සැමට විදු නැන නුවණ – Science Literacy for All

නොනවතින වසංගත: සතුරාට එරෙහිව සන්නද්ධ වීම

අද  මානවයා  විවිධ  ක්ෂේත්‍ර වල විශාල දීයුණුවක් අත්පත් කරගෙන තිබුණ ද මාරාන්තික මහා වසන්ගතයක් හට ගැනීමේ ඉඩකඩ වෙන කවරදාටත් වඩා වැඩිය. එය කොයිබින් පැමිණිය හැකිද? අපට එය මග හරහරවා ගත හැක්කෙකේ කෙසේද? ආදිය අද අප හමුවේ  ඇති  ප්‍රශ්නයි.

Image result for fighting epidemics

සතුරාට එරෙහිව සන්නද්ධ වීම

අප සටන් වදින්නේ කා හා සමගද යන්න දැන ගැනීමෙන් පසුව අප සන්නද්ධ විය යුතු වේ. එසේ වුවද අවි සොයා ගැනීම පහසු වන්නේ නැත. විසිවැනි සියවසේ දී බොහොමයක් බෝවෙන රෝග පරාජයට පත් කළ වැක්සීන වැඩිකොටම තනන ලද්දේ රජයට අයත් ආයතන මගිනි. ඒවාට ලාභ උපයා ගැනීමේ අවශ්‍යතාවක් නොවූ අතර ඔවුන් විසින් නිපදවන ලද්දේ පොදු ජන යහපත තකා අවශ්‍ය දේය. 1980 ගණන් වලදී මේ සියල්ල පෞද්ගලීකරණයට ලක් විය. නිදන්ගත හෙවත් කලක් පවතින තත්ත්වයන්ට ප‍්‍රතිකාර කිරීම පිණිස ඖෂධ නිෂ්පාදනය කරමින්  ලාභ ඉපයීම  දිරිමත් කිරීමට එය හිතකරවිය විය. එහෙත් වෛද්‍යමය නවෝත්පාදන බොහොමයක් දැන් සිදු කරනු ලබන්නේ අළුතෙන් අරඹන කුඩා, ජෛවී තාක්ෂණ සමාගම් මගිනි. එහෙත් ඔවුනට සිය නිෂ්පාදන ‘මරණයේ නිම්නය’ හරහා දක්කාගෙන යාමේ වියදම් දැරීම අසීරුය. මරණයේ නිම්නය ලෙස දැක්වෙන්නේ ‘ආරක්ෂාව හා සඵලත්වය සොයා බැලීමේ දීර්ඝ හා වියදම අධික කි‍්‍රයාදාමය සහ බලපත‍්‍ර ලබා ගැනීම පිණිස නිෂ්පාදන ක‍්‍රියාදාමයන් සහ සූත‍්‍රායණයන් තහවුරු කිරීමයි. නව වැක්සීනයක් වෙළඳ පොළ වෙත ගෙන ඒමට අවශ්‍ය වන තාක්ෂණ විශේෂඥ බව සහ ඩොලර් බිලියනයක් වැනි මුදල සතුව ඇත්තේ විශාල ඖෂධ නිෂ්පාදන සමාගම් වලට පමණකි. එහෙත් සුලබ රෝග සඳහා වන වැක්සීන එතරම් ලාබ උපයන්නේ නොවේ: වසංගතයක් බවට පෙරළීමට හැකිවන හෝ නොහැකි වන්නට ඉඩ තිබෙන වෛරසයකට එරෙහිව වැක්සීනයක් ගැනීම වානිජ වශයෙන් කෙසේවත් ආකර්ෂණීය නොවේ.

මහජන ශුභ සිද්ධිය යන කාරණය  මෙම කාර්යය සඳහා යළි ඇදීමට ප‍්‍රයත්න ගෙන ඇත. 1990 ගණන් වල සිට, අප‍්‍රිකාව සඳහා යැවෙන මෙනින්ජොකොකාල් වැක්සීනය (meningococcal vaccine ) වැනි දුගී ජනතාවගේ ලෙඩෙරෝගවලට  නව ප‍්‍රතිකාර වැඩි දියුණු කරන ලද්දේ රජයත්, විශාල ඖෂධ සමාගම් හා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම වැනි ප‍්‍රධාන පෙළේ මානව හිතවාදී ආයතන අතර රාජ්‍ය-පෞද්ගලික අංශ හවුල් ව්‍යාපාර වශයෙනි.  “ඒත් ඒ ගැම්ම ඇන හිට තිබෙනවා”  යයි (පසුගිය ලිපිය) ජෙරම් ෆරාර් කියයි. ‘නොතකා හළ’ මතුවන රෝග සම්බන්ධයෙන් 2013 වසරේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශ පර්යේෂණ වෙනුවෙන් වැය කෙරුණු සෞඛ්‍ය අංශයේ පර්යේෂණ හා සංවර්ධන () වියදම වූ ඩොලර් බිලියන 195 න් සියයට 1.6 ක් පමණකි. එයිනුත් පෞද්ගලික අංශ දායකත්වය පහෙන් එකක් පමණකි.

Image result for ebola epidemic 2014

කෙසේ වෙතත්, ඊබෝලා හදිසි පැතිරයාම  ‘නව පිබිදීමක්’ ගෙන ඒමට සමත් විය. 2016 මැයි මාසයේ දී ජගත් සෞඛ්‍ය සංවිධානය ‘වසංගත වළක්වා ගැනීම සඳහා ක‍්‍රියා කිරීමේ නිශ්චිත පර්යේෂණ හා සංවර්ධන සැලැස්මක්’ සැකසීය. ඊළඟ මහා වසංගතය පැමිණීමට පෙර ප‍්‍රතිචාරයන් වැඩි දියුණු කිරීමට එමගින් අරමුණු කෙරේ. අත්හදා බලන ඖෂධ සහ වැක්සීන ඉක්මණින් පරීක්ෂාවට ලක් කර බලපත‍්‍ර ලබා ගැනීමේ පිළිගත් පරිපාටිවල සිට අත්හදා බලන ඖෂධ යොදා ගැනීම සඳහා වගකීමේ රක්ෂණ ලබාගැනීම දක්වා සහ තොරතුරු සහ ජෛව විද්‍යාත්මක සාම්පල බෙදා හදා ගැනීම සඳහා වූ කොන්ත‍්‍රාත්තු දක්වා ඊබෝලා හදිසි පැතිරයාමේ දී ඉස්මතු වූ ප‍්‍රශ්න වලට පිළිතුරු සෙවීම පිණිස කොමිසමක් පත් කෙරිණ.

එහෙත්, වඩාත් වැදගත් අභිමාර්ථය වනුයේ ප්‍රමුඛත්වයක් හිමි ව්‍යාධිකාරක නවය (පහත කෙටි විතරය බලන්න) පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වේගවත් කිරීමයි. සිදු කෙරෙන පර්යේෂණ මොනවාද සොයා බැලීම, සහභාගීවන්නන් අතර කතාබහ නැතිනම් සංවාද ගොඩ නැගීම සහ වැක්සීන, ඖෂධ සහ රෝග නිර්ණය කිරීමේ පරීක්ෂණ  ප්‍රගතිය කරා යොමු කිරීම ගැන මැලේරියා වැක්සීනයක් වැඩිදියුණු කිරීමේ දී අනුගමනය කළ පුරෝගාමී ප්‍රවේශයක් යොදා ගනිමින් ජගත් සෞඛ්‍ය සංවිධානය  සොයා බලයි.  ඕනෑම නිෂ්පාදනයක් කාටත් දරා ගත හැකි මිලකට ලබා ගැනීමට හැකිවිය යුතුය. ඉන් අදහස් කෙරෙන්නේ එම ඖෂධ වැඩි දියුණු කිරීමේ පිරිවැය සහ ඒවායේ මිළ අතර ඇති සම්බන්ධයන් ඉවත් කර, පර්යේෂණ හා සංවර්ධනය සඳහා වැය වූ මුදල් වෙනත් ආකාරයකින් සපයා ගැනිමට ක්‍රියා කිරීමයි. මෙය කෙලෙස ක්‍රියාත්මකවේද යන්න මෙතෙක් කිසිවකුත් නොදන්නා නමුත් නව ප්‍රතිජීවක සම්බන්ධයෙන්  මේ ගැන දැනටමත් කතා බහක් ඇති වී තිබේ.

ව්‍යාධිකාරක නවය

අප වහා පිළියම් සොයා ගත යුතු රෝග නවයක් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. මුලින් දක්වා ඇති හයට වැඩි ප‍්‍රමුඛතාවක් හිමිවේ.

ලැස උණ(Lassa fever)  මීයන්ගෙන් බෝවනබටහිර අපි‍්‍රකාවේ මාරාන්තික වෛරස උණක්

නිපා(Nipah)  පළතුරු වවුලන් වසන ස්ථාන ආසන්නයේ ඌරන් ඇති කිරීම ආරම්භ කළ පසු මේ වවුල් වෛරසය මිනිසුන් ද බිලිගන්නට පටන් ගත්තේය.

සුවිභේද නිම්න උණ(Rift Valley fever)අප‍්‍රිකාව පුරා පැතිරුණු මේ වෛරසය 2000 දී අරාබි අර්ධද්වීපය ආක‍්‍රමණය කළේය.

SARS, MERS සහ මතුවන කොරනොවෛරස

ක්‍රිමියානු-කොන්ගෝ රක්තපාතික උණ(Crimean-Congo haemorrhagic fever)  අප‍්‍රිකාව ආසියාව සහ ගිනිකොණ යුරෝපයේ ප‍්‍රචලිතයි.

චිකුන්ගුන්යා(Chikungunya)

සිකා(Zika)

ත්‍රොම්බොසයිටොපිනියා සින්ඩ්‍රෝමය සමග එන අධික උණ. (Severe fever with

thrombocytopenia syndrome)

නවක ව්‍යාධිකාරක (Novel agent)……ලෝක සෞඛ්‍ය සංවිධානය මෙලෙස එක් වර්ගයක් වෙන් කර ඇත්තේ අප මෙතෙක් නොදන්නා විෂ බීජ වෙනුවෙනි. 

 Image result for Coalition for Epidemic Preparedness Innovations

සතුරාට එරෙහිව අවි ආයුධ සම්බන්ධයෙන් සක්‍රීයව ක්‍රියාත්මක වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පමණක් නොවේ. අත්හදා බැලීමේ මට්ටමේ ඇති වැක්සීන ‘මරණයේ නිම්නය’ හරහා ගෙන යාමට අවශ්‍ය උපකාර පිණිස ස්විට්සර්ලන්තයේ ඩවෝස් හී ලෝක ආර්ථික සංසදය තුළ වසංගත වලට සූදානම් වීමේ නවෝත්පාදන සඳහා වූ සන්ධානය(Coalition for Epidemic Preparedness Innovations) 2016 ජනවාරියේ දී දියත් කෙරිණ. නෝර්වේ සහ ඉන්දියාවේ සහාය ඇතිව, ගේට්ස් පදනම සහ වෙල්කම් භාරය(Wellcome Trust) ඩොලර් මිලියන 540 ක මුදලක් සැපයීමේ ප්‍රතිඥා ලැබී ඇති අතර  සංවිධාකයන් පවසන අන්දමට සන්ධානය ලබන වසර පහ වෙනුවෙන් බිලියනයක් ලබා ගැනීමේ මගට පිවිස ඇත. ඒ වෙද්දී Nipah, MERS සහ Lassa වෛරස ආරක්ෂාව හා සඵලතාව  සඳහා අදියර II අත්හදා බැලීමේ දී පරීක්ෂා කිරීමට නියමිතයි.

එපමණක් නොව හදිසි වසංගතයක් හට ගත්තොත් ඊට ක්ෂණික ප්රතිචාර දක්වනු වස් බලාපොරොත්තු තැබිය හැකි වැක්සීන වල කුඩා තොගයක් තබා ගැනීමට ද අපේක්ෂිතයි. කෙසේ වෙතත්, විශාල ජන සංඛ්යාවක් අතරේ III අදියරේ අත්හදා බැලීම් කිරීමට කිසිවකුටත් කළ නොහැකිය. තවද හදිසි වසංගතයක් එනතුරු වැක්සීනය නිසියාකාරව ක්‍රියාත්මක වන බව තහවුරු කර ගැනීමට ද නොහැකිය. එහෙයින් එවන් පරීක්ෂණ  කිරීමට සිදුවන්නේ වසංගතයක් ආරම්භ වූ විට කඩිමුඩියේය.

වසංගතයේ මූල්‍ය වසංගතය

ගෝලීය ආර්ථිකයන් එකිනෙකට වඩාත් සම්බන්ධ වෙත්ම බෝවෙන රෝග සහ ඒවායේ බලපෑම වඩාත් සීඝ‍්‍රයෙන් පැතිරේ. ‘‘මේ කාලේ වසංගතවලින් වැඩිම අවදානම ඇත්තේ  ආර්ථිකයටයි”  ප‍්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ රාමන න් ලක්ෂ්මිරාමනාරයන් පවසයි. නිදසුන: 2003   වසංගතය හේතුවෙන් 800 ජනතාව මිය ගිය අතර නිරෝධාන පියවර මෙන්ම වෙළඳ හා සංචාරක පාඩුව වශයෙන් ලෝකයට වැය වූ මුදල ඩොලර් බිලියන 54 කි. 1918 ඇතිවූ තරමේ ඉන්ෆ්ලුවන්සා මහා වසංගතයකින් ලෝක බැංකුව ගණන් බලන අන්දමට ලෝක දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5 අහිමි වී යන අතර ඩොලර් ටි‍්‍රලියන 8 ක ආර්ථික අවපාතයක් හිමි කර දෙයි.

වසංගතයකට අප ඉක්මණින්ම ප‍්‍රතිචාර දක්වන තරමට ඊට වැයවන වියදම අඩුවේ. ඒ නිසා අප සූදානමින් සිටිය යුතුය.- ඒත් ඊට වියදම් දැරීමට සිදුවේ. ඊට මුදල් යොදවන්නේ කවුද? ඊට එක උත්තරයක් විය හැක්කේ අළුත් මාදිලියේ අරමුදල් සැපයීමේ ආකෘතිය. 2016 දී ලෝක බැංකුව අළුත් දෙයක් ඇරඹීය : එනම්, වසංගත රක්ෂණය යි. දුප්පත් රටවල ආරම්භ වන වසංගත පොහොසත් රටවල් අවදානමට ලක් කරයි. එහෙයින් දරුණු ඉන්ෆ්ලුවන්සාව, SARS හෝ MERS  වැනි කොරනොවෛරස හෝ ඊබෝලා වැනි ෆයිලෝවෛරස වලට මෙන්ම ලැස උන වැනි සතුන්ගෙන් මිනිසුන්ට බෝවෙන රෝග වෙනුවෙන්  මහා වසංගත හදිසි අරමුදල් පහසුකමෙන්(Pandemic Emergency Financing Facility) රක්ෂණය මිලට ගත හැකිය. එවන් රෝග ආපදාවකට මුහුණ දීමට දුප්පත් රටකට සිදුවුවහොත්, එය පාලනයට රක්ෂණ අරමුදලින් වහා මුදල් මුදා හැරේ.

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි The coming plague යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: