සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් ජීවියා: සමාජ සමථය

මිනිස් ජීවියා ජීව විශේෂයක් ලෙස ගත් කල. අප අනෙකුත් මිනිසුන්ගේ සමාගමෙහි අපගේ  ජීවිතය ගෙවා දමන සමාජ ජීවියෙකි. එඬේර කණ්ඩායම්, ගම්, පුරවර, රටවල් වැනි  විවිධ ආකාරයේ සමාජමය කණ්ඩායම් වශයෙන් අපි සංවිධාන වන්නෙමු. අප කටයුතු කරගෙන යන්නේ, වෙළහෙළඳාම් කරන්නේ, කී‍්‍රඩා කරන්නේ, ප‍්‍රජනනය කරන්නේ සහ වෙනත් බොහෝ ආකාරවලින් අන්තර් කි‍්‍රයා කරන්නේ එම සමාජ කණ්ඩායම් තුළය. අනෙකුත් සත්ව විශේෂමෙන් නොව අපි සමාජීය චර්යාවෙහි සහ සංවිධානයෙහි   ඕනෑකමින් සිදු කරන වෙනස්කම් සමග සමාජානුයෝජනය(සමාජයට හැඩගැසීම ) කලක් ගත වන විට එක්කරන්නෙමු. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මානව සමාජයේ හැඩතල නැතිනම් රටා  තැනින් තැනට,  යුගයෙන් යුගයට සහ සංස්කෘතීන් අතර වෙනස්කම් දක්වන්නේ සමාජයීය ලෝකය ඉතා සංකීර්ණ මෙන්ම ගතික පරිසරයක් බවට පත්කරවමිනි.
මානව චාර්යාව පිළිබඳ අන්තර් ඥානය, මූලයන් බොහොමයකින් පැමිණේ. මේ ලිපි මාලාවෙන් අදහස් ඉදිරිපත් කෙරෙන්නේ  ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක සොයා බැලීම පදනම් කරගෙනය. මූලිකවම එසේ වුවද, සාහිත්‍යය, නාට්‍යය, දර්ශනවාදය සහ අනෙකුත් විද්‍යා නොවන ශික්ෂණයන්ද අප ගැන අපට තිබෙන අවබෝධය කෙරෙහි කැපී පෙනෙන ආකාරයට දායක වෙයි. සමාජ විද්‍යාඥයෝ ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ප‍්‍රවේශයන් යොදා ගනිමින් විවිධ සංස්කෘතික දේශපාලනික ආර්ථික සහ මනෝවිද්‍යාත්මක පර්යාලෝකයන්ගෙන් මානව චර්යාව අධ්‍යයනය කරති. පුද්ගලයන් මෙන්ම සමාජ චර්යාවන්හි සමානුයෝගී රටා මෙන්ම එම රටාවල විද්‍යානුකුල පැහැදිලි කිරීම් ඔවුහු සොයා බලති. ඒවා, බොහෝ දෙනා සවිඤ්ඤානකව ලෝකය ගැන සිතූ ආකාරයෙහි කොටසක් නොවීමට  ඉඩ ඇතත් සමහර අවස්ථාවල එවැනි රටා පෙන්වා දුන් කල ඒවා දැබසිටි බවක් හුරු බවක් පෙනී යන්නේය. අනෙක් අවස්ථාවලදී මෙම රටා විද්‍යානුකූල පරීක්ෂණ මගින් හෙළිදරව් කෙරුණු රටා ලෙස  මානව චර්යාඑරි ඇතැම් අංග සම්බන්ධයෙන් ජනයා බොහෝ කල් තිස්සේ දරා සිටින විශ්වාසයන් වැරදි බව පෙන්වා දෙනු ඇත.
මෙම පරිච්ඡ්දයේදී මානව සමාජයේ කේන්ද්‍රීය පැතිකඩ හතක් ගැන විස්තර කෙරේ.

Related image

මිනිස් ජීවියා: සමාජ සමථය (SOCIAL TRADE-OFFS)

විකල්ප ලාභ ප්‍රයෝජන  සහ පිරිවැය අතරේ තේරීම් පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට වැළැක්විය නොහැක. අප අපේක්ෂා කරන හෝ අපට අවශ්‍යවන යම් දෙයක් ලබාගැනීම පිණිස දැනටමත් අප සතුව ඇති යම් දෙයක් අත්හැරීම හෝ අඩුතරමින් ඒ වෙනුවට ලබාගත හැකි වෙනත් යමක් ලබාගැනීමේ අවස්ථාව හෝ අත්හැරීමට සිදුවේ. නිදසුනකට, මහමාර්ග, පාසල් වැනි රජයේ මුදල් වැයකෙරෙන ව්‍යාපෘති වෙනුවෙන් සමස්තයක් ලෙස මහජනයා වැඩියෙන් මුදල් වැය කරද්දී ආරක්ෂාව වෙනුවෙන් වියදම් කිරීමට හැකිවන්නේ අඩුවෙනි. (ඒ කියන්නේ ආදායම හෝ ණය වැඩිකිරීමට ආණ්ඩුව දැනටමත් තීරණය කර නැතිනම්).

සමාජ සමථය සැමවිටම ආර්ථික හෝ ද්‍රව්‍යමය වශයෙන්ම සැලකිය හැකි නොවේ. සමහර අවස්ථාවල ඒවා හටගන්නේ අපගේ පෞද්ගලික අයිතීන් හා මහජන ශුභසිද්ධිය අතර වරණයක් හෙවත් තේරීමක් වශයෙනි. සෙසු අය ගැවසෙන ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්බීම, සුරතල් සතුන් අපවිත‍්‍ර කළ විට පිසදමා පිරිසිදු කිරීම, මහාමාර්ගවල වේග සීමා ආදිය නිදසුන් හැටියට ගතහොත් ඇතැම් පුද්ගලයන්ගේ පෞද්ගලික නිදහස අන් අයගේ යහපත වෙනුවෙන් සීමා කිරීමක් සිදුවේ. එසේත් නැතිනම් සෞන්දර්ය හා උපයෝගීතාව අතර තේරීමක් කිරීමට ඇතැම්විට සිදුවිය හැක. නිදසුනක්: සෞන්දර්‍යයෙන් පරිපූර්ණ, මහා පරිමාන මහල් නිවාස සංකීර්ණයක් (ඒවායේ පදිංචියට ඒමට අපේක්ෂාවෙන් සිටින)අනාගත කුලී නිවැසියන්ගේ මනදොළ පිනවන නමුත් ඒ ආසන්නයේ දැනටමත් පදිංචිකරුවන්ගේ විරෝධය දැල්වීමට හේතුවක් විය හැකිය.  

Image result for trade offs

සමථයන් ඇති කර ගත යුත්තේ යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න ගැන විවිධ අය විවිධ අදහස් දරති. මෙහි ප‍්‍රතිඵලය විය හැක්කේ එක්කෝ සම්මුතියකට එළඹීම හෝ මතභේදය දිගටම පවත්වාගෙන යාමයි. විවිධ අභිලාෂයන් මුදුන්පත්වන්නේ කෙසේද? යන්න බොහෝ විට රඳා පවතින්නේ කණ්ඩායම් වශයෙන් හෝ තනි තනි පුද්ගලයන් වශයෙන්  අත්පත් කරගෙන ඇති සම්පත් හෝ බලයෙහි සාපේක්ෂ ප‍්‍රමාණය මතයි. සමාජ විපර්යාස සඳහා වන සාමකාමී ප‍්‍රයන්න වඩාත් සාර්ථක වන්නේ, බලපෑමට ලක් ජනතාවද සැලසුම්  කි‍්‍රයාවලියට සම්බන්ධ කර ගැනීමට හැකිවූ  විට, අදාළ විශේෂඥයන් සියල්ලන්ගෙන්ම තොරතුරු ලබා ගැනීමට හැකි වූ විට සහ හරවටිනාකම් සහ බල අරගල පැහැදිලිව තේරුම් ගෙන තීරණ ගැනීමේ කි‍්‍රයාදාමයට අන්තර් ග‍්‍රහණය කර ගැනීමට හැකි වූ විටය.

Image result for trade offs

දැනට පවතින අන්දමේ විධිවිධාන හෙවත් සැකසුම් වැඩිදියුණු කරගන්නවාද නැතිනම් සම්පූර්ණයෙන්ම අලූත් විධිවිධානයන් හා සැකැසුම් නිර්මාණය කළ යුතුද යන ප‍්‍රශ්නය නිරතුරුව පැන නගින්නකි. එක් අතකට බලන විට, යළි යළිත් පැලැස්තර දමමින් සකසා ගෙන  යාන්තමට පවත්වාගෙන යන විට  පාදක වන ගැටලූව විසඳීමට සමත්වන්නාවු මහ පරිමාන  මට්ටමකින් වෙනස්කම් සිදු කෙරෙන්නේ නැත. අනෙක් අතට ගැටලූ මතුවන සෑම පද්ධතියක් වෙනුවෙන් වෙනත් පද්ධති නිතර අලූතෙන්  ඇති කිරීමට යුහුසුලු වීමේදී එමගින් ගැටලූ විසඳෙනවාට වඩා ගැටලූ නිර්මාණය විය හැකිය.

Related image

සමාජ විකල්පයන්ගෙන් ලද හැකි ඵල ප‍්‍රයෝජන සංසන්දනය කිරීම අසීරුය. ඊට එක් හේතුවක් වන්නේ යහපත පිළිබඳ විවිධ ස්වරූප මිනිය හැකි පොදු මිම්මක් නොමැති කමයි. නිදසුනක් දක්වතොත්, ධනය සහ සමාජ සාධාරණය ඍජුවම සංසන්දනය කළ හැකි මිම්මක් නැත. තවත් හේතුවක් වන්නේ, එකම ආකාරයක සමාජ යහපත සම්බන්ධයෙන් විවිධ ජන කණ්ඩායම් එකිනෙකට බෙහෙවින් වෙනස් වටිනාකම් තැබීමයි. නිදසුනකට, පොදු අධ්‍යාපන ක්‍රමයක් හෝ  අවම වේතනය පොදු එකඟත්වයක් නැතිකම පෙන්වා දිය හැකිය.  ජනගහනය අති විශාල වූ විට වටිනාකම් සංසන්දනය තවත් සංකීර්ණ වන්නේ, ජනගහනයෙන් ඉතා සුළු ප‍්‍රතිශතයක් පවා විශාල ජන සංඛ්‍යාවක් විය හැකිය යන කාරණය මතයි. නිදසුන්: මිලියන 100ක ජනගහණයකින් හෙබි රටක විරැකියා අනුපාතය සියයට එකක ඉහළ ගියොත් 10,000කට රැකියා අහිමි වේ. (මෙma අනුපාතය සමහරෙකුට සුළු විය හැකි අතර එපමණ සංඛ්‍යාවකට රැකියා අහිමිවීම තවත් පිරිසකට බරපතළ කාරණාවක් විය හැකිය).

සමාජ සමථයන්ගේ පළවිපාක පිළිබඳ විනිශ්චයන්,  අනෙකුත් ගැටලූවලටද සම්බන්ධවීමට ඉඩ ඇත. දුරස්ථබවෙහි බලපෑම ඉන් එකකි. තීරණවල ප‍්‍රතිවිජාක, භූගෝලිය වශයෙන් දුර ඈතක නම් හෝ කාලය විසින් ඈතක නම් අප ඒවාට දෙන්නේ අඩු ලන්සුවකි. ජාතික භෝග ආරක්ෂණ වැඩ පිළිවෙළකට ගොවීන්ට වඩා නගරවැසියන්ගේ සහාය අඩුවෙන් පළවිය හැක; නගරාභ්‍යන්තරයේ නිවාස සංකීර්ණයකට මහජන මුදල් යොදවනවාට ගොවීන් විරුද්ධ විය හැකිය. පුද්ගලයෙකු වශයෙන් ගත හොත් අනාගතයේ ඍණ ඵලවිපාක ගෙන  එන්නාවූ ක්ෂණික සැපතක් විඳ දරා නොසිටීමට කෙනෙකුට අපහසු විය හැකි අතර අනාගත වාසියක් වෙනුවෙන් ක්ෂණිකව දුකක් විඳීමට ද අකමැති විය හැකිය. මෙලෙසම සමාජයක් වශයෙන් ගතහොත් අපි ක්ෂණිකව ලැබෙන වාසි වෙනුවෙන් (උදා: අපේ ඛනිජ සම්පත සීඝ්‍රව යොදා ගැනීම) දිගු කාලීන ඵලවිපාකවලට වඩා (පසුව අපට හෝ අපගෙන් අනතුරුව එන්නන්ට විඳීමට සිදුවන ඛනිජ සම්පත්  හිඟයට) වැඩි වටිනාකමක් එකතු කරන්නෙමු.

Image result for trade offs

සමාජ සමථයන්ගේ ප්‍රතිඵල නිර්ණය කිරීමේදී දුරෙහි බලපෑම, පිරිවැය සහ ප්‍රතිලාභ කොහෙත්ම ලැබිය නොහැකිවීමේ අවිනිශ්චිතතාව හේතු කොටගෙන තවත් තීව්ර වේ. සමාජයීය තීරණයකදීත් ඇතිවිය හැකි ප්‍රතිවිපාක ගණනාවක් කලින් ගණන් බැලීමේ හැකියාවක් ඇතැම් විට තිබිය හැකිය. උදා: උපත් පාලන ක්‍රමයක් රහිතව ලිංගික සම්භෝගයෙහි යෙදෙන සෑම හතර වතාවකින් එකකදී ගැබක් හට ගැනීමට පුළුවන යන්න දැක්විය හැකිය. විපාක සියල්ල මත සාපේක්ෂ වටිනාකම් මිණුම් තැබිය හැකි නම් වඩාත් හොඳ විකල්පයක් වන්නේ කුමක්ද යන්න නිර්ණය කිරීම පිණිස සම්භාවිතාවන් සහ වටිනාකම් මිනුම් එකට එක් කළ හැකිය.  එසේ වුවද, සම්භාවිතාවන් මෙන්ම වටිනාකම් මිනුම් යන දෙකම තිබුණ ද තොරතුරු එකට යොදා ගන්නේ කෙසේද යන්න ගැන වාද විවාද ඇති විය හැකිය. නිදසුනකට කිසියම් සුවිශේෂී අවදානමක් ගැන ජනතාව කොපමණ බියකින් පසුවන්නේද කියතහොත් ඇති විය හැකි වෙනත් වාසි හෝ අවදානම් නොතකා බින්දුවට හෝ ඒ ආසන්නයට එය(අවදානම) අඩු කරන්නැයි කියා සිටීමට හැකිය.

අවසාන වශයෙන් ගත් විට ජනතාව ප්‍රතිගාමියා යන කාරණාව හේතු කොටගෙන සමාජ විකල්පයන් පිළිබඳ තීරණ සාමාන්‍යයෙන් සංකීර්ණය. කිසියම් අපේක්ෂිත ප්‍රතිඵලයක් වෙනුවෙන් සමාජ වැඩසටහනක් ක්‍රියාත්මක කරන විට එකී ප්‍රතිඵලය අත්පත් කර ගැනීම ප්‍රවර්ධනය කිරීම පිණිස හෝ ඉට ප්‍රාතිවිරුද්ධවීම පිණිස  ජනතාව දක්වන නිර්මාණශීලීත්වය සැම විටම විපාකයෙහි අනියත බව තවත් වැඩිකරයි.

 

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ  HUMAN SOCIETY නම්  7 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.

අද ලිපිය 7 වෙනි පරිචේදයෙහි  SOCIAL TRADE-OFFS යන කොටස ඇසුරෙනි. ලබන සතියේ CULTURAL EFFECTS ON BEHAVIOR   යන කොටස බලාපොරොත්තුවන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: