සැමට විදු නැන නුවණ – Science Literacy for All

වෛද්‍ය විද්‍යාත්මක ප‍්‍රවාද:යහපතට වඩා හානිය වැඩියි?

සාපේක්ෂ අවදානමට එරෙහි නිරපේක්ෂ අවදානම

අහවල් අහවල් හේතුවෙන් පිළිකා සෑදේ යයි මිස පිළිකාව සෑදෙන්නට හේතුවක් නොවිය හැකි යම් දෙයක් ගැන ඔබ අසා තිබේ ද? අපට නිතර අසන්නට ලැබෙන්නේ ම පිළිකා කාරක ගැනය: ගෙවී ගිය කාලය තුළ මෙ සම්බන්ධයෙන් අප ඉගෙන ගෙන ඇති දේවල් අතර අඩංගු සමහරක් මෙසේය : උණු උණුවේම තේ බොන විට(උගුරේ සිට ආමාශයට ඇති නාළිකා කොටස වන) අන්නස්‍රෝතයේ පිළිකාව වැළඳීමේ අවදානම අට ගුණයකින් ඉහළ යයි; ආර්තවහරණයෙන් පසුව(ඔසප්වීම නැවතීමෙන් පසුව) කාන්තාවන් අතරේ දෛනිකව සිදරන් ගෙඩි කාලක් ආහාරයට ගන්නා  කාන්තාවන්ට පියයුරු පිළිකා අවදානම 30% කින් වැඩිවේ;  දිනපතා බේකන් සැන්ඞ්විචයක් ආහාරයට ගැනීමෙන් බඩවැල පිළිකාව 20% කින් වැඩිවේ.

Related image

මේ මත ප‍්‍රකාශ වලංගු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒත් ඒවා තුළ සැඟවී ඇත්තේ බලගතු, ක‍්‍රමයෙන් වර්ධනය වන පටලැවිල්ලක මූලයකි. මෙහිදී උපුටා දැක්වෙන සංඛ්‍යා මගින් දැක්වෙන්නේ සාපේක්ෂ අවදානමයි: එනම් කිසියම් අනතුරුදායක යයි සැලකෙන ද්‍රව්‍යයක් උපයෝගී කරගත් විට හෝ ක‍්‍රියාකාරකමක් කළ විට සහ එසේ නොකළ අවස්ථා සංසන්දනය කර ඔබ පිළිකාවට ගොදුරුවීමේ අවදානම මනිනු ලැබේ. එහෙත් නිරපේක්ෂව ගත් කළ අවදානම ඉහළ යන්නේ කිනම් ප‍්‍රමාණයක් දක්වා ද යන්න ගැන කිසිවක් ඒවායින් පැවසෙන්නේ නැත. එහෙයින් මේවා ගැන අපගේ සැලකිල්ල යොමු කිරීම ප‍්‍රයෝජනවත් ද යන්න දැන ගැනීමට මේවායින් පහසුවක් නොසැලසේ.

‘‘සාමාන්‍ය පුද්ගලයෙකුට ජීවිතයේ කිසියම් අවස්ථාවක දී බඩවැලෙහි පිළිකාව සෑදීමේ 5% ක පමණ සම්භාවිතාවක් තිබෙනවා.’’ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ ඩේවිඩ් ස්පිගල්හෝල්ටර් කියා සිටියි.  එහෙයින් බඩවැල් පිළිකාවේ සියයට 20 ක සාපේක්ෂ වැඩිවීමක් කියන්නේ බඩවැලේ පිළිකා අවදානම 5% සිට නිරපේක්ෂ වැඩිවීම සියයට  6 දක්වාය. එනම් සියයට 1 ක වැඩිවීමකින් පමණකි. සියයට එකක්! එම ප‍්‍රමාණය වුවද නොසළකා හැරිය නොහැකි තරම් විශාල බව ඇත්තය. එහෙත් දිනපතා බේකන් සැන්ඞ්විච් කෑමට ප‍්‍රිය කරන අය ඉන් අධෛර්්‍යය කිරීමට තරම් නම් විශාල යයි කිව හැකිද?

Image result for david spiegelhalter

යම්කිසි සාපේක්ශ අවදානමක,  සිරස්තල ආකර්ෂණය කර ගැනීමට තරම් වන  විභවය නැතිනම් හැකියාව ‘ඩැහැගනු’ ලබන්නේ පුවත්පත් කලාවේදීන් විසින් පමණක්ම නොවේ : වෛද්‍ය වෘත්තිකයන් විසින් ද එලෙස කරනු ලැබේ. ‘‘ඉතාමත් නොමග යවන සුළු, ඒත් ඉතාමත් බහුලව සිදු කෙරෙන කාරණාවන් තිබෙනවා. මේ ප‍්‍රයෝගය තමයි යම් ප‍්‍රතිකාරයක වාසි ගැන කතා කරන කොට සාපේක්ෂ අවදානම සඳහන් කිරීමටත් සිදුවිය හැකි හානිය නිරපේක්ෂ අවදානම් ලෙස ඉදිරිපත් කිරීම’’ යයි ස්පීගල්හෝල්ටර් පෙන්වා දෙයි.

Image result for hormone replacement therapy

මෙම හෝමෝන ආදේශක ප‍්‍රතිකාර ක‍්‍රමය(hormone replacement therapy – HRT) බඩවැල් පිළිකාව සෑදීමේ අවදානම සියයට 50 කින් අඩු කරයි(සාපේක්ෂ අවදානම).  එහෙත්, එය කාන්තාවන් සෑම 1000 ක්ම  අතිරේකව පියයුරු පිළිකා රෝගීන් 6 දෙනෙකුට මග පෑදීමට හැකිය(නිරපේක්ෂ අවදානම). බැලූ බැල්මට පෙනෙන්නේ අතිරේකව සියයට 0.6 ක් පමණක් වන පියයුරු පිළිකා අවදානම සමග සසඳන විට ප‍්‍රතිකාර ක‍්‍රමයෙන්(HRT) සැලසෙන වාසිය අති විශාල බවයි. එහෙත්, ඉලක්කගත ජනගහනය තුළ බඩවැල් රෝග නිර්පේක්ෂ අනුපාතය දැනගන්න තුරු අපට මේ ගැන හරිහැටි වැටහීමක් ලබාගත නොහේ. සාමාන්‍ය ජනගහනය තුළ මෙන්ම මෙම ඉලක්කගත කණ්ඩායම අතරේ ද නිරපේක්ෂ අනුපාතය සියයට 5 ක් ලෙස උපකල්පනය කළොත් අවදානම අඩුවීමේ අනුපාතය සියයට 25 කි. එවිට ප‍්‍රතිකාරයේ වාසි සහ අවාසිය අතර අනුපාතය දැකගත හකිවන්නේ බෙහෙවින්ම වෙනස්ම ආකාරයකටය.

මේ ප‍්‍රයෝගය ගැන අබෝධයක් ඇති වූ කළ එය සොයා ගැනීම සාපේක්ෂව පහසු කාර්යයකි. එසේ වුවද, ඉන් මෙම ප‍්‍රයෝගය සහමුලින් ඉවත් කිරීමක් සිදු නොවේ. සමානයන් සමාලෝචනය කරනු ලබන(peer-reviewed) වෛද්‍ය සඟරාවල පවා මෙය දැකිය හැකිය. 2007 වර්ෂයේ පළ කරනු ලැබූ අධ්‍යයනයක දැක්වෙන පරිදි බි‍්‍රතානඥ වෛද්‍ය ජර්නලය වන(The Lancet)  සහ ඇමරිකානු වෛද්‍ය සංගමයේ සඟරාවෙහි(The Journal of the American Medical Association) වෛද්‍යමය මැදිහත් වීම ගැන වාර්තා කෙරෙන ලිපි වලින් තුනෙන් එකක්ම භාවිතා කරන්නේ විවිධ මිනුම්වල මිශ‍්‍රනයකි.

NEW SCIENTIST(THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි Careless pork costs lives… .and other medical myths යන කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: