දේශගුණ විපර්යාස මැද දිවි ගෙවීම : නව “සාමාන්‍ය” තත්ත්වය

Posted by

2015 දෙසැම්බරයේ ලෝකයේ රටවල් 195 ක් පැරීසිියේ දේශගුණ සමුළුවට සහභාගි විය. ගෝලීය උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 2 () සීමා කිරීමට එහිදී ඔවුහු එකඟ වූහ.

2017 ජූනියේ දී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් ගිවිසුමෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට අදහස් කරන බව ප්‍රකාශ වීමත් සමගම පැරිස් සම්මුතියට මරු පහරක් එල්ල විය. එහෙත් ලෝකයට ඉදිරියට යා හැකිය, ඉදිරියට යන්නේය.

මේ නව ලිපි මාලාවේ ඉදිරි ලිපි වලින් දේශගුණ විපර්යාසයේ යථාර්ථය මෙන්ම ඊට අප දක්වන ප්‍රතිචාර ගැන සොයා බැලීමට අදහස් කරමු : එනම් අප දැනට කරමින් සිටින්නේ කුමක් ද? අප තව කළ යුත්තේ කුමක් ද? වඩාත් උණුසුම් වූ ලෝකයක් තුළ අපට උරුම වන අනාගතය කෙබඳු ද? ආදී කරුණු ගැන මෙම ලිපි මාලාවෙන් සාකච්ඡා කෙරේ.

සෑම බ්‍රහස්පතින්දාවකම කියවන්න.

Living With Climate Change

 

නව සාමාන්‍ය තත්ත්වය(The New Normal)

එකවරම එය දැනී නොයන්න පුළුවන්. ඒත් ඔබේ ජනේලයෙන් පෙනෙන පිටත ලෝකය දැනටමත් වෙනස් වී හමාරයි. කාර්මික විප්ලවයෙන් පසුව ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1 කින් (10 C) ඉහළ ගොස් ඇත. මෙය විශාලතම පරිමාණයෙන් පවා බලපෑම් ඇති කිරීමට සමත් වී තිබේ. නිදසුනකට ගතහොත්, ග‍්‍රීන්ලන්තයේ ග්ලැසියර දියවීම, පෘථිවිය මත ජලය පැතිරයාම වෙනස් කරමින් පවතින අතර අපේ ග‍්‍රහලෝකයේ අක්ෂය ‘තල්ලූ’ කරමින් පවතී. මෙකී ප‍්‍රතිඵලයක් ලෙස 2005 වසරේ සිට උත්තර ද්‍රවයේ ස්ථානගතවීම මීටරයකින් පමණ නැගෙනහිරට චලනය වී තිබේ. මෙහි කෙළවර ප‍්‍රතිඵලය වන්නේ පෘථිවිය වඩාත් වේගයෙන් භ‍්‍රමණය වීම සහ 2200 වන විට දිනයක් මිලිතත්පර 0.12 කින් පමණ කෙටි වීමයි.

පෘථිවියේ ඇළය ඔබගේ ජීවිතය කෙරෙහි හෝ ඔබගේ දරුවන්ගේ ජීවිත කෙරෙහි පවා බලපෑමක් නොවන්නට ඉඩ ඇතත් අපට සමීපව වෙනත් විපර්යාසයන් සිදුවෙමින් පවතී. නිදසුනක් ගනිමු. මෙයට අර්ධ ශත වර්ෂයකට පෙර ඇති වූවාට වඩා වර්තමානයේ එක්සත් රාජධානියෙහි වසන්තය උදා වන ‘සාමාන්‍යය’ ගතහොත්, එසේ උදාවන්නේ ‘සාමාන්‍යයට’ වඩා සති දෙකක් පමණ කලිනි; එමෙන්ම සරත් සෘතුව ‘සාමාන්‍යයට’ වඩා සතියකට පසුවයි. සාගර තුළ බොහෝ සත්තු ඔවුන්ගේ අඩවි කිලෝමීටර සිය ගණනින් ද්‍රව දිශාවට විස්ථාපනය කර ඇත. ගොඩබිම ගත්තද අපට මේ ආකාරයේම විස්ථාපන දැකිය හැකිය. එසේ වුවද ගොඩබිම වන ජීවීන්ට එසේ තැන් මාරු කිරීම බොහොමත්ම අසීරුය. එසේ අසීරුතාව ඇතිවන්නේ මද පමණින් හෝ මාර්ග සහ පුරවර නිසා නම් නොවේ.

තවත් සියුම් වෙනසක් වන්නේ දිවා කාලයට වඩා වැඩි වේගයකින් රාත්‍රිය උණුසුම් වීමයි. තාපය මිදී ආපසු අභ්‍යවකාශය වෙත  යාමට රාත්‍රිය අවස්ථාවකි. එහෙත් වායුගෝලයෙහි ඇති අතිරික්ත හරිතාගාර වායු ඒවා වෙන කවරදාටත් වඩා වැඩියෙන්   හිරකර ගනියි. මෙය විශේෂයෙන්ම අශුභ ආරංචියක් වන්නේ අධි උෂ්ණ කාලවලදීය : අපේ ශරීරවලට සිසිල් වෙන්න අවස්ථාවක් රාථ්‍රියේ නොලැබ ගියොත් දිවා කාලයේ තාපයට ඔරොත්තු දීම අසීරු කාර්යයක්  බවට පත්වේ.

Related image

අපගේ වෙනස් වන ලෝකය තුළ  තාප තරංගවලට(Heat waves)  මුහුණ දීම වඩාත් අසීරු වෙනවා පමණක් නොව ඒවා (තාප තරංග) වඩාත් නිරන්තර බවකින් යුක්තවෙයි; එමෙන්ම වඩාත් දරුණු වෙයි. 2003 වර්ෂයේ යුරෝපා තාප තරංගය  පුද්ගලයන් 70,000 කට මරු කැඳවීය — ඉන් බොහොමයක් වැඩිහිටියන් හෝ කුඩා ළමුන්ය. මෙම කණ්ඩායම් දෙකම තමන්ගේ  හර උෂ්ණත්වය (core temperature)පාලනය කර ගැනීමට වඩාත් අඩුවෙන් හැකි අයයි. එවන් කාලගුණික තත්ත්වයක් හට ගැනීමේ අවදානම ගෝලීය උණුසුම්වීම මගින් අඩු තරමින් දෙගුණයකින්වත් වැඩි කර තිබෙන බව 2004 වසරේ දී සිදු කළ අධ්යයනයකින් පෙන්නුම් කරයි.

 

තාප තරංග, ගෝලීය උණුසුම්වීම මගින් බලපානු ලබන  අන්ත කාලගුණය පිළිබඳ හුදු එක් උදාහරණයක් පමණයි. ඔව් ඉතින් ඇත්තටම ගංවතුර, සැඩකුණාටු සහ නියංසමය සැමදාමත් තිබූ බව සත්‍යයකි. එහෙත් දැන් වර්ෂාව වැඩියෙන් පතිත වීමට පුළුවන. මන්ද වඩාත් උණුසුම් වායුගෝලයකට වැඩියෙන් තෙතමනය රඳවා තබා ගත හැකි හෙයිනි; සැඩ කුණාටු වඩාත් ප්‍රචණ්ඩ වීමට පුළුවන; මන්ද ඒවා බලගැන්වීමට වඩාත් ශක්තිය පවතින හෙයිනි; නියඟයන් වඩාත් දරුණු වීමට පුළුවන; මන්ද ජලය වඩාත් සීඝ්‍රයෙන් වාෂ්පිකරණය වන හෙයිනි.

දේශගුණ විපර්යාස සිදුවන  තථ්‍ය කාලයේ දීම වාගේ දරුණු සිදුවීම් ඇතිවීමේ හැකියාව කෙබඳු දැයි යම් අදහසක් ගෙන එන පද්ධතියක් සම්බන්ධයෙන් පර්යේෂකයෝ සොයා බලමින් සිටිති. කෙසේ වෙතත්, කාලගුණ සිද්ධි සියල්ලම එක්තරා ප‍්‍රමාණයකට බලපෑමට ලක්වේ.  කාබන් ඩයොක්සයිඞ් මට්ටම් ඉහළ යාම අපේ මේ ග‍්‍රහයා විශේෂයෙන්ම වියළි ප‍්‍රදේශවල  තවත් හරිතවත් කරන බව චන්ද්‍රිකා අධ්‍යයන පෙන්නුම් කරයි. ප‍්‍රතිඵල සංකීර්ණය එමෙන්ම සැමවිටමත් යහපත් ද නොවේ.  නිදසුනක් දක්වතොත්, ඔස්ට්‍රේලියාවේ අතිරේක වෘක්ෂලතාදීය (extra vegetation)  තව තවත් ජලය උරා ගන්නා අතර ගංගා ප‍්‍රවාහයන් තුනෙන් එකකින් පමණ අඩු කරයි.

Related image

දේශගුණ විපර්යාසයන් හේතුවෙන් ඇතිවන සියළු වෙනස්කම්, දේශගුණයෙහි හා කාලගුණයෙහි ස්වභාවිකව ඇතිවන එහා මෙහා වීම් මතම ඇතිරෙන නිසා දේශගුණ විපර්යාසයන් නිසා ඇතිවන බලපෑම් හරිහැටි වෙන් කර දැකීම අසීරු වේ. එසේ වුවද දිගුකාලීන අධ්‍යයන සැකයට, අඩමානයට ඉඩ නොතබයි : උෂ්ණත්වයන් සෙමින් ඉහළ යද්දී ‘සාමාන්‍ය තත්ත්වය’ නිරතුරුව විස්ථාපනය වන්නක් බවට පත්වේ.

ලබන බ‍්‍රහස්පතින්දා ඊළඟ කොටස දේශගුණ විපර්යාස මැද දිවි ගෙවීම : ගෝලීය උණුසුම්වීම සෙන්ටිග්‍රේඩ් අංශක 2කට (20 C) සීමා කිරීමට අපට නොහැකි ද?

NEW SCIENTIST(THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි LIVING WITH CLIMATE CHANGE: The New Normal යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.