සැමට විදු නැන නුවණ – Science Literacy for All

හරිතාගාර වායු විමෝචන අඩු කිරීමට අපට තනිව කළ හැකි දේ – 3

Globe Birth New Arise Environment Earth

දේශගුණ විපර්යාසයේ පිරිවැය 

එක්සත් රාජධානියේඑඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ වායුගෝලීය හා පරිසර විද්‍යා ආයතනයේ ඬේවිඞ්. එස්. රීයි විසිනි.

ආර්ථික විද්‍යාව හා දේශගුණ විපර්යාස පිළිබඳ විද්‍යාව  යන දෙකටම පොදු  බොහෝ දේ ඇත. දෙකම රඳා පවතින්නේ අනාගතය ගෙන එන්නේ කුමක්ද යන්න පිළිබඳ නිවැරදි පුරෝකතන මතය. එම පුරෝකතන වලට බොහෝ සේපාදක වන්නේ කලින් සිදු වූ දේවල්ය. මෙලෙසනිවාස වෙළඳ පොළ ලබන වසරේදී කෙබඳු වේදැයි අපට දැනුවත් අනුමානයක් පමණක් වුව කළ හැකි නමුත්  ඉදිරි වර්ෂවලදී හරිතාගාර වායු විමෝචන කොපමණ ඉහළ යයිද යන්න ගැන අපට ස්ථීරවම යමක් කිව හැකි නොවේ. එමෙන්ම එවිට පෘථිවියේ දේශගුණය කෙබඳු ආකාරයකට ප‍්‍රතිචාර දක්වා වීද යන්න ද නිශ්චිතව දැක්වීම කළ නොහේ.

එක් අතකින් දේශගුණ විපර්යාසයේ ආර්ථික බලපෑම ගණනය කිරීමෙන් ද අනෙක් අතට දේශගුණ විපර්යාස සංහිඳවීමේ වියදම ගණනය කිරීමෙන් ද මේ අඥාතයන්(නොදන්නා දෙවල්) සියල්ල එක්තැන් කර බලන විට ලැබිය හැකි ප‍්‍රතිඵල පරාසය අසීමිතය. මේසා අවිනිශ්චිතතාවන් ඇති කල්හි පරිසරය වෙනුවෙන් පෙනී සිටින්නන් සහ ඛනිජ තෙල් භාවිතය වෙනුවෙන් පෙනී සිටින්නන් යනදෙපිරිසටමදේශගුණ විපර්යාස සංහිඳියාව ගැන දෙගොල්ලන් අතර තිබෙන එකිනෙකට වෙනස් ස්ථාවරයන් සාධාරණීකරණය උදෙසා ආර්ථිකමය තර්ක ප‍්‍රයෝජනයට ගත හැකිය.

ගෝලීය වශයෙන් හරිතාගාර වායු අඩු කිරීම වර්තමානයේ ප‍්‍රයෝජනවත් දෙයක් දැයි තහවුරු කර ගැනීම පිණිස එම වායු අඩු කිරීමේ පිළිවෙත්වල පිරිවැය  ප්‍රතිලාභ ලිපි පෙළෙහිදි විශ්ලේෂණය කෙරේ. අපගේම හරිතාගාර විමෝචන පෞද්ගලිකව අඩු කිරීමේ හැකියාව මෙන්ම ඊට වැයවන පිරිවැය ද ඇගයීමට ලක් කෙරේ. දේශගුණ විපර්යාසයේ සම්පූර්ණ ආර්ථික බලපෑම් සලකා බලන විට ශුද්ධ පිරිවැයක් නැතුවම හෝ කුඩා ප‍්‍රමාණයක් පමණක් ඇතිව විමෝචන කැපී පෙනෙනඅන්දමින් අඩු කර ගත හැකිය යන්න මාගේ විශ්වාසයයි. එපමණක් ද නොව පුද්ගලයන්ටදේශගුණය කෙරෙහි සිය බලපෑම අඩු කරන අතරම මුදල් ඉතිරි කර ගැනීමේ විශාල හැකියාවක් ද ඇත. හරිතාගාර විමෝචන සම්බන්ධයෙන් ක‍්‍රියා නොකිරිම සම්බන්ධයෙන් දේශපාලන අලසකම වසා ගැනීමට ආර්ථික හේතු යොදා ගැනීම සාධාරණ නොවේ යයි මම කියා සිටිමි.

හරිතාගාර වායු විමෝචන අඩු කිරීමට අපට තනිව කළ හැකි දේ

හරිතාගාර වායු (හගාවා) විමෝචනයන් වඩාත්ම පිරිමැසුම්දායකව අඩු කිරීම් නැතිනම් වියදම් සඵලතා සහිතව අඩු කිරීම් බොහොමයක් ම සිදුකළ හැක්කේ අපේම ජීවන රටා තුළය. අප මෙයටම,  එනම් එවන් ජීවන රටාවන්වල වෙනස්කම් මගින් ඇතිවිය හැකි බලපෑම්,  ‘පහළ සිට ඉහළට’ ( ‘bottom-up’) බලපෑම් එනම් පෞද්ගලික ජීවිතයේ වෙනස්කම් ප‍්‍රජාවට, ව්‍යාපාරයන්ට හා අවසානයේ  හරිතාගාර වායු විමෝචනයන් පිළිබඳ රජයේ පිළිවෙතට ද එකතු කළොත් ගෝලීය මට්ටමෙන් පුද්ගල හගාවා විමෝචන අඩුකිරීමෙ අතිශය වැදගත්කම පැහැදිලිය. අඩුකළ හැක්කේ කුමන ආකාරයේ හගා වායුද යන්න සහ සාමාන්‍ය බටහිර ජාතිකයෙකුට මේ අඩු කිරීම් සඳහා වැයවන මුල්‍යමය පිරිවැය ගණන් බැලීම පිණිස අද දින ලන්ඩනයේ ජීවත්වන මනඃකල්පිත පුද්ගලයන් දෙදෙනෙකු ගැන සලකා බලමු. අප ඒ දෙන්නා Mr. Black සහ Mr. Green යනුවෙන් හඳුන්වමු. Mr. Black ගෙවෙන්නේ හගාවා ගැන අවබෝධයක් හෝ උනන්දුවක් නොදක්වන ජීවිතයකි. Mr. Green හගාවා සහ ඒවායේ බලපෑම ගැන දැනුවත්ය. මේ දෙදෙනා ජ්‍යෙෂ්ඨ පාසල්( වයස අවු.11-18) වියේ සිට තරුණ වැඩිහිටියා (වයස අවු. 21-30) දක්වා ගත කරද්දී වැයවන හරිතාගාර වායු ව්මෝචන ගැන පසුගිය සතියේ ලිපියෙන් දැක්විණ. අද එතැන් සිට…

 

මැදිවයස් වැඩිහිටියා (වයස අවු 30-45)

දෙදෙනාගේ ඉපැයීමේ හැකියාව එන්ට එන්ටම වැඩිවෙත්ම, බලශක්තිය වැඩියෙන් වැයවන ක‍්‍රියාකාරකම් හරහා හරිතාගාර වායු (හගාවා) විමෝචන වැඩියෙන් සිදු කිරීමේ නැඹුරුවක් ඇතිවෙන අතර  පිරිවැය ඵලදායී ලෙස විමෝචන අඩු කිරීමට ඇති මූල්‍යමය දිරිගැන්වීම් පහළයාමේ ප‍්‍රවණතාවයක් ඇතිවේ. තමන්ගේම කියා දරුවන් ලබා සිටින මේ අනුව Black සහ Green දෙදෙනා ඉහළ ආදායමක් උපයමින් දැන් මුහුණපා සිටින්නේ එන්ට එන්ටම හගාවා සංවේදී තීරණයන් ගැනීමේ අභියෝගයටය. මේ ලිපියේ මුලින් දැක් වූ 1 චිත‍්‍රයේ (මෙහි පහත නැවත දක්වා ඇත) පෙන්වා ඇති පරිදි මේ දෙදෙනාගේ හරිතාගාර වායු විමෝචන සහ  ඊට සම්බන්ධ මූල්‍යමය පිරිවැය අතර වෙනස දැන් තව තවත් පුළුල් වෙයි.

 

 

Black මහතා ස්පෝට්ස් කාරය විකුණා දමා සුඛෝපභෝගි ‘පවුලේ මෝටර් රථයක්’ මිල දී ගනියි. මේ අළුත් රිය වෙනුවෙන් සෑම වසරක්ම පාසා පෙට‍්‍රල් සඳහා පවුම් 673 ක් වැයවෙනවා මෙන්ම හගාවා කි.ග‍්‍රෑම් 5444 ක් නිපදවයි.  Green මහතා ළදරු අසුනක් සවි කරගෙන තවමත් ගමන් බිමන් සඳහා යොදා ගන්නේ පාපැදියමය. නැතිනම් පොදු ප‍්‍රවාහණ සේවාවන් යොදාගනිමිනි. ඊට වාර්ෂිකව වැයවන මුදල පවුම් 380 කි. ඊට අදාල හගාවා විමෝචන කි.ග‍්‍රෑම් 528 ක් පමණකි. වැඩෙන දරුවන් සිටින පවුල් හැටියට දෙදෙනාගේම ආහාර අවශ්‍යතා ඉහළ යයි. දැන් සෑම සතියකම කි.ග‍්‍රෑම් 33 ක ද්‍රව්‍ය අවශ්‍ය වේ. ආහාර සඳහා වැයවන ආහාර සැතපුම් ප‍්‍රමාණය ගැන කිසි තැකීමක් නොකරන Black ගේ ආහාර ප‍්‍රවාහණය වෙනුවෙන් වැයවන හගාවා ප‍්‍රමාණය වාර්ෂිකව කි.ග‍්‍රෑම් 4368 දක්වා ඉහළ යයි. තවමත් පෙර පුරුදු ලෙසම ප්‍රදේශයේ  ආහාර ද්‍රව්‍ය මිලට ගන්නා Green මහතා ආහාර වලට අදාලව වාර්ෂිකව වැයවන දැන් හගාවා විමෝචන මෙටි‍්‍රක් ටොන් එකකට වඩා ඉහළ යන්නේ පවුල් බර හේතුවෙනි. එහෙත් ප‍්‍රතිචක‍්‍රීකරණයට හුරුව සිටින නිසා වාර්ෂිකව කි.ග‍්‍රෑම් 240 ක ඉතිරියක් අත්පත් කර ගැනීමට ඔහුට හැකිවේ.

දෙදෙනාගේ ජීවිතයේ දැන් පැමිණ ඇති අවස්ථාව සළකන විට දෙදෙනාගේම පවුල්වල බලශක්ති පරිහරණය ‘ඉහළ ශක්ති පරිභෝගික’ මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි ආරක්ෂා කළ හැක. ඇත්ත වශයෙන්ම Black පවුල සිදු කරන්නේ එයමය. එම පවුලේ බලශක්ති සම්බන්ධ හගාවා විමෝචන වර්ෂයකට මෙටි‍්‍රක් ටොන් 13 කට වැඩියෙන් වැය වෙන්නේ පවුම 739 ක වියදමිනි. එහෙත් බලශක්ති පිරිමැසීමේ නොයෙකුත් ක‍්‍රම අනුගමනය කරමින් Green පවුල ඉහත දැක්වූ ප‍්‍රමාණයට වඩා අඩු මට්ටමක තබා ගනිමින් මෙටි‍්‍රක් ටොන් 4.5ට  වැඩියෙන් අඩු කර ගනීමට ගැනීමට හැකිවන අතර මුදලින්ද පවුම් 154 ක් ඉතිරි කර ගනියි.

මෙම කාලෙඡ්දයේදීම පවුම් 43.20 ක වියදමක් දරමින් Green මහතා දුම්රියෙන් ස්කෙග්නස්  බලා ගමන් කිරීමෙන් ඉන් ඇතිවන හගාවා විමෝචනය කි.ග‍්‍රෑම් 13 කට සීමා කර ගැනීමට සමත් වෙයි. එහෙත් Black මහතා වාර්ෂිකව දැන් සියැටල් බලා යන අතර ඊට පවුම් 249 ක් වැය කරයි. එපමණක් නොව එසේ ගොහින් ඒම වෙනුවෙන් හගාවා කි.ග‍්‍රෑම් 229 ක් වරකට නිපදවෙයි.

විශ‍්‍රාමයට පෙර දිවිය (වයස අවු. 45-60 ක්)

මේ වනතෙක් අප සොයා බැලූවේ Black සහ Green දෙදෙනාගේ ක‍්‍රියා කලාපයන් ඔවුන්ගේ නිවෙස්වල සහ ගමනාගමනයේ දී හගාවා විමෝචන කෙරෙහි බලපෑ අන්දම ගැන පමණකි. කෙසේ වෙතත් දැන් ඔවුන් ජ්‍යෙෂ්ඨ තානාන්තර හොබවන හෙයින් සිය රාජකාරී කටයුතු වලදී හගාවා සංවේදී තීරණ ගැනීමේ වගකීම දරති. සේවකයන් 70 ක් සිටිනා ආයතනයක් හැටියට දෙදෙනාම රාජකාරි කරන ආයතනවල බලශක්ති භාවිතය මෙන්ම ඒ හා සම්බන්ධ හගාවා විමෝචන ද විශාලය. එහෙත්, සිය වැඩබිමේ විදුලි බුබුළු 200, විදුලිය පිරිමැසෙන ආලෝක පද්ධතියකට මාරු කිරීමෙන් සහ හැකි සෑමවිටකම ඉවත දමන පත්තර ප‍්‍රතිචක‍්‍රීකරණයෙන් Green මහතාට වාර්ෂිකව හගාවා විමෝචන මෙටි‍්‍රක් ටොන් 20 කට වැඩි ප‍්‍රමාණයකින් කපා හැරීමට මෙන්ම බලශක්ති වියදම් වලින් පවුම් 1400 කට වැඩි ප‍්‍රමාණයකින් අඩු කර ගැනීමටද හැකි වෙයි.

නිවෙස්වල  තත්ත්වය බැලූවොත් මේ දෙදෙනාගේ දරුවන් දැන් නිවසින් පිටත්ව පදිංචියට ගොස් ඇති බැවින් දැන් ඔවුන්ගේ පරිභෝජනය ‘මධ්‍යම මට්ටමේ භාවිත’ යකට දක්වා අඩු වී ඇත. කෙසේ වෙතත්, Green  මහතා ගෙදර දොරේ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කිරීම හේතුවෙන් පෙර පරිදිම බලශක්තියට අදාල හගාවා විමෝචන මෙන්ම පිරිවැයද කපා හැරීමට සමත් වෙයි. එමෙන්ම ප‍්‍රදේශයේ වගා කෙරෙන ආහාර මිලට ගැනීම හා ගෙදර දොරේ කසළ ප‍්‍රතිචක‍්‍රීකරණය නිසාද පෞද්ගලිකව දේශගුණය මත බලපෑම අඩුකරගෙන ඇත.

දෛනික ගමන් බිමන් සඳහා දෙදෙනාම වාර්ෂිකව කි.මී.18,000 ක් බැගින් ගෙවති. දැන් ළා බාල දරුවන් නොමැති නිසා වියදම් කිරීමට අතමිට මුදල් ඇති හෙයින් Black මහතා විශාල ඇන්ජිමක් සහිත වාහනයක් මිළට ගනියි. ඉන් වාර්ෂිකව හගාවා විමෝචන මෙටි‍්‍රක් ටොන් 7 ක් පමණ ද ඉන්ධන වියදම් වශයෙන් පවුම් 1700 දාහකට වැඩියෙන් ද වැයවේ. ඒ හා සසඳන විටGreen මහතා පොදු ප‍්‍රවාහණ සේවා යොදා ගනිමින්ද පාපැදි භාවිත කිරීමද හේතුවෙන් වාර්ෂිකව හගාවා විමෝචනය කි.ග‍්‍රෑ 528 ක දක්වා පහළ මට්ටමක පවත්වා ගනී. වාර්ෂික වියදම පවුම් 380 පමණි. පාපැදි භාවිත කිරීම හේතුවෙන් ව්‍යායාම සඳහා වෙනමම වියදමක් ද දැරීමද නැත.

Green මහතා ලන්ඩනයේම නැවතී සිට එහි ඇති කෞතුකාගාර, කලාගාර සහ තව වෙනත් නැරඹිය යුතු යා යුතු තැන්වල චාරිකා කිරීමට තීරණය කරයි. ඒ සඳහා ඔහු පොදු ප‍්‍රවාහණ බලපත‍්‍රය යොදා ගැනීම හේතුවෙන් වියදමක් නොමැතිව චාරිකාවේ යෙදීමට සමත් වෙයි. සෑම ගිම්හානයකම සිදු කෙරෙන මෙම චාරිකා වෙනුවෙන් හගාවා විමෝචන සිදුවන්නේ කි.ග‍්‍රෑම් 7 ක් පමණකි. Black මහතා දැන් සෑම වසරකම ලීමා බලා පියාසර කරයි. ඒ ගමන ගොස් එන්නට ඔහු වාර්ෂිකව පවුම් 459 ක් වැය කරන අපේ හගාවා මෙටි‍්‍රක් ටොන් 3 බැගින් වාර්ෂිකව විමෝචනයට දායක වෙයි.

විශ‍්‍රාමික යුගය (වයස අවු 60-75)

විශ‍්‍රාමික වයසට එළඹීමෙන් පසුව මේ දෙදෙනාට දැන් දිනපතා වැඩට යා යුතු නැත. ඔවුනට බලශක්ති භාවිතය, හගාවා විමෝචනය හා බලශක්ති  වියදම් සැලකිය යුතු ලෙස අඩු කරගත හැකිවිය යුතුය. ඇත්තටම දැන් දෙදෙනාම ගේදොර බලශක්ති භාවිතය ‘අඩු’ මට්ටමට පැමිණිය යුතුය. කලින්ද දැක් වූ පරිදි Green  මහතා බලශක්ති අරපිරිමැස්මට හා එමගින් හගාවා විමෝචන අඩු කිරීමට තවමත් උපාය මාර්ග අනුගමනය කරයි. එහෙත් විශ‍්‍රාම යාම සමග අත් කරගත හැකි මේ වාසි සියල්ල නිෂේධනය කරමින් Black මහතා ‘පෙට‍්‍රල් බොන’ වාහනයක් මිලට ගනී. එය වසරකට ගමන් කරන්නේ කි.මී. 9000 ක් පමණක් වුවත් ඉන්ධන සඳහා පවුම් 863 ක් වැය කරන්නේ හගාවා කි.ග‍්‍රෑම් මෙටි‍්‍රක් ටොන් 3 කට වැඩිය නිපදවමිනි. එපමණක් නොව විශ‍්‍රාම වයසේ වාර්ෂික චාරිකාව සඳහා Black මහතා තෝරාගෙන ඇත්තේ  ඕක්ලන්ඞ්ය. එහි ගොස් එන්නට ඔහුට වාර්ෂික පවුම් 655 ක් වැයවන අතර ඒ සෑම වාරයකම හගාවා මෙටි‍්‍රක් ටොන් 5 කට වැඩියෙන් වැය කරයි. Green මහතා සිය වාර්ෂික චාරිකා සඳහා රට තුළම ඇබඞීන්ෂයර් ප‍්‍රාන්තය තෝරා ගනී. එහි ගොස් එන්නට ටිකට් එක සඳහා ඔහුට වසරක් පාසා වැය කරන්නට වෙන්නේ පවුම් 94 ක් පමණකි. ඒ වෙනුවෙන් නිකුත්වන හගාවා විමෝචන කි.ග‍්‍රෑම් 27 ට සීමා වෙයි.

Royal Society Series on Advances in Science (Vol. 2) = Advances in Earth Science: From Earthquakes to Global Warming (2007) නම් ග්‍රන්ථයෙහි  Greenhouse Gas Budgets for Individuals  යන කොටස අසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: