අප ජීවත්වන ලෝකය වැදගත් විධි බොහොමයකින් හැඩ ගස්වනු ලැබ ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් මගිනි. ජීවිතයට හා පරිසරයට එල්ලවන තර්ජන වළක්වා ගැනීම, ඉවත් කර දැමීම හෝ අඩුකර ගැනීම පිණිස මෙන්ම සමාජයීය අවශ්‍යතා පිරිමසා ගැනීම පිණිස ද අපි තාක්ෂණික විකල්ප නිර්මාණය කරගෙන ඇත්තෙමු. ගංගා හරස්කර, වේලි බැඳ, එමෙන්ම වනාන්තර එළිපෙහෙළි කර ඇත්තෙමු. ද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ තනා ඇත්තෙමු. අති විශාල ප්‍රමාණයක ප්‍රදේශ පුරා මහ නගර සහ මහාමාර්ග තනා ඇත්තෙමු. තවද, සමහරවිට කැමැත්තක් ඇතත් නැතත් වෙනත් ජීවීන්බොහෝ දෙනාගේ ඉරණම තීරණය කරනු ලැබ ඇත්තෙමු.
එසේ නම්, එක අර්ථයකින් ගත් කල, — වැඩිකොටම තාක්ෂණය හරහා හැඩගස්වා සහ පාලනය කරනු ලැබ — අපේ ලෝකයේ බොහෝ කොටස් සැලසුම් කරනු ලැබ ඇත; අපේ අපේක්ෂාවන් යයි අප සිතන ආකාරයටය අනුකූලවය. අපේ ග්‍රහලෝකය වන පෘථිවිය අද අප පත්කොට ඇති අන්දමට, අපේ අනාගත යහපැවැත්ම අප තාක්ෂණය වැඩිදියුණු කිරීම, භාවිතා කිරීම හා සීමා කිරීම කෙලෙස සිදු කරන්නේද යන්න මත ඉතා දැඩිව රැඳී පවතී. එසේ වන හෙයින් එය ඉතා තදින්ම රඳා පවතින්නේ, තාක්ෂණයේ කි‍්‍රයාකාරිත්වය මෙන්ම අප ජීවිතය ගෙවන සමාජයීය සංස්කෘතික, ආර්ථික සහ පාරිසරික පද්ධති කොයිතරම් හොඳින් අප අවබෝධ කරගන්නේ ද යන්න මතය.
අපේ ජීවිත හා පරිසරය හැඩ ගස්වන ලද ප්‍රධාන මානව ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තාක්ෂණයේ ඇතැම් ප්‍රධාන අංග ගැන මෙම ලිපි පෙළ මගින් ඉදිරිපත් කරනු ලැබේ. ලිපි පෙළ කේන්ද්‍රගතව ඇත්තේ මූලික තාක්ෂණ ක්ෂේත්‍ර 8ක් මතය: කෘෂිකර්මය, ද්‍රව්‍යයන්, නිෂ්පාදනය, ශක්ති මූලයන්, ශක්තිය භාවිතය, සංනිවේදනය, තොරතුරු සැකැසීම හා සෞඛ්‍ය තාක්ෂණය. අද ලිපිය සන්නිවේදනය (Communication) ගැනයි.
ජනයා සෑම විටම නොවේ නම්, අඩු තරමින් බොහෝවිට හෝ හොඳින් සන්නිවේදනයේ යෙදෙති. භාෂාවක් භාවිතා කරන ඒ ඒ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට හැකි වන පරිදි භාෂා සිය ගණනක් කාලයත් සමග පරිණාමය වී ඇත. එහෙත් එක් භාෂාවකින් තවත් භාෂාවකට යථාතථ්‍යව පරිවර්තනය කිරීම සෑමවිටම අපහසු නැත. ඊට හේතුව වශයෙන් භාෂාව ශබ්ද කිරීම, ව්‍යුහය සහ වාග් මාලාව අනුව පුළුල් ලෙස වෙනස් වීම මෙන්ම භාෂාව සංස්කෘතික වශයෙන් බැඳී තිබීම දැක්විය හැකිය.
ලිඛිත සන්නිවේදනය – පෞද්ගලිකව යවන ලිපියක සිට පොත පත, අනැවැසි(junk) තැපැල් දක්වා විවිධාකාර ලිඛිත සන්නිවේදනය මහද්වීප හරහා එහා මෙහා යමින් දුර ඈත ප්‍රදේශ කරා ඇදේ. දුරකථනය, රේඩියෝව, රූපවාහිනිය, චන්ද්‍රිකා, හඬ සහ දෘශ්‍ය පටිගත කිරීම් මෙන්ම අනෙකුත් ස්වරූපවල විද්‍යුත් සන්නිවේදන, අපට සන්නිවේදනය සඳහා ඇති විකල්පයන් තවත් වැඩිකර තිබෙන අතර තොරතුරු ප්‍රවාහය නැතිනම් ගලායාමට එකතු කිරීම්කර තිබේ.
තොරතුරු නියෝජනය කිරීමේ යම් මාර්ගයක්, එය සම්ප්‍රේෂණය සහ ග්‍රහණය කිරීමේ යම් මගක් මෙන්ම යවන තොරතුරු හා ලබන තොරතුරු අතර යම් සමානරූපතාවක් තිබෙන බවට එක්තරා සහතිකයක් සන්නිවේදනය හා සම්බන්ධ වේ. තොරතුරු නියෝජනය (representing information) ගතහොත් ඊට යම් සම්ප්‍රේෂණ මාධ්‍යයක් තුළ තොරතුරු කේත ගත කිරීම සම්බන්ධ වේ. මානව ඉතිහාසය තුළ ස්වභාවික මාධ්‍ය වනුයේ යාන්ත්‍රික සම්බන්ධය ( ස්පර්ශය) රසායන (ගන්ධය) ශබ්ද තරංග (කථනය හා ශ්‍රවණය) මෙන්ම ඇසට පෙනෙන හෙවත් දෘශ්‍යමාන ආලෝකය (දර්ශනය) වේ. එහෙත් විශ්වාසනීයත්වය පිණිස හා කල් තබා ගැනීම පිණිස තොරතුරු වාර්තා කරගැනීමේ යම් මාධ්‍යයක් අවශ්‍ය වේ. මුලින් වර්ධනය කරගත් විශ්වාසදායක මාධ්‍යය වූයේ ඝන ද්‍රව්‍ය මත සලකුණු කිරීම ය — එනම් දැව, මැටි, ගල් සහ අවසානයේ කඩදාසිය. අද අපි අන්වීක්ෂීය හෙවත් ඉතා සියුම් ආකාරයට ප්ලාස්ටික් තැටි සහ චුම්බක පටි සලකුණු කරන්නෙමු. මෙකී විකිරණයකල() ද්‍රව්‍ය බොහෝ වසර ගණනක් පැවතිය හැකි අතර කේතගත තොරතුරු වෙනසක් නොමැතිව එලෙසම තබාගෙන බොහෝ දුර බැහැරට ගෙන යා හැකියි.
විදුලි ධාරාව ජනනය කිරීම හා පාලනය කිරීම පිණිස උපකරණ නිර්මාණය කිරීමත් සමගම දහරාවේ වෙනස්කම් හැටියට තොරතුරු කේත ගත කිරීමට හැකි විය. එමෙන්ම එවේලේම වගේ රැහැන් දිගේ දිගු දුරකට යාමට මඟ පෑදුණි. රේඩියෝ හෙවත් ගුවන් විදුලි තරංග සොයාගැනීමත් සමගම එම තොරතුරු ම තරංග රටාවන්ගේ විපර්යාසයක් ලෙස කේත ගතකොට රැහැන් සම්බන්ධ කිරීමෙන් තොරව වායුගෝලය හරහා සෑම දිශාවකටම බෙදා හැරීමට හැකි විය. විශේෂයෙන්ම වැදගත් වනුයේ විද්‍යුත් වර්ධක සොයා ගැනීමයි. මෙහිදී, කරමින් එකම රටාවේ තොරතුරු මගින් එය කාවද්දමින් දුර්වල විදුලි සංඥාවක් ඊට වඩා ඉතා බලගතු විදුලි දහරාවක ගලායාම පාලනය කෙරේ. මෑතක ලේසර්වල ආලෝකය කාර්යක්ෂමව පාලනය කිරීමට හැකි වීම තුලින් ප්‍රකාශ තන්තු (optical fibers) හරහා ආලෝක තීව්රතාවයෙහි ස්පන්දන හැටියට තොරතුරු කේත ගත කිරීමට හා සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව සැලසී ඇත.
තොරතුරු, ප්‍රතිසම (analog) හෝ සංඛ්‍යාංක (digital) ස්වරූපවලින් කේත ගත කළ හැකියි. නිදසුනක් ලෙස මුල් කාලයේ දී රැහැන් සහිත හා රැහැන් රහිත විදුලි පණිවුඩ හුවමාරුව සඳහා යොදා ගත හැකි වූයේ සංඛ්‍යාංක ක්‍රමයයි. මෙහිදී සිදු කළේ ස්විචයක් විවිධ ආකාරවලට සම්බන්ධ කිරීම් හා සම්බන්ධතා කැඞීම් (off-and-on bursts) මගින් අකුරු හෝ ඉලක්කම් කෘතීමව නිර්මාණය කිරීමයි. විදුලි පණිවුඩ හුවමාරුව ඉතා විශාල දියුණුවක් ලබා ගත්තේ ඉලෙක්ට්‍රොනික උපකරණ සොයා ගැනීමත් සමගය. මෙම උපකරණ භාවිතයෙන් ශ්‍රව්‍ය සංඥා හා දෘශ්‍ය සංඥා, විද්‍යුත් සංඥා බවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබුණු අතර එම පරිවර්ථිත විදුලි සංඥා නැවත වරක් ශ්‍රව්‍ය හා දෘශ්‍ය බවට පරිවර්තනය කර ගැනීමට ද හැකියාව ලැබුණි. ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයෙන් ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංඥා අවශ්‍ය වෙනස්වීම් සමගම එක දිගටම සමහර මාධ්‍ය ඔස්සේ ප්‍රතිසම සංඥා ආකාරයට සම්ප්‍රේෂණය කිරීමට හැකියාව ලැබුණි. ප්‍රතිසම සංඥා අනුපිටපත්වල නිරවද්‍යතාව අඩුවීම සහ එම සංඥා සම්ප්‍රේෂණයේ දී අනවශ්‍ය දෑ එක්වීම නිසා සංඥා වල වෙනස්වීම් ඇතිවීම සිදුවේ. එහෙත් සංඛ්‍යාංක සංඥා සම්පේ‍්‍රෂණයේ දී ඒවායේ නිරවද්‍යතාව ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට හැකිය. එසේ ප්‍රතිසම සංඥා සම්ප්‍රේෂණයේ දී සංඥා වලට වන හානිය වැළැක්වීම සඳහා දැන් ප්‍රතිසම සංඥා සංඛ්‍යාංක සංඥා බවට පරිවර්තනය කර සම්පේ‍්‍රෂණය කරයි. ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතයෙන් ඉතා ඉහළ සීඝ්‍රතාවයකින් ප්‍රතිසම සංඥා සංඛ්‍යාංක සංඥා බවට පත් කර ගත හැක. එසේ සම්පේ‍්‍රෂණය කරන ලද සංඛ්‍යාක සංඥා නැවත ප්‍රතිසම සංඥා බවට පත් කර ගැනීමට ද ඉලෙක්ට්‍රොනික උපකරණ යොදා ගනී. ඒවා ඉන්පසු ශ්‍රව්‍ය සංඥා හා දෘශ්‍ය සංඥා ලෙස වෙන් කර ශබ්ද විකාශන උපකරණ හා වීඩියෝ තිර මගින් ශ්‍රවණයට හා දර්ශනයට හැකියාව ලැබී ඇත.
සන්නිවේදනයේ මූලික තාක්ෂණ අභියෝගය වනුයේ ශබ්දයට(noise) සාපේක්ෂව සංඥාව(signal) විශාලව තබාගැනීමයි. තොරතුරු රෙකෝඩනය (record), පරිවර්තනය හෝ සම්ප්‍රේෂණය කිරීමේදී ශබ්දය සෑම විටම වර්ධනය වීමේ ප්‍රවණතාවක් දක්වයි. සංඥාවට ශබ්දයෙහි අනුපාතය සංඥාව වර්ධනය කිරීමෙන් හෝ ශබ්දය අඩු කිරීමෙන් හෝ වැඩි දියුණු කරගත හැකිය. සංඥා වර්ධනය මගින් (amplification) හෝ (පටු තරංග කදම්භයක් ලෙස නාභිගත කිරීම වැනි ආකාරයකින්) ශක්ති හානිය වළක්වා ගැනීම්න් හෝ ප්‍රභලව තබාගත හැක. (මයික්රපෝන රැහැන් ආවරනය වැනි) බාහිර ශබ්ද මූලයන්ගෙන් සංඥාව හුදකලා කොට තබා ගැනීමෙන් නොඑසේනම් (වර්ධකයක් සිසිල් කිරීම වැනි) අභ්‍යන්තර ශබ්ද මූලයන් අඩුකිරීමෙන් ශබ්ද සීමා කළ හැකිය.
සන්නිවේදනයේදී ශබ්දය මගින් ඇතිවන වැරදි අවම කර ගැනීම පිණිස මෙයට හාත්පසින්ම වෙනස් විධි තිබේ. ඒ දෝෂ සංසන්දනයට සහ දෝෂ සොයාගැනීමට මගපාදන පුනරාවර්තනය හෝ වෙනත් ස්වරූපයක සමතිරික්තතාව(redundancy) මගිනි. සන්නිවේදනයේ දී යම් ප්‍රමාණයකට සමතිරික්තතාවක් ප්‍රයෝජනයක් සේ සැලකේ. මන්ද, තනි දෝෂයක් මගින් පණිවුඩයේ තේරුම සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බැවිනි.
න්නිවේදනයට ඇතැම්විට ආරක්ෂාව අවශ්‍ය වේ. ලියුම් මගදී රඳවා තබාගෙන පිටපත් කළ හැකිය. දුරකථන පණිවිඩ වලට හොරෙන් සවන් දිය හැකිය. ගුවනේ පාවී එන සන්නිවේදන වෙනත් අයට ද නිරීක්ෂණය කළ හැකිය. සංඥාවක් ලබා ගැනීමේ හැකියාව වළක්වාලීමෙන් ( නිදසුනක් ලෙස මුර පදයක් හෝ යතුරක් යෙදීම) හෝ ( රහසිගත කේත භාවිතයන් වැනි) පණිවුඩ අර්ථනිරූපණය වැළැක්වීමෙන් හෝ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත හැකිය. තේරුම් බේරුම් කරගැනීමට අතිශය දුෂ්කර රහස් කේත නිර්මාණය ගණිත සිද්ධාන්තය ගණනාවක් යොදාගනිමින් සිදුකල හැකි බව මනබන්දන ක්‍රියාවකි. ආරක්ෂාව සැලසීම සඳහා වන ක්රමෝපායන් වැඩි දියුණු වෙත් ම ඒවා විනිවිද දැකීමේ ක්රමෝපායන්ද වැඩිදියුණු වේ.
(ලිපිය සැකසීමේ සහාය: ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ චන්දන තෙන්නකෝන්)
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE DESIGNED WORLD නම් 8 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.
අද ලිපිය 8 වෙනි පරිචේදයෙහි COMMUNICATION යන කොටස ඇසුරෙනි.