මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
අපරාධයක් යනු යම් රටක නීතිය අනුව සමාජයීය වශයෙන් හානිකර හෝ අන්තරයායකාරී ලෙස සැලකෙන ඕනෑම ක්‍රියාවකි.ඉතිහාසය පුරා බොහෝ සමාජවල සොරකම සහ මිනිස් ඝාතනය වැනි ක්‍රියා අපරාධ ලෙස සැළකිණ; අනෙකුත් අපරාධ, ඇතම් සමාජයන්ට යම් යම් කාල වකවානුවල දී සුවිශේෂී විය. නිදසුනක් දක්වතොත්, සිය දිවි නසා ගැනීම 1960 ගණන් වනතුරු බොහෝ රාජ්‍යයන්හී අපරාධයක් වූ අතර ව්‍යාපාර වස්තු සහ කොටස් ගණුදෙනු ‘අභ්යන්තරයෙකු’ සම්බන්ධකරගෙන සිදුකිරීම බොහෝ රටවල අපරාධයක් ලෙස සැලකීමට පටන් ගැනුනේ 1980 ගණන් වලදීය.
අපරාධ ප්‍රවර්ග ගණනාවකට ඇතුල් කල හැකිය: පුද්ගලයාට එරෙහි අපරාධ අතරට මනුෂ්‍ය ඝාතනය සහ ලිංගික තාඩනය අයත්වේ; දේපොළවලට එරෙහි අපරාධවලට සොරකම සහ සාපරාධී හානිය ඇතුළත්වේ; මහජන විනයට එරෙහි අපරාධ ගණයට කැරළිගැසීම සහ වාර්ගික වෛරයට පෙළඹවීම ඇතුල් කෙරේ; මිට අමතරව, රාජ්‍යයට එරෙහි අපරාධ ලෙස රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සහ රාජ්‍ය ද්‍රෝහය අයත්ය. අපරාධ නඩුවිභාගයකදී චූදිතයා යම් වරදක් සිදු කළ බව සියළු සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ යුතු අතර ඔහු හෝ ඇය එම ක්‍රියා සිදුකිරීමට පූර්ණ අපෙක්ෂාවෙන් සිටි බව ඔප්පු කළ යුතු වේ. වරද සිදු කළ බව ඔප්පු වුවහොත්, (දඬුවම) ලිහිල් කර ගනු වස් ආත්ම-ආරක්ෂාව, අයුතු බලපෑම හෝ සිහිවිකල්වීම ආදී සාධක උත්ටර වාද හැටියට ඉදිරිපත් කළ හැකිය.