ඩෙංගු පාලනයට බැක්ටීරියා ආසාදිත මදුරුවෙක්!

Posted by

2014 වර්ෂයේදී ප‍්‍රති-ඩෙංගු හෙවත් ඩෙංගු විරෝධී මදුරුවන් මුදාහැරීමත් සමග  ඕස්ට්‍රේලිියාවේ නගරයකින් ඩෙංගු වෛරසය සාර්ථකව අතුගා දමන්නට හැකි වී තිබේ. වෙනස් කරන ලද මදුරුවන්(modified mosquitoes) මුදා හැරීමෙන් වසර හතරකට පසු ඊට පෙර වසර හතරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් 54 හා සසඳද්දී ක්වීන්ස්ලන්තයේ ටවුන්ස්ටිල්හි ප‍්‍රදේශබදව සම්ප්‍රේෂිත ඩෙංගු රෝග සංඛ්‍යාව බිංදුවට බැස ඇත. මදුරුවන් මගින් ප‍්‍රවාහනය කරනු ලබන වෛරසයක් නගරයක් පුරාවට  සම්පූර්ණයෙන් තුරන් කිරීමට වෙනස් කරන ලද මදුරුවන් සාර්ථකව යොදාගත් ප‍්‍රථම අවස්ථාව මේ අත්හදා බැලීමෙන් සනිටුහන් වෙයි.

ආසාදිත මදුරුවන් මුදා හැරීමට සහාය වෙමින්…

මෙම අත්හදා බැලීම සිදුකරන ලද්දේ ඕස්ට්‍රේලිියාවේ, මොනෑෂ් සරසවියේ  ස්කොට් ඕනීල් සහ සගයන් විසිනි. ඔවුහු (ඩෙංගු බෝකරන) Aedes aegypti මදුරුවන්, ස්වාභාවිකව හට ගන්නා Wolbachia බැක්ටීරියා මඟින් ආසාදනය කරනු ලැබූහ. බැක්ටීරියාව මදුරුවන් විසින් ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය කරනු ලැබීම වළක්වාලයි. පර්යේෂකයෝ අවුරුදු දෙකක කාලයක් මුළුල්ලේ ටවුන්ස්විල් පුරවරය පුරා ( බැක්ටීරියා) ආසාදිත මදුරුවන් මිලියන හතරක් මුදා හැරියහ. ඉන් අනතුරුව මේ මුදාහල මදුරුවන් වල් මදුරුවන් සමග අභිජනනයෙහි යෙදෙමින් Wolbachia බැක්ටීරියාව සිය ජනිතයන් වෙත පැවරිය. ඒ අනුව එම ජනිතයන්ටද ඩෙංගු සම්ප්‍රේෂණය අයිරු වෙන බව  ඕනීල් කියා සිටියි.

Image result for wolbachia dengue

Wolbachia බැක්ටීරියා මනුෂ්‍යයන්ට, සත්තුන්ට හෝ පරිසරයට අවදානමක් ගෙන එන්නේ නැත. ඉන්දුනීසියාව, බ්‍රසීලය හා වියට්නාමය ඇතුළුව මුලු වශයෙන් රටවල් 11ක් ආසාදිත මදුරුවන් යොදා ගනිමින් පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම රටවල ඩෙංගු රෝග අනුපාතය  ඕස්ට්‍රේලියාවට වඩා වැඩිය. එයින් ගම්‍ය කරගත හැක්කේ වෙනස් කරන ලද මදුරුවන් යොදාගැනීමෙන් ටවුත්ස්ටිල් තරම්ම සාර්ථකත්වයක් ලබා ගැනීමට අපහසු විය හැකි බවයි. කෙසේ වෙතත්, මූලික වශයෙන් ලත් ප්‍රතිඵල ධනාත්මක යයි  ඕනීල් කියයි.

(බැක්ටීරියාවක් යොදා මදුරුවෙකු ආසාදිත කරමින් සිදුකරනු ලබන  වෙනත් ක්‍රම හරහා ක්‍රියාත්මක) නිශ්චිත යාන්ත්‍රණයක් තවම තේරුම් බේරුම් කර ගනිමින් සිටින අතර මේ පරයේෂණය යම් පැහැදිලි කිරීමක් කිරීමට සමත්ව ඇත. ඒ අනුව පෙනී යන්නේ Wolbachia බැක්ටීරියාව ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය කිරීම දෙයාකාරයකින් වලක්වන බවයි. එය (බැක්ටීරියා) මදුරුවාගේ ප්‍රතිශක්ති පද්ධතිය වෛරසයට වඩාත් ප්‍රතිරෝධයක් ඇති කරවයි. එමෙන්ම වෛරසය මදුරු ෙසෙලවලින් පෝෂක උරා ගැනීම බැක්ටීරියා මගින් අසීරු කරනු ලැබෙයි. මදුරුවන් මාර්ගයෙන් සිකා (Zika) සහ චිකන්ගුන්යා වෛරස සම්ප්‍රේෂණය Wolbachia බැක්ටීරියාව අවහිර කරන බව පරීක්ෂණාගාර අධ්‍යයන පෙන්නුම් කරයි. එහෙත් මේ ප්‍රතිඵලය සනාථ කරනු පිණිස ක්ෂේත්‍ර අධ්‍යයයන සිදු කළ යුතු වේ.

New Scientist (August11, 2018)  හී පලවූ  Modified mozzies wipe out dengue යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.