සැමට විදු නැන නුවණ – Science Literacy for All

සැලසුම් ගත ලෝකය : කෘෂිකර්මාන්තය

අප ජීවත්වන ලෝකය වැදගත් විධි බොහොමයකින් හැඩ ගස්වනු ලැබ ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් මගිනි. ජීවිතයට හා පරිසරයට එල්ලවන තර්ජන වළක්වා ගැනීම, ඉවත් කර දැමීම හෝ අඩුකර ගැනීම පිණිස මෙන්ම සමාජයීය අවශ්‍යතා පිරිමසා ගැනීම පිණිස ද අපි තාක්ෂණික විකල්ප නිර්මාණය කරගෙන ඇත්තෙමු.  ගංගා හරස්කර, වේලි  බැඳඑමෙන්ම වනාන්තර එළිපෙහෙළි කර ඇත්තෙමු. ද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ තනා ඇත්තෙමු. අති විශාල ප‍්‍රමාණයක ප‍්‍රදේශ පුරා මහ නගර සහ මහාමාර්ග තනා ඇත්තෙමු.  තවද, සමහරවිට කැමැත්තක් ඇතත් නැතත් වෙනත් ජීවීන්බොහෝ දෙනාගේ ඉරණම තීරණය කරනු ලැබ ඇත්තෙමු.

එසේ නම්, එක අර්ථයකින් ගත් කල, —  වැඩිකොටම තාක්ෂණය හරහා හැඩගස්වා සහ පාලනය කරනු ලැබ —  අපේ ලෝකයේ බොහෝ  කොටස් සැලසුම් කරනු ලැබ ඇත; අපේ අපේක්ෂාවන් යයි අප සිතන ආකාරයටය අනුකූලවය. අපේ ග‍්‍රහලෝකය වන පෘථිවිය අද අප පත්කොට ඇති අන්දමට, අපේ අනාගත යහපැවැත්ම අප තාක්ෂණය වැඩිදියුණු කිරීම, භාවිතා කිරීම හා සීමා කිරීම කෙලෙස සිදු කරන්නේද යන්න මත ඉතා දැඩිව  රැඳී පවතී. එසේ වන හෙයින් එය ඉතා තදින්ම රඳා පවතින්නේ, තාක්ෂණයේ කි‍්‍රයාකාරිත්වය මෙන්ම අප ජීවිතය ගෙවන සමාජයීය සංස්කෘතික, ආර්ථික සහ පාරිසරික පද්ධති  කොයිතරම් හොඳින් අප අවබෝධ කරගන්නේ ද යන්න මතය.

අපේ ජීවිත හා පරිසරය හැඩ ගස්වන ලද ප්‍රධාන මානව ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තාක්ෂණයේ ඇතැම් ප්‍රධාන අංග ගැන මෙම ලිපි පෙළ මගින් ඉදිරිපත් කරනු ලැබේ.   ලිපි පෙළ කේන්ද්‍රගතව ඇත්තේ මූලික තාක්ෂණ ක්ෂේත්‍ර 8ක් මතය: කෘෂිකර්මය, ද්‍රව්‍යයන්, නිෂ්පාදනය, ශක්ති මූලයන්, ශක්තිය භාවිතය, සංනිවේදනය, තොරතුරු සැකැසීම හා සෞඛ්‍ය තාක්ෂණය. අද ලිපිය කෘෂිකර්මය ගැනයි.

Related image

කෘෂිකර්මාන්තය

ඉතිහාසය පුරාවට බොහෝ ජනයාට, සිය කාලයෙන් විශාල කොටසක් වැය කිරීමට සිදු වූයේ ආහාර සහ ඉන්ධන ලබා ගැනිම පිණිසය. මනුෂ්‍යයන් ආරම්භක වශයෙන් අස්ථිරවාසී දඩකරු අන්නගවේෂකයන් (nomadic hunters and gatherers) හැටියටය. පරිසරයේ  තිබෙන ශාක සහ ජීවීන්වන සත්වයන් කෑම  හැටියට ගන්නා ආහාර සැකසීමේ ක්‍රම (කෙටීම හෝ තැළීම. ලූණු දැමීම, පිසීම සහ පැසවීම වැනි) ක්‍රම ක්‍රමයෙන් භාවිතයට ගැනීමෙන් සිය ආහාර සැපයුම තර කර ගැනීමට ඔවුහු ඉගෙන ගත්හ. තවද, සතුන්ගේ සහ ශාකවල සාමාන්‍යයෙන් කෑමට ගත නොහැකි කොටස් මෙවලම්, ඇඳුම් සහ භාජන වැනි දෑ තැනීම පිණිස උපයෝගී කරගන්නා ආකාරය දැන උගෙනීමට ඔවුහු සමත් වූහ. දඩයම්කරමින්ද ආහාර එකතුකර ගනිමින්ද වසර දහස් ගණනක් ගත කිරීමෙන් අනතුරුව මානවයන් වඩාත් හොඳ යහපත් ආහාර සැපයුමක් ලබාගත හැකි වන පරිදි ශාක සහ සත්වයන් හසුරුවා ගැනීමට සමත්වීමෙන් විශාල ජනගහනයක් පවත්වාගෙන යාමට මග පෑදිණ. ජනයා එක ස්ථානයක භෝග වගාකර ගොවිතැන් කරමින්, වල්නෙළමින්, ජලය සැපයීමෙන්(වාරිමාර්ග) සහ පොහොර යෙදීමෙන් භෝග වර්ධනය දිරිමත් කළහ. ඔවුන් සතුන් අල්වාගෙන හීලෑ කළේ ආහාරය පිණිස සහ වෙනත් ද්‍රව්‍ය ලබා ගැනීම පිණිසය. එපමණක් නොව ඔවුහු එවැනි සතුන් සී සෑම හා බඩු ගෙනයාම වැනි කාර්යයන් කරවා ගැනීම පිණිස පුහුණු කරගත්හ. පසුව එවැනි සතුන් බෝ කිරීමට ද පටන් ගත්හ.

Related image

කල්ගතවෙද්දී ඔවුන් ජීව ස්වරූප ප‍්‍රයෝජනයට ගැනීමට පමණක් නොව සකස්කර ගැනීමට ද ඉගෙන ගැනීමත් සමග කෘෂිකර්මාන්තය වඩාත් දියුණු මට්ටමකට පැමිණියේය. මුලදී ඔවුනට අභිජනන කි‍්‍රයාවලිය පාලනය කළ හැකි වූයේ ඔවුන් සතු ශාක සහ සතුන් අතුරෙන් ප‍්‍රජනනය කළ හැක්කන් තෝරා ගැනීමෙන් පමණයකි. මේ අනුව ශාක සහ සත්ව විශේෂවල ගෘහාශ්‍රිතකරණ හැකියාව(),  ඔරොත්තුදීමේ හැකියාව සහ ඵලදායීතාව වැඩි දියුණු කරනු වස් ගුණාංගයන්ගේ ස්වභාවික විවිධත්වයෙහි  සංයෝජන අත්හදා බැලීමට  යොදා ගත හැකි විය. දෙමුහුන් අභිජනනය (crossbreeding) සඳහා සපයා ගත හැකි ස්වභාවිකව ගලපාගත් හෙවත් යෝග්‍ය කර ගත් අතිමහත් භෝග විශේෂ සංරක්ෂණය පිණිස ලොව පුරා බීජ බැංකු පිහිටු වනු ලැබ ඇත. එකී ජානමය සම්පත් සඳහා කා හට කුමන ආකාරයේ අයිතියක් ඇත්ද යන්න ගැන කෙරෙන ආර්ථික ප‍්‍රමන්ත‍්‍රණ හෙවත් කතිකාවන්ගෙන් ඒවායේ වැදගත්කම පැහැදිලිය.

විසිවැනි සියවසේ දී නූතන ප‍්‍රවේණි විද්‍යාවේ අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය ශාක විශේෂ අතර ස්වාභාවික විචල්‍යතාව(natural variability) හෙවත් ප‍්‍රභේදතාව ඉහළ දැමීමට ආධාර වී ඇත. ඒ, විකෘතීන් හටගැන්වීම (පේ‍්‍රරණය) විකිරණය යොදාගෙන වරණීය අභිජනනය සඳහා ඇති අවස්ථා තව වැඩි කිරිමට හැකි වන පරිදිය. ජීවීන්ගේ ජානමය ද්‍රව්‍ය ඍජුවම වෙනස් කළ හැක්කේ කෙසේද යන්න විද්‍යාඥයෝ දැන් ඉගෙන ගනිමින් සිටිති. (සෑම ජීව ස්වරූපයකටම බොහෝ දුරට එක සමානවන) ජානමය කේතය කි‍්‍රයාකරන ආකාරය ගැන අප තවතවත් ඉගෙන ගන්නා විට එක ජීවියෙකුගෙන් තව ජීවියෙකු වෙත ජාන ගෙන යාමට හැකියාව ඇති වෙමින් පවතී. කුමන ජානමය කේත අනුක‍්‍රමයන් මගින්  පාලනය කරනු ලබන්නේ කුමන  කි‍්‍රයාකාරිත්වයක්ද යන්න ගැන දැනුමත් සමග එක් ජීව විශේෂයක සිට තවකකට ඇතැම් ගුනාංග පැවරිය හැකිවේ. මෙම ක‍්‍රමවේදය අවසානයේ දී නව ගුණාංගයන් සැලසුම් කිරීමට ද  යොදා ගත හැකිය. නිදසුනක් දක්වන්නේ නම් කෘමි විලෝපියන්ට ප‍්‍රතිරෝධයක් දැක්වීමට හැකි වන ද්‍රව්‍ය සංශ්ලේෂණය සඳහා ශාකවලට ජානමය වැඩ සටහන් ලබාදිය හැකිය.

Image result for pesticides in agriculture

මෑතක දශකවල කෘෂිකාර්මික ඵලදායිතාව වැඩිදියුණු කිරීමට බලපෑ සාධකයක් වන්නේ ශාක හා සත්ව පළිබෝධ පාලනයයි. අතීතයේ ඇමරිකා එක්සත් ජනපදයේත්  සහ ලෝකයේ සෙසු ප්‍රදේශවල තවමත් ගොවිපළ නිෂ්පාදනයන්ගෙන් විශාල කොටසක් වල්පැළ, රොඩෙන්ටියා කුලයේ කෘන්තකයන්, කෘමීන් සහ රෝග බෝකරන ක්ෂුද්‍රජීවීන් හේතුවෙන් විනාශයට පත් වෙයි. කෘමිනාශක, වල්නාශක සහ දිලීර නාශක පෘථුල වශයෙන් යොදා ගැනීම නිසා ගොවිපළ නිපදවීම් යහපත් ආකාරයට ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් ඉන් ප්‍රශ්න ද හටගෙන තිබේ. ඉන් එකක්  වන්නේ පළිබෝධනාශක පරිසරයේ සිටින අනෙකුත් ජීවීන් කෙරෙහි හානිකර අන්දමට ක්‍රියාකිරීමට හැකි වීමයි. ඇතැම් අවස්ථාවල එය සිදුවන්නේ පළිබෝධ පාවිච්චි කළ ස්ථානයට බොහෝ දුරිනි. අනික සමහරවිට ඩියදෝරය සහ ආහාර දාමය මගින්  මහත්සේ සාන්ද්‍රගතතවය. නිදසුනකට කපු ශාකයක වසන boll weevil කෘමියා පාලනයට යොදාගත් පලිබෝධ නාශක උන්ගේ ස්වාභාවික විලොපියන්ද විනාශ කිරීම නිසා මෙම කෘමි උවදුර තවත් උග්‍ර කරවීය. තවත් ප්‍රශ්නයක් වන්නේ පළිබෝධ නාශකයේ කාර්ය සාධකත්වය ඒවාට ජීවීන් ජානමය ලෙස තීරණය වූ ප්රතිරෝධයක් වර්ධනය කර ගැනීම නිසා හීනවී යාමට හැකි වීමය. එවිට පලිබෝධ නාශකය වැඩි ප්‍රමාණවලින් යොදා ගැනීමට හෝ නව පළිබෝධ නාශක වැඩිදියුණු කර ගැනීමට හෝ සිදුවේ.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ  THE DESIGNED WORLD නම්  8 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක මුල් ලිපියයි මේ.

අද ලිපිය 8 වෙනි පරිචේදයෙහි   AGRICULTURE යන කොටස ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: