සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් ජීවියා: සමාජයීය විපර්යාසයන්

ජීව විශේෂයක් ලෙස ගත් කල. අප අනෙකුත් මිනිසුන්ගේ සමාගමෙහි අපගේ  ජීවිතය ගෙවා දමන සමාජ ජීවියෙකි. එඬේර කණ්ඩායම්, ගම්, පුරවර, රටවල් වැනි  විවිධ ආකාරයේ සමාජමය කණ්ඩායම් වශයෙන් අපි සංවිධාන වන්නෙමු. අප කටයුතු කරගෙන යන්නේ, වෙළහෙළඳාම් කරන්නේ, කී‍්‍රඩා කරන්නේ, ප‍්‍රජනනය කරන්නේ සහ වෙනත් බොහෝ ආකාරවලින් අන්තර් කි‍්‍රයා කරන්නේ එම සමාජ කණ්ඩායම් තුළය. අනෙකුත් සත්ව විශේෂමෙන් නොව අපි සමාජීය චර්යාවෙහි සහ සංවිධානයෙහි   ඕනෑකමින් සිදු කරන වෙනස්කම් සමග සමාජානුයෝජනය(සමාජයට හැඩගැසීම ) කලක් ගත වන විට එක්කරන්නෙමු. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මානව සමාජයේ හැඩතල නැතිනම් රටා  තැනින් තැනටයුගයෙන් යුගයට සහ සංස්කෘතීන් අතර වෙනස්කම් දක්වන්නේ සමාජයීය ලෝකය ඉතා සංකීර්ණ මෙන්ම ගතික පරිසරයක් බවට පත්කරවමිනි.

මානව චාර්යාව පිළිබඳ අන්තර් ඥානය, මූලයන් බොහොමයකින් පැමිණේ. මේ ලිපි මාලාවෙන් අදහස් ඉදිරිපත් කෙරෙන්නේ  ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක සොයා බැලීම පදනම් කරගෙනය. මූලිකවම එසේ වුවද, සාහිත්‍යය, නාට්‍යය, දර්ශනවාදය සහ අනෙකුත් විද්‍යා නොවන ශික්ෂණයන්ද අප ගැන අපට තිබෙන අවබෝධය කෙරෙහි කැපී පෙනෙන ආකාරයට දායක වෙයි. සමාජ විද්‍යාඥයෝ ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ප‍්‍රවේශයන් යොදා ගනිමින් විවිධ සංස්කෘතික දේශපාලනික ආර්ථික සහ මනෝවිද්‍යාත්මක පර්යාලෝකයන්ගෙන් මානව චර්යාව අධ්‍යයනය කරති. පුද්ගලයන් මෙන්ම සමාජ චර්යාවන්හි සමානුයෝගී රටා මෙන්ම එම රටාවල විද්‍යානුකුල පැහැදිලි කිරීම් ඔවුහු සොයා බලති. ඒවා, බොහෝ දෙනා සවිඤ්ඤානකව ලෝකය ගැන සිතූ ආකාරයෙහි කොටසක් නොවීමට  ඉඩ ඇතත් සමහර අවස්ථාවල එවැනි රටා පෙන්වා දුන් කල ඒවා දැබසිටි බවක් හුරු බවක් පෙනී යන්නේය. අනෙක් අවස්ථාවලදී මෙම රටා විද්‍යානුකූල පරීක්ෂණ මගින් හෙළිදරව් කෙරුණු රටා ලෙස  මානව චර්යාඑරි ඇතැම් අංග සම්බන්ධයෙන් ජනයා බොහෝ කල් තිස්සේ දරා සිටින විශ්වාසයන් වැරදි බව පෙන්වා දෙනු ඇත.

මෙම පරිච්ඡ්දයේදී මානව සමාජයේ කේන්ද්‍රීය පැතිකඩ හතක් ගැන විස්තර කෙරේ.

Related image

සමාජයීය විපර්යාසයන්(SOCIAL CHANGE)

සමාජයන්ද, විශේෂයන්(species) සේම තාක්ෂණික වර්ධනයන් හෝ දේශපාලන සම්ප‍්‍රදාය වැනි අභ්‍යන්තර බලවේග  මගින් විවෘත හෝ සීමා කෙරුණු මං දිශාවන් ඔස්සේ පරිණාමය වේ. ඊළඟ පරම්පරාව වෙනුවෙන් විවෘත වන අවස්ථා පරාසය, පෙර පරම්පරාවක තත්ත්වයන්  මගින් සිමාකෙරෙන අතර එම අවස්ථා පරාසය හැඩ ගස්වයි.  එක් අතකට සෑම නව පරම්පරාවක්ම සමාජයේ සංස්කෘතිකමය ස්වරූප හඳුනාගන්නා අතර  එහෙයින්ම,  ආහාර නිෂ්පාදනය, ගැටුම්ගැන කි‍්‍රයාකිරීම, දරුවන්ට අධ්‍යාපනය සැලසීම,රාජ්‍යපාලනය ආදී වශයෙන් ක‍්‍රමෝපායන්  අලූතෙන් යළිනිර්මාණය කිරිම අවශ්‍ය නොවේ. එම නව පරම්පරාව, සමාජයක් පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම කරන්නේ කෙසේද යන්න සඳහා අභිලාෂයන් ද උගෙන ගත යුතුය. අනෙක් අතට, සෑම නව පරම්පරාවක්ම ඊට පෙර පරම්පරාවෙන් පැවත එන නොවිසිඳුණු ගැටලූ සම්බන්ධයෙන් කි‍්‍රයා කළ යුතුවේ: යුද්ධ කරා මගපෑදිය හැකි ආතති, පුළුල්ව පැතිර ගිය මත්ද්‍රව්‍ය භාවිතය, දුප්පත්කම සහ විරහිතතාව(deprivation), වර්ගවාදය සහ පෞද්ගලිකව හා කණ්ඩායම් වශයෙන් එක්වන විවිධ වූ දුක්ගැනවිලි මේ අතර වේ. දුක්ගැනවිලි, ජනතාව ඒවා විඳ දරාගැනීමට  හැකි මට්ටමක් දක්වා ප‍්‍රමාණවත් වන අයුරින් සමනය කර ගැනීමට හෝ සමාජයේ ව්‍යුහයටම එරෙහිව විප්ලවයක් දක්වා වර්ධනය වන සේ උතුරා යාමට ද පුළුවන. දේශ සීමා, ආගම මෙන්ම අතීතයේ සිදුවූ වැරදි ගැන දැඩිව මුල් බැස ඇති විශ්වාසයන් ආදිය හේතුවෙන් බොහෝ සමාජයන් සෙස්සන් සමග ඇති ආරවුල් ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ නොකඩවා පවත්වාගෙන යනු ලැබේ.

Related image

රජයන් විසින් සාමාන්‍යයෙන් සමාජ විපර්යාසයන් හසුරුවා ගනු ලබන්නේ, ප‍්‍රතිපත්ති, පිළිවෙත්, නීතිරීති, දිරිගැන්වීම් අනුග‍්‍රහ මෙන්ම බලහත්කාරයද යොදාගැනිමිනි. සමහර අවස්ථාවල මෙකී වෑයම් හෙවත් කි‍්‍රයාමාර්ග සාර්ථකවන අතර ඇත්තටම සමාජ ඝට්ටන වළක්වා ගැනීමට ඒවායින් ඉඩ සැලසෙන්නටද හැකිය. එහෙම වුණත් වෙනත් අවස්ථාවල ඒවා ගැටළු දිග්ගැසීමට බලපායි. නිදසුන් දෙකක් බලමු. තමන්ගේ පෞද්ගලික ඉඩම් තමන්ටම වගා කිරීමට තිබූ  ගොවීන්ගේ අපේක්ෂා හා අදහස්වලට විරුද්ධව සෝවියට් සංගමය ගොවිකොමියුන(ප්‍රජාසංසද) පිහිටුවීමට සෝවියට් සංගමයට හැකි වුනේ සන්නද්ධ බලය යොදා ගනිමින් හා ජිවිත මිලියන ගණනක් අහිමි කරමිනි. ඇමරිකා එක්සත් ජනපදයේ වහලුන්ට විමුක්තිය උදාවූයේ කුරිරු සිවිල් යුද්ධයක ප‍්‍රතිඵලයක් හැටියටය — තවද,  වසර සියයක් ගිය තැන සුපහැදිලි ජනවාර්ගික වෙන්කර තැබීම(racial segregation)  බැහැර කරගත්තේ සමහර ප‍්‍රදේහවල ව්‍යවස්ථාදායකමය කි‍්‍රයා මාර්ග, අධිකරණ තහනම් නියෝග සහ සන්නද්ධ හමුදා රැකවළුන්ද සහිතවය – එපමණක් නොව එය තවමත් ප‍්‍රධාන පෙළේ සමාජයීය ගැටලූවක් වශයෙන් අඛණ්ඩව පවතී.

Related image

යුද්ධය, සංක‍්‍රමණය, යටත්විජිතවාදී ආධිපත්‍යය, පිටින් ගෙන එන අදහස්, තාක්ෂණය හෝ වසංගත එමෙන්ම ස්වාභාවික විපත් ආදී බාහිර සාධකද එක් එක් සමාජය පරිණාමය වන අන්දම හැඩ ගස්වයි.  නිදසුනක් ගතහොත් සෝවියට් සංගමයේ දෘෂ්ටිය, දර්ශනය කෙරෙහි දැඩි ලෙස බලපෑවේ ලෝක යුද්ධ දෙකෙහිදීම එය ලත් බරපතළ පරාජයන්ය. යුරෝපයේ සිට පැමිණ ජානපදිකයන් ගෙන ආ යුද ගැටුම් හා ලෙඩ රෝග හේතුවෙන් ඇමරිකානු ඉන්දියානු සමාජයන්  ඉමහත් හානියට පැමිණියේය. එක්සත් ජනපදයට බලයෙන් ගෙන ආ අපි‍්‍රකානුවන්ද පසුව එකක් පසු පස එකක් එන රැළි මෙන් යුරෝපයේ ලතින් ඇමරිකාවෙන් සහ ආසියාවෙන් ආ සංක‍්‍රමණික ප‍්‍රවාහයන් ද  දේශපාලන ආර්ථික හා සමාජයීය පද්ධති කෙරෙහි බොහෝ සේ බලපෑම් ඇති කළේය. එමෙන්ම එය ජාතියේ සංස්කෘතික විවිධත්වය තවත් සරු කළේය. කුණාටු හා නියඟය වැනි ස්වාභාවික ව්‍යසන හේතුවෙන් වගාහානි, වෙනත් දුෂ්කරතා සහ සාගත මෙන්ම ඇතැම්විට සංක‍්‍රමණවීම් හෝ විප්ලව පවා ඇති විය හැකිය.

සංනිවේදන හා ප‍්‍රවාහනය ද පහසුවෙන් කරගත හැකිවිම, සමාජ විපර්යාස උත්තේජනය කරයි; පන ගන්වයි.  කලින් භූගෝලීය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් හුදකලා වූ කණ්ඩායම්, විවිධ ආකාර චින්තනයන් ගැන , ජීවත්වන විවිධ ආකාර, හැසිරෙන විවිධ ආකාර ගැන මෙන්ම ඇතැම්විට ඉතාමත් වෙනස්  ජීවන තත්ත්වයන් ඇති බව ගැනද   එන්ට එන්ටම වැඩියෙන් දැනුවත් වූහ.  සංක‍්‍රමණ මෙන්ම ජනමාධ්‍ය ද සංස්කෘතික මිශ‍්‍රවීමකට පමණක් නොව ඇතැම් සංස්කෘතීන් නෂ්ටප‍්‍රාප්තවීමටද තවත් සමහරක් සංස්කෘතීන්වල සීඝ‍්‍ර පරිණාමයකටද තුඩු දෙයි. ලොව පුරා,  ඇතැම්විට ප‍්‍රචාරණය වැනි  ඕනෑකමින්ම සිදුකෙරෙන සහ ඇතැම්විට වෙලඳ අරමුණු හඹායෑම වැනි අහම්බෙන් සිදුවෙන සංනිවේදනය සහ ප‍්‍රවාහනය පහසුවෙන් කළ හැකි වීම නිසා හරයන් සහ අපේක්ෂාවන් අතර ඝට්ටනයකට මග පෑදේ.

Related image

ජන ගහනයක ප‍්‍රමාණය, එම ජනගහනය කිසියම් නිශ්චිත ප‍්‍රදේශයක ඒකරාශීවීම සහ එහි වර්ධන රටාව කෙරෙහි භෞතික වටපිටාව මෙන්ම ආර්ථික දේශපාලන තාක්ෂණ ඉතිහාසය සහ ආගම ආදී සංස්කෘතියක විවිධාංගග ඔස්සේ බලපෑමට ලක්වේ. ආර්ථික කාරණාවලට ප‍්‍රතිචාර වශයෙන් ජාතික ආණ්ඩු බොහෝ විවිධ වූ පිළිවෙත් පණවයි: ඇතැම් විට ඒවා ජනගහනය සීමා කිරීමටය; ඇතැම් විට එය වැඩි කිරීමටය. ඇතැම් ආගමික කණ්ඩායම්ද ජනගහන ප‍්‍රශ්න සම්බන්ධයෙන් දැඩි මත දරති. උදාහරණයකට, රෝමානු කතෝලික සභාව දිගු කාලයක් ඔස්සේ උපත් පාලනයට එරෙහිව  ව්‍යාපාර මෙහෙයවන නමුත් මෑත කාලවලදී අනිකුත් ප‍්‍රධාන ආගම්වල නායකයන් පවුලක සංඛ්‍යාව සීමා කරනු වස් උපත් පාලනය කිරීමට සිය අනුමැතිය පළ කර ඇත.

Image result for government policies clipart

රපයේ පිළිවෙත් හෝ ආගමික ඉගැන්වීම් කුමක් වුවත් ජනතාව බොහොදෙනා තමන්ගේම දරුවෙකු ගැන සිතන්නේ මවගේ සෞඛ්‍යයට ඇති අවදානම, සමාජ හෝ ආර්ථික අතින් ළමයකු වෙනුවෙන් වැයවන පිරිවැය, ජීවත් වීම සඳහා ඇති භෞතික ඉඩකඩ හෝ දෙමාපියන් වශයෙන් තමනට ඇති ගැලපීම ආදි ප‍්‍රායෝගික කාරණා පදනම් කරගෙනය. ලෝකයේ ඇතැම් ප‍්‍රදේශවල සහ  ඕනෑම රටක අඩු අධ්‍යාපනයක් ලද පිරිස් අතර අඹුසැමි ජෝඩුවලට නූතන උපත්පාලන ක්‍රම හෝ තාක්ෂණය හෝ  ගැන තොරතුරු ලබාගැනීමට හෝ එම සේවා ලබාගනිමට ඇති අවස්ථා අඩුය.

එලෙසම සමාජ පද්ධති, ජනගහනයේ  ප‍්‍රමාණය, එහි වෙනස්වීමේ අනුපාතය මෙන්ම (වයස, ස්තී‍්‍රපුරුෂ සහ භාෂාව වැනි) විවිධ ගතිලක්ෂණ සමග ජනතාවගේ අනුපාතය යන කාරණා මගින් බලපෑමට ලක්වේ.  ජනගහන ප‍්‍රමාණයේ මහා වැඩිවීමක් වනවිට, ඒ වෙනුවෙන් වැඩි රැකියා විශේෂීයකරණයක් ආණ්ඩුවල නව වගකීම්,  නව ආකාරයක ආයතන සහ  සම්පත් වඩාත්  සංකීර්ණ ආකාරයකට යොමු කිරීමේ අවශ්‍යතාව මතුවේ. ජනගහන රටා, විශේෂයෙන්ම ඒවා වෙනස්වෙමින් පවතින විට ද සමාජ ප්‍රමුඛ්හතා මගින් බලපෑමට ලක්වෙයි.  උපසංස්කෘතීන්වල විවිධත්වය වැඩි වෙත්ම වැඩිවෙත්ම ඒවාට සැලසෙන ප‍්‍රතිපාදනවල විවිධත්වයන්ද වැඩි වේ. සමාජ කණ්ඩායමක ප‍්‍රමාණය වැඩිවෙත්ම සමාජය මත එහි බලපෑමද වැඩිවේ. එකී බලපෑම වෙළෙඳපොළ, ඡුන්ද බලය හෝ සමාජයීය සැලසුම්කරුවන් විසින් අවශ්‍යතා හඳුනා ගනු ලැබීම  හරහා ඇතිවිය හැකිය.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ  HUMAN SOCIETY නම්  7 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.

අද ලිපිය 7 වෙනි පරිචේදයෙහි  SOCIAL CHANGE යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: