සැමට විදු නැන නුවණ – Science Literacy for All

සුලභ අසාත්මිකතා හතක්

 

කිසිවෙකුට අසාත්මිකතාවක් ඇති වී තිබෙන්නේ යයි කියන්නේ ඒ තැනැත්තාගේ සිරුර වෙනත් බොහෝ දෙනෙකුට හානියක් ඇති නොවන යම් ද්‍රව්‍යයකට සංවේදි යන්නය. රෝග ලක්ෂණ ඇති කරන එම ද්‍රව්‍යය හඳුන්වනු ලබන්නේ ආසාත්මිකතා කාරක(allergen) යනුවෙනි. හානිකර අසාත්මික කාරක සාමාන්‍යයෙන් විශේෂිත ප්‍රෝටීනයක් හෙයින් ජනතාව එක කාරකයකට පමණක් හෝ කිහිපයකට අසාත්මික විය හැකිය. මේ ලිපියේ දැක්වෙන්නේ වඩාත්ම සුලභ ආසාත්මිකතා හතක් ගැනයි.

Image result for allergies

  1. පිටත දී ඇතිවන ආසාත්මිකතා

පරාග (රේණු), ගස්, තණ සහ වල් පැළෑටි ප‍්‍රජනනය වන්නේ සියුම්, පවුඩර් වැනි ද්‍රව්‍යයකිනි. එය හඳුන්වනු ලබන්නේ පරාග හෙවත් රේණු වශයෙනි. ශාකයක පුරුෂ ව්‍යුවහයක සිට ස්ත‍්‍රී ව්‍යුවහයක් වෙත රේණු රැගෙන යනු ලබන්නේ සුළඟ මගිනි. එය අහසේ පාවී යන්නක් නිසා පරාගවලට මනුෂ්‍යයන්ගේ සිරුරට ආකාර කිහිපයකින්ම ඇතුල් විය හැකිය. සුළං නාසය හරහා ආශ්වාස කරන හෙයින් නාසයේ ඇති ව්‍යුහයන් මගින් පරාග පෙරා වළකාලනු ලැබේ. නාසික ශ්ලේෂ්මල පටල තුළදී පරාග කුඹ ෙසෙල(mast cells)  සමග ගෑවෙයි. නැතිනම් සබැදෙයි. පරාග අසාත්මික කාරකයක් ලෙස හඳුනාගන්නා කුඹ ෙසෙල හිස්ටමින(histamine) නිපදවන්නට පටන් ගනියි. හිස්ටමින, රුධිර වාහිනී  විස්තාරණය කිරීම හේතු කොටගෙන ඉදිමුම, ප‍්‍රදාහය හා නාසයේ අවහිරතා (congestion)    ඇති වෙයි. පරාග ඉතා සියුම් නිසා ඒවා ඇස්වල ශ්ලේෂ්මල පටලවල ද දැවටීමට හැකිිවෙයි. එය, ඇස් කැසීමට හා කඳුළු ඉනීමට මග පාදයි. හිසකෙස්, ඇඳුම් පැළඳුම් හෝ සුරතල් සතෙකුගේ ලොම්වල පතිත වන පරාග ආසාත්මිකතාවයෙන් පෙළෙන්නාගේ අත්වල ගෑවි එම අය නාසය හෝ ඇස් අල්ලන විට රෝග ලක්ෂණ මාලාවකට මුල පුරයි.

Related image

පරාග අසාත්මිකතා බොහොමයක්, ශ්වසනය හා සම්බන්ධ නිසා නාසයට, ඇස් සහ මුඛයට බලපෑමෙන් හුස්ම ගැනීම අපහසු වෙයි. ඒවා සාමාන්‍යයෙන් වාරිකය — ඒ කියන්නේ සෘතුවකට පමණක් ඇති වන්නේය යන්නයි. ඒත් සමහර දේශගුණික තත්ත්වයන් හීදී අසාත්මිකතාවයන්ගෙන් පෙළෙන්නන්ට සැනසිල්ලක් නැත. විශේෂයෙන්ම ඔවුන් විවිධ පරාගවලට අසාත්මික නම් ඒ අසාත්මිකකාරකවලට අදාල අසාත්මිකතා හටගන්නා හෙයිනි. ආර්ද්‍රතාවය (වාතයේ තෙතමනය) සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ තවත් දරුණු අතට හැරවීමට මග පාදයි. ඊට හේතුව පරාග වාතයේ ඇති තෙතමනයට එක් වී වැඩි වේලාවක් සුළෙඟ් පාවෙමින් තිබීමයි.

2.  නිවාසාභ්‍යන්තර අසාත්මිකතා(පුස් දිලීර සහ කීඩෑවන්)

Related image

අසාත්මිකකාරකයක් ලෙස ගතහොත් පරාග වාරික නැති නම් සෘතුමය වන නමුත් නිවෙස් හෝ වෙනත් ගොඩනැගිලි අභ්‍යන්තරයේ අසාත්මිකතා කාරක වසර පුරා නිරතුරුව ක‍්‍රියාකාරීය. රෝග ලක්ෂණ වල ස්වභාවය මූලිකව ශ්වසනයට සම්බන්ධවීමේ ප‍්‍රවණතාව ඇත. බාග විට ඔබට රෝග ලක්ෂණ ඇති වන්නේ අල්මාරියක් පිරිසිදු කරන විට නැතිනම් තෙතමනය සහිත යටබිම් මාලයක (basement) වැඩි වේලාවක් ගතකරන විට විය හැකිය. නැතහොත් ගැටලූ මතු වන්නේ නාන කාමරය පිරිසිදු කරන විට වීමට පුලුවන. පුස් (molds) නම් අභ්‍යන්තරයෙහි මෙන්ම පිටත ද දැකිය හැක. රේක්කයකින් කොළ එකතු කරන විට, වසුනක (a mulch pile) පස් පෙරළන විට මේ අපහසුතා ඇති විය හැකිවේ. මේ කිව් අවස්ථා සෑම එකකදීම වාගේ මූනට නාස් ආවරණයක් පැළඳ සිටීමෙන් අසහනකාරී බලපෑම් හීන කර ගත හැකිවේ. දූවිලි මයිටාවන්(කිනිතුල්ලන් වැනි ඉතා කුඩා සත්ව විශේෂයක්) විශේෂයෙන් ගැටළුකාරීය. විශේෂයෙන්ම අසහනය ඇති කරන අංශු ඉතා කුඩා වීමේ හේතුවෙනි. මොවුන් විශේෂයෙන්ම ඇඳන්වලට රිංගන බව සැලකේ.

3. සත්ව අසාත්මිකතා (සුරතල් සතුන් නිසා ඇතිවන අසාත්මිකතා)

අප සුරතල් සතුන්ට ඇළුම් කරන හෙයින් ඔවුන් නිසා අසාත්මිකතා ඇති වූ විට ගත මෙන්ම සිත ද අවුල් වේ. විශේෂයෙන්ම, කුඩා ළමුන් අරඹයා මෙය වඩාත්ම පැහැදිලිව දැක ගත හැක. ඇත්ත වශයෙන්ම මෙහිදී ආසාත්මිකතාකාරකය වන්නේ ලොම් හෝ කෙස් නොව ඒවායේ මුල් ආසන්නයෙන් ගැල වී වැටෙන හිස් හොරි වැනි කුඩා සම්කැබලිය. (හාවුන්, අශ්වයන් වැනි)  සත්වවයන් වසන්නේ වාසස්ථානයෙන් පිටතින් වුවද (බල්ලන්, පූසන් මෙන්) නිවාස ඇතුළත වුවද අසාත්මිකතා ප‍්‍රතිචාරය එකමය. බාහිරව ඇති කරන සතුන්ට නිරාවරණය වන වාර ගණන හා කාලය සීමා කිරීම පහසු වුවද නිවසේ ඇතුලේ සිටින සුරතල් සම්බන්ධව එය පහසු නැත. කෙසේ වෙතත් අභ්‍යන්තරයේ සතුන් පවා කිසිසේත්ම නිදන කාමරයට ගැනීමෙන් වැළකී සිටීම මැනවි.

4. කෘමි අසාත්මිකතා

කෘමීන් සපා කෑම් හා දෂ්ඨ කිරීම් කෝපය අවුස්සන සුළු පමණක් නොව වේදනා සහගත ද වේ. එමෙන්ම ස්ථානිකය. එසේත් නැතිනම් එවැනි සපා කෑම් හා දෂ්ට කිරීම් අසංරක්ෂණත්වය (anaphylaxis) යනුවෙන් හඳුන්වනු ලබන(ඉතා දරුණු අසාත්මික ප‍්‍රතික‍්‍රියාවක්)  ජීවිතයට තර්ජනයක් වන වෛද්‍යමය හදිසි අවස්ථාවකට මග පෑදීමට ද පුළුවන. ශරීරාංගයක ප‍්‍රතිචාර ගතහොත් සම්පූර්ණ අතක් හෝ පයක් ඉදිමීම ද ඇතුළත්ය. කෘමි සපාකෑමකට හෝ දෂ්ට කිරීමකට එලෙස ස්ථානීය ප‍්‍රතිචාරයකට වැඩි යමකට — කෑ තැනට ඔබ්බෙන් ප‍්‍රදේශ ඉදිමීම, ඇඟ පුරා කැසිල්ල හෝ හුස්ම ගැනීමේ කිසියම් අපහසුවක් වේ නම් සිය වෛද්‍යවරයාට දැන්විය යුතුය. සපත්තු පැළඳීම දිග කලිසම් සහ අත්දිග කමීස ඇඳීම මෙන්ම සුවඳ විලවුන් ගැල්වීමෙන් වැළකීම කෘමි උවදුරෙන් බේරීමට උපකාරී වේ. ඇමරිකානු වෛද්‍ය සංගම්(American Medical Association – JAMA) සඟරාව දක්වන පරිදි ඇ.එ.ජ. ජනගහනයෙන් සියයට 5 ක් පමණ කෘමින් විදීම හේතුවෙන් හටගන්නා අසංරක්ෂණත්වයට ගොදුරුවන අතර ඉන් වසරක් පාසා මිය යන සංඛ්‍යාව 40 කි.

5.  ඖෂධ ආශ‍්‍රිත අසාත්මිකතා

Related image

ඕනෑම ඖෂධයකින් ආසාත්මිකතාවන් හට ගැනීමේ හැකියාව නැතිනම් විභවය ඇත. ඒත් ප‍්‍රතිචාරයක් මතුවීමට වඩාත් ඉඩකඩ තිබෙන ඖෂධ වන්නේ  පෙනිසිලීන් සහ ටෙට‍්‍රසයික්ලීන් යන ප‍්‍රතිජීවක; ප‍්‍රතිජීවක කාර්යයක් සහිත, සල්ෆිනික් අම්ලයේ ඒමයිඩයක් වන සල්ෆොනේමයිඩ(sulfonamides) මුත‍්‍රා මාර්ගයේ ආසාදන සඳහා ලබා දෙන ප‍්‍රති ක්ෂුද්‍රජීව ඖෂධ සහ කේන් පවුලට(“caine” family ) අයත් නොවෝකේන් (novocaine) ලිඩෝකේන් වැනි ස්ථානීය නිර්වින්දන වේ. ඖෂධයකට අසාත්මිකතාවක් දක්වන විට ඇතිවිය හැකි ප‍්‍රතිචාරාත්මක ලක්ෂණ අතර උණ, කුෂ්ට, නාසය හෝ උගුර හෝ කන් කැසීම සම රත්පැහැවීම වේ. වඩාත් බරපතල ප‍්‍රතිචාර අතර, කැස්ස, ඉදිමුම විශේෂයෙන්ම ඇස් හෝ දිව ඉදිමීම. (සම නිල්පැහැ ගැන්වීමේ) නීලායනය(cyanosis)  ආදිය ඇතුළත්ය. අසාත්මික ලක්ෂණ පහළ වූ විට වහාම වෛද්‍යවරයාට දැන්විය යුතුය. කලින් යම් ඖෂධයකට මේ ආකාර ප‍්‍රතිචාර ඇති වී තිබේ නම් හොඳම ක‍්‍රියා මාර්ගය වනුයේ වෛද්‍යවරයා බෙහෙත් නියම කිරීමට පෙර හැම වාරයකදීම ඒ බව දන්වා සිටීමය.

6. ආහාර ආශ‍්‍රිත අසාත්මිකතා

Related image

ඇතැම් ආහාර වර්ග වලට බොහෝ දෙනෙකුට අහිතකර ප‍්‍රතිචාර ඇතිවන නමුත් සැබෑවටම ආහාර ආශ‍්‍රිත අසාත්මිකතා වලින් පෙළෙන්නේ වැඩිහිටියන් නම් සියයට දෙකකට අඩු සහ ළමුන් නම් සියයට 5 කට අඩු සංඛ්‍යාවකි. ආහාරයක් ‘නොරිස්සීම’ (එය ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාරයක් නොවේ) හේතුවෙන් (ආමාශය හා ආන්ත‍්‍රවලට අදාලව) ජඨර ආන්ත‍්‍රික(gastrointestinal) බඩ පුරවා දැමීම, වේදනාව, මස් පි`ඩු පෙරළීම සහ (ලැක්ටොස් නොරිස්සීම ආශ‍්‍රිත) පාචනය වැනි රෝග තත්ත්වයන් ඇතිවේ.  සත්‍ය වශයෙන්ම ඇතිවන ආහාර  අසාත්මිකතාවක දී ඇතිවන ප‍්‍රතිචාරය බොහෝ විට එළකිරි, බිත්තර සුදුමද, රටකජු, ඉස්සන් සහ අනෙකුත් මුහුදු ආහාර, තිරිඟු, සෝයා වැනි ආහාර වල අඩංගු ප්‍රෝටීනයි. ප‍්‍රතිචාරය ක්ෂණිකව හෝ පැය කිහිපයකට පසුව හෝ අසාමාන්‍ය ලෙස  බොහෝ වේලාවක් වුව පමා වි හෝ ඇතිවිය  හැකිය. අසාත්මිකතාවලට අදාල රෝග ලක්ෂණ වල වෙනසක් නොමැතිව ආහාර විෂවීමෙන් ද දරුණු ආමාශ හා අන්ත‍්‍ර රෝග  හටගනී. තවද එම ආහාරම ගත් අනෙක් අයටද අඩු වැඩි වශයෙන් රෝග ලක්ෂණ ඇතිවේ. ඇරත් ආහාර විෂවීම දරුණු තත්ත්වයක් විය හැකිය. වහාම වෛද්‍යාධාර පැතිය යුතුය. ආහාරවල අදාල අසාත්මික සම්බන්ධයෙන් කළ යුතු හොඳම දේ වන්නේ එවන් ආහාර ගැනීමෙන් වැළකී සිටීමය. මන්ද, දැනට ඒ සඳහා ඖෂධ හෝ එන්නත් නොමැති හෙයිනි. ආහාර අසාත්මිකතා ඇතිවන අයට ඊට අදාල අසාත්මිකතා කාරකයේ ඉතා සුළු ප‍්‍රමාණයක් වුවද ප‍්‍රතිචාරයක් ඇති කිරීමට සෑහේ. ඇතැම් විට අසාත්මික කාරකය තිබෙන්නේ ආහාරය පිළියෙල කිරීම සඳහා ගන්නා දෙයෙහි නොව ඊට එකතු කරන දෙයෙහි විය හැකිය. ඒ නිසා සාමාන්‍යයෙන් නිවසේ දී ගන්නා ආහාර වර්ගයක් හෝටලයකදී ගත්විට අසාත්මිකතාවට මග පෑදිය හැකිය.

7. ලේටෙක්ස් ආසාත්මිකතාව

Related image

රබර් ගහේ කිරි වලින් නිපදවා ගන්නා ලේටෙක්ස් රබර් වලට ඇති ආසාත්මිකතාව ද වැඩිවෙමින් පවතී. මීට එක් හේතුවක් විය හැක්කේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ඇතුළු පිරිසද ,ගෙදර දොරේ අයද ලේටෙක්ස් වලින් සාදන අත් වැසුම් භාවිතය ඉහළ යාම විය හැකියි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේම අත්වැසුම් වලට අමතර ද්‍රව්‍යයද එමෙන්ම ඒ ක්ෂේත‍්‍රයෙන් බාහිරව ද නොයෙකුත් දෑ සඳහා ලේටෙක්ස් භාවිතා වේ. පලූ දැමීම, කුෂ්ඨ, සම රතුවිම, කැසීම නාසය අවහිර වීම, කිවිසුම් යාම සාමාන්‍යයෙන් ලේටෙක්ස් මගින් ඇතිවන ආසාත්මිකතාවන්ගේ ලක්ෂණයි.

Actforlibraries.org   වෙබ් අඩවියේ Top 7 Common Allergies යන ලිපිය අසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: