මිනිසුන්ට ශිශ්න අස්ථිය අහිමිව ගියේ කෙසේද?

එය වඳුරකුගේ එකක් මෙන් ඇඟිල්ලක් තරම් දිග විය හැකිය. නැතිනම් වල්රස්(Wඅලෘස් = විශාල සීල් මත්ස්‍යයකු වැනි මුහුදු සත්ත්වයෙක්)ගේ එකක් මෙන් අඩි දෙකක් පමණ දිග විය හැකිය. එහෙත් මානවයන් අතර පිරිමි සතුන්ගෙන් එය නැත්තටම නැති වී ගොසින්ය. අප මේ කතා කරන්නේ බැකලය(baculum) නැතිනම් චේතය වශයෙන් දැක්වෙන ශිශ්න අස්ථිය (penis bone) ගැනයි. ශිශ්න අස්ථිය පරිණාමයේ විස්මකුරු නිමැයුමකි. එය ලොව පුරා ක්ෂීරපායියන්ගේ හා පි‍්‍රමාටාවන් (primates) අතරේ දැකිය හැකි වුවත් එහි දිග වශයෙන් ගත්තද, එමෙන්ම එවැන්නක් පවතීද නැද්ද වශයෙන් ගත්තද කෙතරම් විවිධත්වයක් ඇත්ද කියතහොත් එය ලොව පවතින වඩාත්ම විවිධත්වයෙන් යුතු අස්ථිය ලෙස සලකනු ලැබේ. එපමණක් ද නොව ඊට අදාළ යම් යම් පැහැදිලි කිරීමේදී ශිශ්න අස්ථිය විද්‍යාඥයන්ට අභියෝගාත්මක වී ඇත.
සත්ව රාජධානිය තුළ බැකලයේ හෙවත් ශිශ්න අස්ථියේ දිග පිළිබඳව ඇති සුවිශේෂ වෙනස්කම් තිබීම හේතුවෙන් පොළඹවනු ලැබූ විද්‍යාඥයෝ බැකලයේ පරිණාමීය කතාන්තරය ගොඩ නැගීමට ඉදිරිපත් වූහ. ඒ, ඉතිහාසය පුරාවට ක්ෂීරපායින්ගේ සහ පි්රමාටාවන්ගේ ශිශ්න අස්ථියෙහි පෙනුම පිළිබඳ පිය සටහන් සොයා බැලීමෙනි.

මැකාක් බැකලය
මෙම ප්රයත්නයේදී විද්‍යාඥයන්ට පෙනී ගියේ ශිශ්න අස්ථිය ක්ෂීරපායින් අතරේ පරිණාමය වූයේ වසර මිලියන 95කටත් වැඩි කාලයක සිට බවයි. එමෙන්ම, මුලින්ම පි‍්‍රමාටාවන් අතර බැකලය හටගෙන ඇත්තේ වසර මිලියන 50 පමණ පෙර බවද අනාවරණය විය. එතැන් පටන් සමහරුන්ගේ බැකලය එන්ට එන්ටම විශාල වූ අතර සමහර සතුන්ගේ ක්‍රමයෙන් කුඩා විය. කොටවලිග මැකාක්(stump-tailed macaque) වදුරා කිලෝග්‍රෑම් 10 ක් පමණ බර සතෙකු වුවද ඌ සතු බැකලය අතිශය දිගය. එය සෙන්ටිමීටර 5ක් පමණ දික්වේ. මැකාක් වඳුරාට වඩා ශරීර ප්‍රමාණයෙන් මදක් විශාල රුක්වැසි මැන්ගබේ වඳුරාගේ බැකලයට වඩා පස් ගුණයක් දිගය.
ලන්ඩනයේ විශ්වවිදයාල කොලිජීයේ ද මැටිල්ඩා බි්රන්ඩල් සමග මෙම අධ්‍යයනය සිදු කළ කීට් ඕපී කියා සිටින්නේ දීර්ඝ ප්‍රවේශ කාලයක්() පවතවාගෙන යන පිරිමි සතුන්ගේ ශිශ්න අස්ථිය වඩාත් දිග බවයි. (intromission යනුවෙන් දැක්වෙන්නේ සංසර්ගයේදී ශිශ්නය, ස්ති‍්‍ර යෝනිමගට ඇතුල් කිරීමයි). සමාන්‍යයෙන් දීර්ඝ ප්‍රවේශ කාලයක් ලෙස සැලකෙන්නෙ විනාඩි තුනක් පමණ අල්ලා සිටින කාලයකි. ගැහැනු සතා වෙනත් තරඟකාරී පිරිමි සතුන්ගෙන් ඈත් කර තබමින් ගැහැනු සතා ගැබ් ගැන්වීම සහතික කිරීමට උපකාරී වන ක්‍රමවේදයක් ලෙස මෙය සැලකේ. ශිශ්නයේ පාදක කොණට නොව අග්ගිස්සට සවිවී තිබෙන මේ අස්ථිය දීර්ඝ ප්රවේශකාලයක් යොදා ගන්නා පිරිමි සතුන්ට ව්‍යුහමය ආධාරයක් සපයයි.
චිම්පන්සියන්ගේ ශිශ්න අස්ථිය මිනිසකුගේ නියපොත්තකට වඩා දිග නැත. ශිශ්න අස්ථියේ හෙවත් බැකලයේ මෙලෙස කුඩා වීම පිරිමි චිම්පන්සියෙකු සම්බෝගයේ යෙදීම සඳහා වැය කරන තත්පර හතක් වැනි ඉතා සුළු වේලාව සමග සහසම්බන්ධ වේ. චිම්පන්සි කණ්ඩායමක ගැහැනු සත්තු කණ්ඩායමෙහි සියලූම පිරිමි සතුන් සමග සම්භෝගයේ යෙදෙති. මෙය, වැඩිහිටි පිරිමි චිම්පන්සියන් විසින් සිය පැටවුන් මරා දමනු ලැබීමේ අවදානම වළක්වා ගැනීමට ගැහැනු සතා අනුගමනය කරන උපාය මාර්ගයකි. ගැහැනු සතාට ලැබෙන පැටවා තමන් විසින් ජාතක කරන්නට ඇතැයි යන හැඟීම රැහේ සෑම පිරිමි සතෙකුට ලබා දීමට මේ උපාය මාර්ගය උපකාරී වන අතර එය ඉක්මනින් කරගැනීම ඇගේ අපේක්ෂාවන් හා ගැලපෙන්නේ යයි ඕපි කියා සිටී.
හෝමෝ ඉරෙක්ටස් මානවයන්(Homo erectus) සිටිකාලයේ, ඒ කියන්නේ වසර මිලියන 1.9කට පමණක් පෙර ඒකාවිවාහය (monogomy) ප්රමුඛ ප්‍රජනන උපාය මාර්ගය ලෙස ඉස්මත්තට පැමිණීම හේතුවෙන් මනුෂ්‍ය පුරුෂයන්ට ශිශ්න අස්ථිය අහිමිවන්නට ඇතැයි යනුවෙන් තමයි විද්‍යාඥයන් අදහස් කරන්නේ. ඒක විවාහික සම්බන්ධතාවලදී පුරුෂයා දිගුවේලාවක් ශිහ්නය යෝනි මාර්ගයෙහි තබාගෙන සිටීම අවශ්‍ය නොවන්නේ ඇය ඩැහැ ගැනීමට වෙනත් සරාගී පිරිමින් නොමැති හෙයිනි. අඩුතරමින් සෛදාන්තිකව කියැවෙන්නේ එහෙම තමයි. “අපි හිතන්නේ ඔන්න ඔය අවස්ථාවෙ තමයි මිනිස් බැකලය අහිමිවන්නට ඇත්තේ. මන්ද කීවොත්, සම්භෝග ක්‍රමය වෙනස් වුණු නිසයි” යනුවෙන් ඕපී කියයි, “සහකාරියන් සඳහා තරඟය අඩුවත්ම බැකලයක අවශ්‍යතාවද හීන වෙන්නට ඇති.” ඔහු තවත් කාරණාවක් පැහැදිලි කරයි: අප බොහෝ දෙනා කුමක් හිතාගෙන හිටියත් අප අයත් වන්නේ ‘මෙවන් අස්ථියක් අවශ්‍ය නොවන විනාඩි තුනකට වඩා අඩුවෙන් ගතවන විශේෂයකට යන්නය ඔපීගේ අදහස.
The Guardian (International Edition) හී Why don’t humans have a penis bone? Scientists may now know යන ලිපිය සහ Science(AAAS) හී Why humans lost their penis bone යන ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න