යන්න මාගේ විශ්වාසයයි. එපමණක් ද නොව පුද්ගලයන්ට, දේශගුණය කෙරෙහි සිය බලපෑම අඩු කරන අතරම මුදල් ඉතිරි කර ගැනීමේ විශාල හැකියාවක් ද ඇත. හරිතාගාර විමෝචන සම්බන්ධයෙන් ක‍්‍රියා නොකිරිම සම්බන්ධයෙන් දේශපාලන අලසකම වසා ගැනීමට ආර්ථික හේතු යොදා ගැනීම සාධාරණ නොවේ යයි මම කියා සිටිමි.

Related image

දේශගුණ විපර්යාස ඵලවිපාක ගැන ඔට්ටු අල්ලන්න යෑම

මෙන්ම ගෝලීය උණුසුම් වීමේ ආර්ථික පිරිවැය  කල් ඇතිව කියා සිටීමේ දී මුහුණපාන ප‍්‍රධාන අපහසුතාවය වන්නේ එවැනි පුරෝකතනයන්ට ආවේණික, බොහෝ විට විශාල ප‍්‍රමාණයක් වන,  අවිනිශ්චිතතා හේතුවෙන්ය. වසර සියයක කාල පරිමාණයක් ගත්ත ද ඒ කාලය සඳහා කෙරෙන පුරෝකතනවලට ද සැලකිය යුතු නැතිනම් කැපී පෙනෙන මට්ටමක අනුමානයන් හෙවත් හිතලූ සම්බන්ධය. එහෙත්, ගෝලීය දේශගුණ ගතිකයන් ගත්විට වසර සියයක කාල පරාසයක් වුව කෙටි එකකි. හගාවා විමෝචන කපා හැරීමට එරෙහි වඩාත්ම ඒත්තු ගන්වන සුළු ආර්ථික තර්කයේ දී පවා සූදු කෙළින්නේ අපේ අනාගතය සමගයි. ඒවායින් ලංසු තැබෙන්නේ, ගෝලීය උණුසුම්වීම හේතුවෙන් විපත්තිදායක කාලගුණ සිද්ධි ඇති නොවන්නේය යන්නටය.

ගෝලීය උණුසුම්වීමේ නිශ්චිත ප‍්‍රමාණය හෝ බලපෑම සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතතා නොතකා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ පාදකව්‍යුහ සම්මේලනය (United Nations Framework Convention on Climate Change (UNFCCC) ) ගෝලීය උණුසුම්වීම පිළිබඳව ක‍්‍රියාමාර්ග ගත යුතුය යන්න ප‍්‍රවර්ධනය කරයි. ඊට පදනම් කරගෙන ඇත්තේ ‘‘පූර්වක්ෂාකාරී සිද්ධාන්තය’’ (precautionary principle) යන්නයි.

Image result for unfccc logo

 

පරිසරයට, බරපතල හෝ ආපසු හැරවිය නොහැකි හානි සිදුවීම වළක්වා ගැනීම පදනම් කරගෙන, ක්යෝටෝ කතිකාව වැනි හගාවා අඩු කිරීමේ උපාය මාර්ග ජාත්‍යාන්තර වශයෙන් ක‍්‍රියාවට නැංවීමට මේ සිද්ධාන්තය මූලික වශයෙන් ඉඩ සලසයි. ආර්ථික විද්‍යාඥ විලියම් නෝඩ් හෞස් කියා සිටින්නේ ‘කාලගුණ විපර්යාසය මන්දගාමී කිරීම පිණිස අති දැවැන්ත ප‍්‍රයත්නයකට තවම කල් වැඩි වුවද විපත්තිදායක හා ආපසු හැරවිය නොහැකි වෙනස්කම්’ සම්බන්ධයෙන් අප අවධියෙන් යුතුව සිටිය යුතු බවයි. ඒ 1994 වර්ෂයේ දීය. ඒ අවස්ථාවේ පෙනී ගියේ අපට ඇත්තේ විකල්ප දෙකක් පමණක්ය යන්නය. : එක්කෝ හගාවා විමෝචන අඩු කිරීම සම්බන්ධයෙන් කිසිවක් නොකර සිටිමින් පවතින ආකෘති මගින් පුරෝකතනය කෙරුණු එහි ප‍්‍රතිඵල ගැන අවදානමක් දරා සිටීමය; නැතහොත් අපේ පරපුර සහ අනාගත පරපුරවල් විපත්තිදායක දේශගුණ විපර්යාසයන්ගෙන් ඇතිවිය හැකි ගැලවීම සහතික කරනු වස් හගාවා විමෝචන කපා හැරීමය.

Image result for හරිතාගාර වායු

සමස්තයක් වශයෙන් ගත් කල හගාවා විමෝචන අඩු කිරීමේ කුමන හෝ ආරම්භයක්, ආර්ථික වශයෙන් ප‍්‍රායෝගික වනවා පමණක් නොව  හගාවා විමෝචන මගින් ඇති කරනු ලබන දේශගුණ විපර්යාස පිළිබඳ වූ මොනයම් හෝ අනාගත අන්තර්ජාතික ප‍්‍රතිචාරයකට පදනමක් ද සපයයි. ඉහතින් සඳහන් කළ ‘‘පූර්වක්ෂාකාරී සිද්ධාන්තය’’ යොදා ගැනීම, අපට පමණක් නොව දේශගුණ විපර්යාස හේතුවෙන් අපගෙන් පසුව පැවත එන්නන්ට ද ඇතිවිය හැකි මහා විපත් සැලකිල්ලට ගන්නා විට, මුළුමනින්ම ගැලපෙන බව පෙනී යයි.

ක්යෝටෝ සම්මුතිය ක‍්‍රියාවට නැංවූයේ 2005 පෙබරවාරි 16 දාය. 2004 වසරේ අග රුසියාව අනුමත කිරීමෙන් මේ සම්මුතිය පැවැත්මට අවශ්‍ය අංග දෙකක් සපිරිණි. ඊට අඩු කරමින් රටවල් 55 ක් වත් සම්බන්ධව සිටිය යුතු බවට තිබූ කොන්දෙසිය ඉන්   එකකි. එම රටවල් ගෝලීය හගාවා විමෝචන වලින් සියයට 55 කට වත් වගකිව යුතුය යන්න අනෙකයි. රුසියාව සම්මුතිය අනුමත කිරීමත් සමග ඒ අංග දෙකම සම්පූර්ණ විය. මා මේ ලිපිය ලියන අවස්ථාව වන විටත්, එක්සත් ජනපදය(ගෝලීය හගාවා විමෝචන වලින් 25% කටම එක්සත් ජනපදය වගකිව යුතු වුවත්)  ක්යෝටෝ සම්මුතියට එරෙහිව සිටියිa. මෙලෙස ගත් කල දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ ජාත්‍යාන්තර පරිශ‍්‍රමයක් වශයෙන් ක්යෝටෝ ආරම්භක පියවර, එතරම් විශ්වාසනීය එකක් නොවීය. එසේ වුවද එය හරි මග දෙසට ගත් පියවරක් විය.

Related image

දේශගුණ විපර්යාස ලොවට ගෙන එන තර්ජනය කොපමණ බරපතල එකක් දැයි දැන ගැනීම සිත් සසල කරන්නක් විය හැකි වුවත්, අන්තර්ජාතික ප‍්‍රජාව ඊට ප‍්‍රතිචාර දැක්වීම ඉතා මන්දාගාමීව සිදුවන්නක් බව පෙනී යයි. දේශපාලඥයන් එකට එක් වී යම් සාමුහික ක‍්‍රියා මාර්ගයක් ගන්නා තුරු අප බලා සිටින අතර වාරයේ  තනි තනි පුද්ගලයන් හැටියට අප අපටම  දේශගුණ විපර්යාසයට එරෙහිව සටනේදී සෘජුවම යම් පියවර ගත හැකිය. ගෝලීය සමාජයක සාමාජිකයන් වශයෙන් අප සෑම කෙනෙකුටම ගෝලීය පරිසර සම්බන්ධයෙන් යම් සම්බන්ධයක් මෙන්ම වගකීමක් ද ඇත. පරිසරය මත වර්තමාන හා අනාගත පරපුර වෙනුවෙන් අපගේ බලපෑම ගැන අප සිතන පතන ආකාරය වෙනස් කිරීමේ අරමුණින් දේශගුණ විපර්යාසයක් සම්බන්ධයෙන් පුද්ගලයන් දැනුවත් කිරීම අවශ්‍යතාවය එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ පාදකව්‍යුහ සම්මේලනය අවධාරණය කරයි. එහෙයින් තනි පුද්ගලයන් වශයෙන් ජීවිත කාලයක් තුළ සිදුවන හගාවා විමෝචන මගින් ඇතිවන එවැනි බලපෑම් ගැන මෙන්ම ආර්ථිකය, පුද්ගලයන්ට මෙන්ම රටකට ද වැදගත් වන හෙයින් ඉතිරි කරගත හැකි ප‍්‍රමාණය ගැන ද  අපි විමසා බලමු.

Image result for kyoto protocol

a (ක්යෝටෝ සම්මුතියට අදාල කරුණු කිහිපයක්: එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ පාදකව්‍යුහ සම්මේලනයේ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයක් 1997 දෙසැම්බර් 1සිට11 දක්වා ජපානයේ ක්යෝටෝ හීදී පැවැත්විණි. ජාතීන් 150 කට වැඩි සංඛ්‍යාවක් ඊට සහභාගී විය. ඒවා එක්වී හරිතාගාර වායු (හගාවා) පාලනය සහ අඩු කිරීමේ ප‍්‍රථම ජාත්‍යාන්තර ගිවිසුම සකස් කර ගැනිණ. 2005 පෙබරවාරි 16 දා ගිවිසුම ක‍්‍රියාත්මක විය. 2011 දෙසැම්බර් 11 කැනඩාව නිල වශයෙන් ක්යෝටෝ කතිකාවෙන් ඉවත් වෙයි. 2013 ජුනි 23 දා ඇෆ්ගනිස්තානය ගිවිසුම පිළි ගැනීමත් සමගම ක්යෝටෝ සම්මුතියට    සම්බන්ධවන 192 වැනි සාමාජිකයා බවට පත්වෙයි. 2015 දී පැරිසියේ දී එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ පාදකව්‍යුහ සම්මේලනයේ සියලූ සාමාජිකයෝ පැරිස් සම්මුතියට අත්සන් තබති.  ක්යෝටෝ සම්මුතිය වෙනුවට ඵලදායී ලෙස  ආදේශිත ගිවිසුමක් හැට්යට පැරිස් සම්මුතිය පිළිගැනීමට ලක්වේ– පරිවර්තක)

Royal Society Series on Advances in Science (Vol. 2) = Advances in Earth Science: From Earthquakes to Global Warming (2007) නම් ග්‍රන්ථයෙහි  The Price of Climate Change යන කොටස අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: