සැමට විදු නැන නුවණ – Science Literacy for All

නොනවතින වසංගත:අපේ සූදානම

අද  මානවයා  විවිධ  ක්ෂේත්‍ර වල විශාල දීයුණුවක් අත්පත් කරගෙන තිබුණ ද මාරාන්තික මහා වසන්ගතයක් හට ගැනීමේ ඉඩකඩ වෙන කවරදාටත් වඩා වැඩිය. එය කොයිබින් පැමිණිය හැකිද? අපට එය මග හරහරවා ගත හැක්කෙකේ කෙසේද? ආදිය අද අප හමුවේ  ඇති  ප්‍රශ්නයි.

සිතින්වත් මවා ගත නොහැකි තරම් දරුණු වසංගත රෝගයකින් 1937 දී සමස්ථ යුරෝපයම වෙලී ගියේය. ජනතාවට මුලින් දැනුනේ සෙම්ප‍්‍රතිශ්‍යාවක රෝග ලක්ෂණ වැනි ලක්ෂණය. එහෙත් දින කිහිපයක් ගත වෙද්දී වේදනාකාරී ඉදිමුම් හටගන්නට විය. ඒවා කළු පැහැ ගැන්වී පැළී විවෘත වූ අතර පසුව ලේ සහ සැරවා ගලා යන්නට විය. ‘කලූ මරණය’ (Black Death)ලෙස පසුව හඳුන්වනු ලැබූ මහා වසංගතය යුරෝපා මහද්වීපය පුරා වසර හතරක් තිස්සේ පැතිර ගියේ මහාද්වීපයේ ජනගහනයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් බිලි ගනිමිනි. රෝගය 1700 ගණන් වන තුරුම යුරෝපයේ නොනැසී පැවතුණේ ජනතාවට තව තවත් මරණ ගෙන එමිනි.

අද අප ඒ ගැන කතා කරන්නේ ඉතිහාසයට එක් වූ තවත් කතාන්දරයක් ලෙසය. එක් අතකින් බලන විට එය ස්වභාවික ඉතිහාසය ලෙස සැලකිය හැකිය: බෝවෙන රෝග යනු ‘මනුෂ්‍යයා  නම් සත්ව විශේෂයේ අත් හැරිය නොහැකි කොටසකි’ යනුවන් සිතන්නටද  අපට පුළුවන. යුද ආදී ප‍්‍රචණ්ඩත්වය සහ සාගින්න යන සාධක වලින් එල්ලවන තරඟකාරීත්වය නොතකා 1900 වනතුරුම ජනගහනයෙන් අඩක්ම නසා දැමු , මනුෂ්‍යාට මරණය ගෙන ප‍්‍රධානතම සාධකය වූයේ බෝවෙන රෝගයි. ලොව පුරා සිදුවන සියළුම මරණ වලින් දැන් බෝවෙන රෝග දායක වන්නේ හතරෙන් එකකටත් අඩු ප්‍රමාණයකට  පමණය. එම මරණ බොහොමයක් සිදු වන්නේ නිවර්තන කලාපයේ දුප්පත් රටවලය. පොහොසත් රටවල බෝවෙන රෝග මරණ  සියයට සුළු ප‍්‍රමාණයකි. එමෙන්ම එම මරණ සංඛ්‍යාවද පහළ යමින් පවතී.

Image result for ebola outbreak

එහෙත් අපට ස්වයංතෘප්තව සැහැල්ලූවෙන් සිටිය හැකි  නොවේ: මහා වසංගත යළි පැමිණිය හැකිය. බෝවෙන රෝග දැන් ඔන්න ලෝකයෙන් තුරන් වෙමින් යන බවට මතයක් 1960 ගණන් වල මතුව ආවද 1980 ගණන් වල HIV පහළ වෙද්දී අවසන් වී ගියේය. එතැන් පටන් කුරුළු උණ, සාර්ස් (SARS ) සහ සිකා (Zika ) වැනි බොහෝ ආසාදන අනතුරු හැඟවීම් දැක්වීමට සමත් විය. එසේ වුවද රජයන්ගේ නිෂ්ක‍්‍රියතාව  පළවා  ඇස්  ඇර අවදි කිරීමට සමත් වූයේ තවත් මහා ව්‍යාසනයකට ළංවූ විපත්තියකිනි — එනම් මෙතෙක් ඇති වූ දරුණුතම ඊබෝලා  හදිසි පැතිරයාමයි(Ebola outbreak ). එහි ප‍්‍රතිඵලයක් ලෙස අන්තිමේදී කෙසේ හෝ අපි නියතව සිදු වන්නට මුහුණ දීමට සූදානමින් සිටින්නෙමු. නව වැඩසටහන් ගොන්නක් මගින් ක්ෂුද්‍රජීවි ඝාතකයන් මත අපේ ග‍්‍රහණය වැඩි දියුණු කිරීමට  සමත්වනු ඇත. එමෙන්ම, දැන් ලෝකය සතුව හදිසි අවස්ථා වෛද්‍ය ප‍්‍රතිචාර කණ්ඩායමක් (emergency medical response team) සතුව පවතී. පුදුමයකට මෙන් එවැන්නක් මින් පෙර කිසිදාවත් තිබී නැත.

එසේ වුවද අප තාමත් පැමිණිය යුතු තැනට පැමිණ නැත. නව මාදිලියක වෛරසයක් දැන් අපට පහර දුනහොත් අප අමාරුවේ වැටෙනු ඇත.

අද අප සතුව අධි තාක්ෂණ නූතනත්වයක් ඇති නමුත් ඇත්තටම බොහෝ ආකාරවලින් එය හේතුවෙන්ම  අළුත් බෝවෙන රෝග මතුවේය යන අවදානම ඇත්තටම එන්ට එන්ටම නරක අතට හැරෙයි. මානවයන් අතරේ ව්‍යාධිකාරක(Pathogens) නිතර  සංසරණය වෙන්නට පටන් ගත්තේ අප ගොවිතැනට යොමු වීම හා නගරවල පදිංචිවීම ආරම්භ කිරීමත් සමගමය.  ආසාදන අපේ පශු සම්පත(ගොවිපළ සත්තුන්ගෙන්) මගින් අපට ලැබෙන්නට ඇත; ප‍්‍රතිශ්‍යාව තාරාවන්ගෙන්; ක්ෂය රෝගය ගවයන්ගෙන් ලැබෙන්නට ඇත යන කාරණා  ඊට එක හේතුවක් ලෙස දැක්විය හැකිය. හැබැයි වඩාත් වැදගත් කාරණාව මේකයි අප දැන් කෙතරම් එකට පොදි ගැසී ජීවත් වන්නේද කීවොත් විෂබීජයකට අළුතෙන් ධාරකයෙකු අප අතරේ පහසුවෙන්ම සොයා ගත හැකි අතර ඉන් පසුව පැතිරෙමින් නොනැසී ජනතාව අතර පවතිමට හැකි වන්නේ  මනුෂ්‍යයන්ට අනුගත වීමට හුරුවෙමිනි. තවද අප දැන් වැඩි වැඩියෙන් නගර තුළට රොක් වන්නෙමු. වැඩියෙන් චාරිකාවල යෙදෙන්නෙමු– විශේෂයෙන්ම ව්‍යාධිකාරක ඉහළ විවිධත්වයක් සහිත නිවර්තන කලාපයෙහි සරන්නෙමු. මෙයටම, වෙළෙඳ පොළ ගෝලීයකරණය වීම, සංක‍්‍රමණය හා දේශගුණ විපර්යාසය යන කාරණා වනජීවින්, ජනතාව සහ ව්‍යාධිකාරක යළි පෙළගැස්මකට මග පාදා ඇත. ගොවිබිම් සහ නගර මගින්  සතුන්ගේ වාසභූමි ආක‍්‍රමණය කරනු ලබන්නේ වෛරස සමගය. එම වෛරස අප වෙතට හෝ  විශාල වශයෙන් එකට රොක්වි ඇති අපේ පශු සංචිත වෙත කඩා පැනිය හැක. සත්ව ප්‍රෝටීන සඳහා ඇති ඉල්ලූම සීඝ‍්‍රයෙන් ඉහළ යන විට ගොවිපළ සතුන් සඳහා ඉල්ලූම ද ඉහළ යයි.

Image result for new viruses

අළුතෙන් ඉස්මතු වන රෝග ගැන මහජන සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු හඟවන්නේ වසර ගණනාවක් තිස්සේ සිටය. මෙතෙක් දැන නොසිටි තත්ත්වයක  සිට මේවා වසංගත මට්ටම දක්වා වර්ධනය විය හැකිය. ව්‍යාධිකාරකය විකෘති වීමෙන්  හෝ ධාරක පරිසරය වෙනස් වීමෙන් මේ වෛරසය පැතිර යාම පහසු වේ. තවද වසංගතවේදීන් වඩාත් විමසිලිමත් වන්නේ වෛරසය ගැනය. බැක්ටීරියා මාරාන්තික විය හැකිය. එමෙන්ම ප‍්‍රතිජීවක වලට හුරුවීම හෙවත් ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධය යන්නෙන් හැඟී යන්නේ ප‍්‍රතිජීවක වලට ගොනෝරියාවේ සිට සාමාන්‍ය බඬේ ආසාදනයක් දක්වා වුව සුව කළ නොහැකි තත්ත්වයට පත් වීම යනුයි. . කෙසේ වෙතත් නව ඖෂධ සෙවීම ද අඩු තරමින් පටන් ගෙන ඇත.  ඒ  බැක්ටීරියා සම්බන්ධ තත්ත්වයයි. මෙයට පරස්පරව, වෛරසවලට ඉක්මණින් පරිණාමය වී සීඝ‍්‍රයෙන් පැතිර යා හැකිය. අපට කිසි අවබෝධයක් නැති වෛරස දහස් ගණන් තිබුණේ වී නමුත් ඒවාට එරෙහිව අප සතුව ඇත්තේ ඖෂධ අල්පයකි. ක‍්‍රි:ව: 2000 සිට වඩාත් දරුණු ලෙස මතුවෙන ආසාදන සියල්ලම වෛරස මූලිකය.

2014 දී බටහිර අප‍්‍රිකාවේ පැතිර ගිය ඊබෝලා වසංගතය තරම් කිසිවක් බිය උපදවන සුළු නැත. මෙයට පෙර ඇති වූ කිසිම හදිසි විපත්තියකදීටම වඩා වෛරසය පනස් ගුණයකින් ජනතාව ආසාදනයට පත් කළේය. එමෙන්ම ප‍්‍රථම වතාවට මහා පුරවර වෙතට ද ළඟා විය. වවුල් වෛරසයක් තවමත් මනුෂ්‍යයන්ට නුහුරු නිසා එය පැතිරුණේ තරමක් සෙමින්ය. එහෙත් වෛරසයට අන්තර්ජාතික ප‍්‍රතිචාරය ඊටත් වඩා මන්දගාමී වීමේ හේතුවෙන්, රෝගීන් හුදකලා කිරීම ඔවුන් හා සම්බන්ධ වූවන් නිරෝධයනය(quarantining ) වැනි පැරණි තාලයේ උපක‍්‍රම අනුගමනය කර හදිසි පැතිර යාම පාලනය කරන තෙක් ජීවිත 11,000 කට වැඩියෙන් බිලි ගත්තේය.

වෙනත් විකල්ප තිබුණේ නැත. අප සතුව අත්හදා බැලීමේ මට්ටමින් ඖෂධ හා වැක්සීන තිබුණද  නියාමනය සහ නිෂ්පාදනය වසර සාමාන්‍යයෙන් ගතවන ගණනාවක් නොව මාස ගණනක් ගත කිරීමෙන් සිදු කළ හැකිවන පරිදි ඒවා යොදා ගැනීම වේගවත් කලද කලට වේලාවට වැක්සිනයක් නිපදවා ගැනීමට අපට නොහැකි විය. ඊබෝලා වෛරසය පැතිරෙද්දී එය ජනතාවට අනුවර්තනය වෙන බවත්, සම්පේ‍්‍රෂණය කිරීමේ දී වෛරසයට  සාර්ථකව සම්ප්‍රේෂණය වන බවත් පර්යේෂකයෝ අනතුරුව සොයා ගත්හ. නයිජීරියාවේ දී එය පාලනයකින් තොරව වර්ධනය වීමට ආසන්න විය. “ලෝකය  අතොරක් නැති ව්‍යාසනයකට ආසන්න වුණා” යයි ඇමරිකා එක්සත් ජනපද රෝග පාලනය සහ වැළක්වීම සඳහා වූ මධ්‍යස්ථානයෙහි හිටපු ප්‍රධානී  ටොම්  ෆ්‍රයිඩන් පවසයි.

Image result for new vaccines

මීළඟ මහා වසංගතය හා සටන් වැදීමට වැක්සීන, ඖෂධ හා දෝෂ නිර්ණ මෙවලම් ද(diagnostic tools)  ඒ හා සමානවම වැදගත් වන කාරණයක් වන ඒවා ඵලදායීව යොදා ගැනීමට යම් ක‍්‍රමයක් ද අපට අවශ්‍ය වේ. “අපට එවැන්නක් නැත” යයි එක්සත් රාජධානියේ වෛද්‍ය පර්යේෂණ ඒජන්සියේ ප‍්‍රධානී ජෙරම් ගරාර් පැවසුවද අපට කළ හැකි විදිහක් සොයාගත හැක: ඊබෝලා ව්‍යාසනය හමුවේ අපට ප‍්‍රධාන අංශ තුනක ගැම්මක් ඇති කළ හැකිය : සතුරු වන්නේ කුමක්ද යන්න හඳුනා ගැනීම, ඊට එරෙහිව අප සන්නද්ධවීම සහ ප‍්‍රබලම මෙන්ම කඩිනමින් ක‍්‍රියා කිරීමට සූදානමින් සිටීම ඒ අංශ තුනයි.

ලබන සතියේ ඊළඟ කොටස ‘ඔබේ සතුරා හඳුනාගන්න’

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි The coming plague යන කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: