සැමට විදු නැන නුවණ – Science Literacy for All

2020 අඟහරු ගවේෂණ මෙහෙයුමට හෙලිකොප්ටර් යානා!

රතු ග්‍රහයා ලෙස හඳුන්වනු ලබන අඟහරු ලෝකයහි ඇති තුනී වායුගෝලයේ දී වුව පියාසර කළ හැකි සැහැල්ලු එහෙත් බලගතු කුඩා හෙලිකොප්ටර් යානයක් නාසා ආයතනය මගින් නිපදවනු ලැබ ඇති අතර 2020 අඟහරු මෙහෙයුමේ කොටසක් ලෙස එය රතු ග්‍රහයා වෙත යවනු ඇත.

මේ හෙලිකොප්ටර් යානයෙහි බර කිලෝග්‍රෑම් දෙකකට මදක් අඩුය. එයින්ම එහි ප්‍රමාණය ගැන යම් අදහසක් ඇතිකරගැනීමට පුළුවන. ඊට, එකක් මත එකක් ලෙස සවිකළ රෝටර හෙවත් බමන දෙකකි.  අඟහරු ලොවේ තුනී වායුගෝලයෙහි ගුවනේ රැඳී සිටීමට හැකි වන පරිදි  ඒවා එකිනෙකට විරුද්ධ දිශාවට විනාඩියකට වට 3000ක(rpm) පමණ වේගයෙන් භ්‍රමණය වේ. මෙය පෘථිවිය මත හෙලිකොප්ටරයක බමන කැරකෙන වේගය මෙන් දශ ගුණයකි. මේ කුඩා හෙලිකොප්ටරයට බලය සැපයෙන   ලිතියම්- අයන් (lithium-ion) බැටරි ආරොපනය කෙරෙන්නේ ඊටම සවි කර ඇති සූර්ය කෝෂ මගින්ය. තවද රතු ග්‍රහායා මත රාත්‍රිය අතිශය සීතල අතර ඊට ඔරොත්තු දීම සඳහා රත් කිරීම උදෙසා රත්කිරීමේ යාන්ත්‍රණයකින්ද යුක්තයි.

“අපේ පෘථිවිය මත පියාසර කරන හෙලිකොප්ටරයක උන්නතාංශ වාර්තාව වෙන වචනවලින් කියනවානම් බිම් මට්ටමෙන් උසම ප්‍රමාණය අඩි 40.000ක් පමණ වේ. අඟහරු ග්‍රහයා මත වායුගෝලය පෘථිවියේ වායු ගෝලයෙන් සියයට 1ක් පමණය. එහෙයින් මෙහි ඇති හෙලිකොප්ටරයක් අඟහරු ග්‍රහයා මතුපිට තිබෙන විටත් පෘථිවියේ උස අඩි 100,000ට තුල්‍යවෙනවා” යයි මිමී අවුන්ග් පෙන්වා දෙයි. අවුන්ග්, නාසා ජෙට් ප්‍රචාලන පරීක්ෂණාගාරයේ(NASA’s Jet Propulsion Laboratory) අඟහරු හෙලිකොප්ටර් ව්‍යාපෘතියෙ කළමණාකාරිණියයි. ” අඩු වායුගෝලීය ඝනත්වයක දී එය උඩට යවමින් පියාසර කර වීමට අපට සියල්ලම  සියුම්ව පිරික්සන්න සිද්ධවුණා. පුලුවන් තරම බර අඩුවෙන් ඒ වුණත් හැකි උපරිම ශක්තියෙන් සහ බලගතු බවින් යුක්තව තැනිය යුතු වුණා” ඇය වැඩිදුරටත් කියා සිටියි.

මේ කුඩා හෙලිකොප්ටරය 2020 අඟහරු මෙහෙයුමේ කොටසක් ලෙසා  අඟහරු රෝවර් යානය සමග රතු ග්‍රහයා වෙත යැවෙනු ඇත. එවිට රොවර් යානය, හෙලිකොප්ටරය උඩට යැවීමට සුදුසු ස්ථානයක් වෙත ගෙන යනු ඇත. හෙලිකොප්ටරයට තමන්ගේම කියා ගමන් ඇරඹීමට හැකිවන්නේ එවිටයි. අඟහරු ලොවේදී  එහි මංගල ගමන වන්නේ සිරස් අතට මීටර් තුනක  කෙටි ගමනක් සහ අනතුරුව තත්පර 30ක ගුවනේ රැඳී සිටීමකි.

කෙසේවෙතත් පරීක්ෂණ පැවැත්වෙන  ඊළඟ දින 30 තුළ ක්‍රම ක්‍රමයෙන් මීටර් සිය ගණනක උසක් දක්වා ඉහළට ගමන් කිරීමට ඊට අවස්ථාව සැලසේ.  එහි සිට ආළෝක විනාඩි ගණනාවක් දුරින් පෘථිවිය පිහිටා ඇති නිසා තථ්‍ය කාලය(real-time) අනුව මෙහි සිටින මිනිසුන්ට හෙලිකොප්ටරයේ ගමන් පාලනය කිරීමේ හැකියාවක් නැත. එහෙයින්,  හෙලිකොප්ටරය ස්වයංව පාලනය කෙරෙන්නේ නිකුත් කෙරෙන අණ තෝරා බේරා ගැනිමේ හැකියාව ඊට ලබාදී ඇති හෙයිනි.

මෙම අත්හාදා බැලිම සාර්ථක වුවහොත්, පහළින් පියාසර කරන තොරතුරු සොයන යානා ලෙස ක්‍රියා කිරීමට මෙවන් හෙලිකොප්ටර්වලට හැකියාව ඇතැයි සනාථ කිරීමට මෙම ව්‍යාපෘතියට අවස්තාව ලැබේ. එය, මීට වඩා මහාභිලාෂී ව්‍යාපෘතිවලට මග පාදනු ඇත.

 

BBC Focus(July, 2018 UK) සඟරාවෙහි පළවූ  HELICOPTER JOINING MARS 2020 MISSION යන ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: