අප ජීවත්වන ලෝකය වැදගත් විධි බොහොමයකින් හැඩ ගස්වනු ලැබ ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් මගිනි. ජීවිතයට හා පරිසරයට එල්ලවන තර්ජන වළක්වා ගැනීම, ඉවත් කර දැමීම හෝ අඩුකර ගැනීම පිණිස මෙන්ම සමාජයීය අවශ්‍යතා පිරිමසා ගැනීම පිණිස ද අපි තාක්ෂණික විකල්ප නිර්මාණය කරගෙන ඇත්තෙමු. ගංගා හරස්කර, වේලි බැඳ, එමෙන්ම වනාන්තර එළිපෙහෙළි කර ඇත්තෙමු. ද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ තනා ඇත්තෙමු. අති විශාල ප්‍රමාණයක ප්‍රදේශ පුරා මහ නගර සහ මහාමාර්ග තනා ඇත්තෙමු. තවද, සමහරවිට කැමැත්තක් ඇතත් නැතත් වෙනත් ජීවීන්බොහෝ දෙනාගේ ඉරණම තීරණය කරනු ලැබ ඇත්තෙමු.
එසේ නම්, එක අර්ථයකින් ගත් කල, — වැඩිකොටම තාක්ෂණය හරහා හැඩගස්වා සහ පාලනය කරනු ලැබ — අපේ ලෝකයේ බොහෝ කොටස් සැලසුම් කරනු ලැබ ඇත; අපේ අපේක්ෂාවන් යයි අප සිතන ආකාරයටය අනුකූලවය. අපේ ග්‍රහලෝකය වන පෘථිවිය අද අප පත්කොට ඇති අන්දමට, අපේ අනාගත යහපැවැත්ම අප තාක්ෂණය වැඩිදියුණු කිරීම, භාවිතා කිරීම හා සීමා කිරීම කෙලෙස සිදු කරන්නේද යන්න මත ඉතා දැඩිව රැඳී පවතී. එසේ වන හෙයින් එය ඉතා තදින්ම රඳා පවතින්නේ, තාක්ෂණයේ කි‍්‍රයාකාරිත්වය මෙන්ම අප ජීවිතය ගෙවන සමාජයීය සංස්කෘතික, ආර්ථික සහ පාරිසරික පද්ධති කොයිතරම් හොඳින් අප අවබෝධ කරගන්නේ ද යන්න මතය.
අපේ ජීවිත හා පරිසරය හැඩ ගස්වන ලද ප්‍රධාන මානව ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තාක්ෂණයේ ඇතැම් ප්‍රධාන අංග ගැන මෙම ලිපි පෙළ මගින් ඉදිරිපත් කරනු ලැබේ. ලිපි පෙළ කේන්ද්‍රගතව ඇත්තේ මූලික තාක්ෂණ ක්ෂේත්‍ර 8ක් මතය: කෘෂිකර්මය, ද්‍රව්‍යයන්, නිෂ්පාදනය, ශක්ති මූලයන්, ශක්තිය භාවිතය, සංනිවේදනය, තොරතුරු සැකැසීම හා සෞඛ්‍ය තාක්ෂණය. අද ලිපිය නිපදවීමේ කාර්යය (Manufacturing) ගැනයි.
නිපදවීමේ කාර්යය
යම් යම් දේවල් නිපදවීම සඳහා බෙහෙවින් විවිධ වූ මෙවලම් අවශ්‍ය වේ. පොදුවේ ගත් කල තාක්ෂණයෙහි වෘද්ධියට කාරණා කිහිපයක්ම බෙහෙවින් ආධාර වී තිබේ. කැපුම් ආවුදවල සූක්ෂමතාව (fineness) හා තියුණු බවෙහි, යෙදිය හැකි බලයෙහි(ප්‍රබලතාව), තාපය සාන්ද්රගතකිරීමට හැකිවන උෂ්ණත්වයෙහි, මෙහෙයුම් හෙවත් කාර්යකර්මයන් සිදුකළ හැකි සීඝ්රතාවෙහි, කාර්යකර්මයන් නැවත නැවත සිදුකළ හැකි සංගතතාවයෙහි වැඩිදියුණුකිරීම් හෙවත් වර්ධනයන් එම කාරණා අතර වේ. එවන් මෙවලම් ආයුධ නූතන නිපදවීමේ කාර්යයේදී අත්‍යවශ්‍ය සාධකයකි. නූතන නිපැදවීමේ කාර්ය බොහෝ කොට පදනම් වී ඇත්තේ එක සමාන ගුණාත්මක භාවයකින් යුත් නිෂ්පාදන අති විශාල සංඛ්‍යාවක් (මෝටර් රථ හා අත් ඔරලෝසු තැනීමේ දී මෙන්) සහ අතිශය ඉහළ ගුණාත්මකභාවයකින් යුතු(අභ්‍යවකාශ යානා සහ පරමාණුක ඔරලෝසු වැනි) නිෂ්පාදන බෙහෙවින් කුඩා ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම මතය. නූතන නිෂ්පාදන කි‍්‍රයාදාමයන් සාමාන්‍යයෙන් ප්‍රධාන පියවර තුනකට සම්බන්ධයි.
- අමුද්‍රව්‍ය ලබාගැනීම සහ පිළියෙළ කිරීම
- හැඩකැපීම. පිරිද්දීම සහ එකලස් කිරීම වැනි යාන්ති‍්‍රක පැසුරුම් මෙන්ම
- ලේප ගැල්වීම, පරීක්ෂාව(පිරික්සුම) සහ ඇසිරීම
මෙකී පියවර සෑම එකකදීම කර්ත්‍යවයන් අනුක්‍රමණය කරන්නේ කෙසේද එමෙන්ම ඒවා ඉටුකරන්නේ කෙසේද යන්න තෝරා ගැනිමට හෙවත් වරණයට අවස්ථා ඇත. එහෙයින් ඵලදායිතාව ප්රශස්ත කිරීම සඳහා කර්තව්‍යයන් සංවිධානය කර ගැනීම නිපදවීමේ කාර්යයෙහි තවත් ප්‍රධාන අංගයකි.
නූතන කර්මාන්තශාලාවල සුවිශේෂී නිෂ්පාදන සෑදීමේදී විශේෂඥභාවයක් ඇති කරගැනීමේ නැඹුරුවක් තිබේ. එක හා සමාන පාහේ දේවල් විශාල සංඛ්‍යාවක් එක දිගට එකම ස්ථානයකදී තනන විට ඒවා වෙන වෙනම තනද්දීට වඩා අඩු පිරිවැයකින් තැනීමේ හැකියාව තිබේ. එවන් පිරිවැය සඵලතාවක් හෙවත් පිරිමැසුම් බවක් අත්පත් කර ගන්නේ සේවකයන් සමග යන්ත්‍ර සූත්‍ර බලශක්ති මූලයන් සහ අමුද්‍රව්‍ය හෝ උපාංග එකට ගෙන ඒමෙනි. නිෂ්පාදනය මධ්‍යගත කළ විට, නිෂ්පාදනයන්ගේ නඩත්තුව සහ අලූත් වැඩියාවද පහසු විය හැකිය. මන්ද නිෂ්පාදන ඒකක අතර පමණක් නොව විවිධ මාදිලි අතර පවා හුවමාරුකර භාවිත කළ හැකි කොටස් නිපදවීමට හැකි බැවිනි.
නිෂ්පාදන කි‍්‍රයාවලිය ස්වංකරණය එන්ට එන්ටම වැඩියෙන් සිදුකෙරේ. මහා පරිමාණ නිෂ්පාදයේ දී පුනර්වර්තී කර්තව්‍යයන්(එනම් එකම කාර්ය නැවත නැවත කිරීම) ඉටුකිරීම පිණිස ඇතැම් ආයතනවල නැතින්බම් ස්ථානවල රොබෝවරුන් යොදා ගැනේ. පැසුරුම් කිරීමේලා සඳහා වූ උපදෙස් විද්‍යුත් ක්‍රමයට පැසුරුම පාලනය කිරීම සඳහා යොදවා ගැනේ. පුද්ගලයන් විසින් අර්ථ ගන්වා කි‍්‍රයාකරවීම වෙනුවට නිෂ්පාදන සන්තතියක් අවශ්‍යතා අනුව හැඩ ගැන්වීමට හැකි බහුකාර්ය යන්ත්‍ර සැලසුම් කිරීමට හා භාවිතයට පාලනයෙහි නම්‍යතාව මගපාදයි. එවන් යන්ත්‍ර තිබීමෙන්, අලූතෙන් විශේෂ යන්ත්‍ර කට්ටලයක් තනන්නේ නැතිව අලූතෙන් නිෂ්පාදන සන්තතියක් හඳුන්වා දීමට නිෂ්පාදකයන්ට හැකියාව ලැබේ.
ස්වයංකී‍්‍රය කරන ලද හෝ නොලද වුව, නිෂ්පාද පද්ධති සැලසුම් කිරීම බෙහෙවින් සංකීර්ණ කාර්යයකි. ප්‍රථමයෙන්ම කළ හැකි දේ බොහොමයකට මෙහෙයුම් අනුක්‍රමණය ඉඩ කඩ සලසයි. ඒවායින් තෝරා බේරා ගත යුත්තේ අතිශය කාර්යක්ෂම අතිශය පිරිවැය ඵලදායි ඒවාය. ඉන් අනතුරුව තෝරාගත් ඕනෑම අනුක්‍රමණයක් උදෙසා අවශ්‍ය ගලා යෑම් බොහොමයක් මෙන්ම මෙහෙයුම් කළ යුතු වේලාවන් පාලනය නිරීක්ෂණය සහ සම්බන්ධීකරණය කළ යුතු වේ. මිනිසුන් ලෙස පුද්ගලයින්ගේ කුසලතාවන්හි සහ විනිශ්චයන්හි(එනම් තේරුම්ගෙන තීරණ ගැනීමෙහි) ඇති විය හැකි බොහෝ වූ සූක්ෂමතා යථා ත්යථව වෙන්කර දැක්වීම උගහට විය හැකිය. බොහෝ විට විශේෂඥයන්ට තමන් කරන්නේ කුමක්ද හෝ තමුන් එසේ කරන්නේ කෙසේද යන්න හරි හැටි පැහැදිලි කිරීමට නොහැකි වේ. අතිශය සංකීර්ණ නිෂ්පාද පද්ධතිවල මෙහෙයුම් කි‍්‍රයාව කාර්යක්ෂමව පාලනය කිරීමේ හැකියාව පරිගණකවලට තිබෙන බව ඇත්තය. එහෙත්, කලින් දකින්නේ නැති සහ කලින් දැකිය නොහැකි දේ සම්බන්ධයෙන් කි‍්‍රයාකිරීමට මනුෂ්‍යන්ගේ අධීක්ෂණය තවමත් අවශ්‍ය වේ.
නිෂ්පාදන ක්රියාවලියෙහි පරිණාමය වැඩෙහි ස්වභාවය වෙනස් කර ඇත. අතීතයේදී යම් ශිල්පයක නියැළි සේවකයකුට එකම කාර්යය නිෂ්පාදිතයෙහි හෝ ශිල්පක්‍රමයෙහි සුළුම සුළු වෙනස්කමක් සහිතව මුළු ජීවිත කාලය තුළම කරගෙන යා හැකි විය. එක් ස්ථානයක සිදුකෙරෙන මහා පරිමාණ නිෂ්පාදනය, අතිශය විශේෂඥභාවයට තුඩු දී ඇත: සම්පූර්ණ නිෂ්පාදිතයම එක් තනි පුද්ගලයකු විසින් නිමවනු ලැබීම වෙනුවට තනි තනි සේවකයන් එක් සරල කාර්යයක් දිගින් දිගටම කරගෙන යාම මෙහිදී සිදුවේ. ස්වයංකරණය වැඩිකරන විට ඍජු ශ්‍රමය හා පුහුණු ශිල්පයන් අවශ්‍ය වන්නේ අඩුවෙන්ය. එහෙත්, වැඩිපුර ඉංජිනේරු ශිල්පය, පරිගණක ක්‍රමලේඛ, තත්ත්ව පාලනය, අධීක්ෂණය සහ නඩත්තුව අවශ්‍ය වේ. සුළු කාර්යයක් නැවත නැවතත් ඉවරයක් නොමැතිව කිරීමේදී සේවකයන්ට ඇතිවන කම්මැලිකම මෙන්ම තමන් නොවැදගත් යයි යන හැඟීම පිළිබඳ හැඟීම් ස්වයංකරණය(automation) මගින් අඩු කරලීමට හැකිවුවත් එය (ස්වයංකරණය) සේවකයා සතුව ඇති පාලනය අඩුකරනවා මෙන්ම එය (ස්වයංකරණය) සමහරක් රැකියා අලූතෙන් නිර්මාණය කරන්නේ වී නමුත් ඇතැම් සේවකයන්ගේ රැකියා සම්පූර්ණයෙන්ම අහිමි කර දමයි. තාක්ෂණික විපර්යාසයන්ගේ සීඝ්‍රතාව වේගවත්වෙද්දී නව රැකියා භුමිකා එකක් නෑර එකක් ඉගෙනීමේ නම්‍යතාව හා කුසලතා එන්ට එන්ටම වැදගත් කමින් වැඩිවෙමින් පවතී.
ඊළඟ ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ සැලසුම්ගත ලෝකයක් බිහිකිරීමෙ දී බලශක්ති මූලයන්ගේ කාර්යභාරය ගැනයි.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE DESIGNED WORLD නම් 8 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.
අද ලිපිය 8 වෙනි පරිචේදයෙහි Manufacturing යන කොටස ඇසුරෙනි.