සාමාන්‍ය ස්මාට් ෆෝන් හෙවත් බුහුටි ජංගම දුරකතනයක් උපයෝගී කරගෙන, ආහාර මගින් බෝවෙන ව්‍යාධිජනක ආහාර නිෂ්පාදනවල ඇත්දැයි සොයා දැන ගැනීමට හැකිවන නව තාක්ෂණයක් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත්වෙති.
E. coli O157:H7 වැනි ආහාර වාහක ව්‍යාධිජනක, romaine lettuce නම් සලාද කොළ හරහා මාරාන්තික මට්ටමකට පැතිර යන බව සොයා ගෙන තිබේ. එක්සත් ජනපදයේ පර්ඩූ විශ්වවිදයාලය මගින් වැඩිදියුණු කෙරුණු මෙම තාක්ෂණයට දෘඩාංග වශයෙන් බුහුටි දුරකතනයක් සහ එය රඳවනයක් මෙන්ම එම දුරකතනයෙන්ම බාගත හැකි පරිගණක වැඩ සටහනක් නැතිනම් මෘදුකාංගයක් අවශ්‍ය වේ. මේ දෘඩාංගය සහ මෘදුකාංගය එක්වූ විට ඒ එකතුව ස්ථානගත දීප්ත මාපකයක්(luminometer) ලෙස ඒ කියන්නේ ආලෝකය මණින උපකරණයක් ලෙස බුහුටි දුරකතනයක් යොදා ගැනීමට හැකිවේ.
සලාද හෝ වෙනත් භෝග නිෂ්පාදනයක සංශෝධනය කරනු ලැබූ බැක්ටීරියා නාශක වෛරසයක්(modified phage) අඩංගු සුපෝෂිත ද්‍රාවනයක් ගැල්වූ විට එම වෛරසය ආහාර මගින් බෝවෙන හානිකර බැක්ටිරියාව ආසාදනයට ලක් කරයි. එසේ ආසාදන වීමෙන් අනතුරුව උපස්තරයක්(substrate) එකතු කළ විට ඒවා ආලෝකයක් නිකුත් කරයි. මේ එළිය, බුහුටි දුරකතනයට බාගත් මෘදුකාංගය හරහා දුරකතනයේ කැමරාවට හසුකර ගනු ලැබේ. එය බුහුටි දුරකතනයේ මුහුණතෙහි කොළ පැහැ තිතක් සේ සංදර්ශන තිරයෙහි(screen) දිස්වේ. දුරකතනයෙහි රඳවනය ෆෝටෝන එකතු කිරීම උපරිම කරයි. එසේ කරනු ලබන්නේ පියවි ඇසට නොපෙනෙන එළිය උපරිම ප්‍රමාණයක් හසුකර ගැනීමට උපකාරී වන විසරී පරාවර්තන(diffusive reflection) ද්‍රව්‍යයක් උපයෝගී කර ගැනීමෙනි.
“මෙම තාක්ෂණය, ක්ෂණික ස්ථානීය අනාවරණය පිණිස ගොවිපොළක හෝ ආහාර සැකසුම් කම්හලක භාවිතයට ගන්න පුළුවන්,” යයි පර්ඩු යාන්ති‍්‍රක ඉංජිනේරු පාසලේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙකු වූ ඉයුවොන් බේ කියා සිටියි. පර්ඩු ආහාර විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු වන බෲස් ඇපල්ගේට් සමඟ එක්ව නව තාක්ෂණය වැඩිදියුණු කරන ලද්දේ බේ විසිනි. “ආරක්ෂාකාරී ආහාර නිෂ්පාදන පාරිභෝගිකයාට ලබාදීම සඳහා මෙම ක්ෂණික අනාවරණය තීරණාත්මක ලෙස වැදගත්” බේ කියයි.
බැක්ටීරියා නාසක වෛරසය (Phage) සමග ඇදුණු මේ ස්මාට්ෆෝන් තාක්ෂණිය ආහාර මගින් බෝවිය හැකි රෝග ඇත්දැයි ආහාර සාම්පල පරීක්ෂා කිරීමේදී සාමාන්‍යයෙන් වැය වන කාලය අඩුකිරීමට ආධාර වේ. වර්තමානයේ මේ සම්බන්ධයෙන් අනුගමනය කරන කි‍්‍රයාදාමය වනුයේ පරීක්ෂායට ලක් කරන ආහාර ද්‍රව්‍යයෙහි සාම්පලයක් ලබාගෙන පරීක්ෂණාගාරයකට යවා දින කිහිපයක් බලාසිටීමෙන් අනතුරුව ප්‍රතිඵල ලබාගැනීමයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලනය ඇස්තමේන්තුකරන අන්දමට එරට වාර්ෂිකව ආහාර වාහක රෝග අවස්ථා මිලියන 48 ක් පමණ වාර්තා වේ. ඒ කියන්නේ වසරක් පාසා සෑම ඇමරිකානුවන් හයදෙනෙකු අතරින් එක් අයෙකු රෝගී තත්ත්වයට පත්වන බවයි. මේ රෝග තත්ත්වයන් වාර්ෂිකව රෝහල්ගත කිරීම් 128,000 කට මෙන්ම මරණ 3000කට මග පාදයි. .. සලාද කොළවලට සම්බන්ධ මාරාන්තික හදිසි පැතිරීයාම හේතුවෙන් ආහාරමගින් බෝවෙන රෝග පිළිබඳ පුවත් මෑතකදී කරළියට ආවේය.
බුහුටි දුරකතන සම්බන්ධ නව තාක්ෂණය සඳහා යොදා ගන්නා බැක්ටීරියා නාශක – වෛරසය වර්ධනය කරනු ලැබුවේ ඇපල් ගේට් විසිනි. එය දැන් පර්ඩු විශ්වවිද්‍යාලයේම අනුබද්ධිත ආයතනයක් මගින් වානිජ මට්ටමින් සපයනු ලැබේ. හානිකර සහ මාරාන්තික බැක්ටීරියා මාදිලියක් වන ) E. coli O157:H7 සොයා ගැනීමට පමණක් නොව මෙම තාක්ෂණය ලිස්ටීරියා (Listeria ආහාර මගින් බෝවෙන, ආසාදන ඇති කරන බැක්ටීරියාවක්) සහ (ආහාර විෂ කරන) සැල්මනෙල්ලා වැනි බැක්ටීරියා ආසාදන මාදිලි පැතිරීම් ඇති කරවන අනෙකුත් ආහාර වාහක ව්‍යාධිකාරකයන් සොයා ගැනීමටද යොදා ගත හැකිය. තාක්ෂණයට ජලයෙහි ඇති දූෂක (contaminants) සොයා ගැනීමට භාවිත කිරීමේ හැකියාවද ඇත. ”ඒක හරියයට පරිගණකයක් යළි ක්‍රමලේඛගත කරනවා වාගෙයි.” ඇපල්ගේට් පෙන්වා දෙයි, ”අපි දක්නට ලැබෙන හානිකරවූ විවිධ ව්‍යාධිකාරක සොයාගැනීම සඳහා තාක්ෂණය හැඩගස්වා ගන්නවා.” මේ තාක්ෂණයට අදාළ පර්යේෂණ සඳහා ඇ.එ.ජ. කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව යම් අරමුදල් ප්‍රමාණයක් ලබා දුන් අතර පර්යේෂණය සිදු කරන ලද්දේ පර්ඩු ආහාරාක්ෂණ ඉංජිනේරු මධ්‍යස්ථානය (Purdue Center for Food Safety Engineering) මගිනි.
Purdue University Research Foundation News හි පළවූ Technology turns smartphones into on-the-spot detectors for foodborne illnesses, other dangerous contaminants යන ලිපිය ඇසුරෙනි