පිටස්තර ග්‍රහලෝකවල ජීවීන් ඇත්දැයි විද්‍යාඥයෝ නිතර විපරම් කරමින් සිටිති. ඒත් අප සොයන්නා වූ මේ පිටස්තරයන් දේශගුණ විපර්යාසයන් හේතුවෙන් දැනටමත් නෂ්ට ප්‍රාප්තවී ගොසින්ද? තාරකා භෞතික විද්‍යාඥ ඇඩම් ප්‍රෑන්ක්ට අනුව නම් එය සත්තකින්ම වෙන්න පුළුවන් දෙයක්. ඒත් ඉතින් මිනිස් අපත් ඒ ඉරණමට මුහුණ පා සිටින්නේද නැද්ද යන්න තීරණය කිලීම නම් දැනටමත් අපගේ පාලනයෙන් තොර වෙලයි තියෙන්නේ කියලා තමයි නිව්යෝක් නුවර, රොවෙස්ටර් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා සහ තාරකා විද්‍යා මහාචාර්යවරයකු වන ඇඩම් ප්රෑන්ක් කියා සිටින්නෙ. මහාචාර්ය ප්රෑන්ක්, මැයි 01 දා Astrobiology සඟරාවෙහි පළවූ නව පර්යේෂණ වාර්තාවක ප්‍රධාන කර්තෘවරයා ද වෙයි. මෙම වාර්තාව ප්රෑන්ක් දක්වන අන්දමට මිනිසා මූලිකව ඇතිවන(anthropogenic) දේශගුණ විපර්යාස ගැන ‘ආලෝක වර්ෂ 10,000’ දැක්මක් ගැනීමට වෙර දරයි. පෘථිවිය මත සැබවින් ජීවත් වූ මිනිසුන්ගේ අතුරුදන්ව ගිය ශිෂ්ඨාචාරයක් (එක් කලෙක ඊස්ටර් දූපත්වල ජීවත් වූ මිනිසුන්) පදනම් කර ගත් ගණිතමය ආකෘති යොදාගනිමින් ෆ්රෑන්ක් සහ සගයෝ, විවිධ ආගන්තුක ග්‍රහලෝකවල වැසියන් සිය ග්‍රහලෝකයන්හි සීමිත ස්වාභාවික සම්පත් වැඩි වැඩියෙන් ශක්තිය බවට පරිවර්තනය කිරීමේ හේතුවෙන් ඔවුන්ගේ ශිෂ්ඨාචාරවල නැගීම හා පසුබෑම විඩම්බනය( ආකෘති මගින් ක්‍රියාවලියක් පරික්ෂා කිරීම) කර බැලූහ.
“භෞතක විද්‍යාවේ සිද්ධාන්ත බලකර කියා සිටින්නේ අපගේ වැනි බලශක්ති අධික ශිෂ්ඨාචාර ගොඩ නගන ඕනෑම තරුණ ජනගහනයක් ඔවුන්ගේ ග්‍රහලෝකය මත අනිවාර්යයෙන්ම බලපෑමක් ඇති කරන බවය”යි ප්රෑන්ක් කියා සිටී, “මෙම විශ්වවීය දෘෂ්ටිකෝණයකින් ඒ දෙස බැලීමෙන් වර්තමානයේ අපට සිදුවෙමින් පවතින්නේ කුමක්ද? එමෙන්ම ඒ සම්බන්ධයෙන් කි‍්‍රයා කල යුත්තේ කෙසේද කියා දැනගැනීමට අපට හොඳ අවබෝධයක් සපයනවා”.
වාර්තාවෙන් දැක්වෙන ප්‍රතිඵල එතරම් සුබදායක නොවේ. අධික බලශක්ති භාවිත කරන ශිෂ්ටාචාර සඳහා ඇති වඩාත් ප්‍රකට ගමන්පථ හතරෙන් තුනක්ම අවසන් වී ඇත්තේ මහානස්පැත්තියකිනි. සිව්වැනි ගමන් පථය වන්නේ යම් එවන් ආගන්තුක ශිෂ්ටාචාරයම ධරණීය ශක්ති මූලයක් බවට පරිවර්තනය කිරීම යන ගමන්පථයයි. එය නිසියාකාරව තරණය කළ හැක්කේ එම ශිෂ්ඨාචාර තම ග්‍රහලෝකයට සිදුකරන හානිය හඳුනාගෙන නිවැරදි ආකාරයට කි‍්‍රයා කරන්නේ නම් පමණකි. හරිදේ කරා වුණත් ඕනවට වඩා කාලයක් බලාසිටිය විටත් ජනගහන කඩා වැටීමක් සිදුවිය හැකි බව ප්රෑන්ක් පෙන්වා දෙයි.
ෆ්රෑන්ක්ට නම් ව්‍යසනකාරී සිද්ධියක් සම්බන්ධයෙන් ආකෘති තැනීමට මග ආරම්භවන්නේ ඊසර් දූපත්වලින්. “එය අපේ පර්යේෂණවලට විශේෂයෙන්ම යෝගයයි. මන්ද මොඩලය ගෝලිය සම්පත් ක්ෂය වීම වැළැක්වීමේ පාඩමක් ලෙස ගත හැකි වීමයි” ඔහු කියා සිටියි. ඊස්ටර් දූපතේ වැසියන් සිය සම්පත් ක්ෂයකරගැනීම හේතුවෙන් සාගින්නටත් ඉන් අනතුරුව ඔවුන්ගේ ශිෂ්ටාචාරය විනාශවීමටත් මග පෑදුන බව බොහෝ අධ්‍යයනවලින් පෙනී යන්නේ යයි පර්යේෂකයෝ පවසති. සම්පත් ක්ෂය වීම හා ඊස්ටන් දූපතේ ජනගහනය විනාශවීම අතර සහසම්බන්දය දක්වමින් කලින් සකස් කළ ආකෘති යොදා ගත් පර්යේෂකයෝ ඒ ආකාරයටම සම්පත් හීනවීමෙන් බාධාපැමිණීම නිසා උපකල්පිත ආගන්තුක ශිෂ්ටාචාරයක් අවසන් විය හැකි ආකාර හතරක් හඳුනා ගත්හ.
මුල් ගමන් පථය මෙලෙසයි: කෙටි කාලයත් තුළ දී උපකල්පිත ශිෂ්ටාචාරයේ ජනගහනය එකවරම සීඝ්රයෙන් ඉහළ යයි. එම වැඩිවන ගහණය ග්රහලෝකයෙහි සම්පත් අධිකව භාවිත කරන්නේ හරිතාගාර වායු අධිකව විමෝචනය කරමිනි. එවිට එම ලෝකයේ උෂ්ණත්වය ඉහල යයි. (මෙම ආකෘතියේදී උෂ්ණත්වය සලකා බැලූනේ ස්වභාවික ඇතිවන්නක් නොව ගහණයේ කි‍්‍රයාකාරකම් හේතුවෙන් ඇතිවනක් ලෙසයි). අනතුරුව, ක්ෂණිකව ඉහළ ගිය ගහණය කඩා වැටෙන්න් එම ග්‍රහලෝකය මත ජීවත්වීම ඉහළ යන උෂ්ණත්වය නිසා එන්ට එන්ටම අසීරුවීමෙනි. ගහණය එක්මට්ටමකට පැමිණ නවතින්නේ මුල් ගහණයෙන් සුළු කොටසක් පමණක් ලෙසිනි.
සිදුවෙතැයි හඟින දෙවැනි සිදුවීම් පෙළ ආදළ වන්නේ ස්ථිරසාරභාවයටයි (sustainability). මෙහිදී ද ග්‍රහලෝකයේ උෂ්ණත්වය මෙන්ම ජනගහනයද සීඝ්රයෙන් ඉහළ ගියත් ස්වභාව ධර්මය කෙරෙහි සම්පත් කලමනාකරණය බලපාන්නේ කෙසේදැයි ග්‍රහලොව වැසියන් තේරුම් ගැනීමත් සමගම සම මට්ටමකට පැමිණෙයි. මෙම සමතුලිතතාවය පැමිණීමට නම් එම වැසියන් ඛනිජ තෙල් වැනි ග්‍රහලෝකයට හානි පමුණුවන සම්පත් වෙනුවට (සූර්ය බලය වැනි) ධරනීය සම්පත් වෙත යොමු විය යුතු බව ප්රෑන්ක් පෙන්වා දෙයි.
තුන්වැනි හා හතරවැනි නිදර්ශන නම් කර ඇත්තේ ‘කඩාවැටීම’(collapse) වශයෙනි. මුල් සෙනාරියේ දී හෙවත් සිදුවීම් පෙලේ දී මෙන්ම මෙහිදී ද ගහණ මෙන්ම උෂ්ණත්වය ද සුළු කලක් ඇතුළත සිඝ්‍රයෙන් ඉහළ යන අතර සම්පත් නොමැතිකමින් ජනයා මිය යාමට පටන් ගෙන කිසිවෙකුත් ඉතිරි නොවේ. ශිෂ්ටාචාරය ක්‍රමයෙන් නෂ්ටප්රාප්තවේද ක්ෂණිකව කඩාවැටේද යන්න රඳා පවතින්නේ පරිසරය කෙතරම් සංවේදීද යන්න සහ එය වැඩිවන ජනගහණයට කෙතරම් සීඝ්රයෙන් ප්‍රතිචාර දක්වන්නේ ද යන්න මතය.
යම් ශිෂ්ටාචාරයක්, තම ක්‍රියාකාරකම් හේතුවෙන් ග්‍රහ ලෝකයේ පරිසරයට හානි පමුණුවන බව වටහාගෙන ධරණීය සම්පත් භාවිතයට යොමුවීමට වෙර දැරුවද එවිටත් පමා වී වැඩිය. තාවකාලිකව මන්දගාමිවීමක් ඉන් ඇතිවිය හැකි වුවද අවසානයේ කෙසේ වෙතත් බින්දුවට බසී. හානිය සිදුවී හමාරය. ශිෂ්ටාචාරයට පැවැත්මක් නැත.
ශිෂ්ටාචාරය තවම පවතිද්දීම කි‍්‍රයාකාරීවීම වැදගත්ය. ස්ථිරසාර අනාගතයක් සහ මාරක කඩාවැටීමක් අතර වෙනස විශාල වශයෙන් රඳා පවතින්නේ ජනගහනයේ ඉදිරි දැක්ම මතය. තමන් ග්‍රහලෝකය විනාශ කරන බව කෙතරම් ඉක්මනින් වටහා ගනීද එමෙන්ම ඒ සඳහා ඔවුන් කොපමණ ඉක්මණින් කි‍්‍රයාමාර්ගයක් ගනීද යන්න මතය. මේ වෙනස, දේශගුණ විපර්යාස ගැන වඩා දැඩිව සිතා බැලීමට මනුෂ්‍යයන් පෙළඹවිය යුතු බවයි ප්රෑන්ක් ගේ අදහසයි. “කාලය හා අවකාශය හරහා බලන විට තම ග්‍රහලෝක ගලවා ගැනීමට සමත් වූ සාර්ථක ප්‍රතිඵල ලබාගත් අයත්, අතර මගදී හැලී ගොස් නෂ්ටප්රාප්තව අසාර්ථකවී ගිය අයත් යන දෙකොට්ඨාශයම දැක බලාගන්න පුළුවන්” ප්රෑන්ක් තවදුරටත් කියා සිටියි, “ප්රශ්නය තියෙන්නේ ඔය ප්‍රවර්ග දෙකෙන් පෘථිවියේ සිටින අප වැටෙන්නේ කොයි ප්‍රවර්ගයට ද යන්නයි”.
Live Science හී පළවූ Climate Change Killed the Aliens and It Will Probably Kill Us Too, New Simulation Suggests යන ලිපිය ඇසුරෙනි