සැමට විදු නැන නුවණ – Science Literacy for All

මානව වර්ගයාට එක් තනි උපන් ස්ථානයක් නැතැයි විද්‍යාඥයෝ කියති

නූතන  මානවයන් එක් තනි ස්ථානයක,  තනි ගහණයකින් සම්භවය ලද්දේය යන අදහස අත්හැරීමට දැන් කල් පැමිණ ඇතැයි පර්යේෂකයෝ කියා සිටිති.

බොහෝ කාලයක් තිස්සේ විශ්වාස කෙරුණේ මානවායාගේ සම්භවය  නැගෙනහිර අපි‍්‍රකාවෙහි සිදුවූයේය යනුවෙනි. ලෝකයේ පැරණිතම හොමෝසේපියන් (Homo sapiens ) ෆොසිල එහි දී සොයාගනු ලැබුවේය යන්න පිළිගනු ලබන්නේ මතභේදයකින් තොරවය. ඓතිහාසික කතාව අනුව මෙයට වසර 300,000 කට පමණ පෙර ආදි මානවයන් කණ්ඩායමක් ජානමය සහ සංස්කෘතිමය වෙනස්වීම් පෙළකින් පසුව අද ජීවත්වන මානවයන් සියල්ලම ඇති කරීමට තුඩු දුන් සුවිශේෂී පරිණාමී මගකට යොමු කෙරිණි. කෙසේ වෙතත්, ෆොසිල, පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ජානමය සාක්ෂි පිළිබඳ පරිපූර්ණ සමීක්ෂණයන් පසුව මෙකී සාම්ප‍්‍රදායානුකූල වෘත්තාන්තය යලි ලිවිය යුතු යයි ප‍්‍රධාන පෙළේ විද්‍යාඥයන් කණ්ඩායමක් කියා සිටියි. අප දැන සිටි අන්දරය වෙනුවට, මේ අන්තර් ජාතික කණ්ඩායම කියා සිටින්නේ, අප මිනිසුන් බවට පත් කෙරෙන කැපී පෙනෙන ගුණාංග මුළු මහත් අපි‍්‍රකානු මහාද්වීපයම පුරාවට විවිධ ගහණ අතරේ මොසයික ආකාරයට(එනම් විවිධ ආකාරයකට) හටගන්නට ඇති බවයි. පරිපූර්ණ නූතන මිනිසා  ඉස්මතු වන්නේ මෙකී අර්ධ හුදකලා කණ්ඩායම් අතර අන්තරාභිජනනයෙන් සහ සංස්කෘතික හුවමාරුවෙන් වසර දසදහසක් ගණන් හෝ සිය දහස් ගණන් ගතවීමෙන් පසුවය. මෙතෙක් හමුවී ඇති පැරණිතම අස්ථි මානව අන්දරයේ පදනම දෙදරවීමට සමත් වෙයි.

”මෙකී ඒකල සම්භවය, ඒ කියන්නේ එකම ජනගහනයකින් හට ගත්තේය යන මතය ජනතා සිත් සතන් තුළ මුල් බැසගෙන තිබෙනවා. ඒත් අප මේ ගැන සිතන විදිහ සරල වැඩියි”යි කියා සිටින්නේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයකු වන ආචාර්ය එලනොර් ස්කෙරීය. මෙම අන්තර්ජාතික පර්යේෂණ කණ්ඩායමෙහි  ප්‍රධානත්වය දැරුවේ ඇයයි.

දකුණු අපි‍්‍රකාව (Florisbad =ෆ්ලොරිස්බාද්) සිට  ඉතියෝපියාව (Omo Kibish =ඕමෝ කිබිෂ්),  මොරොක්කෝව (Jebel Irhoud=ජෙබෙල් ඉර්හවුඞ්) දක්වා විශාල භූමි භාගයක පැතිරී ඇති හැඩයෙන් අති විශාල ලෙස එකිනෙකින් වෙනස්වන මුල් යුගයේ හෝමෝ සේපියන් ෆොසිල ගැන අර්ථ දැන්වීම් කිරීමේදී ඇතිවන ප‍්‍රතිවිරෝධතා සමනය කිරීමට මේ නව මහාද්වීපය හරහා ව්‍යාප්ත සම්භවය පිළිබඳ මතය ආධාර වෙයි. නූතන මිනිසා සුවශේෂී ගති ලක්ෂණ වනුයේ ගෝලාකාර මොළ කූඩුව, නිකටක්, වඩාත් සියුම් නළල්තලාව සහ කුඩා මුහුණත් යන අංගය. මුලදී මෙම ලක්ෂණ විවිධ ස්ථානවල විවිධ කාලවලදී හටගත් බවක් පෙනෙන්නට තිබුණි. මෙය කලින් පැහැදිලි කරදෙනු ලැබුවේ එක්කෝ එක් තනි විශාල ජනගහනයක් මහාද්වීපය පුරා සාමූහිකව සංක‍්‍රමණය වීම පිළිබඳ සාක්ෂි ලෙස නැතිනම් නූතන මානව පරපුරේ ඇතැම් ශාරීරික සමානතා වැඩිදියුණු කරගත් උප ශාඛාවක ෆොසිල ලෙස සලකා සමහරක් ෆොසිල සැලකිල්ලට නොගැනීමෙනි. අලූත්ම විශ්ලේෂණ දක්වන්නේ මෙලෙස මානව ෆොසිලයන් තැන් තැන ඉස්මතුවීම පැහැදිලි කිරීමට ක‍්‍රමයක් ඇති බවයි.  එනම් ජනගහණ ගණනාවක්ම වසර දහස් ගණන්ක තිස්සේ ගංගා කාන්තාර වනාන්තර සහ කඳු මගින් කාලයෙන් කාලයට වෙන් කරනු ලැබ සිට දේශගුණයේ වෙනස්කම් ඇතිවීම හේතුවෙන් ය ළි එක්වන්නට ඇති යනුවෙනි. “මේ බාධක සංක්‍රමණයට සහ එකිනෙකා අතර සම්බන්ධතා පවත්වා ගෙනයාමට අපහසුතා ඇති කිරීම හේතුවෙන් කලක් වෙන්වී සිටි පිරිසක් සුළු කාලයකට එක්වී යලි වෙන් වන්නට ඇති” යනුවෙන් ස්කෙරී පවසයි.

Trends in Ecology & Evolution යන සඟරාවෙහි පළ කෙරුණු පර්යේෂණ වාර්තාව වඩාත් විචිතී‍්‍රත ගල් ආයුධ, ආභරණ සහ ඉවුම් පිහුම් උපකරණ වෙත ඇති නැමියාව දනවන සිද්ධාන්තයකට සහාය පළවෙයි. අගතිගාමී පූර්ව නිගමන සහ උපකල්පන ඉවත් කිරීමේ අරමුණ ඇතිව පුරාවිදයාත්මක මෙන්ම ෆොසිල ජානමය සහ දේශගුණික දත්ත එකට ගෙන විභාග කර බැලීමේ බහුශික්ෂණ විශේෂඥ කණ්ඩායමක් ස්කෙරී විසින් එක් රැස් කරනු ලැබ ඇත. ඇය දක්වන අන්දමට කලින් සිදුවූයේ තව තමන්ගේ සොයා ගැනීම්වලට මුල් තැන දෙමින් අද දක්වා වූ පරිණාමමය රේඛීය ඉණිමගක තම සොයා ගැනීම් තැබීමට පර්යේෂක කණ්ඩායම් අතර දැඩි තරගයක් පැවතිනි. දකුණු අපි‍්‍රකාවේ සහ නැගෙනහිර අපි‍්‍රකාවේ සිය කටයුතු මෙහෙයවන කණ්ඩායම් අතර ආරවුල් පැලපදියම් වී ඇතැයි ද ඇය සඳහන් කරයි. “කොහේ  හරි තිබිලා එක් කෙනෙක් හිස් කබලක් සොයා ගන්නවා. ආන්න ඒක තමයිලූ මිනිසාගේ ආරම්භය. තව කෙනෙක් තව තැනක ආයුධ මෙවලම් ටිකක් සොයා ගන්නවා. එවා තමයි මිනිසාගේ සම්භවය සලකුණු කරන්නේ කියනවා” ඇය පැහැදිලිකර දෙයි.

අලූත්ම ප‍්‍රවේශය ගැන අදහස් දක්වන ස්කෙරී කිසා සිටින්නේ ‘අපි ඔක්කොම එකතුවෙලා දැනට තියෙන දත්ත සියල්ලම පදනම් කරගෙන එක ආකෘතියක් තනා ගත යුතු ය’ නුවෙනි. නව විශ්ලේෂණය දක්වන අන්දමට මානවයන් අද දකින්නට තිබෙනවාට වඩා බොහෝ සේ විවිධ විශේෂයන් හා උප ගහණවල එකතුවකි. මෙයට අවුරුදු 200,000 සිට 400,000  දක්වා කාලය තුළ අපේ ආදිතමයන් ජීවත්වන්නට ඇත්තේ දකුණු අපි‍්‍රකාවේ දැකිය හැකි වූ හොමෝ නලෙඩි(Homo naledi) ඒ වගේම මධ්‍යම අපි‍්‍රකාවේ සිටි විශාල මොළයක් සහිත හොමෝ ෆයිඩල්බර්ජෙන්සිස් (Homo heidelbergensis) එත් නැතිනම්  මෙතෙක් සොයා ගෙන නැති අනෙකුත් මානව කණ්ඩායම් සමූහයක් සමග එකටයි.

The Guardian(Science) හි පළවූ   No single birthplace of mankind, say scientists යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: