සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් ජීවියා:දේශපාලන හා ආර්ථික පද්ධති

මිනිස් ජීවියා ජීව විශේෂයක් ලෙස ගත් කල. අප අනෙකුත් මිනිසුන්ගේ සමාගමෙහි අපගේ  ජීවිතය ගෙවා දමන සමාජ ජීවියෙකි. එඬේර කණ්ඩායම්, ගම්, පුරවර, රටවල් වැනි  විවිධ ආකාරයේ සමාජමය කණ්ඩායම් වශයෙන් අපි සංවිධාන වන්නෙමු. අප කටයුතු කරගෙන යන්නේ, වෙළහෙළඳාම් කරන්නේ, කී‍්‍රඩා කරන්නේ, ප‍්‍රජනනය කරන්නේ සහ වෙනත් බොහෝ ආකාරවලින් අන්තර් කි‍්‍රයා කරන්නේ එම සමාජ කණ්ඩායම් තුළය. අනෙකුත් සත්ව විශේෂමෙන් නොව අපි සමාජීය චර්යාවෙහි සහ සංවිධානයෙහි   ඕනෑකමින් සිදු කරන වෙනස්කම් සමග සමාජානුයෝජනය(සමාජයට හැඩගැසීම ) කලක් ගත වන විට එක්කරන්නෙමු. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මානව සමාජයේ හැඩතල නැතිනම් රටා  තැනින් තැනට,  යුගයෙන් යුගයට සහ සංස්කෘතීන් අතර වෙනස්කම් දක්වන්නේ සමාජයීය ලෝකය ඉතා සංකීර්ණ මෙන්ම ගතික පරිසරයක් බවට පත්කරවමිනි.
මානව චාර්යාව පිළිබඳ අන්තර් ඥානය, මූලයන් බොහොමයකින් පැමිණේ. මේ ලිපි මාලාවෙන් අදහස් ඉදිරිපත් කෙරෙන්නේ  ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක සොයා බැලීම පදනම් කරගෙනය. මූලිකවම එසේ වුවද, සාහිත්‍යය, නාට්‍යය, දර්ශනවාදය සහ අනෙකුත් විද්‍යා නොවන ශික්ෂණයන්ද අප ගැන අපට තිබෙන අවබෝධය කෙරෙහි කැපී පෙනෙන ආකාරයට දායක වෙයි. සමාජ විද්‍යාඥයෝ ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ප‍්‍රවේශයන් යොදා ගනිමින් විවිධ සංස්කෘතික දේශපාලනික ආර්ථික සහ මනෝවිද්‍යාත්මක පර්යාලෝකයන්ගෙන් මානව චර්යාව අධ්‍යයනය කරති. පුද්ගලයන් මෙන්ම සමාජ චර්යාවන්හි සමානුයෝගී රටා මෙන්ම එම රටාවල විද්‍යානුකුල පැහැදිලි කිරීම් ඔවුහු සොයා බලති. ඒවා, බොහෝ දෙනා සවිඤ්ඤානකව ලෝකය ගැන සිතූ ආකාරයෙහි කොටසක් නොවීමට  ඉඩ ඇතත් සමහර අවස්ථාවල එවැනි රටා පෙන්වා දුන් කල ඒවා දැබසිටි බවක් හුරු බවක් පෙනී යන්නේය. අනෙක් අවස්ථාවලදී මෙම රටා විද්‍යානුකූල පරීක්ෂණ මගින් හෙළිදරව් කෙරුණු රටා ලෙස  මානව චර්යාඑරි ඇතැම් අංග සම්බන්ධයෙන් ජනයා බොහෝ කල් තිස්සේ දරා සිටින විශ්වාසයන් වැරදි බව පෙන්වා දෙනු ඇත.
මෙම පරිච්ඡ්දයේදී මානව සමාජයේ කේන්ද්‍රීය පැතිකඩ හතක් ගැන විස්තර කෙරේ. අද දේශපාලන හා ආර්ථික පද්ධති ගැනයී

දේශපාලන හා ආර්ථික පද්ධති

ලෝකයේ රටවල් බොහොමයකම දේශපාලනය හරහා විවිධ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට ජාතික බලය හා අධිකාරිය පවරා ඇත්තේ සාමාන්‍යයෙන් නම් ප්‍රතිවිරුද්ධ අපේක්ෂා  අතර යම් සම්මුතියකට එළඹීම මගිනි. ආණ්ඩු තෝරා ගැනෙන්නේ හෝ පත්කෙරෙන්නේ දේශපාලනය මගින්  හෝ සමහර අවස්ථාවලදී සන්නද්ධ බලයෙන් හෝ පිහිටුවනු ලැබේ. රටක් පාලනය වන්නේ කෙසේදැයි නිර්ණය කෙරෙන නීතිරීති හා තීරණ ගැනීමට, අර්ථ දැක්වීමට සහ බලාත්මක කිරීමට බලය ආණ්ඩුව සතුවන්නේය.

ආණ්ඩු මගින් පණවනු ලබන නීතිරීති මිනිසුන්ගේ කටයුතු විශාල පරාසයක් වැළඳ ගනී. වානිජ්‍යය, අධ්‍යාපනය, විවාහය, වෛද්‍ය සේවාව, රැකියා නියුක්තිය, හමුදා සේවය, ආගම, සංචාරය, විද්‍යාත්මක පර්යේෂණ සහ අදහස් හුවමාරුව ද  එම කටයුතු අතර වේ. ජාතික ආණ්ඩුවකට හෝ සමහර අවස්ථාවල ජනපද හෝ පළාත් පාලනයට, පුද්ගලයන් හෝ පෞද්ගලික සංවිධාන තමන්ටම හොඳින් කරගත නොහැකි යයි විශ්වාසය කරන සේවා පිළිබඳ වගකීම සාමාන්‍යයෙන් පවරනු ලැබේ. නිදසුනක් ලෙස එක්සත් ජනපද ෆෙඩරල් ආණ්ඩුවට ව්‍යවස්ථාවෙන් පැවරී ඇත්තේ එවන් කාර්යයන්ගෙන් සුළු ප‍්‍රමාණයක් ඉටුකිරීම පමණකි. තැපැල් බෙදාහැරීම, ජන සංගණනය, මුදල් අච්චු ගැසීම හා හමුදාමය ආරක්ෂණ කටයුතුය. කෙසේ වෙතත් එක්සත් ජනපද සමාජය ප‍්‍රමාණයෙන් වර්ධනය වීම හා සංකීර්ණතාව හේතුවෙන් ආණ්ඩුවේ කි‍්‍රයාකාරකම් විශාල වශයෙන් ව්‍යාප්තව ඇත.

අද ඇ.එ.ජ. ෆෙඩරල් ආණ්ඩුව, අධ්‍යාපනය, ශුභ සාධනය, සිවිල් අයිතිවාසිකම්, විද්‍යාත්මක පරික්ෂණය, කාලගුණ අනාවැකි පළ කිරීම, ප‍්‍රවාහනය, ජාතික වනෝද්‍යාන වැනි ජාතික සම්පත් සංරක්ෂණය වැනි ක්ෂේත‍්‍ර සහ තවත් බොහෝ දේවලට ඍජුවම සම්බන්ධ වෙයි. ජාතික, ජනපද සහ පළාත් පාලනය සතු විය යුතු වගකීම් පිළිබඳ තීරණ ආණ්ඩුවේ බලධාරීන් අතර සාකච්ඡාවෙන් සම්මුතියෙන් සිදුවේ. එහිදී ඔවුනට සිය චන්දදායකයන්ගෙන්, මෙන්ම වානිජ ප්‍රජාව,හමුදා අංශ, ගොවින් සහ කම්කරු සේවක සංගම් වැනි බලවත් කොඨාශවල වල  බලපෑම් එල්ලවේ

භාණ්ඩ හා සේවා මිල ගණන් නියම කිරීම; නව ව්‍යාපාර සඳහා ප‍්‍රාග්ධන මූලයන්; ආණ්ඩුව මගින්  නියාමනය කරනු ලබන  ලාභ මත සීමා; මුදල් එකතු කිරීම වියදම් කිරීම සහ පාලනය කිරීම; සහ කළමනාකරුවන් සහ සේවකයන් එකිනෙකා අතර සහ ආණ්ඩුව අතර සම්බන්ධතාව ඇතුළුව ජාතීන් අතර දේශපාලන හා ආර්ථික පද්ධති බොහෝ ආකාරවලින් වෙනස් වේ.  රටක දේශපාලන පද්ධතිය එහි ආර්ථික පද්ධතිය හා අතිශයින් සමීපව බැඳෙන්නේ සෑම මට්ටමකදීම පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල ආර්ථික කි‍්‍රයාකාරිත්වයට යොමුවෙමිනි.

රටක ආර්ථිකය ප‍්‍රධාන සෛදාන්තික ආකෘති දෙකෙන් එකක් වෙත යොමු වන්නේ යැයි කල්පනා කිරීම ප‍්‍රයෝජනවත්ය. එක් සෛදාන්තික අන්තයක ඇත්තේ තනිකරම ධනවාදී ක‍්‍රමයයි. නිදහස්, නිර්බාධ තරගය මගින් හිඟ සම්පත් පැවරීම කිරීම වඩාත් යෝග්‍යව සිදු කෙරෙන බව, ඉහළ ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ඇති කරන බව සහ අඩුම පිරිවැය සපයන බව උපකල්පනය කරයි. කවුරුන් කුමක් කරන්නේද? කාට කුමක් ලැබෙයිද? පිළිබඳව තීන්දු තීරණ ස්වාභාවිකව ගනු ලබන්නේ වෙළෙඳ පොළෙහි දී පාරිභෝගිකයන් මෙන්ම ව්‍යාපාරිකයන් අන්තර් කි‍්‍රයා කිරීම මගින්ය.වෙළෙඳපොළ දී මිළ කෙරෙහි තදින්ම බලපාන්නේ යම් දෙයක් නිපදවීම හෝ යම් සේවාවක් කිරීමට කෙතරම් වැය වී ද සහ ඒවා වෙනුවෙන් ජනයා කොපමණ ගෙවීමට කැමැත්තක් දක්වන්නේ ද යන්නයි. බොහෝ ව්‍යවසායන් ආරම්භ කරනු ලබන්නෙ පුද්ගලයන් සහ ස්වේච්ඡා කණ්ඩායම් විසිනි. එක පුද්ගලයෙකුට තනියෙන් සපයා ගත හැකි ප‍්‍රමාණයකට වැඩියෙන් සම්පත් අවශ්‍ය වූ විට ඒවා බැංකුවලින් ණය වශයෙන් හෝ ව්‍යාපාරයේ අයිතිය කොටස් ලෙස අනෙක් අයට විකිණීමෙන් හෝ ලබාගත යුතුවේ. තරගකාරීවීම සඳහා ඉහළ පෞද්ගලික අභිපේ‍්‍රරණයක් පෙළඹවීමක් ඇතිවීම පිණිස (භූමිය, කාර්මාන්ත ශාලා සහ නැව් වැනි) නිෂ්පාදන සම්පත්වල පෞද්ගලික අයිතියයත්, නිෂ්පාදනය හෝ වෙළෙඳාම ගැන රජයේ අවම මැදිහත්වීමත් තිබිය යුතුය. ධනවාදී සිද්ධාන්තය අනුව පෞද්ගලික වශයෙන්, කුසලතාව සහ වෙහෙසවී කි‍්‍රයාකිරීම වෙනුවෙන් ප‍්‍රතිලාභ ලෙස සාර්ථකත්වය හා ධනය හිමිවන අතර පුද්ගලයන්ගේ දේශපාලන හා ආර්ථික අයිතීන් සුරක්ෂිත වේ

 

සෛන්දාන්තික වශයෙන් ගත් කල ප‍්‍රතිවිරුද්ධව අනිත් අන්තයේ ඇත්තේ ශුද්ධ සමාජවාදී ක‍්‍රමයයි. මේ ක‍්‍රමය උපකල්පනය කරන්නේ, සම්පත් වඩාත්ම ප‍්‍රඥාගෝචරව එමෙන්ම සාධාරණව බෙදා හැරිය හැක්කේ කුමක් නිපදවිය යුතුද එය ලැබෙන්නේ කාට ද සහ ඒ කොපමණ මුදලක් වැය කරමින්ද යන්න සැලසුම් කිරීම රජය මගින් සිදු කිරීමෙන් බවයි. මේ ක‍්‍රමය ඇති රටවල බොහෝ ව්‍යවසායන් ආරම්භ කරන්නේත් ඒවාට අරමුදල් සැපයෙන්නේත් රජයෙනි. පෞද්ගලික අයිතිය තණ්හාවට තුඩු දෙන්නේය සහ එය අයිතිකරුවන් විසින් සේවකයන් සූරාකනු ලැබීමට මග පාදාන්නේ යන පිළිගැනීම අනුව නිෂ්පාදන සම්පත් සියල්ල රජය සතුව පවතී. සමාජවාදී සිද්ධාන්තය අනුව ජනතාව සිය ශ‍්‍රමය සහ කුසලතා වැය කරන්නේ හුදු පෞද්ගලික ලාභප‍්‍රයෝජන තකා නොව සමාජ යහපත වෙනුවෙනි. එමෙන්ම රජය ජනතාවට සාධාරණව වාසි සලසන්නේ, ඔවුන්ගේ කුසලතා සහ වෑයම සැලකිල්ලට ගනිමින් නොව ඔවුන්ගේ සාපේක්ෂ අවශ්‍යතා පදනම් කරගෙනය. එක් තනි පුද්ගලයකුගේ අයිතිවාසිකම්වලට වඩා සමස්තයක් වශයෙන් ගත් කල සමාජයේ ශුභසිද්ධිය වඩා වැදගත් යයි සැලකේ.

Image result for capitalist vs socialist SYSTEMS

කෙසේ වෙතත්, ආර්ථික ක‍්‍රමයේ ධනවාදී අන්තයේ හෝ සමාජවාදී අන්තයේ පවතින ජාතීන් ලොව නැත. ලෝකයේ රටවල ඔය දෙකෙන් අඩුතරමින් ඇතැම් අංග හෝ පවතී. ප‍්‍රායෝගික අර්ථිකයකින් ගත් කල එවන් මිශ‍්‍රවීමක් තේරුම් ගත හැකිය.

අනෙක් අතට තනිකරම ධනවාදී ක‍්‍රමය ඇති රටක (ව්‍යවසායකයන් අතර) තරඟය නිදහස් එකක් වන්නේ කලාතුරකිනි. මන්ද, එක් තනි සම්පතක්, නිෂ්පාදනයක් හෝ සේවාවක් ගතහොත් විශාල සමායාතන කිහිපයක් හෝ ඒකාබද්ධ වූ සමාගම් කිහිපයක් එවායේ වෙළෙඳපොළ ඒකාධිකාරයක් පවත්වාගෙන යාමට පෙළඹෙන අතර වෙළෙඳපොළ විවෘත තරගයක් තුළින් ඉඩ ලැබෙනවාට ඩවා වැඩි මිලක් අය කිරීමට තැත් කරයි.  ඒ මදිවාට ආර්ථික වැශයෙන් අදාළත්වයක්  නැති  ආකල්ප පදනම් කරගනිමින් වෙනත් ආකාරයකට සැලකීම හේතුවෙන් නිදහස් තරඟයේ පරමාදර්ශ තවත් විකෘති වෙයි. තවද මේ ක‍්‍රමය කාර්යක්ෂම වුවද එය ඇතැම් පිරිසක් ඉතා පොහොසත් කරන අතර තවත් පිරිසක් ඉතා දුප්පත් කරයි. මේ අනුව එක්සත් ජනපදය නිදහස් වෙළෙඳ පොළ මත සීමිත මැදිහත්වීම් මගින් එරට මූලිකව ධනවාදී වන ආර්ථිකයෙහි දරුණු බලපෑම් හීන කිරීමට බලපායි. ධනයට අනුපාතිකව බදු අයකිරීම, විරැකියා ආරක්ෂණය, සෞඛ්‍ය රක්ෂණය, දුප්පතුන්ට සුබසාධන සහාය, තනි සමායතනයක ආර්ථික ශක්තිය සීමා කරන නීති මෙන්ම අසාධාරණ ප‍්‍රචාරණය සීමා කිරීම, කෘෂිකර්මය සහ කර්මාන්තයට රජයේ සහනාධාර මෙකී සීමිත මැදිහත්වීම් අතරවේ.

අනෙක් අතට සමාජවාදී ආර්ථිකයක් වඩාත් යුක්ති සහගත වූවද, පුද්ගලයන්ගේ ආරම්භක ශක්තියට ඉඩ නොලැබීම සහ සමස්ත ජාතික ආර්ථිකයම සැලසුම් කිරීමට යාම නිසා අකාර්යක්ෂමතාව දෙසට නැඹුරුවීමට බලයි. ජනතා ප්‍රයන්ත දිරි ගැන්වීමට ප්‍රතිලාභ ලෙස යමක් නොමැති කම හේතුවෙන් ඵලදායිතාව හීනවීමට බලයි. තවද, තමන්ටම තීරණ ගැනීමට පුද්ගලයන්ට නිදහස නොමැති හෙයින් සැපයුමෙහි හා ඉල්ලූමෙහි කෙටිකාලීන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම අසීරුය. එපමණක්ද නොව පාරිභෝගික භාණ්ඩ සඳහා ඇති ඉල්ලූම හා සැපයුම සම්බන්ධ යථාර්ථයන්ට අනුකුලවන  ආකාරයකට කලූකඩය ද පැන නගී. එහෙයින් බොහෝ සමාජවාදී පද්ධති ද විවෘත තරඟය සඳහා එක්තරා ප්‍රමාණයකට ඉඩ සලසන අතර ආරම්භක ශක්තිය හා අයිතිය පිළිබඳ වැදගත්කම යම්තාක් දුරකට පිළිගනී. ලොව පුරා අර්ථිකයක් බොහොමයක් අද විපර්යාසයන්ට නතුවෙමින් පවතී. ඒ, සමහරක්  වඩාත් ධනවාදී ස්වරූපයේ පිළිවෙත් හා භාවිතයන් අනුගමනය කිරීමෙන් සහ තවත් සමහරක් වඩාත් සමාජවාදී පිළිවෙත්වලට යොමු වීමෙනි.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ  HUMAN SOCIETY නම්  7 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.

අද ලිපිය 7 වෙනි පරිචේදයෙහි  POLITICAL AND ECONOMIC SYSTEMS

යන කොටස ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: