මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
අපරාධය යනු, ජීවිතයට හා දේපළවලට ඇති අයිතිය මෙන්ම හානියට පත්වීමෙන් වැළකී සිටීමේ නිදහස ඇතුළුව වින්දිතයාගේ අයිතීන් සහ නිදහස කඩකිරීමක් ලෙස දැකිය හැකිය. උථ්තම්බනය කිරීම පිණිස සමාජ සම්මුතිය(සංකල්ප සාර සංග්‍රහය 84 කියවන්න) පිළිබඳ අදහස අනුව නම් මෙකී අයිතීන් පිළිගැනිමට රාජ්‍යය බැඳී පවතියි. උත්ප්‍රාසාත්මක කාරණය වන්නේ අන් අයගේ එවන් අයිතීන් සහ නිදහස අහිමි කරන්නන් මත රාජ්‍යය පනවන සම්බාධක බොහෝවිට එම වරදකරුවන්ගේ අයිතීන්ම සහ නිදහසම අහිමිකිරීමයි.
දඬුවම සඳහා ප්‍රධාන සාධරණීකරණයන් දෙකක් ඇත. පළමුවැන්න: දඬුවමම යහපත් දෙයක් ලෙස සැලකෙන අතර ‘දණ්ඩනය අපරාධයට ගැලපෙමින්’ එය යුක්තිය ඉෂ්ඨවීමේ ප්‍රකාෂණයක් ලෙස දැකිය හැකිය. යුක්තිය හා සාධාරණය පිළිබඳ මෙකී විපාකදායී දෘෂ්ඨිය පැරණි තෙස්තමේන්තුවේ ‘ඇසට ඇසක්, දතට දතක්’ යන ආඥාවේ ලුහුඬින් දක්වා ඇත — මෙය මනුෂ්‍ය ඝාතනය සඳහා මරන දඬුවම පැනවීම සාධරණිකරණය පිණිස ඇතමුන් තවමත් යොදාගන්නකි.
අපරාධකරුවා (සිය වරදට යම් ‘ගෙවීමක්’ කළ යුතුය) ‘විඳවිය’ යුතුය යන්න පොදු පිළිගැනිමක් ලෙස සමාජයේ පවතින අතර යම් ආකාරයක සදාචාරාත්මක වගවිමක් ඉන් ගම්‍යවේ. ‘සමාජයට මේ වන්දිය ගෙවා දැමීමෙන්’ පසුව සමාජය යළි එහි සමබරතාව සහ ස්ථායීතාව රැකෙතැයි සැලකේ. බටහිර නොවන ඇතැම් රටවල දරුණු අපරාධයක් කරන වරදකරුවෙකුට, වින්දිතයාගේ පවුළට ‘ලේ වන්දියක්’ ගෙවීමෙන් දඬුවමින් ගැලවී ගත හැකි අතර බටහිර ඇතම් රටවලදඬුවමට ලක් කළ පුද්ගලයාට සිය දඬුවමෙහිම කොටසක් ලෙස වන්දියක් ගෙවීමට සිදුවිය හැකිය.
දඬුවම පිළිබඳ දෙවැනි දෘෂ්ටිය උපයෝගීතාවාදී එකකි. මෙහිදී දඬුවම ම යහපත දෙයක් ලෙස නොදකින අතර එය සමාජයේ පොදු යහපතට දායකවන ඉවත දැමිය නොහකි අත්‍යවශ්‍ය ආදීනවයක් ලෙස ගණන් ගැනේ. උපයෝගතාවාදීන් දඬුවම් පැමිනවීම සාධක පරාසයක් හේතු කොට ගෙන සධාරණීකරණය කිරීමට පුළුවන. ඉන් එකක් වන්නේ, අපරාධකරුවන්ට නිදහස(හෝ ජීවිතය පවා) අහිමි කිරීමෙන් ඔවුන්ගේ වැරදි නැවත නැවත සිදුකිරීම වළකින බවත් ඒ හේතුවෙන් සමාජය ආරක්ෂිතව තැබෙන බවත්ය. දෙවැන්නෙන් කියා පාන්නේ දඬුවම් පැණවීම නිවාරකයක්(deterrent) ලෙස ක්‍රියා කරන බවත්, එහෙයින් පොදු යහපත සලසමින් අපරාධකිරීමේ විභවයක් ඇති අය අපරාධකාරී ක්‍රියා සිදුකිරීමෙන් වළක්වන බවත්ය. තුන්වැන්නෙන්, අපරාධකරුවෙකු හෝ කාරියක නැවත වතාවක් සමාජයට අනුයෝජනයවීමට මග සලසන, ඔහුගේ හෝ ඇයගේ සුබසිද්ධිය පතාම පුනුරුත්ථාපනය කිරීමේ ආකාරයක් ලෙස දඬුවම දැක්වේ.