දැනට වඩා 23%-31%ත් අතර ධාන්‍ය ප්‍රමාණයක් වැඩියෙන් ලබා ගැනීමට හැකි නව සහල් විශේෂයක්, ජාන ඉංජිනේරු කි්රස්පර් තාක්ෂණය (CRISPR/Cas9 gene-editing technology) යොදා ගනිමින් නිපදවීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වෙති. ජාන විකරණය කරන නව ක්‍රමය වන CRISPR/Cas9 ජාන ඉංජිනේරු තාක්ෂණයේ නව පෙරළිකාර යාන්ත්රණයයි. සාම්ප්‍රදායික අභිජනන ක්‍රම මගින් කෙසේ වෙතත් සිදු කළ නොහැකි යයි කිව හැකි මේ විශ්මය ජනක සොයා ගැනීම සිදු කර ඇත්තේ ඇමරිකාවේ සුප්‍රකට පර්ඩු විශ්වවිද්‍යාලය සහ චීන විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසිනි. කණ්ඩායම, නව වී වර්ගය නිපදවීම සිදුකර ඇත්තේ මෙම නව තාක්ෂණය යොදා ගනිමින් පයිටොහෝමෝන ඇබිසිසික් අම්ලය(phytohormone abscisic acid) හා සම්බන්ධ ජාන 13 ක් විකෘති කරමිනි. මෙම අම්ලය, ශාක පීඩනයට ඔරොත්තුදීම සහ වර්ධනය මර්දනය සම්බන්ධව කාර්යභාරයක් ඉටුකරනා බව සැලකේ. (උද්භිද විද්‍යාවේ දී ශාක පීඩනය (stress in plants) යනු ශාකයේ පරිවෘත්තිය(metabolism), වර්ධනය හෝ විකාශනය කෙරෙහි බලපාන හෝ අවහිරකරන ඕනෑම අවාසිදායක තත්ත්වයක් හෝ ද්‍රව්‍යයකි — පරිවර්තක)
මෙම පරීක්ෂණ කණ්ඩායම මෙහෙහයවනු ලබන්නේ පර්චු විශ්වවිදයාලයේ උද්‍යාන බෝග වගා සහ සාලංකාර ගෙවතු සැලසුම් විද්‍යා දෙපාර්තමේන්තුවේ කීර්තිධර මහාචාර්වරයෙකු වන ජියෑං – කෑන්ග් ෂූ විසිනි. හෙතෙම, චීන විද්‍යා ඇකඩමියේ ශාක පීඩන ජෛවිද්යාව ෂැන්ග්හායි මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයාද වෙයි. මොවුන් නිර්මාණය කළ වර්ග ගණනාව අතරින් එකක් මගින් පීඩන දැරීමේදී විපර්යාස අඩුවෙන් තිබූ වී පැළයක් නිපදවිය හැකි විය. එම වී වර්ගය චීනයේ ෂැන්ග්හායි හි දී සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂණවලදී ධාන්‍ය 25%ක් වැඩියෙන් ද චීනයේම හයිනෑන් දූපත්වලදී සිදු කෙරුණු පරීක්ෂණවලදී ධාන්‍ය 31%ක් වැඩියෙන්ද නිපදවන බව පෙනී ගියේය. ඔවුන්ගේ පර්යේෂණ ප්‍රතිඵල මෑතක ජාතික විද්‍යා ඇකඩමියේ වාර්තාවල(Proceedings of the National Academy of Sciences) මාර්ග ගතව පළ කෙරිණ.
ක්‍රිස්පර් යනු කුමක්ද? CRISPR යන්න තමයි සිංහලෙන් ක්‍රිස්පර් ලෙස දක්වන්නේ. CRISPR යනු Clustered Regularly Interspaced Short Palindromic Repeats යන්න කෙටිකර දක්වීමක්. ක්‍රිස්පර් කියන්නේ අනුහුරු ප්‍රතිශක්ති පද්ධතියක් (system of adaptive immunity). මුලින්ම බැක්ටීරියා සහ ආකිබැක්ටීරියාහි ස්වභාව නිරූපණය කළ ක්‍රිස්පර්, අද භාවිතයන් ගණනාවක් වෙනුවෙන් විද්‍යාඥ ප්‍රජාව විසින් යොදා ගනු ලැබේ. එහි වඩාත්ම ප්‍රකට භාවිතය වන්නේ ජාන සංස්කරණයට මඟ පෑදීම පිණිස නිවැරදිව හා ඉලක්කගතව DNA විකරණයයි. ක්‍රිස්පර් පද්ධතියේ විචල්‍යයන් (ඒවා සියුම්ව එහෙත් බලවත්ව විශේෂයන් විශේෂ අතර වෙනස් වේ) බොහොමයක් ඇතත් ප්‍රථම සහ තවමත් වඩාත් පුළුල්ව භාවිත කරන ප්‍රභේදය CRISPR/Cas9 පද්ධතියයි.
කණ්ඩායම, PYL යනුවෙන් හඳුන්වනු ලබන ජාන පවුලේ කට්ටල අක්‍රිය කිරීමට සමත් වූහ. මෙකී ජාන, නියඟය, පසෙහි ලවණතාව සහ අනෙකුත් පාරිසරික සාධක වැනි අජිවී බලපෑම්වලට ශාකයේ ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කරයි. එසේ වුවද. ඒවා ශාක වර්ධනය අඩාල කරයි.
ජාන අතිරික්තකාවන් නිර්මාණය කිරීමට විශේෂයෙන්ම පැවැත්ම සඳහා අවශ්‍ය ගති ලක්ෂණ වෙනුවෙන් අතිරික්තකාවන් නිර්මාණය කිරීමට ශාක පරිණාමය වී ඇති හෙයින් PYL පවුලේ එක ජානයක් අකාමකා දැමීම පීඩන දරා දිසිටීම හෝ ශාකයේ වර්ධනය කෙරෙහි එතරම් බලපෑමක් නැත. මන්ද නිර්මාණය වූ අතිරික්ත ජානයන්ට ඒ සඳහා ඉදිරිපත්වී සමාන කාර්යයන් ඉටු කර දිය හැකි බැවිනි. අකාමකාදැමිය යුතු ජානවල නිසියාකාර එකතුව සැලසුම්කර ගැනීම වැදගත්ය. මන්ද, එවිට ශාකයකට පීඩන දරා සිටීමේ ගති ලක්ෂණයන් එසේම තබාගෙන වර්ධනය අඩාලවීම අඩුකරගත හැකි බැවිනි.
“එක් එක් PYL ජානයක් ගතහොත් ඊට තනි විශේෂිත කාර්යයක් තියෙන්න පුළුවන් වුණත් සමස්තයක් ලෙස ගත්තහම ඒවා සමහර පොදු කාර්යයන් ඉටු කරන බවට බොහෝ සාක්ෂි තිබෙනවා” යයි ෂූ කියයි, ‘ඉතින් ඉන් එකක් ඉවත් කරාම තව එකක් ආදේශ කරපු එකක් හැටියට ක්‍රියාත්මක වෙනවා.’
DNA කේතය සංස්කරණය DNA අනුක්‍රමණයකින් කොටස් ඉක්මනින් සහ නිවැරදිව කප්පාදු කරදැමීමට CRISPR/Cas9 තාක්ෂණය ඉඩ සලසයි. ජාන ගණනාවක්ම එකවරකටම වෙනස් කිරීමට හෙවත් විකරණය කිරීමට මෙම ක්‍රමය ෂූ ඇතුළු කණ්ඩායමට ඉඩ සකසා ඇත. සම්ප්‍රදායික ක්‍රම උපයෝගී කරගෙන මෙය ඉටුකර ගැනීම සඳහා නම් දශක ගණනාවක් ගතවනු ඇත. එය ද, එමගින් බොහෝ ශාකවල අපේක්ෂිත ගති ලක්ෂණ තිබේද යන්න ගැන සහතිකයක් නොමැතිවය. “සාම්ප්රදායානුකූල ශාක බෝකිරීම ක්‍රම යොදා ගෙන ඒවායේ ඉලක්කගත විකෘතීන් ඇති කරන්න බැහැ. අහඹු ලෙස විකෘතින් සිදු කර අනවශ්‍ය ඒවා සොයා බලා ඉවත් කිරීම තමයි එහෙම නම් කරන්න වෙන්නේ” යයි පවසන්නේ පර්ඩු විශ්වවිද්‍යාලයේම කීර්තිමත් මහාචාර්යවරයෙකු වන රේ ඒ. බ්රෙසන්ය. ඔහුද ෂුගේ කණ්ඩායමේ සාමාජිකයෙකි. “එහෙම කරන්න නම් පැල මිලියනයක් විතර යොදාගන්න වෙනවා. ඒක කරන්න බැරි වැඩක් මේක ක්‍රිස්පර් තාක්ෂණය නැතුව අත්පත් කරගත නොහැකි සැබෑ ජයග්‍රහණයක්”බ්‍රෙසන් පෙන්වා දෙයි.
මෙම අත්හදා බැලීම්වලදී නිර්මාණය කෙරුණු වැඩිදියුණු කළ වී පැළවලට මහ පැදුනේ පොදු පර්යේෂණ පිළිවෙතකින්ය. “ඊළඟ පියවර වනුයේ උසස් වර්ගයේ වී වලත් මෙකී ජානම CRISPR/Cas9 තාක්ෂණය යොදා ගනිමින් සංස්කරණය කර බලන එකයි. ඒවායින්ද මේ හා සමාන ප්‍රථිපල අත්පත් කර ගත හැකි දැයි බලන්න පුළුවනි. ගොවින් වර්තමානයේදී භාවිත කරන වී වර්ගවලදීත් මේ ක්‍රමය සාර්ථක වුණොත් මේ විශාල අස්වැන්න ඉහළයාම අතිශය වැදගත් වෙන්න පුළුවනි” යනුවෙන් ෂූ සඳහන් කරයි, “ඒ කියන්නේ වැඩිවැඩියෙන් ජනතාවට වැඩියෙන් ධාන්‍ය ලබාදීමට හැකිවන බවයි.”
Purdue University Agriculture News වෙබ් අඩවියේ පළවූ CRISPR-edited rice plants produce major boost in grain yield යන ලිපිය ඇසුරෙනි