අප ජීවත්වන ලෝකය වැදගත් විධි බොහොමයකින් හැඩ ගස්වනු ලැබ ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් මගිනි. ජීවිතයට හා පරිසරයට එල්ලවන තර්ජන වළක්වා ගැනීම, ඉවත් කර දැමීම හෝ අඩුකර ගැනීම පිණිස මෙන්ම සමාජයීය අවශ්‍යතා පිරිමසා ගැනීම පිණිස ද අපි තාක්ෂණික විකල්ප නිර්මාණය කරගෙන ඇත්තෙමු. ගංගා හරස්කර, වේලි බැඳ, එමෙන්ම වනාන්තර එළිපෙහෙළි කර ඇත්තෙමු. ද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ තනා ඇත්තෙමු. අති විශාල ප්‍රමාණයක ප්‍රදේශ පුරා මහ නගර සහ මහාමාර්ග තනා ඇත්තෙමු. තවද, සමහරවිට කැමැත්තක් ඇතත් නැතත් වෙනත් ජීවීන්බොහෝ දෙනාගේ ඉරණම තීරණය කරනු ලැබ ඇත්තෙමු.
එසේ නම්, එක අර්ථයකින් ගත් කල, — වැඩිකොටම තාක්ෂණය හරහා හැඩගස්වා සහ පාලනය කරනු ලැබ — අපේ ලෝකයේ බොහෝ කොටස් සැලසුම් කරනු ලැබ ඇත; අපේ අපේක්ෂාවන් යයි අප සිතන ආකාරයටය අනුකූලවය. අපේ ග්‍රහලෝකය වන පෘථිවිය අද අප පත්කොට ඇති අන්දමට, අපේ අනාගත යහපැවැත්ම අප තාක්ෂණය වැඩිදියුණු කිරීම, භාවිතා කිරීම හා සීමා කිරීම කෙලෙස සිදු කරන්නේද යන්න මත ඉතා දැඩිව රැඳී පවතී. එසේ වන හෙයින් එය ඉතා තදින්ම රඳා පවතින්නේ, තාක්ෂණයේ කි‍්‍රයාකාරිත්වය මෙන්ම අප ජීවිතය ගෙවන සමාජයීය සංස්කෘතික, ආර්ථික සහ පාරිසරික පද්ධති කොයිතරම් හොඳින් අප අවබෝධ කරගන්නේ ද යන්න මතය.
අපේ ජීවිත හා පරිසරය හැඩ ගස්වන ලද ප්‍රධාන මානව ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තාක්ෂණයේ ඇතැම් ප්‍රධාන අංග ගැන මෙම ලිපි පෙළ මගින් ඉදිරිපත් කරනු ලැබේ. ලිපි පෙළ කේන්ද්‍රගතව ඇත්තේ මූලික තාක්ෂණ ක්ෂේත්‍ර 8ක් මතය: කෘෂිකර්මය, ද්‍රව්‍යයන්, නිෂ්පාදනය, ශක්ති මූලයන්, ශක්තිය භාවිතය, සංනිවේදනය, තොරතුරු සැකැසීම හා සෞඛ්‍ය තාක්ෂණය. අද ලිපිය සන්නිවේදනය (INFORMATION PROCESSING) ගැනයි.
සැලසුම්ගත ලෝකය : තොරතුරු සැකසුම II
(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සඳුදා(03 ද) තතු හි පළවිය. මෙතනින් කියවන්න)
පරිගණක වල ඉටුකළ හැකි ප්‍රධාන කාර්යභාරයක් ඇත්තේ පද්ධති ආදර්ශකරණය හෝ විඩම්බනය(simulating) තුළයි. උදාහරණ දක්වතොත් ආර්ථිකය හෝ කාලගුණය, මාර්ග සංඥා ජාලකයක්, උපායමාර්ගික ක්‍රීඩාවක් හෝ රසායනික අන්තර් ක්‍රියාවන් පරිගණක මගින් ආදර්ශනය හෝ විඩම්බනය කළ හැකි වේ. ප්‍රායෝගික අර්ථයෙන් ගත් කල පරිගණකය, පද්ධතියක් ක්‍රියා කරන ආකාරය නියෝජනය කරන සංකීර්ණ උපදේශ පෙළක නැතිනම් කට්ටලයක තාර්කික ඵලවිපාක ගණනය කරයි. එකී උපදේශ විශේෂිතව දක්වමින් පරිගණක ක්‍රමලේඛ ලියැවෙන අතර අනතුරුව පද්ධතියේ ආරම්භක තත්ත්වය විස්තර කෙරෙන දත්ත සමගින් ආරම්භ වී ධාවනය වේ. පද්ධතියේ අපරාපරිය (පසුව ඇතිවන) තත්ත්වයන්ද ක්‍රමලේඛය මගින් විදහා දැක්වෙන අතර පද්ධතිය ඇත්තටම හැසිරෙන්නේ කෙබඳු ආකාරයකට දැයි සංසන්දනය කිරීමට හැකි වේ. එය නීති රීති ගැන අපේ දැනුම කෙතරම් යහපත් ද කියා දැන ගැනීමටත් ඒවා නිවැරදි කිරීමට ආධාර වීමටත් මගපාදයි. සියලුම නීති රීති අප දන්නා බව අපට සහතික නම් පද්ධති සැලසුම් කිරීමේදී අපට ආධාර පිණිස පරිගණකයේ පලවිපාක නිගමනය කිරිමේ බලය යොදා ගැනීමට අපට හැකි වේ.
පරිගණක ක්‍රමලේඛවල වැදගත් විභවයක් සහිත කාර්යභාරයක් වන්නේ ගැටළු නිරාකරාණයේදි තීන්දු තීරණ ගැනීමෙදී මිනිසුන්ට සහාය වීමයි. දත්ත ඒකරාශීකරන, විශ්ලේෂණයකරන, සාරාංශගතකරන සහ ප්‍රදර්ශනය කරන ක්‍රමලෙඛ ධාවනය කිරීමෙන් දැනටමත් පරිගනක, මිනිසුන්ට උදව් කිරීමෙදී කාර්යභාරයක් ඉටු කරයි. රටා සොයන ක්‍රමලෙඛ, විශාල දත්ත සංචිතවලින් අර්ථ නිශ්කර්ෂය හෙවත් පෙරා ගැනීමේදී සහාය වෙයි. පරිඝනක විද්‍යාවේ පර්යේෂණවලදී වැදගත් ක්ෂේත්රයක් වන්නේ — කෘතිම බුද්ධි සිද්ධාන්ත පදනම් කරගනිමින් — මිනිසුන්ගේ චින්තන රටාව අනුකරණය කරමින් හෝ බාගවිට එම චින්තනයන් තවත් වැඩි දියුණු කරණ ක්‍රමලෙඛ සැලසුම් කිරීමයි. කෙසේවෙතත්, මානව චින්තනයේ වැඩි කොටසක් තවමත් හරිහැටි අවබෝධ කරගෙන නොමැත. ආර්ථිකය හෝ දේශගුණය වැනි අනෙකුත් සංකීර්ණ පද්ධති විඩම්භනය සම්බන්ධයෙන් සත්‍යයක් වන්නා සේ, ක්‍රමලේඛවල කාර්ය සාධනය ඒවා නියෝජනය කෙරෙන සංසිද්ධි සමග සංසන්දනය කිරීම වනාහී පද්ධති ක්‍රියා කරන ආකාරය ගැන තවදුරටත් උගෙන ගැනිම පිණිස වන ක්රමශිල්පයකි.
ඉත හොඳින් අවබෝධ කරගෙන ඇති යාන්ත්‍රික පද්ධති වල දී මනුෂ්‍යයන් ඕනෑකමින් සිදුකරනු ලබන පාලනයකට තරම්ම හොඳ හෝ ඊට වඩා සියුම් සහ සීඝ්‍ර පාලනයක් පරිගණකය මගින් ලබාදිය හැකිය. ඒ අනුව, මෝටර් රථ එන්ජින් ක්‍රියාකරවීම, ගුවන් යානා සහ අභ්‍යවකාශ යානා පියාසැරුම (flight) පාලනය, අවියක් එල්ල කොට වෙඩි තැබීම වැනි කටයුතු මිනිස් ක්‍රියාකරවන්නෙකුට හැකි වනවාට වඩා තොරතුරු සැලකිල්ලට ගැනීම පිණිස සහ වඩාත් සීඝ්රයෙන් ප්‍රතිචාර දැක්වීම පිණිස එම කටයුතු පරිගණකගත කළ හැකිය. එසේ වුවද උපදේශ හෝ තොරතුරු ඇතුල් කරන අතර වැරදි (දෝෂ) ඇතිවීමේ අවදනම තිබිය හැකිය, පරිගණකයෙහි දෘඩාංග හෝ මෘදුකාංග වල දෝෂ කාරීත්ව (malfunctions) ඇතිවිය හැකිය. එ පමණක් නොව, සම්පූර්ණයෙන්ම විශ්වාසය තැබිය හැකි ඒ පරිගණක ක්‍රමලේඛය, ක්‍රමලේඛවලට අදාළ යම් සාධක අන්තර්ගත කර නැතිනම් හෝ අන්තර්ගත කළ යම් සාධකවල යම් අගයන් ඒවාගේ අපේක්ෂිත පරාසයන්ගෙන් පිට පනියි නම් තොරතුරු තවදුරටත් දෝෂ සහිත ප්‍රතිඵල ගෙන ආ හැකිය. තාක්ෂණික වශයෙන ගත් කල මුළු පද්ධතියම දෝෂ රහිත වූයේ වී නමුත් ඉතා සංකීර්ණ අධිවේගී පද්ධති මඟින් ප්‍රශ්න නිර්මාණය විය හැකිය. මන්ද මිනිසුන්ගෙ හැකියාව ඉක්මවා යන එහි ප්‍රතිචාර වල වේගය නිරීක්ෂණයට හෝ විනිශ්චයට නො හැකි තරමට එහි ප්‍රතිදානය වැඩි විය හැකි හෙයිනි.
අද ලෝකයේ පාලනයෙහි සංකීර්ණතාව අනුව පරිගණක මගින් විශාල තොරතුරු කළමනාකරණය අවශ්‍ය වේ. එමෙන්ම තොරතුරු ප්‍රමාණය වර්ධනය වෙත්ම, තොරතුරු ගැන සෙවිල්ලෙන් සිටීම, පාලනය කිරීම අර්ථ විග්රහ කිරීම සඳහා අවශ්‍යතාව ද වැඩිවේ. ඉන් තව තව තොරතුරුවලට සම්බන්ධ වෙන අතර තවත් තොරතුරු නවක ස්තර හරහා සම්බන්ධ වීමද අවශ්‍ය වේ මෙලෙස මේ තොරතුරු මහා ප්‍රවාහයක් ඇති කිරීම හේතුවෙන් අඩු අවකාශයක් තුළ ගබඩා කිරීමට, වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරයට ප්රවර්ගගත කිරීමට එමෙන්ම වඩාත් ඉක්මනින් ආපහු ලබාගැනීමට ඉහල අනුපාතයකින් සම්ප්‍රේෂණය කිරීමට, වඩාත් කාර්යක්ෂමව වර්ග කිරීමට හා සෙවීමට සහ දෝෂ අවම කිරීමට ඒ කියන්නේ ඒවා ගැන සොයා බලා හමු වූ විට නිවැරදි කිරීමට යන මේ සියල්ලට මාර්ග අළුතෙන් සොයා ගත යුතු වේ. සන්නිවේදනය ගත්විට තොරතුරු ගබඩා කිරීමට, පෞද්ගලිකභාවය සහ ආරක්ෂාව අදාළ වේ. තොරතුරු වෙනස් කිරීමට හෝ අහම්බෙන් නැතිවීයාමට නොහැකි වන සේ තබා ගැනීම සහතික කිරීමට අවසර නොමැතිව තොරතුරු වෙත ප්‍රවේශ වුවහොත් ඒවා වටහා ගැනීමට නොහැකි වන සේ තබාගැනීම සඳහා පරිගණක මගින් පාලනය කරන තොරතුරු පද්ධති වලට හැකියාව තිබිය යුතුය.
මෙම ලිපි මාලාවේ මීළඟට: සෞඛ්‍ය තාක්ෂණය. කියවන්න ලබන සඳුදා
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE DESIGNED WORLD නම් 8 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.