තල ඇටයකටත් වඩා කුඩා ෆොසිලයකට මේ මිහිතලය මත න සත්වයින්ගේ අදෘශ්යමා මුල් කාලීන ඉතිහාසය අනාවරනය කිරීමට හැකිවෙයි. එපමණක් නොව, කලක් පැවති ප්‍රධාන පෙලේ පරිණාමීය විරුද්ධාභසයක් යළි සනාථ කිරීමට ද එය සමත් වී තිබේ. එකිනෙකට සම්බන්ධ ජීවීන් කණ්ඩායම්වල පරිණාමය ආකෘති ගතකෙරෙන වංශප්රවේණික අධ්‍යයන(phylogenetic studies) වලින් කියැවුණේ ඉස්පන්ජියන්(sponges), worms and මුහුදු අනෙමොනයන්(sea anemones), පණුවන් සහ කවචයන් හෙවත් ක්රුස්ටාසොයාවන් (crustaceans) බවට පත්වීමට මග පෑදු සත්වයන් මුලින්ම ජනිතවන්නේ මෙයට වසර මිලියන 600 සිට මිලියන 700 කාලයක්දී බවයි. එසේවුවද, මීට වසර මිලියන 575කට පමණ කලින් සිටි සත්වයන් කිසිවෙකුම ගැන මතභේදයකින් තොරව පිළිගත හැකි ෆොසිල සාක්ෂි විද්‍යාඥයන් සතුව මේ වනතුරු තිබුණේ නැත.
ආදිම භූ යුගයට සම්බන්ධ ප්රාග්- කැම්බ්රියානු මුහුදු ඉස්පොන්ජියන්ගෙ ආදිතමයෙකුගේ බව පෙණියන මේ නව ෆොසිලය සොයා ගෙන ඇත්තේ, චීනයේ වසර මිලියන 600ක් පැරණි පාෂාන අතරේය. එහි ලක්ෂ ගනන් වූ අන්වීක්ෂීය සෛල පොස්පේට් ඛනිජ තුළ පුදුමය දනවන ආකාරයට හොඳින් සංරක්ෂණය වී ඇත. එහි ශරීරය වාස් හෙවත් මල් බඳුන් වන් විවර තුනකින් සමන්විත වන්නේය. එවායේ බිත්තිවල, වත්මන් ඉස්පොන්ජියන්ගේ මෙන්ම ඉතාමත් කුඩා සිදුරු දක්නට ලැබේ. කෑම පෙරිම සඳහා ජලය එළියට විදින්නෙ එම සිදුරු තුළිනි.
මෙයට කලින්ද එම පාෂාණ වලින්ම, සෛල අටක හෝ දහසයකින් සමන්විත ඉතා කුඩා ප්‍රමාණයේ ෆොසිල ලබා ගැනිමට හැකිවිණ. ඒවා සැලකුණේ ඉස්පොන්ජින්ගේ කලල ලෙසය. එහෙත් මෙවර ලැබී ඇති ෆොසිලය වඩාත් පිළිගත හැකි වන්නේ ඉන් වැඩිහිටි සතෙකු පෙන්නුම් කරන හෙයිනැයි කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ සංවර්ධන ජීව විද්‍යාඥයෙකුවන එරික් ඩේවිඩ්සන්ය. හෙතෙම ෆොසිලය සොයාගත් කණ්ඩායමේ සාමාජිකයෙක් ද වේ.
ඩවුෂන්ටුවෝ
ෆොසිලය සොයා ගනු ලැබූ දකුණු චීනයේ පාෂාණ තට්ටුව හඳුන්වනු ලබන්නේ ‘ඩවුෂන්ටුවෝ පිහිටීම’ යනුවෙනි. එම පාෂාණ තට්ටුව ක්ෂුද්රෆොසිල සඳහා ප්‍රසිද්ධය. “ඈත අතීතයේ සත්ව ජීවිතය ගැන රහස් ඒ තුළ ගැබ්ව තියෙන්න පුළුවන්” යයි ඩේවිඩ්සන් කියයි. මෙහිදී සොයා ගැනීමට හැකිවනු ලබන ෆොසිල සංකීර්ණ ජීවය මුලින් ඉස්මතු වීම ගැන පැහැදිලි චිත්‍රයක් අපට සපයනු ඇතැයි යන්න ඔහුගේ මතයයි. “කවුරු හෝ තවදුරටත් සෙවීමේ නිරත වෙන්න ඕනෑ” ඩේවිඩ්සන් සඳහන් කරයි.
Discover සඟරාවේ පළවු Filled: A 600-Million-Year-Old Gap in the Fossil Record යන ලිපිය ඇසුරෙනි.