සැමට විදු නැන නුවණ – Science Literacy for All

වෛද්‍ය විද්‍යාත්මක ප‍්‍රවාද:රූපවාහිනිය මිනී මරයි

සහසම්බන්ධය හා හේතුකාරකය

‘‘රූපවාහිනිය නැරඹීමට ගත කරන වේලාව සහ මර්ත්‍යතාව‘‘ යනුවෙන් නම් කෙරුණු අධ්‍යයනයක් මාධ්‍යයෙහි දැඩි අවධානයට යොමු වෙයි. මෙය පුදුමයක් නොවන්නේ රූපවාහිනි නැරඹීම සහ මරණය අතර සම්බන්ධයක් ඇතැයි යන්න  ඕනෑම කෙනෙකුගේ කුතුහලය දනවන්නක් විය හැකි නිසයි. සෞඛ්‍යය, ජීවන රටාව සහ රූපවාහිනය නැරඹීමේ චර්යාව ගැන මෙම අධ්‍යයනය මගින් පුද්ගලයන් 8800 දෙනෙකුගෙන් තොරතුරු එක්රැස් කෙරිණ. අනතුරුව ඊළඟ වසර හය තුළ මීට අදාලව ඔවුන් ගැන තවදුරටත් සොයා බැලිණ. මේ අතරවාරයේ ඒ අය අතුරෙන් 284ක් මිය ගියහ. මෙහිදී අනාවරණය වූයේ මෙම අධ්‍යයනයේ කාලය තුළ රූපවාහිනිය ඉදිරිපිට දිනකට පැය හතරකට වැඩියෙන් ගත කරන්නන් අතරේ මියයාමේ අවදානම දිනකට පැය දෙකකට අඩු කාලයක් නරඹන අයට වඩා සියයට 40 කින් වැඩි බවයි.

මේ අනාවරණය පදනම් කරගෙන ජනනයවන  (මාධ්‍ය) සිරස්තල ද කලින්ම් සිතා ගත (පුරෝකතනය කළ) හැකිය. එහෙත් මෙය එකක් පිට එකක් විචල්‍යයන් දෙකක් එකවර ක‍්‍රියා කරන අවස්ථාවක්(මෙය ‘සහසම්බන්ධය’ වේ) ලෙස දැක්විය හැකිය. එහෙත් එකක ඇතිවන වෙනසක් අනෙකෙහි වෙනසකට අත්‍යවශ්‍යයෙන්ම වගකිව යුතු යැයි ඉන් අදහස් නොකෙරේ. (මෙය ‘හේතු කාරකය’ වේ  ). ඇත්ත වශයෙන්ම ගතහොත් පර්යේෂකයන් මූලිකව උනන්දුව දැක්වූයේ රූපවාහිනිය නැරඹීම සම්බන්ධයෙන් නොවේ. ඔවුන්ගේ අභිප‍්‍රාය වූයේ ජනයා නිසොල්මනේ වාඩි වී ගත කරන වේලාව කොපමණ දැයි මැන බැලීමය. ඉතින් ඊට පහසු කෙටි මගක් ලෙසටය රූපවාහිනිය නැරඹීම යොදා ගත්තේ. ඇඳුම් ඉස්තිරික්ක කිරීම ආදී  වෙනත් ක‍්‍රියාකාරකම් කරමින්  රූපවාහිනිය නැරඹීම පර්යේෂකයෝ පැහැදිලිවම අධයනයෙන් බැහැර කළහ.

Related image

‘‘උපරිම වශයෙන් ගත්තොත් මේ අධ්‍යයනය පෙන්නුම් කරන්නේ, පැය ගණන් එක දිගට රූපවාහිනිය නැරඹීම හුදු ආදේශයක් හැටියට සැලකිය හැකි උපවිෂ්ට චර්යාව(ව්‍යයාමයෙන් තොරව සිටීම) හෘදයාබාධ හා අනෙකුත් සියළුම හේතු නිසා සිදුවන මරණවල මද වැඩිවීමක්  සමග සම්බණ්ද වෙන බවයි” නිගෙල් හෝක්ස් කියා සිටියි. සෞඛ්‍ය අංශයේ ප‍්‍රවෘත්ති කලාවේදියෙකු වන ඔහු මහජන ක්ෂේත‍්‍රය තුළ සංඛ්‍යාලේඛන භාවිතය වැඩි දියුණු කිරීම පිණිස වෙහෙසන Straight Statistics නම් සංඛ්‍යාලේඛන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකි.  ‘‘මිනිසුන් මරණයට පත් කිරීමට  ඉඩ සැලසෙන යමක් රූපවාහිනිය නැරඹීමේ කාර්ය තුළ නෛසර්ගිකව අන්තර්ගත වී නැහැ’’ ඔහු වැඩි දුරටත් කියා සිටියි.

අවුලට පත් කිරීමට තුඩු දුන් විචල්‍යයන් මොනවා දැයි සොයා ගැනීමට වැඩි දුරක් යා යුතු නැත. මතුපිටින් නොපෙනෙන ඇතැම් සෞඛ්‍ය ප‍්‍රශ්න සහිත පුද්ගලයෝ වාඩි වී  හෝ නිසොල්මනේ — බාගවිට රූපවාහිනිය ඉදිරිපිට වාඩිවී වාඩි වී  හෝ නිසොල්මනේ සිටිති. ඇතැම් විට (නිසොල්මනේ ගතකිරීමට වඩා) එම සෞඛ්‍ය ප‍්‍රශ්න අකාල මරණයක අවදානම ඉහළ යාම හා සම්බන්ධ විය හැකියි. අධ්යනයේ පැහැදිලිව පෙනෙන නිගමන කුමක් වුවත් බාගදා රූපවාහිනිය ක‍්‍රියා කරවා නිදිකිරා වැටීම ආරක්ෂා සහිත වනවා විය හැකියි.

හේතුඵල දැක්වීම  පටන් ගැනීමට පෙර ‘පේළි අතර කියැවීම’ අත්‍යවශ්‍ය වේ. බ‍්‍රැඞ්ෆර්ඞ් හිල් විසින් වැදගත්ම ප‍්‍රශ්නය හඳුනාගනු ලැබ ඇත: අප හමුවේ ඇති කාරණා පෙළ පැහැදිලි කරදීම පිණිස වෙනත් විධියක් ඇත් ද? අනික එවන් පැහැදිලි කිරීමක් අඩු වැඩි වශයෙන් හේතු ඵලය දැක්වීමට සමාන හෝ ඊට වැඩි දෙයක් විය හැකිද? අඩමානයෙන් තොරව  පිළිතුර වියයුත්තේ ‘නැත’ යන්නය.

ප‍්‍රමාණය වැදගත්ය: සායන පරීක්ෂණ සැලසුම් කිරීම

“අහවල් ෂැම්පු වර්ගය සිය  කෙස් කළඹ සෞඛ්‍ය සම්පන්නව එමෙන්ම දීප්තිමත්ව තබන්නේ යයි කාන්තාවන අතරින් සියයට 60 කට වැඩියෙන් කියා සිටිති ‘‘ ෂැම්පු වලට පමණක් නොව මෙවැනි කියාපෑම් පාරිභෝගික භාණ්ඩ බොහොමයක් සඳහා යොදා ගන්නා වෙළඳ ප‍්‍රචාර වලදී අපට දැක බලා ගත හැකිය. ෂැම්පු දැන්වීම ම ගෙන බලමු. ඔබට ඉන් නොකියැවෙන කාරණය තමයි  මේ ෂැම්පු වර්ගය පරීක්ෂාවට ලක් කළේ කාන්තාවන් 5 ක් පමණක් යන්නය. මේ පුදුමය දනවන ප‍්‍රතිඵලය අත්පත් කර ගත් බව කියන හතර දෙනාගෙන් එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට එවැනි මනා කෙස් කළඹක් ලැබෙන්නට ඇත්තේ හුදු අහම්භයෙන්ම විය හැකිය. එහෙමත් නැතිනම්(ෂැම්පු වර්ගය භාවිතය හේතුවෙන්) තමන්ට එලෙස අගනා කෙස් කළඹක් ලැබුනේ යයි සිතින් මවා ගත්තා විය හැකිය.

වෛද්‍යමය ප්‍රතිකාරවල සඵලත්වය සම්බන්ධයෙන් ද එවැනිම ප්‍රවාද වලංගු විය හැකිය. රෝගීන් 10 දෙනෙකු අතුරින් හය දෙනෙකු සුවපත් වීම අපේක්ෂා දනවන සුළු සාර්ථකත්වයකි. 500 දෙනෙකු අතුරෙන් 380 ක් සුවපත් කිරීම එම සාර්ථකත්ව අනුපාතමය වුවද එය වඩාත් පිළිගත හැකි මට්ටමකි. ‘‘කිසියම් බැලූ බැල්මට පෙනී යන සාර්ථකත්වයක් හුදු අහඹුවක් ලෙස සිදු වූවක්ද යන්න තීරණය කිරීමේ දී පරීක්ෂාවක නියැදියේ ප්‍රමාණය අතිශය වැදගත් වෙනවා.’’ යයි කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ ඬේවිඞ්ස්පීගල්හෝල්ටර් කියයි.

එවැනි පරීක්ෂාවන් සඳහා සම්මත ක්‍රියාපටිපාටිය වනුයේ මෙයට වසර 60 කටත් වැඩි කාලයකට පෙර බ්රැඞ්ෆර්ඞ් හිල් අනුදත් ක්‍රමයයි : නව වෛද්‍ය ප්‍රතිකාර පරීක්ෂාවට ලක් කරනු ලබන්නේ ‘සසම්භාවීකෘත පාලිත පරීක්ෂා(randomised controlled trials – RCTs) මගිනි. මෙහිදී ස්වේච්ඡාදායකයන් (volunteers) එක්කෝ නව ප්‍රතිකාරය ලබන අධ්‍යයන  කණ්ඩායමකට  එහෙම නැතිනම් හිස් සාම්පලයක්(a placebo) හෝ දැනට පවතින ප්‍රතිකාරම ලබන පාලන කණ්ඩායමකට අහඹුලෙස යොමු කෙරේ. ‘‘සසම්භාවී පාලත පරීක්ෂාවක් කියන්නේ, යම් ප්‍රතිකාරයක කාර්යසාධකත්වය මැනිය හැකි මිනුම් උපකරණයක් ලෙස සලකන්න පුළුවන්’’ යයි කේම්බ්‍රිජ් හි එක්සත් රාජධානි වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ  ජෛවීසංඛ්යාලේඛන ඒකකයේ ශිලා බර්ඞ් කියයි. උපකරණයක් යොදා ගන්නා කාර්ය සඳහා ප්‍රමාණවත් සංවේදීතාවන් ඇත්දැයි තහවුරු කර ගැනීමට නම් එමගින් මිනිය යුතු යයි අපේක්ෂා කරන ප්‍රතිඵලය, බලපෑම කොපමණ දැයි දැන කියා ගත යුතුය. අපේක්ෂිත බලපෑමෙහි ප්‍රමාණය ගණන් බැලීමට නම් කළින් සිදු කළ අධ්‍යයයන වල  හෝ සතුන් යොදාගෙන සිදුකළ පරීක්ෂාවන්ගේ ප්‍රතිඵල පිළිබඳ විශ්ලේෂණයක් අවශ්‍ය ය වේ.

RCT සම්බන්ධයෙන් නම් අපේක්ෂිත බලපෑම කුඩා වෙන්නට වෙන්නට පරීක්ෂාව සඳහා තව තවත් වැඩියෙන් ජනතාව යොදා ගත යුතුය නැතහොත් මෙහි සම්පූර්ණ අනික් පැත්ත කළ යුතුවේ. සැලකිල්ලට ලක් කළ යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ, පරීක්ෂණය මගින් අත්පත් කරගනු ලැබීමට අපේක්ෂිත වෙසෙසියා මට්ටමයි. එනම්,  නොවටිනා යම් ප්රතිකාරයකින්  හුදු  අහඹුවක් හේතුවෙන්ම ඔබ අපේක්ෂා කරන බලපෑම සටහන්වීමේ හැකියාවයි. RCTs සාමාන්යයෙන් සැලසුම් කෙරෙන්නේ 5% ක වෙසෙසියා මට්ටමක් අත්පත් කර ගැනීමටයි. මෙයින් තේරුම් ගත යුත්තේ ඖෂධය වැඩකට නැති එකක් වුවත් එය පරීක්ෂාවන් 20 ක් අතුරෙන් 1 කදී අහඹුව නිසා ධනාත්මක ප්‍රතිඵල වාර්තා කිරීමට හැකි බවයි. ඖෂධ ලියාපදිංචි කරන්නා වූ නිළධාරීන් අළුත් ඖෂධයක් අනුමත කිරීම සඳහා  එක් තනි     අධ්‍යයයනයක් ප්රමාණවත් නැති ලෙස සලකන්නේ මේ හේතුව සැලකිල්ලට ගෙන යයි ස්පීගල්හෝල්ටර් කියයි.   නැවත නැවත සිදු කරන පරීක්ෂාවන් ඊට අවශ්ය වේ.

ඉතින්, ඊළඟ වාරයේ ආශ්චර්යාත්මක ප්‍රතිකාරයක් හෝ විස්මයජනක ෂැම්පු වර්ගයක් ගැන ජනතාව උදම් අනන විට මෙන්න මේ ප්‍රශ්න තුන අහන්න : එය පරීක්ෂාවට ලක් කිරීමේ දී කොපමණ දෙනෙකු සම්බන්ධ කරගෙන පරීක්ෂා කළේද? එය පරීක්ෂාවට ලක් කළේ RCT හැටියට ද? එම ප්‍රතිඵලය වෙනත් ස්වධීන දෙවැනි පරීක්ෂාවක් මගින් සනාථ කරනු ලැබුවේ ද?

NEW SCIENTIST(THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි Careless pork costs lives… .and other medical myths යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: