සැලසුම්ගත ලෝකය : බලශක්ති ප්‍රභවයන්

අප ජීවත්වන ලෝකය වැදගත් විධි බොහොමයකින් හැඩ ගස්වනු ලැබ ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් මගිනි. ජීවිතයට හා පරිසරයට එල්ලවන තර්ජන වළක්වා ගැනීම, ඉවත් කර දැමීම හෝ අඩුකර ගැනීම පිණිස මෙන්ම සමාජයීය අවශ්‍යතා පිරිමසා ගැනීම පිණිස ද අපි තාක්ෂණික විකල්ප නිර්මාණය කරගෙන ඇත්තෙමු. ගංගා හරස්කර, වේලි බැඳ, එමෙන්ම වනාන්තර එළිපෙහෙළි කර ඇත්තෙමු. ද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ තනා ඇත්තෙමු. අති විශාල ප්‍රමාණයක ප්‍රදේශ පුරා මහ නගර සහ මහාමාර්ග තනා ඇත්තෙමු. තවද, සමහරවිට කැමැත්තක් ඇතත් නැතත් වෙනත් ජීවීන්බොහෝ දෙනාගේ ඉරණම තීරණය කරනු ලැබ ඇත්තෙමු.
එසේ නම්, එක අර්ථයකින් ගත් කල, — වැඩිකොටම තාක්ෂණය හරහා හැඩගස්වා සහ පාලනය කරනු ලැබ — අපේ ලෝකයේ බොහෝ කොටස් සැලසුම් කරනු ලැබ ඇත; අපේ අපේක්ෂාවන් යයි අප සිතන ආකාරයටය අනුකූලවය. අපේ ග්‍රහලෝකය වන පෘථිවිය අද අප පත්කොට ඇති අන්දමට, අපේ අනාගත යහපැවැත්ම අප තාක්ෂණය වැඩිදියුණු කිරීම, භාවිතා කිරීම හා සීමා කිරීම කෙලෙස සිදු කරන්නේද යන්න මත ඉතා දැඩිව රැඳී පවතී. එසේ වන හෙයින් එය ඉතා තදින්ම රඳා පවතින්නේ, තාක්ෂණයේ කි‍්‍රයාකාරිත්වය මෙන්ම අප ජීවිතය ගෙවන සමාජයීය සංස්කෘතික, ආර්ථික සහ පාරිසරික පද්ධති කොයිතරම් හොඳින් අප අවබෝධ කරගන්නේ ද යන්න මතය.
අපේ ජීවිත හා පරිසරය හැඩ ගස්වන ලද ප්‍රධාන මානව ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තාක්ෂණයේ ඇතැම් ප්‍රධාන අංග ගැන මෙම ලිපි පෙළ මගින් ඉදිරිපත් කරනු ලැබේ. ලිපි පෙළ කේන්ද්‍රගතව ඇත්තේ මූලික තාක්ෂණ ක්ෂේත්‍ර 8ක් මතය: කෘෂිකර්මය, ද්‍රව්‍යයන්, නිෂ්පාදනය, ශක්ති මූලයන්, ශක්තිය භාවිතය, සංනිවේදනය, තොරතුරු සැකැසීම හා සෞඛ්‍ය තාක්ෂණය. අද ලිපිය බලශක්ති ප්‍රභවයන් (Energy Sources) ගැනයි.
බලශක්ති ප්‍රභවයන්
කර්මාන්ත, ප්‍රවාහනය, නාගරික සංවර්ධනය. කෘෂිකර්මාන්තය සහ තවත් මිනිස් කි‍්‍රයාකාරකම් බොහොමයක් ලබාගත හැකි බලශක්ති ප්‍රමාණය සහ බලශක්ති වර්ගය සමග සමීපව සම්බන්ධය. තාක්ෂණික කි‍්‍රයාදාමයන් සඳහා බලශක්තිය අවශ්‍යය : කොටස් ලෙස (කෑලි කෑලිවලට) වෙන්කිරීම, එකලස් කිරීම, එහා මෙහා ගෙන යාම, සංනිවේදනය කිරීම සහ අමුද්‍රව්‍ය ලබාගැනීම මෙන්ම ඒවාට අදාළ කටයුතු කිරීම සහ ප්රතිචකී්රයකරණය එම කි‍්‍රයාදාමයන් අතර වේ.
විවිධ බලශක්ති ප්රබවයන් සහ ඒවා යොදා ගන්නා විවිධ ආකාර අනුව පිරිවැය, ඒවායේ බලපෑම් සහ අවදානම් හෝ අන්තරායන්ද වෙනස් වේ. ඍජු සූර්යාලෝකය, සුළඟ හා ජලය යනාදි සමහරක් සම්පත් අඛන්ඩව දිගටම ලබා ගත හැකිය. දැව සහ තෘණ යනාදී ශාක ඉන්ධන ස්වයං-ප්‍රතිජනනය (නැවත පිහිටුවීම) කළ හැකි වන්නේ නමුත් ඒ සීමිත වේගයකිනි; සහ අප ඒවා නෙළා ගන්නා ප්‍රමාණයටම යළි වවන්නේ නම් පමණකි.
පෘථිවිය තුළ රාශිභූත වී තිබෙන ඉන්ධන — ගල් අඟුරු, ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු, යුරේනියම්, ලබාගැනීම එන්ට එන්ටම අසීරු වේ. මන්ද, වඩාත් පහසුවෙන් ලබා ගත හැකි මූලයන් සිඳීයාම හේතුවෙනි. මෙලෙස එම සම්පත් හිඟවීමේ තර්ජනය එල්ලවෙද්දී වඩාත් ගැඹුරට කැනීමෙන්, පහළ මට්ටමක සාන්ද්‍රණයක ලෝහපස් සැකසීමෙන් හෝ සාගර පත්ල හෑරීමෙන් ආදී වශයෙන් ඉතිරි සම්පත් වඩා හොඳින් යොදා ගැනීමේ හැකියාව නව තාක්ෂණයට තිබිය හැකි වීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් ඒවා කොපමණ ඉක්මනින් සිඳීයා දැයි පුරෝකථනය කිරීම අසීරුය. අන්තිමේදී මුහුණපාන සීමාව වන්නේ (සම්පත්) අහවර වීමට වඩා (සම්පත්) ලබාගැනීම පිණිස වැයවන දරාගත නොහැකි පිරිවැයයි. ඒ කියන්නේ ඒවා නෙළා ගැනීම පිණිස වැය කරන බලශක්තිය, මෙකී සම්පත් මගින් සැපයෙන බලශක්තියට වඩා ඉක්මවා යාමයි.
අප භාවිත කරන බලශක්ති බොහෝමයක මූලිකම ප්රභවය වන්නේ සූර්යාලෝකයයි. එය අපට ආකාර කීපයකින්ම ලබා ගැනීමට හැකියාව තිබේ: සූර්යාලෝකයේ ශක්තිය ශාක මගින් ඍජුවම හසු කර ගනු ලැබේ. එමෙන්ම එය වාතය, භූමිය සහ ජලය රත්කරමින් සුළං සහ වර්ෂාව ඇති කරවයි. එහෙත් ශක්තිය ගලා යෑම සැලකිය යුතු මට්ටමකට දුර්වලය. බොහොමයක් තාක්ෂණික භාවිතයන් සඳහා ශක්තිය කේන්ද්‍රගත කිරීම පිණිස ඒකරාශීවීමට නම් ප්‍රමාණයෙන් විශාල එකතු කිරීමේ පද්ධති අවශ්‍යය වේ: විශාල ප්‍රමාණයක භූමි භාගයක් හරහා ගලාවිත් ගංගාවල ඒකරාශී වී ඇති වැසි ජලය තමයි ජලවිදුලි තාක්ෂණය සඳහා උපයෝගී කරගන්නේ. විශාල ප්‍රමාණයක භූමි සහ සාගර මතුපිට රත්වීමෙන් නිපදවන සුළං ප්‍රවාහය තමයි සුළං මෝල භාවිත කරන්නේ. එමෙන්ම, සුළං බලයෙන් නිපදවන විදුලි බලය සහ ආලෝක-සංවේදී මතුපිට මත කෙලින්ම පතිත වන සූර්යාලෝකයෙන් නිපදවන විදුලි බලය සඳහා ඉතා විශාල එකතු කිරීමේ පද්ධති අවශ්‍යයි. ගෘහාශ්‍රිත අවශ්‍යතා සඳහා සුළං මෝල් සහ ඍජු තාපය කුඩා පරිමාණයෙන් ශක්ති නිශ්පාදනයට අර්ධ වශයෙන් යොදා ගත හැකිය. එහෙත් විශාල පරිමාණයෙන් සුළං මෝල භාවිතය සහ සූර්යාතාපය උපයෝගී කර ගැනීම සඳහා පිරිවැය-පිරිමැසුම්දායක තාක්ෂණය(cost-efficient technology) තවමත් නිපදවා ගෙන නැත. ( මුල් ඉංග්‍රීසි ලිපිය සකසා ඇත්තේ 1990 වර්ෂයේ දී යන්න ගැන මෙහිදී සැලකිලිමත් වන්න — පරිවර්තක).
ඉතිහාසයේ වැඩි කාලයක් සැල්කිල්ලට ගන්නා විට අපට පෙනීයන්නේ, පිසීමට අවශ්‍ය වන තීව්ර තාපය සපයාගැනීමට, එමෙන්ම නිවස්න උණුසුම් කිරීමට මෙන්ම යන්ත්රක්රියා කරවීමට අවශය පොදු ප්රභවය වූයේ දැව දහනය බවයි. අද භාවිත කරන බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් සපයනු ලබන්නේ ෆොසිල ඉන්ධන දහනය කිරීමෙනි. වසර මිලියන ගණනක් තිස්සේ ශාක එකතු කර ගත් සූර්යාලෝක බලශක්තිය ගබඩාකර ඇත්තේ ෆොසිල ඉන්ධන තුළය. මෑතක් වනතුරුම වඩාත්ම බහුලව යොදා ගනු ලැබූ ෆොසිල ඉන්ධනය ගල් අඟුරුය. එහෙත් පසුගිය ශතවර්ෂයේ දී ඛනිජ තෙල් හා ඒ ආශ්රිත ස්වභාවික වායු කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති විය. ඊට හේතු වශයෙන් බලපෑවේ ඒවා එකතු කිරීමේ පහසුව, කර්මාන්ත අංශයෙහි භාවිතයන් ගණනාවකට යොදා ගැනීමට හැකිවීම සහ මෝටර් රථ, ට්රක්රථ, දුම්රිය හා අහස්යානා වැනි වාහන සඳහා පහසුවෙන් ගෙන යා හැකි බලශක්ති මූලයක් වීමයි. අවාසනාව වන්නේ, දහනය කරන ෆොසිල ඉන්ධන සියල්ලම වායුගෝලීය අපද්‍රව්‍යය නිෂ්පාදන ලෙස එක්රොක්වීම සෞඛ්‍යයට හා ජීවිතයට තර්ජනයන් වීමට හැකිවීමයි. පොළොව යට ආකරවල ගල් අඟුරු කැනීම පතල්කරුවන්ගේ සෞඛ්‍යයට හා ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන අතර පෘථිවියට ඉන් කැළැල් ඇති කරයි. තෙල් ඉහිරුම් (oil spills) සාගර ජිවීන් අනතුරුට හෙළීමට හැකිය. එහෙත් දැව දහනයට ආපසු යාමද හොඳ විකල්පයක් නොවේ. මන්ද ඉන් වායුගෝලයට හරිතාගාර වායු එක්වන බැවිනි. තවද, ඉන්ධන සඳහා අධිකව ගස් කැපීම, ප්රාදේෂික්කව මෙන්ම ලොව පුරා යහපත් පරිසර පද්ධති පවත්වාගෙන යාමට අවශ්‍යවන වනාන්තර හීනවී යන හෙයිනි.
එසේ වුවද වෙනත් ඉන්ධන ප්‍රභවයන් ඇත. බැර මූලද්‍රව්‍යවල න්‍යෂ්ටිය විඛණ්ඩනය ඉන් එකයි. ෆොසිල ඉන්ධන දහනය හා සසඳද්දී මින්, (යොදා ගන්නා ද්‍රව්‍යයෙහි ස්කන්ධයට අනුපාතිකව) අති විශාල බලශක්ති ප්‍රමාණයක් මුදා හැරේ. න්‍යෂ්ටික ප්රතික්රියාකාරවලදී(nuclear reactors) ජනනය කෙරෙන බලශක්තිය වැඩිපුරම භාවිත වන්නේ වාෂ්ප නිපදවා ගැනීම පිණිස ජලය උතුරුවා ගැනීමටය. විදුලිබල ජනක ධාවනය වන්නේ එම වාෂ්පයෙනි. ඊට අවශ්‍යවන යුරේනියම් විශාල විශාල තොග ඇතත් අවසනානයේ එහි සැපයුම සීමිතය. එසේ වුවද. විඛණ්ඩනයේ නිපදවන අපද්‍රව්‍ය අතිශය විකිරණශීලී වන අතර වසර දහස් ගණනක් එලෙසම පැවතිය හැකිය. මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීමට අදාළ තාක්ෂණික ප්‍රශ්න විකිරණශීලීත්වය පිළිබඳ මහජන බිය මෙන්ම න්‍යෂ්ටික බලාගාර කඩාකප්පල්කිරීම හා ආයුධ තැනීම පිණිස න්‍යෂ්ටික ද්‍රව්‍ය සොරකම් කිරීම ගැන ඇති බිය හේතුවෙන් ප්රශ්නය තවත් සංකීර්ණවේ.
පාලිත න්‍යෂ්ටික විලයන ප්රතිකාරක (controlled nuclear fusion reactions) යොදා ගැනීම වඩාත් විශාල ශක්ති මූලයක් වීමේ විභවයෙන් යුක්ත වුවද ඊට අදාළ තාක්ෂණයෙහි ශක්‍යතාව තවම තහවුරු වී නැත. විලයන් ප්‍රතික්‍රියාකාරක ආරක්ෂාකාරී ඉන්ධන ද්‍රව්‍ය යොදා ගත්ත ද බලශක්තිය නිපදවීමේ ක්‍රියාදාමයේදී විකිරණශීලී බවට පත් අපද්‍රව්‍ය ඉවත් කිරීම තවදුරටත් ප්රශ්නයක්ව පවතිනු ඇත. තවද නව තාක්ෂණයක් සම්බන්ධයෙන් සෑම විටම සිදුවන්නාක් මෙන්ම කලින් අපේක්ෂා කිරීමට නොහැකි අවදානම් නැතිනම් අන්තරායන් මතුවීමට ඉඩ තිබිය හැකිය.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE DESIGNED WORLD නම් 8 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.
අද ලිපිය 8 වෙනි පරිචේදයෙහි Energy Sources යන කොටස ඇසුරෙනි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න