සැමට විදු නැන නුවණ – Science Literacy for All

අප පුද්ගලයන් වශයෙන් සිදු කරන හරිතාගාර වායු විමෝචන

දේශගුණ විපර්යාසයේ පිරිවැය 

එක්සත් රාජධානියේ, එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ වායුගෝලීය හා පරිසර විද්‍යා ආයතනයේ ඬේවිඞ්. එස්. රීයි විසිනි.

ආර්ථික විද්‍යාව හා දේශගුණ විපර්යාස පිළිබඳ විද්‍යාව  යන දෙකටම පොදු  බොහෝ දේ ඇත. දෙකම රඳා පවතින්නේ අනාගතය ගෙන එන්නේ කුමක්ද යන්න පිළිබඳ නිවැරදි පුරෝකතන මතය. එම පුරෝකතන වලට බොහෝ සේ පාදක වන්නේ කලින් සිදු වූ දේවල්ය. මෙලෙස, නිවාස වෙළඳ පොළ ලබන වසරේදී කෙබඳු වේදැයි අපට දැනුවත් අනුමානයක් පමණක් වුව කළ හැකි නමුත්  ඉදිරි වර්ෂවලදී හරිතාගාර වායු විමෝචන කොපමණ ඉහළ යයිද යන්න ගැන අපට ස්ථීරවම යමක් කිව හැකි නොවේ. එමෙන්ම එවිට පෘථිවියේ දේශගුණය කෙබඳු ආකාරයකට ප‍්‍රතිචාර දක්වා වීද යන්න ද නිශ්චිතව දැක්වීම කළ නොහේ.

එක් අතකින් දේශගුණ විපර්යාසයේ ආර්ථික බලපෑම ගණනය කිරීමෙන් ද අනෙක් අතට දේශගුණ විපර්යාස සංහිඳවීමේ වියදම ගණනය කිරීමෙන් ද මේ අඥාතයන්(නොදන්නා දෙවල්) සියල්ල එක්තැන් කර බලන විට ලැබිය හැකි ප‍්‍රතිඵල පරාසය අසීමිතය. මේසා අවිනිශ්චිතතාවන් ඇති කල්හි පරිසරය වෙනුවෙන් පෙනී සිටින්නන් සහ ඛනිජ තෙල් භාවිතය වෙනුවෙන් පෙනී සිටින්නන් යන දෙපිරිසටම, දේශගුණ විපර්යාස සංහිඳියාව ගැන දෙගොල්ලන් අතර තිබෙන එකිනෙකට වෙනස් ස්ථාවරයන් සාධාරණීකරණය උදෙසා ආර්ථිකමය තර්ක ප‍්‍රයෝජනයට ගත හැකිය.

ගෝලීය වශයෙන් හරිතාගාර වායු අඩු කිරීම වර්තමානයේ ප‍්‍රයෝජනවත් දෙයක් දැයි තහවුරු කර ගැනීම පිණිස එම වායු අඩු කිරීමේ පිළිවෙත්වල පිරිවැය  ප්‍රතිලාභ ලිපි පෙළෙහිදි විශ්ලේෂණය කෙරේ. අපගේම හරිතාගාර විමෝචන පෞද්ගලිකව අඩු කිරීමේ හැකියාව මෙන්ම ඊට වැයවන පිරිවැය ද ඇගයීමට ලක් කෙරේ. දේශගුණ විපර්යාසයේ සම්පූර්ණ ආර්ථික බලපෑම් සලකා බලන විට ශුද්ධ පිරිවැයක් නැතුවම හෝ කුඩා ප‍්‍රමාණයක් පමණක් ඇතිව විමෝචන කැපී පෙනෙන අන්දමින් අඩු කර ගත හැකිය යන්න මාගේ විශ්වාසයයි. එපමණක් ද නොව පුද්ගලයන්ට, දේශගුණය කෙරෙහි සිය බලපෑම අඩු කරන අතරම මුදල් ඉතිරි කර ගැනීමේ විශාල හැකියාවක් ද ඇත. හරිතාගාර විමෝචන සම්බන්ධයෙන් ක‍්‍රියා නොකිරිම සම්බන්ධයෙන් දේශපාලන අලසකම වසා ගැනීමට ආර්ථික හේතු යොදා ගැනීම සාධාරණ නොවේ යයි මම කියා සිටිමි.

පෞද්ගලික වශයෙන් කෙරෙනහරිතාගාර වායු විමෝචන

හරිතාගාර වායු (හගාවා) විමෝචනයන් වඩාත්ම පිරිමැසුම්දායකව අඩු කිරීම් නැතිනම් වියදම් සඵලතා සහිතව අඩු කිරීම් බොහොමයක් ම සිදුකළ හැක්කේ අපේම ජීවන රටා තුළය. අප මෙයටම,  එනම් එවන් ජීවන රටාවන්වල වෙනස්කම් මගින් ඇතිවිය හැකි බලපෑම්,  ‘පහළ සිට ඉහළට’ ( ‘bottom-up’) බලපෑම් එනම් පෞද්ගලික ජීවිතයේ වෙනස්කම් ප‍්‍රජාවට, ව්‍යාපාරයන්ට හා අවසානයේ  හරිතාගාර වායු විමෝචනයන් පිළිබඳ රජයේ පිළිවෙතට ද එකතු කළොත් ගෝලීය මට්ටමෙන් පුද්ගල හගාවා විමෝචන අඩුකිරීමෙ අතිශය වැදගත්කම පැහැදිලිය. අඩුකළ හැක්කේ කුමන ආකාරයේ හගා වායුද යන්න සහ සාමාන්‍ය බටහිර ජාතිකයෙකුට මේ අඩු කිරීම් සඳහා වැයවන මුල්‍යමය පිරිවැය ගණන් බැලීම පිණිස අද දින ලන්ඩනයේ ජීවත්වන මනඃකල්පිත පුද්ගලයන් දෙදෙනෙකු ගැන සලකා බලමු. අප ඒ දෙන්නා Mr. Black සහ Mr. Green යනුවෙන් හඳුන්වමු. Mr. Black ගෙවෙන්නේ හගාවා ගැන අවබෝධයක් හෝ උනන්දුවක් නොදක්වන ජීවිතයකි. Mr. Green හගාවා සහ ඒවායේ බලපෑම ගැන දැනුවත්ය.

දෙදෙනාම වසර 75 ක් දිවි ගෙවනු ඇතයි උපකල්පනය කෙරේ. මේ මනඃකල්පිත ලන්ඩන් වැසියන් දෙදෙනාගේ හගාවා විමෝචන ප‍්‍රතිඵල 1 වගුවේ විශ්ලේෂණය කර දැක්වේ.

හරිතාගාර වායු ගැන දැනුමක් ඇති සහ දැනුමක් නැති ජීවන රටාවන් ගෙන යන දෙදෙනෙකු වසර 75 ජීවිත කාලය තුළ නිකුත් කරන හරිතාගාර වායු වාර්ෂික විමෝචන.මේ විමෝචන ගණන් බලා ඇත්තේ මූලයන් පහක් පාදක කර ගනිමිනි. ගමනාගමනය(Transport), නිවාඩු(Holiday), ගෙදර දොර(Household), ආහාර(Food) සහ කසල (අපද්‍රව්‍ය)(Waste) යනුවෙනි.

මේ ආකාරයටම, අපගේ ලන්ඩන් වැසියන් දෙදෙනාගේ ජීවිත කාලය තුළ හගාවා විමෝචන ආශ‍්‍රිත මූල්‍යමය වියදම් 2 චිත‍්‍රයේ දැක්වේ.

පැහැදිලිවම මේ දෙදෙනාගේ ළමා කාලයෙන් වැඩි කොටසක දී ඒ දෙදෙනාටම තමන්ගේ ජීවන රටාව සහ එමගින් ඇතිවන හගාවා විමෝචන තීරණය කළ නොහැකි හෙයින් අපි මූලික වශයෙන් ඔවුන් දෙදෙනාගේ දෙමාපියන් සිය දරුවන්ගේ හගාවා අයවැය කෙරෙහි බලපාන්නේ. කෙසේ දැයි සොයා බලමු.

අළුත උපන් බිළඳා (වයස අවු: 0-2)

https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTiI0f7TQMulW4ZecYvWZbsIeT02Ti7Fivc0ylPTE4-OdcW89PqlQhttps://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQMF3DfYeJiW7ihmcIRuZ587nzH_gnGv688PIfEJ2kzzUIhQjzsew

දෙදෙනාගේ දෙමාපියන් මුහුණ දෙන මුල්ම වැදගත් හගාවා සංවේදී තීරණය වන්නේ අළුත උපන් බිළඳුන් දෙදෙනාට අන්දවන්නේ ‘භාවිතා කර ඉවතලන’(disposable) ඉණකඩ නැතිනම් නැපී ද සැබෑ ඉණකඩද යන්නය. Mr. Black ගේ දෙමාපියන් සිය පුතු සඳහා භාවිතා කර ඉවතලන නැපී ඇන්දවීමට තීරණය කරති. අනෙකාගේ (Mr. Green)  දෙමාපියන් තෝරා ගන්නේ සැබෑ නැපීය. මෙහිදී භාවිතා කර ඉවතලන නැපී නිපදවීමට යන අධික පිරිවැය සංසන්දනය කෙරෙන්නේ නැවත භාවිතා කළ හැකි නැපී නිපදවීම සහ පිරිසිදු කිරීමට යන වියදම සමගය. මේ අනුව භාවිතා කර ඉවතලන නැපී වෙනුවෙන් නැවත භාවිතා කරන  නැපී වලට වඩා සෑම වසරකම හගාවා විමෝචන කි.ග‍්‍රෑ. 12 ක් වැඩියෙන් වැයවේ. භාවිතා කර ඉවතලන නැපී වල පරිමාව, කසළ ලෙස ඒවා ප‍්‍රවාහනයට සහ ඒවා විනාශවීමට  ගතවන අධික කාලය වැයවන මුදල ලෙස පරිසරයට ඇතිවන ප‍්‍රශ්නද සැලකිල්ලට ගත යුතුය.

 

බිළිඳු ළදරුවා (වයස අවු 2-4)

නැපී වලට පසුව දෙමාපියන් දෙදෙනා ගන්නා ඊළඟ වඩාත්ම හගාවා සංවේදී තීරණය තම දරුවන් පෙර පාසලට යැවීම සම්බන්ධයෙනි. Green දෙමාපියන් සිය පුතා අසළ ඇති පෙර පාසලට පාපැදියකින් රැගෙන යාමට තීරණය කරන අතර Black දෙමාපියෝ ඒ කෙටි ගමන් සඳහා ද  රෝද හතරේ ධාවන(4 wheel drive), විශාල මොටර් රිය යොදා ගනිති. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් දෙපාර්ශවයටම හගාවා ලෙස එතරම් වැයක් සිදු නොවන නමුත් Black දෙමාපියන් සෑම වසරකම පවුං 55 ක් පෙට‍්‍රල් සඳහා අතිරේකව වැය කරන අතර අතිරේකව කි.ග‍්‍රෑ. 211 ක් හගාවා නිපදවීම ද සිදුවෙයි.

වැඩුණු ළදරුවන් (වයස අවු 04-07)  

දැන් දරුවන් දෙදෙනාම,  ළදරු පාසල වෙත යාම පිණිස නොමිළේ පාසල් බස්රියෙන් ගමන් කිරීමට අවසර ලබති. එහෙත් එය පිළි නොගන්නා Black දෙමාපියෝ සිය දරුවා  කි.මි. 10 ක් පමණ ඈතින් පිහිටි ළදරු පාසලට යාම පිණිස සිය සිව්රෝද රථය යොදා ගැනීමට තීරණය කරති. මෙය වාර්ෂිකව අතිරේකව කි.ග‍්‍රෑ. 677 ක හගාවා නිපදවිමට මෙන්ම ඔවුනට අතිරේකව පවුම් 176 ක් වැය කිරීමට ද මග පාදයි. නොමිළේ බස් සේවය ලබා ගන්නා හෙයින් Green පවුලේ අයට පාසල් ගමන සඳහා අතිරේක මුදලක් වැය නොවේ. වසර පුරාවට Green දරුවා පාසල වෙත ගෙනයාම හා ආපසු ගෙනඒම  වෙනුවෙන් බසය නිපදවන්නේ හගාවා කිලෝ ග‍්‍රෑම් 53 ක් පමණකි .

කණිෂ්ඨ පාසල් විය(වයස අවු07-11)

දැන් පවුල් දෙකේම දරුවන් දෙදෙනාම වැඞී ඇත. එහෙයින් ගිම්හාන නිවාඩුව ගත කිරීම පිණිස යාමට දැන් කාලය එළඹ ඇතැයි දෙමාපියන් දෙපොළම තීරණය කරති. පවුල් දෙක වාසය කරන තැන අනුව ප‍්‍රධාන මාර්ග සියල්ලටමත්, දුම්රිය හා ගුවන් මාර්ගවලටද පහසුවෙන් පිවිසිය හැකිය. Green පවුල එක්සත් රාජධානියේම, ප්ලිමත්වල නිවාඩුව ගත කිරීමට තීරණය කරන අතර Black පවුල පැරීසිය බලා යති. දරුවා සමග දුම්රියෙන් ප්ලිමත් බලා ගොස් ආපසු ලන්ඩනයට ඒම පිණිස Green පවුලට අතිරේකව පවුම් 29 ක් වැයවන අතර වාර්ෂික වශයෙන් ගත් කළ නිපදවන හගාවා කි.ග‍්‍රෑ. 12 ක් පමණ වේ. සෑම වසරකම දරුවා සමග පැරීසියට ගොස් නිවාඩුව ගත කර ඒමට  Black  පවුලට වැඩිපුර පවුම් 94 ක් වැයවන අතර වාර්ෂිකව හගාවා කි.ග‍්‍රෑ. 100 ක් නිපදවේ.

පාසල් ගමන සඳහා  තවමත් Green පවුලේ සිය දරුවා වෙනුවෙන් පාසල් බසයම භාවිතා කරන අතර Black පවුල සුපුරුදු ලෙස රෝද හතරේ වාහනයම යොදා ගන්නා හෙයින් ඒ සඳහා වැයවන මුදල් සහ හගාවා විමෝචන අතර වෙනස්කම් එලෙසම පවතී.

ජීවිතේ ප‍්‍රථම වතාවට ඔන්න දැන් දරුවන් දෙදෙනාම යම් තරමකට දේශගුණය කෙරෙහි ඔවුන්ගේම බලපෑම් ඇති කිරීමට පටන් ගනිති. Black පවුලේ දරුවා පැය ගණන් රූපවාහිනිය, DVD ප්ලේයරය හා ක‍්‍රීඩා කොන්ගෝලය එක දිගට කි‍්‍රයාත්මක කරන අතර, Green දරුවා සාමාන්‍යයෙන්  අනවශ්‍ය වේලාවට ස්විචය නිවා දමා මේවා අක‍්‍රිය  කරයි. Black පවුලේ දරුවා අනවශ්‍ය ලෙස උපකරණ භාවිතය නිසා ඔවුනට අතිරේක බලශක්තිය වෙනුවෙන් සෑම වසරකම හගාවා කි.ග‍්‍රෑ. 120 ක් වැය කරන අතර මුදලින් ද අතිරේකව වාර්ෂිකව පවුම් 6 ක් වැයවේ.

Royal Society Series on Advances in Science (Vol. 2) = Advances in Earth Science: From Earthquakes to Global Warming (2007) නම් ග්‍රන්ථයෙහි  Greenhouse Gas Budgets for Individuals  යන කොටස අසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: