සැමට විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 81: නීතිය (Law)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

රාජ්‍යයක වඩාත්ම වැදගත්  වන්නේ, නීති පද්ධතියක් එය සතුව පැවතීමයි. පොදුවේ ගත් කළ නීති රටවැසියන් සියළුදෙනාටම එක හා සමානව බලපැවැත්විය යුතු යයි අපේක්ෂිතයි. එමෙන්ම, ඒවායේ පැවැත්ම ම පාලිතයන් මත පාලකයන්ගේ බලය සීමා කරයි. නිදසුනක් ලෙස පුරාතණ ග්‍රීසිය ගතහොත්, සාක්ෂරතාවයේ වර්ධනය සමග නීති ප්‍රකටව දැක්වීම එකට ඒකතුවීමෙන් ප්‍රභූ පැළැන්තිය සාම්ප්‍රදායානුකුලව සතුව තිබූ බලය සීමා කිරීමට ද එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ උදාවට මග සැලසීය.

 

සාමූහිකව සලකනවිට අඩුතරමින් සෛදාන්තික වශයෙන්වත් නීතිය, සාධාරණත්වය අන්තර්ගතකරගෙන  ඇතැයි සහ  සාධාරණය ඉෂ්ට කරතැයි ද සැලකේ. එය එසේ වුවද අසාධාරන නීති යනුවෙන් දෙයක් නැතැයි ඉන් කියැවෙන්නේ නැත. අධිකරණයේ සාධාරණත්වය ඉටුවීම සහතික කරණු වස් විනිශ්චයකාරවරුන් මධ්‍යස්ථ විය යුතු යැයි අදහස්කෙරේ. එමෙන්ම උසාවි සමාන්‍යයෙන් මහජනාතාවට මෙන්ම ප්‍රවෘත්ති ආවරණයට විවෘතයයි ද සැලකේ. මන්ද සාධාරණය ඉෂ්ටකරනවා පමණක් නොව සාධාරණය ඉෂ්ට වූ බව පෙණී යා යුතු ද බැවිනි.

බටහිර රටවල ප්‍රධාන නීතිපද්ධති දෙකක් ඇත. යුරෝපා මහාද්වීපය තුල බහුලව භාවිතවන රෝමානු නීතිය පුරාතණ රෝමයෙන් ව්‍යුත්පන්නය. එය පදනමව ඇත්තේ( දහනව වන සියවස ආරම්භයේ ප්‍රංශයේ සහ අනෙකුත් විවිධ රටවල් ගණනාවක දී ප්‍රසිද්ධියට පත් කළ නැපෝලියානු නීති සංග්‍රහය වැනි) ඇතැම් පොදු නීති සංග්‍රහයන්(general codes) මතය. එය උපයෝගී කර ගනු ලබන්නේ සංවික්ෂණ (inquisitorial සොයාබැලීමේ) ක්‍රියාදාමයකි:මෙහිදී විනිසුරු හෝ මහේස්ත්‍රාත් විනිශ්චය ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථම අධිකරණයේ දි සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසා බලා නිගමනයකට එලඹේ.

මෙයට ප්‍රතිවිරුද්ධව, අමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාඥය සහ බොහෝ පොදුරාජ්‍ය මණ්ඩල රටවල භාවිත කෙරෙන පොදු නීතිය හෙවත් ව්‍යවස්ථාපිත නීතිවලට අයත් නොවන පිළිගත් නීතිය පදනම්ව ඇත්තේ  කොන්ග්‍රෙසයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් (ව්‍යවස්ථා මණ්ඩලය) මගින් සම්මත කරගනු ලැබූ  ආඥාපනත් වලින් නොව අධිකරණ පූර්වාදර්ශය(judicial precedent)  මගිනි. පුර්වයේ නඩු විභාගයක දී තිබූ විනිශ්චවයන් ඒ හා සමාන නඩු සියල්ලේ දී ද අනුගම්‍ය(binding බැඳිමක් ඇතැයි) ලෙස සැලකේ. එවන් පුර්වාදර්ශ අවලංගු කළ හැක්කේ ආඥාපනත්  හෝ ඉහළ අධිකරනයක් මගින් පමණකි. පොදු නීති පද්ධතිවලදී උසාවි නඩු කටයුතු ප්‍රතිපාක්ෂිකය (adversarial): විනිස්චවකාරයෙකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයක දී දෙපාර්ශ්වයේ නීතිඥවරු තර්ක විතර්ක නගති.  නඩු තීන්දුව එක්කෝ නඩුකාරයා විසින් හෝ ඇතැම් අවස්ථාවල ජූරියක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. (පුරවැසියන් අතුරෙන් අහඹු ලෙස තෝරා ගනු ලැබූ අයගෙන් සමන්විත ජූරියක වගකීම වන්නේ ඉදිරිපත් වී ඇති සාක්ෂි සැලකිල්ලට ගෙන  නඩුව පිළිබඳ සාධාරණ නිගමනයකට එලඹිමයි)

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ එන Law කොටස ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: