සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් අප සියල්ලෝම අපි‍්‍රකානුවන් වම්හ

ජන වර්ගය යන්න වසර දහස් ගණනන් තිස්සේ භාවිත වන්නේ මිනිසුන් බෙදා වෙන්කිරිමටය. එහෙත් ජන වර්ගය යන සංකල්පය ප්‍රවේණි විද්‍යාව මත පදනක් වූවක් නම් නොවේ

Related image

Related image

මනුෂ්‍යයන් වන අප පිළිබඳ ගැඹුරු සත්‍යයන් දෙකක් හෙළිදරව් කිරීමට පසුගිය දශක කිහිපය තුළ සිදුකළ ජානමය පර්යේෂණ සමත්ව තිබේ. ඉන් පළමුවැන්න වන්නේ මානවයන් සියළු දෙනාම ඉතා සමීප නෑ සම්බන්ධතාවක්  ඇති බවයි. අද වනවිට සංඛ්‍යාව අතින් මිනිසුන් විශාල පිරිසක් සිටින්නේ වී නමුත් සියළු චිම්පන්සීන් එකිනෙකාට දක්වන නෑ සබඳතාවටත් වඩා මිනිස් අප එකිනෙකා හා සමීපව සම්බන්ධය. අප සියළු දෙනාට ඇත්තේ එකම ජාන එකතුවකි. එසේ වුවද,  සර්වසම නිවුන්නු(identical twins)  හැරුණු කොට අප සියළු දෙනාට ඇත්තේ එම ජාන අතුරෙන් සමහරක ඉතා මද වෙනසක් සහිත ස්වරූපයන්ය. මෙකී ජානමය විවිධත්වය ගැන සිදු කෙරුණු අධ්‍යයනය, එක්තරා විදිහක මානව ගහණයන්ගේ පවුල් රුකක් (family tree of human populations)  යළි ගොඩනැංවීමට විද්‍යාඥයන්ට හැකියාව සලසා ඇත.

කලින් කී ගැඹුරු සත්‍යයන් දෙකෙන් දෙවැන්න හෙළි දරව් වී ඇත්තේ මෙමගිනි. එනම්, බෙහෙවින් තථ්‍ය අර්ථයකින් ගතහොත් අද ජීවත්වන අප සියළුදෙනා අප‍්‍රිකානුවන් ය!

https://www.nationalgeographic.com/content/dam/magazine/rights-exempt/2018/04/genetics/genetics-chimpanzee-white-baby-blue-eyes-blond.adapt.768.1.jpg

 

මේ දෙදෙනාගේ DNA පැතිකඩ ගතහොත් සියයට 99 ක්ම වාගේ එකමය.  ඕනෑම මනුෂ්‍යයන් දෙදෙනෙකුගේ ජාන ගතහොත් මීටත් වඩා සමාන බව ඇත්තය. එහෙත් අපේ ප‍්‍රාග් මානව (pre-human) ආදිතමයන් සිරුරේ ලොම් බොහොමයක් ම හැළීමෙන් පසුව අප පරිණාමය වූයේ සමේ වර්ණයේ පැහැදිලිව පෙනෙන වෙනස්කම් ඇතිවය. අපේ DNA වල සූක්ෂම සුසර කිරීම් ඊට වග කීවේය. කළු වර්ණනය(pigmentation) අප‍්‍රිකාවේ දැඩි අව්රශ්මියට ඔරොත්තු දීමට අපේ ආදිතමයන්ට උපකාරී වන්නට ඇත. මානවයන් අප‍්‍රිකාවේ සිට හිරුරශ්මිය අඩු ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වූ විට ළා පැහැය ඔවුනට වඩා වාසිදායක වන්නට ඇත.

අපේ විශේෂය වන Homo sapiens (නූතන මිනිසා) පරිණාමය වූයේ අප‍්‍රිකාවේය. හරියට කාලවකවානුව හෝ හරියට ස්ථානය කිසිවෙකුත් ස්ථීරවම නොදන්නේ වී නමුත්. වඩාත්ම මෑතක මොරොක්කෝවෙන් සොයා ගනු ලැබූ ෆොසිල මගින් හැඟවෙන්නේ කායික ව්යුහමය අතින් නූතන මිනිස් ලක්ෂණ මතුවන්නට පටන් ගත්තේ වසර 300,000 ක් තරම් ඈතක සිට බවයි. ඉන් පසු ගත වූ වසර 200,000 ක පමණ කාලයක් තිස්සේ මිනිස් අප නතරව සිටියේ අප‍්‍රිකාවේමය. එහෙත් ඔය අතරවාරයේම ඇතැම් පිරිස් කණ්ඩායම් වශයෙන් (අප‍්‍රිකානු) මහද්වීපයේම වෙනත් ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වෙමින් එකිනෙකාගෙන් හුදකලා වූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙස අළුත් ජනගහණ ඇති කරවමිනි. අනෙකුත් සියළුම විශේෂයන්ගේ මෙන්ම මනුෂ්‍යයන්ගේ ද ජානමය විපර්යාසයන් අහඹු විකෘතීන්වල — ජීවිතයේ කේතය වන DNA හි ඉතා සියුම් හා කුඩා සකස් කිරීම්වල(tweaks) ප‍්‍රතිඵලයකි. විකෘතීන් බොහෝ වශයෙන් නිරන්තර අනුපාතයකින් සිදුවේ. ඉතින් යම් කණ්ඩායමක් දීර්ඝ කාලයක් පවතී ද(එම පිරිසේ) පරම්පරාවෙන් පරම්පරාවට ජාන දායද කරදෙමින් මේ ජානවල පෙර කී සියුම් හා කුඩා සකස් කිරීම් වැඩි වැඩියෙන් ඒකාරාශී වෙයි.

මේ අතර කණ්ඩායම් දෙකක් වෙන්ව දිගු කාලයක් ගතවෙන්න ගතවෙන්න ඔවුන් අත්පත් කරගන්නා මෙම සකස් කිරීම් වඩාත් සුවිශේෂී බවක්  උසුලන්නට පටන් ගනී. අද ජීවත්වන අප‍්‍රිකානුවන්ගේ ජාන විශේලේෂණය කිරීමෙන්, පර්යේෂකයන් තීන්දු කර ඇත්තේ වර්තමානයේ දකුණු අප‍්‍රිකාවේ ජීවත්වන කෝසාන් (Khoe-San) මානව පවුල් රුකෙහි පැරණිතම ශාඛාවක් නියෝජනය කරන බවයි. කැපී පෙනෙන සුවිශේෂී කණ්ඩායමක් ලෙස මධ්‍යම අප‍්‍රිකාවේ පිග්මිවරුන්ට ද ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත. මෙහි තේරුම වන්නේ, මිනිස් පවුලේ දැඩිම බෙදීම පවතින්නේ සාමාන්‍යයෙන් සිතන්නට පුරුදුව  ඇති ආකාරයට – අපි කියමු  කල්ලෝ සුද්දෝ හෝ ආසියානුවන් හෝ ස්වදේශික ඇමරිකානුවන් හෝ වශයෙන් නොවේ යන්නය. ඒ දැඩි නැතිනම් ගැඹුරු වෙනස ඇත්තේ කෝසාන් සහ පිග්මිවරු වැනි අප‍්‍රිකානු ජනගහන අතරමය.

Image result for pre human species

මේ කණ්ඩායම් එකිනෙකාගෙන් හුදකලාව වෙනම කණ්ඩායම් ලෙස වසර දස දහස් ගණන් දීර්ඝ කාලයක් ගත කර ඇත්තේ එකිනෙකාගෙන් වෙන්වය. ඒ කියන්නේ ඇත්තටම මානවයන් අප‍්‍රිකාවෙන් පිටතට සංක‍්‍රමණය වන්නට කලිනි. ප‍්‍රවේණි විද්‍යාව අපට කියා දෙන පරිදි, අද ලෝකයේ ජීවත්වන අප‍්‍රිකානුවන් නොවන සියළු දෙනා, මෙයට වසර 60,000 කට පමණ පෙර අප‍්‍රිකාවෙන් පිටව ගිය මානවයන් දහස් ගණන අතුරෙන්       පැවත එන්නන්ය. මේ සංක‍්‍රමණයෙන් වඩාත් සමීපව සම්බන්ධ වන්නේ ටැන්සානියාවේ හාඞ්සා(Hadza)  ඇතුළුව අද නැගෙනහිර අප‍්‍රිකාවේ ජීවත්වන කණ්ඩායම්වලටය. ඔවුන් හුදෙක් සුළු උප කුලකයක් වූ හෙයින්, අප‍්‍රිකාවේ ජනගහනයේ සංක‍්‍රමණිකයන් ඔවුන් සමග රැගෙන ගියේ සිය ජානමය විවිධත්වයෙන් සුළු කොටසක් පමණකි.

Image result for human migration from africa

සංක‍්‍රමණිකයන් ගමන් කළ මාර්ගයේ කොතැනක දී හෝ — බාගදා මැද පෙරදිග දී විය හැකියි — මේ සංචාරකයෝ නියැන්ඩතාර්ල් නම් තවත් මනුෂ්‍ය විශේෂයක් හදි ගැසී ඔවුන් සමග සම්භෝගයේ යෙදෙන්නට ඇත.  තවත් නැගෙනහිර දෙසට ඇදෙද්දී ඔවුනට තවත් මනුෂ්‍ය විශේෂයක් වන ඩෙනිසෝවන්(Denisovans) මුන ගැසෙයි. මේ විශේෂ දෙකම, අප‍්‍රිකාවෙන් බොහෝ කාලයකට පෙර සංක‍්‍රමණය වූ හොමිනිනයෙකු (hominin) ගෙන් යුරේසියාවේ දී පරිණාමය වන්නට ඇතැයි සමහර විද්‍යාඥයෝ විශ්වාස කරයි. ඇතැම් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, මෙයට වසර 60,000 කට පෙර සිදු වූ දෙවැනි මහා සමූහ නික්මයාම (second exodus), ඇත්ත වශයෙන්ම අප්‍රිකාවෙන්  පිටත්ව ගිය නූතන මානවයන්ගේ දෙවැනි රැල්ල බවයි. එය එසේ නම්, අද අපගේ ජෙනෝම(genome ජීවියක ප‍්‍රවේණි ද්‍රව්‍ය) ගැන විමසන විට දෙවැන්න ප‍්‍රථම රැල්ල යටපත් කරන්නට ඇතැයි කියායි.

සාපේක්ෂව දක්වතොත් මේ සංක‍්‍රමිකයන් සියල්ලගේ ජනිතයෝ මහා හදිසියකින් ලොව පුරා විසිරී ගියහ. මෙයට වසර 50,000 පෙර වන විට ඔවුන් ඔස්ටේ‍්‍රලියාවට ගොස් තිබිණ. අවුරුදු 45,000 කට පෙර වන විට සයිබීරියාවේ පදිංචිව සිටියහ. තවද, මෙයට වසර 15,000 පෙර වන විට ඔවුන් දකුණු ඇමරිකාවට ළඟා වී හමාරය. ඔවුන් මෙලෙස ලෝකයේ විවිධ ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වෙද්දී ඔවුහු එකිනෙකාගෙන් භූගෝලීය වශයෙන් හුදකලා වූ නව කණ්ඩායම් පිහිටුවා ගත්හ. මේ ක‍්‍රියාදාමයේ දී ඔවුහු ඔවුන්ටම ආවේණික සුවිශේෂී ජානමය විකෘතීන්(distinctive set of genetic mutations) අත්පත් කර ගත්හ.

මේ සුළු සැකසුම් ප‍්‍රයෝජනවත් වූයේ හෝ හානිකර වූයේ ද නැත.  ඉඳහිට නව වටපිටාවක දී වාසිදායක වන විකෘතීයක් ඉඳහිට හට ගන්නට ඇත. ස්වභාවික වරණයෙහි බලපෑම යටතේ එය දේශීය ජනගහනය අතරේ සීඝ‍්‍රයෙන් පැතිරිණ. නිදසුනක් දක්වතොත් ඉහළ උන්නතාංශයක දී ඔක්සිජන් මට්ටම පහළ අගයක් ගන්නා අතර ඉතිතෝපියානු උස් බිම්, ටිබෙටය, ඇන්ඩියන් ඇලිඩිප්ලානෝ කරා පැමිණි ඒ ආදී මනුෂ්‍යයන් පිරිසට මේ විකෘතීන් වාසියක් විය. මන්ද, ඒ උස් ප‍්‍රදේශවල ඔක්සිජන් අඩුවට හැඩ ගැසීමට උපාකාරී වූ හෙයිනි. මෙලෙසම, ඉනුඉට් ඇස්කිමෝවරු (Inuit = උතුරු කැනඩාව, ගී‍්‍රන්ලන්තයේ ඇතැම් පෙදෙස් සහ ඇලස්කාව යන ප‍්‍රදේශවලට අයත් ජන කොටසක්) සාගරය පාදක මේද අම්ල ආහාරවලට හුරුවීමෙන් ඊට අනුගතවීමට ආධාර වන ජානමය සුසුරකිරීම් වලින් යුක්තය.

Related image

ස්වභාවිකවරණය, විකෘතියකට පිළිසරණ වී ඇති බව ඇතැම් විට පැහැදිලි වුවද එසේ වන්නේ ඇයි ද යන්න පැහැදිලි නැත. ඊඩාර් (EDAR) යනුවෙන් නම් කෙරුණු ජානයක විචල්‍යයකට අදලාව ඇත්තේ එවන් තත්ත්වයකි. නැගෙනහිර ආසියාව සහ ස්වදේශී ඇමරිකානු සම්භවයක් සහිත බොහෝ අයට 370A යනුවෙන් දැක්වෙන මේ විචල්‍යයේ අඩු තරමින් එක් පිටපතක්වත් ඇති අතර වැඩිදෙනෙකුට පිටපත් දෙකක් ම ඇත. එහෙත්,  අප‍්‍රිකානු හා යුරෝපීය සම්භවයකින් පැවත එන්නන්ට එය විරලය.

මෙලෙස නැගෙනහිර ආසියානුවන්ට හා ස්වදේශීය ඇමරිකානු සම්භවයක් ඇති අයට ඝන කේශ සහ වැඩිපුර ස්වේද ග‍්‍රන්ථි (sweat glands) ඇත්තේ මන්දැයි පැහැදිලි කිරීමට පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ප‍්‍රවේණි විද්‍යාඥ  යනා කැම්බරෝව්, පූසන් ආශ‍්‍රයෙන් සිදු කළ පර්යේෂණයක් ආධාර විය හැක. එහෙත් එයින් පරිණාමීය හේතුවක් සපයා ගත නොහැක. කලින් කිව් 370A යනුවෙන් හඳුන්වනු ලබන විචල්‍යය ලබා දී ඇති වාසි හරි හැටි දැක්වීමට කැම්බරොව් තවමත් සමත් වී නැත. ඉන් ඇති වූ වෙනස්කම් කිහිපයක්ම ගැන ඇය අනුමාන කළද ඒවා විචල්‍යයේ බලපෑම් ද යන්න ස්ථ්ිරව කිව නොහේ. ප‍්‍ර

වේණි විද්‍යාව බොහෝ විට ක‍්‍රියා කරන්නේ ඔය ආකාරයටය. සුළු සුසර කිරීමකින් එකිනෙකුට වෙනත් ප‍්‍රතිඵල ගෙන එයි. ඉන් ප‍්‍රයෝජනවත් වන්නේ එකක් පමණක් විය හැකිය. ඒ එක එය ගෙන එ්මට බලපෑ තත්ත්වයන්ට වඩා වැඩි කලක් පවතී. නිදසුනක් දැක්වුවොත් පරම්පරාවට ඡායාරූප පවරනවිට ඡායාරූපය ඉතිරිව තිබුණත් ඒවායේ ඉන්නේ කවුදැයි කිසිවෙකු නොදන්නවා සේය. ‘‘කාල යන්ත‍්‍රයක් නොමැති නම් කෙනෙකුට දැනගන්න ක‍්‍රමයක් ඇත්තේ නැහැ.’’ යනුවෙන් කැම්බරෝව් දුක් වෙයි.

National Geographic magazine හි පළවූ  There’s No Scientific Basis for Race—It’s a Made-Up Label  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: