සැමට විදු නැන නුවණ – Science Literacy for All

ඇතැම් කී‍්‍රඩකයන්, බීමක් කටට ගෙන නොබී විසිකරන්නේ ඇයි?

 

මෙවර රුසියාවේදී අවසන් වූ  21  වැනි ලෝක පාපන්දු ශූරතාවයේදී ඇතැම් කී‍්‍රඩකයන් බීම කටට ගෙන එවේලේම වාගේ කටින් පිටතට දැමීමේ රහස සොයා යමු.

මේ වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග ගැන තදින් අවධානය යොමු කළ පේ‍්‍රක්ෂකයන්ට ඇතැම් කී‍්‍රඩකයන් සිදු කළ අමුතු කි‍්‍රයාවන් ඇස ගැසෙන්නට ඇතුවා නොඅනුමානය. එම  කී‍්‍රඩකයන්  සිය අතෙහි තිබෙන බීම කෑන් එකෙන් උගුරක් කටට ගෙන එය ගිලින්නේ නැතිව ඉවත දමනු මෙවර තරඟාවලිය නැරඹූ ඔබත් බාගදා දකින්නට ඇත. එංගලන්ත පිලේ නායක හැරී කේන් වගේම, පෘතුගාලයේ සුපිරි කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ මේ කි‍්‍රයාව සිදු කළ බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත ද වාර්තා කරයි. ඉතින් මේ කි‍්‍රයාවෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද? බීමට ගන්නා දෙයක් නොබී බිම හලන්නේ ඇයි? අපි මේ ගැන ටිකක් විමසා බලමු.

මෙසේ කරන කී‍්‍රඩකයන්ගේ අරමුණ කුමක්ද යන්න හරියටම කිව නොහැකි වුවත් ඇතැම් ක්‍රීඩකයන් ‘කාබ්  මුඛශෝධන’ (carb rinsing) චර්යාවෙහි නිරත වන්නේ යයි සිතිය හැකිය. මේ චර්යාවට ඇබ්බැහි වූවන්, කාබොහයිඩ්‍රේඞ් අඩංගු ද්‍රාවනයක් සිය මුඛය තුළට ගෙන තත්පර 5 සිට 10 දක්වා කාලයක් මුඛය තුළ සොළවමින් තබාගෙන සිට එකවරම පිටතට දමනු දැකිය හැකිය. මේ චර්යාව අශික්ෂිත, ‘පිස්සු’ වැඩක් සේ පෙනී යා හැකි නමුත් ඇතැම් අධ්‍යයන පෙන්නුම් කරන්නේ කබොහයිඩ්‍රේට් – කෙටියෙන් කා‍බ් – කට තුළ තබාගෙන සෙළවීමෙන්, පැයක් පමණ වේලා ගතවන අධික තීව‍්‍රතාවයෙන් යුත් කි‍්‍රයාකාරකම්වලදී කී‍්‍රඩකයන්ගේ කාර්ය ඵලය(performance) ඉහළ දමන බවකි.

කාබ් මුඛය තුළ තබාගැනීම ගැන පෙර සිදු කල අධ්‍යන 11ක දත්ත විශ්ලේසණය කළ 2014 සමාලෝචනයකින් පැහැදිලි අන්දමට, අධ්‍යයන අටකදීම හෙළි වී ඇත්තේ මේ චර්යාව ඵලදායිතාවයක් දක්වන බවයි. ගෞණ කල්පයක් (placebo = ඔසුවක රුව ඇති එහෙත් ඔසු ගුණ නැති යමකු අස්වසන්නට දෙන ඔසුවක් එසේත් නැතහොත් නව ඔසු පිරික්සුමක පාලන හිස් සාම්පලයක්) කට තුළ තබා සොළවා වීසි කරනු වෙනුවට පැයක් හෝ ඊට අඩු කාලයක් පවතින පාපැදි ධාවනය, දිවීම වැනි  වෙහෙස ගෙනෙන කාර්යයන් වලදී කාබ් ද්‍රාවනයක් කටට ගෙන සොලවා විසිකිරීමෙන් කාර්ය සඵලත්වය ඉහළ යන බව එම අධ්‍යයනය අට පෙන්නුම් කර ඇත. කෙසේ වුවද සමාලෝචනයකට ලක් කල අනෙක් අධ්‍යයන තුනෙන් කියැවුණේ මෙම චර්යාව කෙනෙකුගේ කාර්යඵලය කෙරෙහි බලපෑමක් ඇති නොකරන බවයි.

සමස්ථයක් ලෙස ගත් කළ මේ අධ්‍යයන සමාලෝචනය කියා පාන්නේ කාබ් මුඛ සේදීමෙන් කාර්යඵලය සම්බන්ධයෙන්  සුළු වාසියක් – ඒ කියන්නේ සියයට 2 ක 3ක ‘තල්ලූවක්’ පමණක් ලැබෙන බව යයි ඩෙන්වර්හි UCHealth කී‍්‍රඩාසෞඛ්‍ය වෛද්‍යවරයකු වන සෞරව් පොද්දාර් කියයි. කාබොහයිඩ්‍රේට් ද්‍රාවනයක් පානය කිරීමෙන් ලැබෙන්නේද මේ ප්‍රමාණ්යේම පමණ ‘තල්ලූවක්’ බව ඔහු පෙන්වා දෙයි. එහෙත්, කාබ්  ද්‍රාවනය ගිල නොදැමීම හේතුවෙන් ඇතැම් ආමාශ හා ආන්ත‍්‍රවලට අදාළ ගැටලූ මඟහරවා ගත හැකිවීමේ වාසිය සැලසෙන්නට ඉඩ තිබේ.  නිදසුනකට කටට ගන්නා පානයෙහි සාන්ද්‍රණය වැඩි නම් එය ආමාශයෙහි රැඳී තිබෙන්නට හැකි අතර එය තනුක (දියාරු) කිරීමට ශරීරයට වැඩියෙන් තවත් තරල (දියර) නිපදවීමට අවශ්‍ය වන බව මිනෙසෝටාහී මයෝ චිකිත්සාගාරයේ ව්‍යායාම් මනෝවිද්‍යාඥ  මයිකල් ජොයිනර් කියයි.

කාබ් ද්‍රාවණයෙන් කට සේදීමෙන් කාර්ය සඵලතාව වැඩිවන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට පර්යේෂකයන්ට හැකියාවක් නැතත් ඔවුන් සතුව උපන්‍යාස(hypothesis) හෙවත්  උපකල්පන කිහිපයක් ඇත. ඉන් එකකින් කියැවෙන්නේ මුඛයේ ඇති කාබොහයිඩ්‍රේට් ග‍්‍රාහක(carbohydrate receptors) මොලයේ ඇතැම් ප‍්‍රදේශ කි‍්‍රයාකාරී කරවන බවයි. ඒ  හේතුවෙන් චාලක කි‍්‍රයාකාරකම (motor function) හෙවත් ශරීරයේ චලනය වර්ධනය වෙයි. තවද, පුද්ගලයෙකුගේ මුඛයේ ප‍්‍රණීත රසයක් පවතින විට, තමන් කොපමණ නම් වෙහෙසවී කි‍්‍රයාකරන්නේද යන්න ගැන සංජානනය (අවබෝධය) වෙනස්වන බව ජොයිනර් පෙන්වා දෙයි. එහෙයින් පැණි රසැති කාබ් පානයක් ගිලින්නේ නැතිව මුඛයේ රැඳී තිබීමෙන්ම ප‍්‍රබෝධයක් හෝ පෙළඹීමක් ඇති විය හැකිය.

කෙසේ වෙතත්, කාබ් මුඛශෝධනය ගැන අධ්‍යයන බොහොමයක් සිදුකර ඇත්තේ පරික්ෂණාගාර පරිසරයක් තුළය. එම අධ්‍යයනයවලදී අවධානය යොමු කෙරෙන්නේ පාපැදි ධාවනය කෙරෙහිය. එහෙත්, ලෝක කුසලන තරගාවලිය වැනි ඉහළ තරඟකාරී මට්ටමකදී කාබ් මුඛ ශෝධනයෙන් ලැබෙන වාසි කෙබඳු දැයි පැහැදිලි නැත. කාබ් මුඛ ශෝධනයෙන් ඇති වන වාසි ගැන හෝ එය කි‍්‍රයාකාරී වන්නේ කෙසේද යන්න ගැන හෝ විද්‍යාඥයන් අතර මත එකඟත්වයක් නැතත්, එය සාපේක්ෂව ප‍්‍රායෝගිකවන , පහසුවෙන් ප‍්‍රයෝජනයට  ගත හැකි ක‍්‍රමයක් වන අතර බාගදා මද ඍණාත්මක පැත්තක්ද එහි තිබිය හැකි බව පොද්දාර් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මැරතන් තරගයකට හෝ පැයක් දෙකක් ගතවන වෙනත් කි‍්‍රයාකාරකමකකට සහභාගිවන්නන් නම්,  කාබෝහයිඩ්‍රේට් ද්‍රාවනයක් කටට ගෙන  බොන්නේ නැතිව විසිකිරීම නොකළ යුත්තක් බව ඔහු අවධාරණය කරයි. මන්ද,  දිගුවේලා ගතවන ව්‍යායාම වලදී මාංශපේශීවලට ඉන්ධන සපයනු වස් වැඩියෙන් කාබොහයිඩ්‍රේට් අවශ්‍ය වේ.

ලෝක කුසලනා පාපන්දු තරගයක් සඳහා නියම කර ඇති කාලසීමාව විනාඩි 90කි.

Live Science හී පළවූ  Why Are World Cup Players Spitting Their Drinks? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: