වනාන්තර අසල ජීවත්වීම මොළයට හිත කරයි

වනාන්තර අසල ජීවත්වීම මොළයට හිතකරයි. කෑකෝගැසීම්, පාරිසරික දූෂණය සහ සීමිත ඉඩකඩක වැඩි දෙනෙකු ජීවත්වීම යන කාරණා නගරයක ජීවත්වන්නන්ට නිදංගත මානසික ආතතිය ඇති කළ හැකියි. නගරවල ජිවත්වන්නන්නෝ විෂාදය(අවපීඩනය), කාංසාව (anxiety) සහ භින්නෝන්මාදය (schizophrenia) වැනි මනෝවිද්‍යාත්මක රෝගාබාධවලට ගොදුරුවීමේ දැඩි අවදානමකට ලක් වෙති. ගම්බදව වෙසෙන්නන්ගේ මොළයෙහි ඇමිග්ඩලාවෙහිට (amygdala =අනුමස්තිෂ්කයෙහි පිණ්ඩයන්ට) වඩා ඉහල කි‍්‍රයාකාරිත්වයක් නාගරිකයන්ගේ ඇමිග්ඩලාවෙහි ඇති බව සංසන්දනාත්මක අධ්‍යන පෙන්නුම් කරයි. ඇමිග්ඩලාව යනු ආතතිය සම්බන්ධයෙන් කි‍්‍රයාකිරීමේදී අනතුරුකට ප්‍රතිචාර දැක්වීමේදී වැදගත් කාර්ය භාරයක් ඉටු කරන මොළයෙහි මධ්‍යම න්‍යෂ්ටියකි.
ආරක්ෂාකාරී බලපෑමක් සිදු කළ හැක්කේ කුමන සාධකවලටද?
ඇමිග්ඩලාව වැනි මොළයෙහි ආතති පාලන කලාප මත වනාන්තර, නාගරික පිට්ටනි හෝ මුඩු බිම් වැනි ජනතාවගේ නිවෙස් ආසන්නයේ ඇති ස්වාභාවික ස්ථාන සිදුකරන බලපෑම මනෝවිද්‍යාඥ සිමෝන් කූන් ප්රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් විමර්ෂණය කරනු ලැබ ඇත. පරිසරයට. මොළයෙහි ව්‍යුවහය සහ කි‍්‍රයාකාරීත්වය හැඩ ගැස්විය හැකිය යන උපකල්පනයට මොළ සූවිකාර්යතාව (plasticity) ගැන කෙරෙන පර්යේෂනවලින් ද සහාය පළවේ. මොළයෙහි වර්ධනය කෙරෙහි ධනාත්මක බලපෑම් ඇති කරවිය හැකි පාරිසරික ක්ෂේත්රයන් ගැන මෙම පර්යේෂකයන් උනන්දු වන්නේ එහෙයිනි. ගම්බදව වාසය කරන්නන් සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂනවලින් දැනටමත් පෙන්නුම් කරන්නේ ස්වභාවධර්මයට සමීපව දිවි ගෙවීම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට මෙන්ම යහපැවැත්මට හිතකර බවයි. “ඒ නිසා අපි තීරණය කරා නාගරික ජනතාව ගැන සොයා බලන්න” අධ්‍යයනයේ ප්‍රථම කර්තෘ සිමෝන් කූන් පැහැදිලි කරයි. කූන් මානව සංවර්ධනය සඳහා වූ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ සේවය කරද්දී මෙම අධ්‍යයනය මෙහෙයවීය. ඔහු දැන් සෙවය කරන්නේ හැම්බර්ග්-එපෙන්ඩොර්ෆ් විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්යස්තානයෙහිය.
පදිංචි ස්ථානය සහ මොළ සෞඛ්‍යය අතර සම්බන්ධයක් ඇති බව අනාවරණය කර ගැනීමට ඇත්තවශයෙන්ම පර්යේෂකයෝ සමත්ව සිටිති. වනයක් ආසන්නයේ ජීවත්වන නාගරික ජනතාව මනෝවිද්‍යාත්මක වශයෙන් සෞඛ්‍ය සම්පන්න ඇමිග්ඩලා ව්‍යුහයක් පිළිබඳව ඉඟි පෙන්නුම් කරන අතර ඒ හේතුව නිසා ආතතියට වඩා යහපත් ආකාරයෙන් මුහුණු දිය හැකි යයි ද අදහස් කෙරේ. අධ්‍යාපන සුදුසුකම් සහ ආදායම් මට්ටම්වල වෙනස්කම් සැලකිල්ලට ගත් විට දී ද මේ බලපෑම ස්ථාවර පැවතුනි. කෙසේ වෙතත්, මොළයේ විමර්ෂණයට ලක් කළ කලාප සහ නාගරික පිට්ටනි, ජලාශ හෝ මුඩුබිම් අතර සම්බන්ධතාවක් සොයා ගැනීමට හැකිවී නැත. වනාන්තරයක් ආසන්නයේ දිවි ගෙවීම ඇත්තටම ඇමිග්ඩලාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කෙළේද නැතහොත් සෞඛ්‍යසම්පන්න ඇමිග්ඩලාවක් සහිත පුද්ගලයන් වනාන්තරයක් සමීපයේ තම දිවිගෙවීමට තෝරාගත්තේද යන්න මෙම දන්ත යොදා ගෙන හඳුනාගත නොහැක. කෙසේ වෙතත්, වර්තමානයේ ඇති දැනුම පදනම් කරගෙන පර්යේෂකයන් ප්‍රකාශ කරන්නේ මුලින් කී ත්ත්තවය සඳහා වඩාත් ඉඩකඩ තිබෙන බවයි. සාක්ෂි ඒකරාශී කිරීම පිණිස දිගුකාලීන අධ්‍යයනය අවශ්‍ය වේ.
වර්තමාන අධ්‍යයනයට සහභාගිවන්නන් තෝරාගනු ලැබ ඇත්තේ වයස්ගතවීමේ බර්ලින් අධ්‍යයන II (Berlin Aging Study II (BASE-II)) නම් අධ්යයෙනිනි. මෙය, සෞඛ්‍ය සම්පන්නව වයස්ගතවීම සඳහා ශාරීරික, මනෝවිද්‍යාත්මක සහ සමාජයීය තත්ත්වයන් විමසා බැලෙන දිගුකාලීන, වඩාත් විශාල අධ්‍යයනයකි. වර්තමාන අධ්‍යයනය සඳහා සම්පූර්ණ වශයෙන් වයස අවුරුදු 61ත් 82ත් අතර වැඩිහිටියන් 341 දෙනෙක් සහභාගි වූහ. ස්මරණ හා තර්කණ පරීක්ෂන පැවැත්වීමට අමතරව, මොළයේ ආතති පාලන කලාපවල ව්‍යුහය, විශේෂයෙන්ම ඇමිග්ඩලාව අනුරූපන තාක්ෂනය යොදාගෙන ඇගැයීමට ලක් කෙරිණ. ජනතාවගේ ගේ දොර ආසන්නයේ පිහිටි ස්වභාවික වස්තූන්, මොළයේ මෙකී කලාප කෙරෙහි ඇති කරන බලපෑම් පරීක්ෂා කරණු පිණිස පර්යේෂකයෝ MRI දත්ත, අධ්‍යයනයට සහභාගිවන්නන්ගේ නිවහන් පිළිබඳ භූ තොරතුරු(geo information) හා එක් කළහ. මේ තොරතුරු උකහා ගනු ලැබුවේ යුරෝපීය පාරිසරික ඒජන්සියේ(European Environment Agency) නාගරික සිතියම් පොතෙනි. එය, යුරෝපයේ නාගරික ඉඩම් භාවිතය ගැන පරිදර්ශනයක් හෙවත් සමස්ත විග්‍රහයක් සපයයි.
“අපේ අධ්‍යයනය තමයි නාගරික සැලසුම් අංග සහ මොළ සෞඛ්‍ය අතර සම්බන්ධය ප්‍රථම වතාවට සොයා බලන්නේ”. සම කර්තෘ උල්මාන් ලින්ඩන්බර්ගර් කියා සිටියි. හෙතෙම මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ ආයුකාල මනෝවිද්‍යා කේන්ද්‍රයේ අධ්යක්ෂවරයායි. කි‍්‍ර.ව. 2050 වන ලෝක ජනගහනයෙන් සියයට 70ක් පමණම පුරවරවල ජීවත්වෙතැයි අපේක්ෂිතයි. එමනිසා මෙම ප්‍රතිඵල නාගරික සැලසුම් සකස්කිරීත්ම්දී බෙහෙවින් වැදගත් වේ. කෙසේ වෙතත්, ආසන්න වර්තමානයේ මෙම සම්බන්ධය, එනම් මොළය සහ වනාන්තරවල සමීපව විසීම අතර සම්බන්ධය යොදාගත හැක්කේ එම තොරතුරු තහවුරු කරගැනීමේ අරමුණින් සිදු කරන වැඩිදුර අධ්‍යයනය සඳහා යයි ලින්ඩන්බර්ගර් වැඩිදුරටත් සඳහන් කරයි.
Bioscience Technology Online හි Max Planck Institute for Human Development මගින් පළ කරන ලද Living Near a Forest Keeps Amygdala Healthier යන ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න