සැමට විදු නැන නුවණ – Science Literacy for All

අපි වයසට යන්නේ ඇයි? II කොටස

මේ ලිපියෙහි මුල් කොටස 2018 අගෝස්තු 7වෙනිදා තතු හි පළවිය ( I කොටස මෙතැන ක්ලික් කර කියවන්න). හදිසි අනතුරු, රෝග හා විලෝපනය හේතුවෙන් සිදුවන මර්ත්‍යතාව වැඩිවෙත්ම, වරණය බලවත් ආකාරයකට නැඹුරුවක් දක්වන්නේ ජීවිතයේ පසුකලෙකට සාපේක්ෂව මුල් කාලයේ වැඩිදියුණුව කෙරෙහිය යි එහි සඳහන්විය. මන්ද එම බාහිර හේතුව නිසාවෙන් සිදුවන මරණ අනුපාතය ඉහළ යාම් වයස් ගතවන තුරු ජීවත්වීමේ හැකියාව ලැබෙන්නේ සුළු පිරිසකට පමණක් වීමය.

ඉන් කියැවෙන්නේ ජීවිතයේ මුල් කාලයේ නොනැසී පැවතීම හෝ සාඵල්‍යය මත වාසිදායක බලපෑම් සහිත විචල්‍යයන්ගේ වරණීය වටිනාකම හෙවත් අගය වඩාත් ඉමහත්  නිසාවෙන් වයස් ගතවීම පරිණාමය වන බවයි. ජීවිතයේ පසුකලෙක බලපාන විචල්‍යයන් හා සංසන්දනයේදී අපට හුරුපුරුදු  ජීවිත රක්ෂණය යන අදහසට මෙම සංකල්පය සමානකමක් දක්වයි: කිසියම් ජීවිත රක්ෂණයක් මිලට ගැනීමේදී ඔබ තරුණ නම් ඊට වැය වන මුදල අඩු විය හැකිය. මන්ද ඔබට ඉදිරියේ බොහෝ කාලයක් ගෙවීමට ඇති හෙයිනි.

Related image

වයස් ගතවීම ඇති කරලීමට කි‍්‍රයාකිරීමේදී  ස්වාභාවික වරණයට ක්‍රියා කළ හැකි ප‍්‍රධාන ක‍්‍රම දෙකක් තිබේ. ජීවිතයේ මුල් කාලයේදී ඒවායේ බලපෑම් ප‍්‍රකාශයට පත් වන්නේ නම් හානිකර බලපෑම් සහිත විකෘතීන්ට එරෙහිව වඩාත් දැඩි ලෙස වරණය සිදුවෙන බව ඉහත තර්කයෙන් පෙන්නුම් කරයි. වරණයට වයස්ගතවීම ඇති කළ හැකි ප‍්‍රථම ක‍්‍රමය වන්නේ ජනගහනය තුළ ජීවිතයේ මුල් කාලයේ බලගතු විකෘතීන් දුලබ කර,  ජිවිතයේ පසු කලෙකදී  බලපාන විකෘතීන් සුලබ කිරීමය.

ඇත්තවශයෙන්ම, බොහෝමයක් සුලබ මානව ප‍්‍රවේණී රෝග හටගන්නේ ඇල්සයිමර්ගේ රෝගය වැනි රෝග හා සම්බන්ධ, ජීවිතයේ පසු කාලය ඒවායේ හානිකර බලපෑම් මතුවන විකෘතීන් හේතුවෙනි. දෙවනුව, ජීවිතයේ මුල් කාලයේදී වාසිදායක බලපෑම් ඇති විචල්‍යයන් වයස් ගතවීමෙන් පසුව පමණක් ඇතිවන යහපත් බලපෑම් සහිත විචල්‍යයන්ට වඩා ජනගහනය පුරාවට පැතිරවීමට වඩාත් ප‍්‍රස්ථාව ඇත. ජීවිතයේ පසු කලෙක හානිකර අතුරු ආබාධ ඇතිවීමේ අවදානම ඇති වුවද ජීවිතයේ මුල් කාලයේ අභිවෘද්ධීන් පරිණාමය විය හැකිය. නිදසුනක් දක්වන්නේ නම්, ඇතැම් ප‍්‍රජනක හෝමෝනවල ඉහළ මට්ටම කාන්තාවගේ සාඵල්‍යතාව වැඩිකිරීමට හැකි වුණද ඇතැම් විට එසේ හැකිවන්නේ පසුකලෙක ඇතිවන පියයුරු හෝ ඩිම්බර පිළිකා අවදානම ඇතිවය. සම්පරීක්ෂණ මගින් මෙම පුරෝකතනය සනාථ වී තිබේ. නිදසුනක් දක්වතොත් වයස්ගත අයගෙන් පමණක් අභිජනනයෙන් Drosophila melanogaster  නම් පළතුරු මැස්සාගේ ගහණයන් පවත්වාගෙන යා හැකිය. පරම්පරා කිහිපයක් ඇවෑමෙන් මේ ගහණයන් සෙමින් වයස් ගත වනසේ පරිණාමය විය හැකි නමුත් එසේ පරිණාමය වන්නේ ජීවිතයේ මුල් කාලයේ ප‍්‍රජනන සාර්ථකත්වය හීන කරවමිනි.

Image result for external reasons for death

බාහිර හේතුන් නිසා මිය යාමේ අඩු අනුපාතයක් සහිත ජීවීන්, බාහිර හේතුන් නිසා මිය යන වැඩි අනුපාතයක් සහිත ජීවීන් හා සසඳන විට වයස්ගතවීමේ අඩු අනුපාතයක් සහ දීර්ඝ ආයු කාලයක් සහිතව  පරිණාමය විය යුතු යයි වයස්ගතවීම පිළිබඳ පරිණාමීය සිද්ධාන්තය පුරෝකථනය කරයි. ඇත්ත වශයෙන්ම, ශරීර ප‍්‍රමාණය හා වයස්ගතවීමේ අනුපාතය අතර දැඩි සම්බන්ධතාවක් පවතී.  විශේෂයක් කුඩා වන්ට, වන්ට විශාල සත්ව විශේෂයකට  වඩා ශීඝ‍්‍රයෙක් වයස්ගතවීමත්, කලින් ප‍්‍රජානනය කිරීමටත් ප‍්‍රවණතාවක් දක්වයි. ඇතැම්විට, කුඩා සතුන් බොහෝමයක් අනතුරුවලට හා විලෝපනයට ගොදුරු වීමේ හැකියාවක් මෙයින් පිළිබිඹු වේ. වනගතව ජීවත්වන විවිධ මර්ත්‍යථා  අනුපාත සහිත සතුන් අතර විලෝපනයේ අවදානම අප සැලකිල්ලට ගන්නා විට එක සමාන සිරුර සහිත විශේෂ අතර වයස් ගතවීමේ කැපී පෙනෙන වෙනසක්ම් ගැන අපට බොහෝ විට අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ. පියාඹන සතුන් බොහොමයකට චිර ජීවනක් පවතින බව ප‍්‍රකට කරුණක්. එය තේරුම් ගැනීම පහසුයි. මන්ද පියැඹීම විලෝපියන් බොහෝ දෙනෙකුගෙන් ගැලවීමට හොඳ මගක් නිසාය. ගිරවෙකු වැනි සාමාන්‍ය කුඩා සතෙකුට මනුෂ්‍යයෙකුට වඩා ආයු කාලයක් තියෙන්න පුළුවන්. මීයන් වැනි එක සමාන වාගේ ශරීර බරකින් යුත් භෞමික ක්ෂීරපායින්ට වඩා වවුලෝ දිගු කාලයක් ජීවත් වන්නාහ.

වයස්ගතවීමේ වඩාත් මන්දගාමී අනුපාතයක් සඳහා  මානවයන් වන අපම උදාහරණ විය හැකිය. අපේ සමීපතම ඥාතියෙකු වන චිම්පන්සි, හීලෑ අවස්ථාවලදී පවා වයස අවුරුදු 50 ඉක්මවා ජීවත්වී ඇත්නම් ඒ බොහෝම කලාතුරකින්ය. ඔවුහු මිනිසුන්ට  වඩා ජීවිතේ මුල් අවධියකදී — සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුදු 11 දී පටන් — ප‍්‍රජනනය පටන් ගනිති. එහෙයින් වානරයන්ගේ සහ අපගේ පොදු පූර්වජයාගෙන් වෙන්වීමෙන් අනතුරුව මනුෂ්‍යයා වයස්ගතවීමේ අනුපාතය සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුකර ගන්නට ඇත. එමෙන්ම ප‍්‍රජනනය සඳහා  ඕනෑ පරිණතවීම තවත් කල්දමා ගන්න ඇත. මේ වෙනස්කම් සමහරවිට ඇරඹෙන්නට හේතුවන්න ඇත්තේ බුද්ධිය වර්ධනය වීම සහ සහයෝගයෙන් කි‍්‍රයාකිරීමට ඇති හැකියාව නිසා විය හැකිය. මේවා බාහිර හේතූන් නිසා ඇතිවන මරණ අවදානම අඩු කල අතර ජීවිතයේ  අඩු වයසේදී  ප‍්‍රජනනය කිරීමේ වාසිය ද අඩු විය. කලින් සිදුවන හා පසුව සිදුවන ප‍්‍රජනනයෙහි වෙනස්වීමේ  සාපේක්ෂතා වාසි නූනත සමාජයන් තුළ හදුනා ගැනීමට සහ මිනීමට පවා පුලූවන. ජනසංගණන සංඛ්‍යාලේඛනවලින් පැහැදිලි වන අන්දමට වැඩි හිටි ජනතාව අතර මර්ත්‍යතාව කාර්මිකරණය සමග ශීඝ‍්‍රයෙන් පහළ බැස්සේය. මෙය, මනුෂ්‍ය ගහනයන්හි වයස්ගතවීමේ කි‍්‍රයාදාමය කෙරෙහි බලපාන  ස්වාභාවික වරණය වෙනස් කරයි.

Related image

හන්ටිංග්ටන්ගේ රෝගය(Huntington’s disease) නමින්  දැක්වෙන දුර්ලබ විකෘත ජානයක් මගින් සෑදෙන පරිහානීය  මොළ රෝගාබාධය සැලකිල්ලට ගන්න. මේ රෝගය හට ගන්නේ ජීවිතයේ පසුකාලයකයි. (අවුරුදු 30ක් හෝ ඊට පසුවය) රෝග සහ දුෂ්පෝෂණය හේතුවෙන් ඉහළ මර්ත්‍යතාවක් සහිත ජනගහනයක වයස 40ස් ගණනක් වනතුරු ජීවත් වන්නේ පුද්ගලයන් කිහිප දෙනෙකි. තවද, රෝගය බලනොපාන පුද්ගලයන්ට වඩා හංටින් රෝග වාහකයන්ට සාමන්‍යයෙන් ඇත්තේ යාම්තමට  (9%) අඩු ජනිතයන්ය. පහළ මර්ත්‍යතා අනුපාතයක් පවතින කාර්මිකතා රටවල ජනතාව බොහෝ විට දරුවන් ලබන්නේ රෝගය මතුවීමට හැකි අවධියෙහිය. එහි ප‍්‍රතිඵලයක් ලෙස බලපෑමට ලක්වූ පුද්ගලයන්, බලපෑමට ලක් නොවූවන්ට වඩා දරුවන් ඇත්තේ සාමාන්‍යයෙන් 15%ක් අඩුවෙන්ය. වර්තමාන තත්ත්වයන් දිගටම පැවතුණොත් නූතන ප්‍රජනන ජීවිතයේ පසුකලෙක බලපැම් ප්‍රකාශවනු  දක්නට ලැබෙන විකෘති ජාන ඇතිවීමෙ සීඝ්‍රතාව, වරණය මගින් ක්‍රමයෙන් අඩු කිරීමට ඉඩ ඇත. තවද, වයසින් වැඩි  අයගේ නොනැසී පැවතීමේ අනුපාතය වැඩි විය හැකියි. හංටින්ග්වන් රෝගය ආකාරයේ ප‍්‍රධාන බලපෑම් සහිත දුලබ ජාන,  සමස්තයෙක් වශයෙන් ජනගහනය වෙත ඇතිකරන්නේ සුළු බලපෑම්ය. එහෙත් හෘදයාබාධ සහ පිළිකාව වැනි රෝග ඇතුලුව තවත් රෝග ගණනාවක්ම ප්‍රබලව බලපාන්නේ මැදිවියේ සහ වයස්ගත ජනතාවටය. මෙකී ස්වාභාවික වරණය හේතුකොටගෙන මෙම ජාන හටගැනිම පහළ වැටෙතැයි අපට අපේක්ෂා කළ හැකිය. කාර්මික රටවලට ආවේනික ගුණාංගයක් ව්න පහළ මරන අනුපාතයන් තවත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ නොනැසී පැවතුණහොත් වයස්ගතවීමෙ අඩු අනුපාතයක් කරා සෙමින් එහෙත් අඛ්ණ්ඩව සිදුවන ජානමය විපර්යාසයන් අතිවේ.

EVOLUTION A Very Short Introduction(Oxford series) නැමැති ග්‍රන්ථයේ  Why do we age? යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: