සැමට විදු නැන නුවණ – Science Literacy for All

ගෝලීය උණුසුම ඉහළ යද්දී සුරක්ෂිත වාසස්ථානවල අවශ්‍යතාව පළවේ

දේශගුණ විපර්යාස ජෛව විවිධත්වයට ඇති විශාලතම තර්ජනය බවට බොහෝ ඉක්මණින්ම පත්වෙද්දී වනජීවින්ට යහපතක් සැලසීමට නම් සංරක්ෂිත වාසස්ථාන වලට ඉහළ ප්‍රමුඛත්වයක් හිමිවිය යුතුමය.

මේ මිහිතලය මත සරන වනගත පෘශ්ඨවංශිකයන්(කොඳු නාරටිය සහිත සත්වයින්) මුහුණපාන මහ මැ අනතුර වන්නේ මනුෂ්‍යයන්ගේ බලහත්කාරකම්වත්, ඔවුන්ගේ ගොවිපොළ සත්වයින්වත්  හෝ ඔවුන්ගේ කෘමිනශක, වල් නාශකවත් නොවේ. එහෙනම්? මහා මැ අනතුර වන්නේ මිනිසුන් විසින් ඇති කරන ලද ගෝලීය උණුසුම්වීම හා දේශගුණ විපර්යාසයන්ය.

මොසැම්බික් හි නියාසා රක්ෂිතය : ලෝකයට මෙවන් රක්ෂිත තව තවත් අවශ්‍යයි

වනාන්තර තණබිම් සහ වගුරු ආදී වශයෙන් වන බිම්,  නාගරිකරණයට, කෘෂිකර්මාන්තයට සහ තණබිම්වලට නතුවෙද්දී මානව වර්ගයන් විසින් අවුල් කර දමන ලද ස්වාභාවික පරිසර පද්ධතිවල විශේෂ 10ක් අතුරෙන් එක් විශේෂ්යක්වත් දැනටමත් අහිමිවීම ගොස්ය. එහෙත්, මිනිසුන් ෆොසිල ඉන්ධන දහනය කිරීම හේතුවෙන් දැනටමත් ඇති වී තිබෙන විපත්තිදායක දේශගුණ විපර්යාස අභිබවමින් පක්ෂීන්ට, උරගයන්ට, ක්ෂීරපායින්ට සහ අනෙකුත් පෘෂ්ඨ වංශිකයන්ට දුර්දශාත්මක ඉරණමක් අත්පත් කර දෙමින් අප භූමිය භාවිත කරන අන්දම හේතුවෙන්  ගෙන එන හානිය 2070 වන විට ඉදිරියට එනු ඇත.  Proceedings of the Royal Society B නම් ශාස්ත්‍රීය සඟරාවෙහි දැක්වෙන අන්දමට මෙකී හානිය 20%ක් හෝ 40%ක් දක්වා ඉහල යා හැකිය. ඒ අතරම  වෙනත් සඟරාවක පළ කර ඇති වෙනමම සිදු කෙරුණු දෙවැනි අධ්‍යයනයක් රජයන්ට ප‍්‍රජාවන්ට හා සංරක්ෂකකයන්ට එල්ලවන අභියෝගය පැහැදිලි කර දෙයි: එනම්, ජෛවවිවිධත්වය සංරක්ෂණය සඳහා වර්තමාන ඇති ඉලකක්ක කොහෙත්ම ප‍්‍රමාණවත් නැත යන්න එම අභියෝගයයි. එම ඉලක්ක වලට් අනුව  භූමියෙන් 83%ක් අනාරක්ෂිතව තැබෙන අතර සාගරයෙන් 90%ක් සාර්ථකව සංරක්ෂණය නොකර තැබේ.

පෘථිවිය මත මානවයන්ගේ සංඛ්‍යාව ව්‍යාප්ත වීමට පටන් ගන්නා තුරුම මිහිතලය මත සිය ආධිපත්‍යය පතුරුවාගෙන සිටි වනගත සතුන්, ශාක සහ දිලීර වෙනුවෙන් අඩු තරමින් පෘථිවියෙන් අඩක් වෙන් කර දිය යුතු බවට ද යෝජනා ඉදිරිපත් වේ. එහෙත්, Nature Ecology and Evolution නම් සඟරාවෙහි පළ කෙරුණු නවතම  අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ එසේ පෘථිවියේ අඩක්ම වුව වෙන් කිරීම බොහෝ විශේෂයන් නෂ්ටප‍්‍රාප්තවීමෙන් වළක්වාලීමට ප‍්‍රමාණවත් නොවන්නට ඉඩ ඇති බවයි.

දැනටමත් හඳුනා ගනු ලැබ ඇති වනසත්ව විශේෂ දහස් ගණන්වලට හා හඳුනාගෙන නිරීක්ෂණය කිරමට ඇති මිලියන ගණන් සත්ව හා ශාකවලට දේශගුණ විපර්යාසයන් සැබෑම තර්ජනයක් වන බවට පර්යේෂකයන් අනතුරු අඟවන්නේ දශක ගණනාවක් තිස්සේය. අසංඛ්‍යය ජිව ස්වරූපවලට ස්වාභාවික නිවහනක් සපයන වනාන්තර, දේශගුණ විපර්යාස නිසා හානියට පත්වන්නේය; හැකියාව පවත්නේය. දැනටමත් හඳුනාගනු ලැබ ඇති විශේෂවලට ගෝලීය උණුසුම්වීම මගින් අනතුරු ඉදිරිපත් වන්නේය; සහ දේශගුණ විපර්යාස මගින් මෙතෙක් කිසිවෙකු වටහාගෙන නැති තරමේ ගොදුරු සංඛ්යාවක් බිලිගෙන  ඇත්තේය යන වශයෙන් පරයේෂකයෝ තර්ක කරති.

ස්වාභාවික පිළියම

තවද, විද්‍යාඥයන් නැවත නැවතත් විවිධ ආකාරවලින් සනාථ කර ඇත්තේ සාරවත්, ජෛවී විවිධත්වය සහිත  වාසස්ථාන — විශේෂයෙන්ම වනාන්තර, දේශගුණ විපර්යාස සීමා කරන ස්වාභාවික යාන්ත්‍රණයේ කොටසක් බවයි. අනික, කොහොම වුණත් සරලව, මිල මුදල් අතිත් බැලූවත් වැවිලිවගාවන් හෝ සතුන් බෝ කරන  ගොවි පොළවලට වඩා ස්වභාවික වනාන්තර මානව වර්ගයාට බොහෝ සේ වටී.

Journal of Animal Ecology සඟරාවෙහි එකම සතියේ පළවූ තුන්වැනි අධ්‍යයනයකින් කියැවෙන පණිවුඩය තවත් තීව්ර කර දක්වන්නේ වඩාත් උණුුසුම් සාගර ජලය, දක්ෂිණ සාගරයෙහි වසන දිගු පියාපත් ඇති පක්ෂි වර්ගයක් වන ඇල්බත්රසා විශේෂ ගනාවාසයන්ට සෘජුවම අන්තරාවක් ගෙන එන බවයි.

1979 සිට ඉතා සැලකිල්ලෙන් සිදු කළ නිරීක්ෂණ පෙන්නුම් කළේ යෞවන පක්ෂීන් ස්වාධීනවීමෙ ප‍්‍රථම වර්ෂය භුක්ති විඳිමින් විවෘත මුහුදු උඩින්  නිදැල්ලේ පියාසර කරමින් යද්දී ගහණ වර්ධනයේ විශාලතම විචලනය (වෙනස්වීම) රඳා පවතින්නේ ඍජුවම සාගර ජලයේ උෂ්ණත්වය මත බවයි.

Related image

සීතල ඇන්ටාක්ටික් සාගර ජලයෙහි එම ජලයේ දියවූ ඔක්සිජන් සුලබ අතර අති විශාල මට්ටමක ශාක හා කුඩා ප‍්‍රමාණයේ සත්ව ජීව ස්වරූප දැකිය හැකිය. පක්ෂීන්, මත්ස්‍යයන් සහ මුහුදු ක්ෂිරපායින් සිය අහාරය සඳහා ඒවා(ජීව ස්වරූප) මත විශ්වාසය තබති. එහෙත් ජලය උණුසුම්වීමෙන්   ආහාර හිඟවෙන්නට පටන් ගනී. “ගණන් බලා ඇති අන්දමට අපේ සාගර ජලය උණුසුම්වීමට පටන් ගනිද්දී නොනැසී පැවතීමට හැකි බාලක ඇල්බ‍්‍රැතසයන් සංඛ්‍යාව හීනවෙනවා. එහෙයින් වැඩි වේගයකින් ඔවුන්ගේ ගහණ පහත වැටෙතැයි සිතන්න පුළුවන්” යයි ඇ.එ.ජ. වූඞ්ස් හෝල් සාගර විද්‍යා ආයතනයේ ස්ටෙෆ්නි ජෙනවුරියර් පවසන්නීය. දක්ෂිණ අර්ධගෝලයේ ඇල්බ‍්‍රැත ගහණ දැනටමත් විහිංස්‍යෙයා (අවදානම් සහිත) තත්ත්වයට පත්ව ඇත. දේශගුණ විපර්යාස ඔවුන් තවදුරටත් අන්තරායට පත් කෙරේ. දැනටමත් ලෝකයේ විශාල භූමි භාගයක් සංචිත ලෙස ප‍්‍රකාශයට පත් කර ඇතත්   මින් ප්‍රදේශ බොහෝමයක් මනුෂ්‍ය ආක‍්‍රමණය හේතුවෙන් ක‍්‍රමානුකූලව පහළ මට්ටමකට වැටී ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

විශාල ඉල්ලුම

“මානව වර්ගයා ස්වාභාවික ලෝකයෙන් බොහෝ දේ බලාපොරොත්තු වෙනවා. අපට අවශ්‍ය ජලය හා වාතය පිරිසිදු කරදීමට අපේ පස යහපත්ව පවත්වාගෙන යාමට මෙන්ම අපේ දේශගුණය නියාමනය කිරීමට ඉන් අප අපේක්ෂා කරනවා” යයි  ඕස්ටේ‍්‍රලියාවේ කුවින්ස්ලන්ඞ් විශ්වවිද්‍යාලයෙහි  මාටින් මැරොන් පවසයි. රාජකීය සංගම් අධ්‍යයනය මෙහෙයවුනේ ඇයයි. “කෙසේ වුවත් අපි සංරක්ෂිත භූමි වපසරිය වැඩි කරා වුණත් ස්වභාවික පද්ධති අහිමිවීම ඉන් අවශ්‍යයෙන්ම වළකින්නේ නැහැ. ඒ වගේම  භෞමක පද්ධතිවලින් 17%ක් සුරක්ෂිත කිරීම වර්තමාන ඉලක්කයයි. විශේෂ ආරක්ෂා කරන අතරම මනුෂ්‍යයන්ට අවශ්‍ය වන වාසි සලකා ගැනීමට මෙය කිසිසේත් ප‍්‍රමාණවත් නැහැ” ඇය පෙන්වා දෙයි.

තවද, කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේම සේවය කරන, අධ්‍යයනයේ සම කර්තෘ  වනවජීවී සංරක්ෂණ සංගමයේ ජේම්ස් වොට්සන්,  මෙසේ කියා සිටියි. ජෛවී විවිධත්ව හානිය නතර කිරීමට, පාලනයකින් තොරව දේශගුණ විපර්යාස සිදුවීම පාලනය කිරීමට පරාගනය,  පිරිසිදු ජලය සැපයීම වැනි අනෙකුත් ප‍්‍රධාන පරිසර පද්ධති සේවා පවත්වාගෙන යාම සඳහා වූ විවිධ පාරිසරික ඉලක්කයන් එකතු කළ විට අපට පෙනී යන්නේ පෘථිවියේ ස්වභාවික පද්ධති 50%කට  වැඩියෙන් නොනැසී පැවතිය යුතුය යන්නයි”.

Climate news Network හී පළවූ Warmer world needs more protected habitat යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: