අප ජීවත්වන ලෝකය වැදගත් විධි බොහොමයකින් හැඩ ගස්වනු ලැබ ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් මගිනි. ජීවිතයට හා පරිසරයට එල්ලවන තර්ජන වළක්වා ගැනීම, ඉවත් කර දැමීම හෝ අඩුකර ගැනීම පිණිස මෙන්ම සමාජයීය අවශ්‍යතා පිරිමසා ගැනීම පිණිස ද අපි තාක්ෂණික විකල්ප නිර්මාණය කරගෙන ඇත්තෙමු. ගංගා හරස්කර, වේලි බැඳ, එමෙන්ම වනාන්තර එළිපෙහෙළි කර ඇත්තෙමු. ද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ තනා ඇත්තෙමු. අති විශාල ප්‍රමාණයක ප්‍රදේශ පුරා මහ නගර සහ මහාමාර්ග තනා ඇත්තෙමු. තවද, සමහරවිට කැමැත්තක් ඇතත් නැතත් වෙනත් ජීවීන්බොහෝ දෙනාගේ ඉරණම තීරණය කරනු ලැබ ඇත්තෙමු.
එසේ නම්, එක අර්ථයකින් ගත් කල, — වැඩිකොටම තාක්ෂණය හරහා හැඩගස්වා සහ පාලනය කරනු ලැබ — අපේ ලෝකයේ බොහෝ කොටස් සැලසුම් කරනු ලැබ ඇත; අපේ අපේක්ෂාවන් යයි අප සිතන ආකාරයටය අනුකූලවය. අපේ ග්‍රහලෝකය වන පෘථිවිය අද අප පත්කොට ඇති අන්දමට, අපේ අනාගත යහපැවැත්ම අප තාක්ෂණය වැඩිදියුණු කිරීම, භාවිතා කිරීම හා සීමා කිරීම කෙලෙස සිදු කරන්නේද යන්න මත ඉතා දැඩිව රැඳී පවතී. එසේ වන හෙයින් එය ඉතා තදින්ම රඳා පවතින්නේ, තාක්ෂණයේ කි‍්‍රයාකාරිත්වය මෙන්ම අප ජීවිතය ගෙවන සමාජයීය සංස්කෘතික, ආර්ථික සහ පාරිසරික පද්ධති කොයිතරම් හොඳින් අප අවබෝධ කරගන්නේ ද යන්න මතය.
අපේ ජීවිත හා පරිසරය හැඩ ගස්වන ලද ප්‍රධාන මානව ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තාක්ෂණයේ ඇතැම් ප්‍රධාන අංග ගැන මෙම ලිපි පෙළ මගින් ඉදිරිපත් කරනු ලැබේ. ලිපි පෙළ කේන්ද්‍රගතව ඇත්තේ මූලික තාක්ෂණ ක්ෂේත්‍ර 8ක් මතය: කෘෂිකර්මය, ද්‍රව්‍යයන්, නිෂ්පාදනය, ශක්ති මූලයන්, ශක්තිය භාවිතය, සංනිවේදනය, තොරතුරු සැකැසීම හා සෞඛ්‍ය තාක්ෂණය. අද ලිපිය සන්නිවේදනය (INFORMATION PROCESSING) ගැනයි.
තොරතුරු සැකසුම
තොරතුරු එක්රැස් කිරීම, ගබඩා කිරීම හා සමුද්ධරණය (retrieving) මෙන්ම තොරතුරු එහා මෙහා ගෙන යාමේ දී තාක්ෂණය, දිගු කාලයක් මුළුල්ලේ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. ලේඛන කලාව සොයාගැනීම, දත්ත වගු, රූ සටහන්, ගණිතමය සූත්‍ර, මෙන්ම ගොනු කිරීමේ පද්ධති යන මේ සියල්ලම අපට හසුරුවා ගත හැකි තොරතුරු ප්‍රමාණය වැඩිකර ඇති අතර අපට ඒවා සැකසීමට හැකි වේගයද වැඩි කර තිබේ. නූතන සමාජයන්ගෙන් ක්‍රියාකාරිත්වය සඳහා තොරතුරු විශාල ප්‍රමාණවලින් අත්‍යවශ්‍ය වේ. ඇත්තටම, තොරතුරු ජනනය කිරීම, සැකසීම හා හුවමාරු කිරීම කාර්මික රටවල වැඩ කරන ජනතාවගේ වඩාත් සුලභ කාර්යය බවට පත්වෙමින් තිබේ.
තොරතුරු වඩාත් සංවිධානගත වූ විට සහ සංවිධිත සංකේත එකතුවක් මගින් නියෝජනය වූ විට එය වඩාත් ප්‍රයෝජනවත් වේ. විශාල දත්ත ප්‍රමාණයක් සංවිධානය කරගනු පිණිස ජනයා වගු, දර්ශක, අකාරාදිමය ලැයිස්තු, මෙන්ම ධූරාවලීගත ජාල ද උපයෝගී කරගනිති. තොරතුරු ගබඩා කිරීමේ හොඳම ක්‍රමය තීරණය වන්නේ එම තොරතුරු මඟින් ලබාගන්නා ප්‍රයෝජනය කුමක් ද යන්න මත ය. කිසියම් එක් ප්‍රයෝජනයක් නැති නම් අරමුණක් සිතෙහි තබාගෙන ගබඩා කර ලද තොරතුරු සමුද්ධරණය කිරිමේ දී (එනම් ආපසු ලබා ගැනීමේදී) වෙනත් අභිප්රායන් සඳහා (නිදසුනක් දක්වතොත්, අකාරාදි පිලිවෙල ලැයිස්තුගත කර ඇති දුරකථන නාමාවලි අංක කෙනෙකු පුද්ගලයෙකුගේ නම දන්නේ නම් ප්‍රයෝජනවත් වුවද, දන්නේ ලිපිනය පමණක් නම් ප්‍රයෝජනයක් නැත.) කරදරකාරී විය හැකිය. තොරතුරු විවිධ ආකාර ගණනාවකින් ස්ථානගත කිරීමට බහු සේවා නැතිනම් බහුකාර්ය දත්ත සමුදායන්(multipurpose data bases) ඉඩ සලසයි. (නිදසුන් : කතුවරයා, පොතේ නම හෝ අදාළ වන විෂයන් අනුව ලැයිස්තුගත පොත්) එවැනි තොරතුරු පද්ධතිවල සාමාන්‍යයෙන් දැකිය හැකි ලක්ෂණයක් වන්නේ සෑම දත්ත නිවේශනයකටම (data entry) ගැලපෙන වදන් සොයා ගැනීමට පරිගණකයට හැකිවන පරිදි නියමිත ප්‍රධාන වදන් පෙළක් එකතු කිරීමය.
ගණිතමය හෝ තාර්කික මෙහෙයුම් සිදුකල හැකි යාන්ත්‍රික උපකරණ සියවස් ගණනාවක් තිස්සේ අප අතර පැවතියද, තොරතුරු සැකසීම (information processing) විප්ලවීය වෙනසකට ලක් කරනු ලැබුවේ විද්‍යුත් පරිගණකය සොයා ගැනීම මගින්ය. ගණිතමය තර්කයේ (mathematical logic) එක් අංගයක් වනුයේ ඕනෑම තොරතුරක්, සංඛ්‍යා, අක්ෂර සහ තාර්කික ප්රස්තුතයන් ()ද ඇතුළුව ඕනෑම තොරතුරක් ඔව් හෝ නැත බිට්ටුමය තන්තුවක් (string of yes-or-no bits) (නිදසුනකට: තිත් සහ ඉරි, 1 සහ 0 හෝ අරින/වහන ස්විච[string of yes-or-no bits] ලෙස) ලෙස කේත ගත කළ හැකි වීමයි. විද්‍යුත් පරිගණකය යනු අවශ්‍යයෙන්ම තාර්කික මෙහෙයුම් සිදුකිරීමට ඉඩ සලසන්නා වූ ආකාරයන් අනුව සම්බන්ධ කළ අතිවිශාල අරින /වහන ස්විච් අරාවන්ය (arrays). නොසෙල්වෙන කොටස් සහිත ස්විච් (no-moving-parts switches) අතිශය කුඩා කිරීමට සහ අතිශය විශ්වාසතාවට මග පෑදීමට නව ද්‍රව්‍යවලට සහ නව තාක්ෂණයන්ට හැකි වී තිබේ. එය, ඉතාම කුඩා ඉඩකඩක් හෙවත් අවකාශයක් තුළ සම්බන්ධිත ස්විච (connected switches) විශාල සංඛ්‍යාවක් සවි කිරීමට ඉඩ සලසයි. ප්‍රමාණය ඉතා කුඩා වීම යනු සබඳතාද කෙටි වීමයි. එසේ සම්බන්ධතා කෙටිය යනු සංඥාවන්ට ගමන් කිරීමට ඇති කාලය අඩු වීමයි. මේ අනුව, අතිශය කුඩාකෙරුණු විද්‍යුත් පරිපථවලට ඉතා ඉක්මනට ක්‍රියාත්මක විය හැකියි. සැකසුම් පියවර සිදුවීමට ඉතා කෙටි කාලයක් පමණක් අවශ්‍ය වීම, ඒ සමඟම ඇති කළ හැකි සම්බන්ධතා විශාල සංඛ්‍යාවක් තිබීම යන්නෙන් ගම්‍ය වෙන්නේ පරිගණකවලට අතිශය සංකීර්ණ හෝ යළි යළිත් සිදුවන උපදේශ(instructions) මිනිසුන් විසින් සිදුකරන ලබනවාට වඩා මිලියන ගුණයක් වේගයෙන් සිදු කළ හැකි බවයි.
පරිගණකවල ක්‍රියාකාරීත්වය අර්ධ වශයෙන් ඒවා පරිපථ ගතකර ඇති ආකාරයෙන් ද අර්ධ වශයෙන් කේතගත උපදේශන කට්ටල මගින් ද පාලනය වේ. සාමාන්‍ය කාර්යයන් සඳහා ඇති පරිගණකවල තොරතුරු සැකසීම පිණිස උපදේශ පරිපථ ගත කර නොමැති අතර (අනෙකුත් තොරතුරු මෙන්ම) තාවකාලිකව ගබඩා කර තිබේ. මෙම පිළියෙල කිරීම නැතිනම් සැකසීම පරිගණකවලට කළ හැකි දේ සඳහා වැඩි නම්‍යතාවයක් ලබා දෙයි. මිනිසුන් පරිගණකවලට උපදෙස් දෙන්නේ එක්කෝ කලින් ක්‍රමලේඛ (previously programmed) ගත කළ මෘදුකාංග මගින්ය. නැතිනම් (ක්‍රමලේඛන බසකින් ලියන ලද) මුල් ක්‍රමලේඛන මාර්ගයෙනි. ක්‍රමලේඛ සකස් කරන්නෙකුට, ඉංග්‍රීසි හෝ වීජ ගණිතය වැනි හෝ රේඛා චිත්‍ර ජ්යාමිතිමය වශයෙන් මෑනිමෙන් හෝ උපදේශ සකස් කිරීමට ක්‍රමලේඛ භාෂාව ඉඩ සලසා දෙයි. මෙකී උපදේශන ඉන් අනතුරුව වෙනත් ක්‍රම ලේඛයක් මගින් පරිගණකය සඳහා යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කෙරේ. බොහෝ විට ක්‍රමලේඛය, තොරතුරු ගබඩා කිරීමේ උපකරණයකින් හෝ ස්වයංක්‍රීයව සංවේදන උපකරණයකින් ලබාගෙන යතුරු පුවරුව මගින් ඇතුල් කෙරෙන දත්ත ස්වරූපයෙන් ඇති වෙනත් ආදාන (inputs) ඉල්ලා සිටියි. පරිගණකය ප්‍රතිදානය (output), (වචන, සංඛ්‍යා) සංකේත, (ප්‍රස්තාර, රූප සටහන්) ග්‍රැෆික හෝ එසේත් නැතිනම් කිසියම් අන් යන්ත්‍රයක් (අනතුරු හඟවන සංඥාවක්, රොබෝ කෙනෙකුගේ ක්‍රියාවක් වැනි) ස්වයංක්‍රියව පාලනය කිරීමක් හෝ තවත් උපදේශන සඳහා මිනිස් ක්‍රියාකරවන්නෙකු වෙත පානය කිරීමක් හෝ තවත් උපදේශන සඳහා මිනිස් ක්‍රියාකරවන්නෙකු වෙත කෙරෙන ඉල්ලීමක් මෙන් විය හැකිය.
මෙම ලිපියේ ඉතිරි කොටස ලබන සඳුදා පළවේ.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE DESIGNED WORLD නම් 8 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.