වෙරළබඩ ප්‍රදේශවල මුහුදු මට්ටම ඉහලයෑමේ ආකෘති තුළින් ගංගාමුහුදට ගැලිම ගැන කරුණු දැක්වීමට පර්යේෂකයෝ ප්‍රථම වතාවට සමත් වෙති.
“ගංගා ජලය ගැලීම හේතුවෙන් මුහුදු මට්ටම් කොපමණ ඉහළ නගීද යන්න පුරෝකතනය කිරීමට සහ අනතුරුව එම පුරෝකතනය සැබෑ මිනුම් සහ නිරීක්ෂණ සමග සංසන්දනය කිරීමට ඉඩ සලසන සමීකරණයක් උපද්දවා ගැනිමට අපට හැකිවුණා” යයි වුඩ්ස් හෝල් සාගර විද්‍යා ආයතනයේ (Woods Hole Oceanographic Institution – WHOI) ක්‍රිස් පය්කුච් කියා සිටී, ” වසරක් පාසා ගංගාවලින් ගලා එන ජල ප්‍රමාණය වෙනස්වීම් හේතුවෙන් වෙරළබඩ මධ්‍යන මුහුදු මට්ටම් කොපමන සෙන්ටිමීටර් ප්‍රමාණයකින් ඉහළ හෝ පහළ දැමීමක් සිදුවන්නේ දැයි අප සොයමින් ඉන්නේ එම මොඩලය සහ නිරීක්ෂණ පදනම් කර ගනිමිනුයි”.
අමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදේශවල මාපක වලින් ලබාගත් පුරා දශක ගණනකට අයත් ගංගා මට්ටම් සහ උදම් දත්ත, පය්කුච් සහ සගයෝ ජල ඝනත්වය, ලවණතාව සහ පෘථිවියේ භ්‍රමණය පිළිබඳ තොරතුරු සමග එක් කර බැලූහ. ගංගාවන්ගෙන් සිදුවන ගලායෑම් සහ මුහුදු මට්ටම අතර සබැඳියක් විස්තර කෙරෙන මොඩලයක් එහි ප්‍රතිඵලයක් ලෙස ලබා ගැනීමට හැකිවිණ.
ගංගා ජලය හේතුවෙන් සිදුවන මුහුදු මට්ටමේ වෙනස්කම් බොහොමයක් ඇත්තේ ගං මෝයෙහි එක් පැත්තකට වෙන්නට බව පර්යේෂකයන්ට පෙණී ගියේය. මිරිද්ය, ඝනත්වයෙන් කරදියට වඩා අඩුය. එහෙයින්, ගංගා බිහි ගැලීම (outflow) සාගර පෘෂ්ඨය මත පාවේ. පෘථිවියේ භ්‍රමණය එය වෙරළ දිගේ තදින් හැරවීමට සලසයි. උත්තර අර්ධගෝලයේ දි ජලය ගංගාවේ දකුණු පසින් ගලා යන්නේ ජලයවෙරළත ඉම වෙත තල්ලු කරමින් එම ප්‍රදේශයේ මුහුදු මට්ටම් නංවමිනි. දක්ෂිණ අර්ධ ගෝලයෙදී ජලය ගලායන්නේ ගංගාවේ වම් පසිනි.
වෙරළෙහි සිට සැතපුම් කිහිපයක් ඇතුළත සාගර ජලයෙහි උස නිවැරදිව නිර්ණය කිරීමට ප්‍රමාණවත් විභේදනයක්(resolution) චන්ද්‍රිකා මිනුම්වලින් සැපයෙන්නේ නැත. එහෙත් මේ නව මඔඩලය, ඇතම් මුහුදු ඉම්වලදී සිදුවන මුහුදු මට්ටම වල නැගිම ගණනය කිරීමට උපකාරී වනු ඇත.
“බන්ග්ලාදෙශය වැනි පහත් ප්‍රදේශවලදී මුහුදු මට්ටම සහ ගංගා බිහි ගැල්ම එකට එකතුවන්නේ කොයි ආකාරයෙන්ද යන්න අපි දන්නේ නැහැ. ඒත් මහා කුණාටුවක් හට ගත්තොත් මධ්‍යන මුහුදු මට්ටමෙහි සෞළු ඉහළ යාමක් පවා ගංවතුර ගැලිම කෙරෙහි ලොකු බලපෑමක් අතිකිරිමට ඉඩ තිබෙනවා” පය්කුච් කියා සිටියි.
“මුහුදු මට්ටම කෙරෙහි ක්‍රියාදාමයන් ගණනාවක්ම බලපාන හෙයින් කලාපිය මුහුදු මට්ටම්වල විපර්යාසයන් ගැන පුරෝකතනයන් කිරිම අභියෝගාත්මක කාර්යයක්” යයි එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනමේ ලැරී පැටර්සන් පවසයි, ” ගංගාවලින් සිදුවන ගලායාම් වදගත් කාර්ය බාරයක් ඉටු කරන බව මෙම විද්‍යාඥයන් පෙන්වා දුන්නත් යටිගං උදම් මාපකවලින් මුහුදු මට්ටම් ඉහළ යාම ගැන අර්ථකතනය අමතක කර තිබෙනවා. එසේ වුවත් ඔවුන්ගෙ වැයම දේශගුනවිද්යා මොඩල, දුරස්ත ග්‍රාහනය, සහ වෙළබඩ ගංවතුර අවදානම ප්රක්චෙපණය කෙරෙහි වැදගත් බලපෑමක් ඇතිකරනවා”.
සැඩ කුණාටු සහ ඉතා අධික වර්ෂාපතනය වැනි සිදුවිම් සාගර මට්ටම් කෙරෙනි ඇතිකෙරෙන බලපෑම් සිදුකරන ආකරය අවබෝධ කරගනීමට හැකිවන පරිදි සිය අධ්‍යයනයන් පුළුල් කිරීමට පය්කුච් සහ සගයෝ බලාපොරොත්තුවෙති.
Physics World හි පළවූ How do rivers alter sea-level? යන ලිපිය ඇසුරෙනි