සැමට විදු නැන නුවණ – Science Literacy for All

හරිතාගාර වායු විමෝචන අඩු කිරීමට අපට තනිව කළ හැකි දේ – 4(අවසාන කොටස)

දේශගුණ විපර්යාසයේ පිරිවැය 

එක්සත් රාජධානියේඑඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ වායුගෝලීය හා පරිසර විද්‍යා ආයතනයේ ඬේවිඞ්. එස්. රීයි විසිනි.

ආර්ථික විද්‍යාව හා දේශගුණ විපර්යාස පිළිබඳ විද්‍යාව  යන දෙකටම පොදු  බොහෝ දේ ඇත. දෙකම රඳා පවතින්නේ අනාගතය ගෙන එන්නේ කුමක්ද යන්න පිළිබඳ නිවැරදි පුරෝකතන මතය. එම පුරෝකතන වලට බොහෝ සේපාදක වන්නේ කලින් සිදු වූ දේවල්ය. මෙලෙසනිවාස වෙළඳ පොළ ලබන වසරේදී කෙබඳු වේදැයි අපට දැනුවත් අනුමානයක් පමණක් වුව කළ හැකි නමුත්  ඉදිරි වර්ෂවලදී හරිතාගාර වායු විමෝචන කොපමණ ඉහළ යයිද යන්න ගැන අපට ස්ථීරවම යමක් කිව හැකි නොවේ. එමෙන්ම එවිට පෘථිවියේ දේශගුණය කෙබඳු ආකාරයකට ප‍්‍රතිචාර දක්වා වීද යන්න ද නිශ්චිතව දැක්වීම කළ නොහේ.

එක් අතකින් දේශගුණ විපර්යාසයේ ආර්ථික බලපෑම ගණනය කිරීමෙන් ද අනෙක් අතට දේශගුණ විපර්යාස සංහිඳවීමේ වියදම ගණනය කිරීමෙන් ද මේ අඥාතයන්(නොදන්නා දෙවල්) සියල්ල එක්තැන් කර බලන විට ලැබිය හැකි ප‍්‍රතිඵල පරාසය අසීමිතය. මේසා අවිනිශ්චිතතාවන් ඇති කල්හි පරිසරය වෙනුවෙන් පෙනී සිටින්නන් සහ ඛනිජ තෙල් භාවිතය වෙනුවෙන් පෙනී සිටින්නන් යනදෙපිරිසටමදේශගුණ විපර්යාස සංහිඳියාව ගැන දෙගොල්ලන් අතර තිබෙන එකිනෙකට වෙනස් ස්ථාවරයන් සාධාරණීකරණය උදෙසා ආර්ථිකමය තර්ක ප‍්‍රයෝජනයට ගත හැකිය.

ගෝලීය වශයෙන් හරිතාගාර වායු අඩු කිරීම වර්තමානයේ ප‍්‍රයෝජනවත් දෙයක් දැයි තහවුරු කර ගැනීම පිණිස එම වායු අඩු කිරීමේ පිළිවෙත්වල පිරිවැය  ප්‍රතිලාභ ලිපි පෙළෙහිදි විශ්ලේෂණය කෙරේ. අපගේම හරිතාගාර විමෝචන පෞද්ගලිකව අඩු කිරීමේ හැකියාව මෙන්ම ඊට වැයවන පිරිවැය ද ඇගයීමට ලක් කෙරේ. දේශගුණ විපර්යාසයේ සම්පූර්ණ ආර්ථික බලපෑම් සලකා බලන විට ශුද්ධ පිරිවැයක් නැතුවම හෝ කුඩා ප‍්‍රමාණයක් පමණක් ඇතිව විමෝචන කැපී පෙනෙනඅන්දමින් අඩු කර ගත හැකිය යන්න මාගේ විශ්වාසයයි. එපමණක් ද නොව පුද්ගලයන්ටදේශගුණය කෙරෙහි සිය බලපෑම අඩු කරන අතරම මුදල් ඉතිරි කර ගැනීමේ විශාල හැකියාවක් ද ඇත. හරිතාගාර විමෝචන සම්බන්ධයෙන් ක‍්‍රියා නොකිරිම සම්බන්ධයෙන් දේශපාලන අලසකම වසා ගැනීමට ආර්ථික හේතු යොදා ගැනීම සාධාරණ නොවේ යයි මම කියා සිටිමි.

Related image

හරිතාගාර වායු විමෝචන අඩු කිරීමට අපට තනිව කළ හැකි දේ

හරිතාගාර වායු (හගාවා) විමෝචනයන් වඩාත්ම පිරිමැසුම්දායකව අඩු කිරීම් නැතිනම් වියදම් සඵලතා සහිතව අඩු කිරීම් බොහොමයක් ම සිදුකළ හැක්කේ අපේම ජීවන රටා තුළය. අප මෙයටම,  එනම් එවන් ජීවන රටාවන්වල වෙනස්කම් මගින් ඇතිවිය හැකි බලපෑම්,  ‘පහළ සිට ඉහළට’ ( ‘bottom-up’) බලපෑම් එනම් පෞද්ගලික ජීවිතයේ වෙනස්කම් ප‍්‍රජාවට, ව්‍යාපාරයන්ට හා අවසානයේ  හරිතාගාර වායු විමෝචනයන් පිළිබඳ රජයේ පිළිවෙතට ද එකතු කළොත් ගෝලීය මට්ටමෙන් පුද්ගල හගාවා විමෝචන අඩුකිරීමෙ අතිශය වැදගත්කම පැහැදිලිය. අඩුකළ හැක්කේ කුමන ආකාරයේ හගා වායුද යන්න සහ සාමාන්‍ය බටහිර ජාතිකයෙකුට මේ අඩු කිරීම් සඳහා වැයවන මුල්‍යමය පිරිවැය ගණන් බැලීම පිණිස අද දින ලන්ඩනයේ ජීවත්වන මනඃකල්පිත පුද්ගලයන් දෙදෙනෙකු ගැන සලකා බලමු. අප ඒ දෙන්නා Mr. Black සහ Mr. Green යනුවෙන් හඳුන්වමු. Mr. Black ගෙවෙන්නේ හගාවා ගැන අවබෝධයක් හෝ උනන්දුවක් නොදක්වන ජීවිතයකි. Mr. Green හගාවා සහ ඒවායේ බලපෑම ගැන දැනුවත්ය. මේ දෙදෙනා මැදිවයස් වැඩිහිටියා (වයස අවු 30-45) අවධියේ සිට විශ‍්‍රාමික යුගය (වයස අවු 60-75)දක්වා ගත කරද්දී වැයවන හරිතාගාර වායු ව්මෝචන ගැන පසුගිය සතියේ ලිපියෙන් දැක්විණ. අද එතැන් සිට…

අවසාන ගණන් බැලීම

Related image

Related image

Black සහ Green යන දෙදෙනා ජීවිත කාලය තුළ විමෝචනය කළ හරිතාගාර වායු (හගාවා) සහ ඊට අදාල පිරිවැය ජීවිත අවසානයේ සංසන්දනය කර ගණන් බැලූවහොත්, (ඔබටත් සිතා ගත හැකි පරිදි) Black විශාල පරතරයකින් Green අභිබවා යයි. (2 චිත්‍රය බලන්න).  ජිවන රටාව සම්බන්ධයෙන් සිදු කළ එතරම් ප‍්‍රබල සේ පෙනී නොයන මාදිලියේ  වෙනස්කම් හේතුවෙන් ඔහුට(Green) සිය ජීවිත කාලය තුළ හරිතාගාර වායු (හගාවා) විමෝචන සියයට 70 කින්  කපා හැරීමට හැකි වූ අතර එමගින් පෞද්ගලිකව පවුම් 80,000 ක පමණ මුදලක් ඉතිරිකරගත හැකිවිය. මෙවැනි අඩු කර ගැනීම පුද්ගලයන් දහස් හෝ මිලියන ගණන් ආවරණය වන පරිදි අනුපාතිකව තක්සේරු කළහොත් (extrapolate) හගාවා විශාල වශයෙන් අඩු කරගත හැකි බව මනාව පැහැදිලිය.

දේශපාලන දෘෂ්ටිකෝණයකින් බලන විට මේ ආකාරයේ පෞද්ගලික කපා හැරීම් ප‍්‍රවර්ධනය කිරීම හා අනතුරුව ජාතික හරිතාගාර වායු අයවැය තුළට ඇතුළත් කර ගැනීම අතිශය ආකර්ෂණශීලි බවක් පෙනී යා හැකිය. ඇත්ත වශයෙන්ම, මේ කාරණය ගැන මෑතක රජයේ සිත් අලවන සුළු උනන්දුවක් දක්නට ඇත. එක්සත් රාජධානියේ රජය, වඩාත් යෝග්‍ය තොරතුරු සැපයීමත් මූල්‍යමය දිරි ගැන්වීම් සහ වඩාත් දැඩි නීති රීති හරහා නිවාස වල බලශක්ති කාර්යක්ෂමතාව ප‍්‍රවර්ධනය කරයි. මෙම උපාය මාර්ග ක‍්‍රියාවට නැංවීමෙන් හගාවා විමෝචන අඩුකර ගැනීමට හැකි වෙතැයි ඔවුහු පුරෝකතනය කරති. එරට නියෝජ්‍ය අගමැතිවරයා කියා සිටියේ ‘‘හරිතාගාර වායු විමෝචන අඩු කර ගැනීම සඳහා ගන්නා පියවර ආර්ථිකයට, ව්‍යාපාර වලට මෙන්ම අපගේ ප‍්‍රජාවන්ට වාසිදායක වන්නේය’ යනුවෙනි.

පෞද්ගලික මට්ටමින් හගාවා විමෝචන කපා හැරීම ප‍්‍රවර්ධනයට ලෝකයේ වෙනත් රටවල් ද ක‍්‍රියා කරයි. නිදසුනකට  ඕස්ටේ‍්‍රලියාවේ හරිතාගාර කාර්යාලය දියත් කළ ‘විශිෂ්ට ප‍්‍රජාවන්’ වැඩ සටහන යටතේ පුද්ගලයන්ට තමන්ගේ හගාවා විමෝචන අඩුකර ගත හැකි අන්දම ගැන විස්තරාත්මක තොරතුරු සපයනවා පමණක් නොව මෙම හගාවා විමෝචන අඩු කිරීමේ උපාය මාර්ග ක‍්‍රියාවට නැංවීම පිණිස ප‍්‍රජාවන්ට අරමුදල් ද සපයයි.

මහජනයාගේ දැනුවත්වීම ඉහළ යාමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන හගාවා අඩුවීම් ගැන නිශ්චිත ගණන් හිලව් ලබා ගැනීමට නොහැකි බව සැබවි. එහෙත්, මේ විකල්පය විශේෂයෙන්ම එක්සත් රාජධානිය වැනි කාර්මික රටවල් තුළ විශාල විභවයක් තිබෙන බවට නම් සැකයක් නොමැත. Black මහතාගේ වැනි ජීවන රටාවක සිට Green මහතාගේ වැනි ජීවන රටාවකට හුරුවීමෙන් එරට මිලියනයක ජනතාව තම රට තුළ වසරකට හගාවා මෙටි‍්‍රක් ටොන් මිලියන 5 කට වැඩියෙන් සහ පවුම් බිලියනයක පමණ මූල්‍යමය ඉතිරියක් අත්පත් කර ගත හැකිය. මෙය වැඩබිම්වල සිට වෙනත් ක්ෂේත‍්‍ර හරහා ද, අන්තිමේ දී දේශපාලන නියෝජිතයන් කරා ද ගෙන යා හැකි නම්, ඔව්, පෞද්ගලික ක‍්‍රියාකාරකම්වල බලය ඔබටම වටහා ගත හැකිය.

නිගමනය

දේශගුණ විපර්යාසයන් සම්බන්ධයෙන් ක‍්‍රියා නොකිරීමට නිදහසට කාරණා වශයෙන් සමහරු ආර්ථික කරුණු කාරණා ගෙන හැර පාති. ගෝලීය උණුසුම් වීමේ පිරිවැය සඵලතා විශ්ලේෂණ සදාචාරාත්මක කරුණු පදනම් කර ගනිමින් ඉවතට දමනු ලැබුවද ශුද්ධ පිරිවැය නොමැතිව බොහෝ අවස්ථා වලදී හරිතාගාර වායු අඩු කිරීමේ ක‍්‍රමෝපායන් ක‍්‍රියාවට නැංවිය හැකිය. ඇත්තටම, විපත්තිදායක දේශගුණ විපර්යාස සිදුවීමේ ඇතිඉඩකඩ සැලකිල්ලට ගතහොත්, කෙටි කාලීනව සැලකිය යුතු ප‍්‍රමාණයක පිරිවැයක් දැරීමට සිදුවන අවස්ථාවලදී පවා හගාවා අඩු කිරීම සාධාරණීකරණය කරන බවක් පෙනි යයි.

 

 

 

පිරිවැය ඵලදායී හගාවා අඩු කිරීමට වඩාත්ම ඉඩකඩ ඇති ක්ෂේත‍්‍රයක් වන්නේ පෞද්ගලිකව කෙරෙන විමෝචන අඩු කර ගැනීමේ අංශයයි. එක්සත් රාජධානිය වැනි කාර්මික රටවල ජීවන රටාවේ එතරම් බරපතල නොවන,  සුළු වෙනස්කම් මගින් පුද්ගලයන්ගේ හගාවා විමෝචන හා බලශක්ති වියදම්  විශාල වශයෙන් අඩු කරගත හැකිය.

ඇත්තටම මේ ලිපියෙහි දැක් වූ ජීවන රටාවේ වෙනස්කම් අතුරෙන් එකක් දෙකක් හෝ ක‍්‍රියාවට නැංවීමෙන් පවා පුළුල් මට්ටමකින් ජාතික වශයෙන් හගාවා විමෝචන සැලකිය යුතු ලෙස අඩු කරගත හැකිවේ. මේ සඳහා අධ්‍යයනයේ ප‍්‍රධාන වන සාධකය වන්නේ මහජනතාව මේ ගැන දැනුවත් කිරීමය.

Royal Society Series on Advances in Science (Vol. 2) = Advances in Earth Science: From Earthquakes to Global Warming (2007) නම් ග්‍රන්ථයෙහි  Greenhouse Gas Budgets for Individuals  යන කොටස අසුරෙනි. ලිපි පෙළ මින් අවසන්ය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: