මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
ප්රජාතන්ත්රවාදය යනු වචනානුසාරයෙන් ගත් කළ ‘ජනතාව විසින් සිදු කරනු ලබන පාලනය’ යන අරුත් ගෙනෙයි. එය, රාජ්‍යයක පුරවැසියන් විසින් සිදු කරනු ලබන සෘජු පාලනයක ස්වරූපය ගත හැකිය. සියළු ප්රස්තුතයන් සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ ඔවුන් විසින්ය. මීට විකල්ප වශයෙන් ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබූ නියෝජිතයන් මගින් සිදු කෙරෙන පාලනය ඊට අයත්වෙ. වඩාත් සුලබ මෙම ස්වරූපයයි. නියෝජිත ප්රජාතන්ත්ර වාදයන් හී පවා, ව්‍යවස්ථා සංශෝධන වැනි ඇතැම් වැදගත් කාරණා ජනමතවිචාරණ ඔස්සේ ජනතා පොදු ඡන්දයෙන් සම්මත කර ගැනේ.
ප්රජාතන්ත්රවාදය මුලින්ම කරළියට ආවේ ග්රීසියෙහිදීය. ඒ ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ අග හරියේදීය. නිදසුනකට, ඇතන්ස් පුර රාජ්‍යයෙහි තීරණ තීන්දු ගනු ලැබුවේ සියලුම වැඩිහිටි පිරිමි පුරවසියන්ගේ මන්ත්‍රණ සභා මගිනි. කාන්තාවන් සහ වහලුන් ඒවාට එක් කර ගනු ලැබුවේ නැත. රෝමයේ දී ‘ජනරජය'(ක්‍රි.පු. 509 – 27) යටතේ ප්රජාතන්ත්රවාදී පාලන ස්වරූපයක් වර්ධනය විය; ආරම්භක වශයෙන් (සෙනට් සභාවෙහි) නියෝජනයක් ලැබුණේ වංශාධිපති ප්‍රභූ පැළැන්තියට (noble patrician class) පමණකි. එහෙත් පසුව, තෝරා පත් කර ගනු ලැබූ මහජන ආරක්ෂක සභා ඔස්සේ සාමාන්‍ය ජනතාවට හෙවත් පොදුජනයාට (plebeians) හඬක් නැගීමට හැකිවිය.
රෝමානු ජනරජයෙහි පදවි ප්‍රාප්ත අධිරාජයන් යටතේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ යම් ව්යාජාටෝපයක් වී නම් එය ද අතුරුදන්ව ගියේය; එමෙන්ම, මධ්‍යකාලීන යුරෝපයේ රාජරාජ්යවරු ඇතැම්විට පාර්ලිමේන්තු රැස්කළත්, එවන් මන්ත්‍රන සභාවල නියෝජනය හිමිවූයේ ජනගහනයෙන් ඉතා පටු කොට්ඨාශයකට පමණක් වන අතර එවාට සැබෑ බලයක් නොතිබූ තරම්ය.
ප්රජාතන්ත්රවාදය නූතන ස්වරූපයෙන් ඉස්මතුවූයේ සෙමින් සෙමින්ය. නිදසුනකට, දහ හත්වන සියවසේ මහා බ්‍රිතාඥයේ රජු සහ පාර්ලිමේන්තුව අතර දික්ගැස්සුණු අරගලයක් දක්නට හැකිවිය. එහිදී පාර්ලිමේන්තුව ප්රමුඛත්වයට පත්වෙමින් ඉස්මතුවෙන්නට විය. එසේවුවද, එම අවස්ථාවේ පාර්ලිමේන්තුව ඡන්දයෙන් තේරී පත් වුවක් වුවද එහි නියෝජනය වූයේ ජනගහන්යෙන් කුඩා අංශුවකි — එනම්, වංශවතුන්, ක්‍රිස්තියානි සභාව ඉඩම් හිමි පෙළැන්තිය සහ ඇතැම් ධනවත් නාගරිකයන්ය(කාන්තාවන්ට එවකට ඡන්දබලය හිමිව තිබුණේ නැත). විසිවැනි සිය වසේ මුල් දශක කිහිපය වන තුරුම හිමි නැතුව තිබී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට අයත් සියලුම බ්‍රිතාඥ ජාතික වැඩිහිටියනට ඡන්ද බලය හිමිවුයේ දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ ව්‍යාපාර හා උද්ඝෝෂණවලින් පසුවය.
වැඩකරන ජනතාවට, වාර්ගික සුළුජනකොටස්, සහ කාන්තාවන් වෙනුවෙන් ඡන්ද බලය දිනා ගැනීම පිණිස වෙනත් රටවල ද එවන් අරගල ඇතිවිය. අද බොහෝ රටවල් ඇත්තේ — අඩු තරමින් මතික වශයෙන් හෝ — ප්රජාතන්ත්රවාදී පාලනයන්ය. එහෙත් දූෂණ, බියගැන්වීම්, මාධ්‍යය හැසිරවීම් හෙවත් මෑනවීම්, සහ විරුද්ධ පක්ෂ තහනම් කිරීම් මගින් එම රටවල් බොහොමයක මැතිවරණ වංචාවට ලක්කෙරේ.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ එන Democracy කොටස ඇසුරෙනි