සැමට විදු නැන නුවණ – Science Literacy for All

පාංශු කාබන් සිතියම කඩොලාන සංරක්ෂණයට රුකලකි

ලොව වඩාත්ම කාබන් බහුල පරිසර පද්ධති අතරට කඩොලාන වනාන්තර ද එක්වෙයි. වායුගෝලයට මුදා හැරෙන කාබන් විමෝචන උරා ගන්නා ප්‍රයෝජනවත් කිඳාවන් ලෙස ඒවා ක‍්‍රියා කරයි. කඩොලාන වනාන්තරවල 30 ප අවකාශීය විභේදනයකින් සැකසූ පාංශු කාබන්ඩයොක්සයිඞ් ගූලීය සිතියමක්  උපයෝගී කර ගනිමින් ප‍්‍රධාන පෙළේ පාරිසරික වත්කම් සංරක්ෂණය දිරිගන්වන සුළු නව පරිසර සේවා ප‍්‍රතිපත්ති මෙවලම් සඳහා ආධාර සැපයිය හැකි වේ.‘‘30ප විභේදනයෙන් අනුරූපන සැකසීම ඉතාමත් අවශ්‍යයයි කියලා අපට තේරුණා. මන්ද උදම් පරාසය හරහා කඩොලාන වනාන්තර වල ඇතිවන දැඩි අනුක‍්‍රමණයන් නිසයි” එක්සත් ජනපදයේ වුඞ්ස් හෝල් පර්යේෂණ මධ්‍යස්ථානයේ ජොනතන් සැන්ඩර්මාන් කියා සිටියි, “මීටර සීය ගණනක් ඇතුළත පාංශූ කාබන් ඒකරාශීවීම අතරේ දෙගුණයක තරම් වෙනසක් බොහෝ විට තිබිය හැකිය. ඒ හන්දා පාංශු කාබන් වල මෙම ස්ථානීය වෙනස්කම් අඩු කර ගැනීමට අපට  ඕනෑ වුණා”.

ලොව පුරා ප‍්‍රධාන ස්ථාන කිහිපයක කාබන් ඝනත්වය බෙදී යන අයුරු දැක්වෙන සංඛ්‍යාලේඛනාත්මක ආකෘතියක්  සැන්ඩර්මාන් සහ සගයෝ එක්ව වැඩි දියුණු කරනු ලැබ ඇත.  අධ්‍යයන සිය ගණනක් මාර්ගයෙන් සපයා ගෙන ඇති කඩොලාන වනාන්තර මිණුම් මෙම මෙවලම මගින් අනුකලනය හෙවත් ඒකාබද්ධ කෙරේ. ‘‘කුඩා කොදෙව් රාජ්‍යයන් ඇතුළුව රාජ්‍යයන් බොහොමයක්, කඩොලාන සංරක්ෂණය හා යළි පණගැන්වීම සළකන්නේ වඩාත්ම සාධ්‍ය දේශගුණ ගැටළු සංසිඳවන විකල්ප ලෙසය” යි සැන්ඩමාන් පවසයි. ආකෘතිය ක‍්‍රියාකරවීමේ දී ඉහළ කාබන් තොග ඇති ප‍්‍රදේශ මෙන්ම වාසභූමි සීඝ‍්‍රයෙන් අතුරුදන් වන කලාප අනාවරණය වෙයි. ඒවා සංරක්ෂණ හා යළි ප‍්‍රකෘතිමත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් තොරතුරු සැපයීමට උපකාරී වෙයි.

කඩොලාන වන ආවරණය වෙනස්වීම පිළිබඳව දුරස්ථව සංවේදිත දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව 2000 වසරේ සිට 2015 දක්වා පාංශු කාබන් ග්‍රෑම් ට්‍රිලියන  30-122 ක අඩුවීමක් පෙන්නුම් කරන බව පර්යේෂණ කණ්ඩායම වාර්තා කළේය. මේ අඩුවීමෙන් සියයට 75% ට වැඩියෙන් වගකිව යුත්තේ මැලයාසියාව, ඉන්දුනීසියාව හා මියන්මාර් යන රටවල වන හරණයෙනි (deforestation).

ලොව පුරා ප්‍රධාන ස්ථානවල කාබන් ඝනත්වය බෙදී ගොස් ඇති අයුරු පෙන්නුම් කරන සංඛ්‍යාලෙඛනාත්මක ආකෘතියක් සැන්ඩමාන් සහ සගයින් විසින් වැඩි දියුනු කරනු ලැබ ඇත. එම ආකෘතිය හෙවත් මෙවලම අධ්‍යන සියගණන්කින් ලබාගත් කඩොලාන වනාන්තර මිනුම් ඒකාබද්ධ කර ඇති අතර එය සංරක්ෂණ ප‍්‍රයත්න ප‍්‍රමුඛත්වයට පත් කිරීමේ දී සහ කාබන් වෙළෙඳ පොළ සඳහා පාදක රේඛාවක් සැපයීමේදී ප‍්‍රධාන පෙළේ කාර්ය භාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉහළ කාර්ය සාධනයක් සහිත පරිගනක භාවිතය කිරීමෙන් පර්යේෂකයන්ට තොරතුරු විශාල ප‍්‍රමාණයක් අර්ථ දැක්වීමට හැකි වී ඇත. වෙබ් සිතියමක් ලෙස එකී ප‍්‍රතිඵල සකස් කිරීම පිණිස ඔවූහු ගූගල් පෘථිවි එන්ජිම මෘදුකාංගය යොදා ගත්හ. අළුතෙන් දත්ත එක්වත්ම ප‍්‍රතිදානය ඒ ඒ අවස්ථාවේ දී වෙනස් කළ හැකිය.

Related image

සැන්ඩර්මාන් ප්රමුඛ පර්යේෂණ කණ්ඩායම, ගෝලීය කාබන් තොගය පිළිබඳ මෙයටත් වඩා විස්තරාත්මක චිත්රයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙති. බෙංගාල බොක්කේ මහා සුන්දර්බාන්(the Sundarbans) වැනි ප්‍රදේශ වලින් අභිප්‍රේරිතව විවිධ කාඩොලාන වනාන්තර මගින් නිපදවනු ලබන පාංශු කාබන් අනුපාතයන් අවබෝධ කර ගැනීමට ඔවුහු උනන්දු වෙති. ‘‘ඒවා පාංශු කාබන් සුළු මට්ටමක් ගබඩා කළද සුන්දර්බාන්  විශාල කාබන් කිඳාවක් වගෙයි. මන්ද මෙකී විශාල පුනීල මෝය වෙත ගංගාවන් තුනකින් වාර්ෂිකව එන රොන් මඩ නැතහොත්  කාබන් සීඝ්‍ර අනුපාතයකින් තැන්පත් වන  හෙයිනි.’’ යයි සැන්ඩර්මාන් වැඩි දුරටත් සඳහන් කරයි. ඉහළ අනුපාතයන්ගෙන් කාබන් විවික්තකිරීම්(අත්පත්කර ගැනිම්) ඇතිවන තැන් පුරෝකතනය කිරීමට මෙන්ම අනතුරුව සිතියම් ගත කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීමට අප කැමතිය” යනුවෙන් සැන්ඩර්මාන් කියා සිටියි.

කණ්ඩායමෙ වාර්තාව Environmental Research Letters (ERL) හි පළවිය.

 

Physics World හි පළවූ   Global mangrove soil carbon map aids conservation යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: