සැමට විදු නැන නුවණ – Science Literacy for All

ඉඩෝරයන්ට වැඩියෙන් ඔරොත්තුදෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ ගස්ය

මීටර් 18ක පමණ වියන් උස සහිත ශාක ඇති වනාන්තර , ඊට වඩා උසින් අඩු හෝ වැඩි වනාන්තරවලට වඩා දරුණු ඉඩෝරයන්ට ඔරොත්තුදීමේ ශක්තියකින් යුක්ත බව චීනයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයෝ කියා සිටිති. එක දිගට පවතින උෂ්ණාධික, වියළි කාලගුණික සමයන්ට  වඩාත්  ඔරොත්තු දෙන්නේ උසින් අඩු හෝ උසින් වැඩි වියන් සහිත වනාන්තරද යන්න ගැන අතීතයේදී සිදුකළ අධ්‍යයන එකඟතවක් පළ කළේ නැත. අතිශය දරුණු නියං සමයං හිදී  ඉහල වර්ධනයක් සහ පැවතීමේ අනුපාතයන්  දිරිගන්වනු පිණිස  කුමන උසකට ශාක වර්ධනයවිය යුතු  දැයි දැනගනීම අවශ්‍යවන වනාන්තර  කළමණාකරුවන්ට අධ්‍යනවල මෙකී  විෂමතාවයන් හේතුවෙන් ගැටලු ඇතිවිය.

අධ්‍යයන ප්‍රධානී චීනයේ, බෙයිජ්ං සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ පෙයිපෙයි  ෂූ  සහ ඇගේ සගයන් විශ්වාස කරන්නේ ප්‍රශ්නය එන්ට එන්ටම දරුණු වෙන බවයි. “දේශගුණ දත්ත පෙන්නුම් කරන්නේ භූමියේ උෂ්ණාධික ප්‍රදේශ වැඩිවන බවයි. ඉතින් වඩාත් උණුසුම් ප්‍රදේශ වියළි බවට පත්වෙනවා” යයි ඇඑජ නිව්යෝක් සිටි විශ්වවිද්‍යාලයේ චුයිෂියෑං  යී කියයි, ” කාබන් ඩයොක්සයිඩ් දිගටම වර්ධනයවෙද්දී එමෙන්ම දේශගුණය දිගටම උණුසුම් වෙද්දී උණුසුම්-වියළි බව හේතුවෙන් ඇතිවන වන මර්ත්‍යතාව(මැරීයාම) අනාගතයේ දි ගෝලීය වශයෙන් බරපතල ගටලු ඉස්මතු කරනවා”.

අධ්‍යයන ප්‍රධානී චීනයේ, බෙයිජ්ං සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ පෙයි පෙයි ෂූ සහ ඇගේ සගයන් විශ්වාස කරන්නේ ප්‍රශ්නය එන්ට එන්ටම දරුණු වෙන බවයි. “දේශගුණ දත්ත පෙන්නුම් කරන්නේ භූමියේ උෂ්ණාධික ප්‍රදේශ වැඩිවන බවයි. ඉතින් වඩාත් උණුසුම් ප්‍රදේශ වියළි බවට පත්වෙනවා” යයි ඇඑජ නිව්යෝක් සිටි විශ්වවිද්‍යාලයේ චුයිෂියෑං යී කියයි, ” කාබන් ඩයොක්සයිඩ් දිගටම වර්ධනයවෙද්දී එමෙන්ම දේශගුණ් දිගටම උණුසුම් වෙද්දී උණුසුම්-වියළි බව හේතුවෙන් ඇතිවන වන මර්ත්‍යතාව(මැරීයාම) අනාගතයේ දි ගෝලීය වශයෙන් බරපතල ගටලු ඉස්මතු කරනවා.

නියං සායවල දී වියනෙහි උස, වර්ධනය සහ පැවතීමේ අනුපාත අතරේ සම්බන්ධතාව ප්‍රථම වතාවට ප්‍රමාණ කිරීමට හෙවත් සංඛ්‍යාත්මකව ප්‍රකාශ කිරීමට ෂූ, යී සහ කණ්ඩායමේ සෙසු පිරිස උත්සායක නිරතව සිටිති.  2002 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයේ  නිරිතදිග පැවති දරුණු නියඟයකදී එකතු කර ගන්නා ලද දත්ත විශ්ලේෂණය කරන විට  ඔවුනට  ගස් වලයෙහි වටප්‍රමාණය  මත ඇතිවී තිබෙන බලපෑම් පෙනී ගියේය. ගස් වලය(ring), ගසක වාර්ෂික වර්ධනය දක්වන ප්‍රයෝජනවත් දර්ශකයකි. මීට අමතරව, නියං සායකදී වෘක්ෂලතාදියෙ ඝනත්වය වෙනස්වන ආකාරය චන්ද්‍රිකා දත්ත මගින් අනාවරණය කෙරිණ.  මෙය, පර්යේෂක කණ්ඩායම විසින්  පත්‍ර වර්ධනය සහ වෘක්ෂ මර්ත්‍යතාව යන දෙකම ගණනය කිරීම පිණිස යොදා ගන්නා ලදී.

මෙහි ප්‍රතිඵල හෙළි කරන්නේ නියං තත්ත්වයන් යටතේ ගස්වලට  කඳ සහ පත්‍ර වර්ධනය  වියන උස මීටර් 18ට වඩා අඩු ගස්වල වැඩිවී  යන අතර මීටර් 18 ට වැඩි ගස්වල අඩුවී යන බවයි. “අපේ පරීක්ෂණවලින් පෙනී ගියේ උසින් වැඩි මෙන්ම උසින් අඩු ගස් නියං ප්‍රතිචාරය සාපේක්ෂව පහළ මට්ටමකපවතින බවයි” යී කියා සිටියි.

Image result for photosysthesis

මෙම සම්බන්ධතා තහවුරු කිරීමෙන් පසුව නියං කාලවලදී ගසේ වර්ධනය සහ පැවත්ම  පාලනය කෙරෙන ජීවවිද්‍යාත්මක යාන්ත්‍රණය තීරණය කිරීමට පර්යේෂකයන්ට හැකිවේ. “ගසක සියලු ඓන්ද්‍රීය ද්‍රව්‍ය සෑදෙන්නේ ගස මුදුනෙහි ඇති පත්‍ර තුළය. ඒ ප්‍රභසංශ්ලේෂණය මගිනි” යයි යී පෙන්වාදෙයි, “උස ගස් වලට  ගසේ මුල් පද්ධතියේ සිට පත්‍ර දක්වා ජලය ගෙනයාමේ දීර්ඝ මගක් තිබෙන අතර පටක ප්‍රතිරෝධය සහ ගුරුත්වය මගහැරවීම අසීරුයි. අනෙක් අතට, උසින් අඩු ගස්වල මුල් ද කුඩායි. මතුපිට පස් තට්ටුවෙන් ලබා ගත නොහැකි ජලය සහ පෝෂක වෙත ප්‍රවේශවීමට ඒවාට ඇති හැකියාව අතිශය සීමිතයි.”

Image result for tree dieback

වියන් ව්‍යුහයේ සක්‍රීය කළමණාකරනය උදෙසා දැනුම් දීමට සිය ප්‍රතිඵල යොදාගනීමෙන්  අවදානමට ලක්වීමේ විභවය සහිත වනාන්තර ආරක්ෂාකිරීමට හැකිවනු ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති. දේශගුණ ආකෘති අනාවැකි පළකරන අන්දමට වඩාත් වියළි, වඩාත් උෂ්ණාධික ඉඩෝරයන් සුලබ වෙද්දී, වනාන්තර ප්‍රතිමාරයට ( dieback =ගසක් මුදුන් රිකිල්ලේ සිට මිය යෑමට පටන් ගැන්ම) එරෙහි ව සටන් කිරීම් සඳහා මෙය අත්‍යවශ්‍ය විය හැකිය. ප්‍රතිමාරය යනු දේශගුණ විපර්යාසයන්ට ද  තුඩු දෙන සංසිද්ධියකි. ‘ දේශගුණ විපර්යාසයන් සංසිඳවිම පිණිස වියළි-උෂ්ණාධික කාලගුණ තත්වයන්ට මුහුණදීමෙදී වනාන්තරවල නියං ප්‍රතිරෝධය වැඩිකිරීම උදෙසා වනාන්තර නඩත්තු කළයුත්තේ හෝ සිටුවිය යුත්තේ කුමණ ගස්ද යන්න දැනගනීමට අපේ සොයාගැනීම් වලින් ඇතුළු නුවණක් සැපයෙනවා.” යනුවෙන් යී සඳහන් කරයි.

 

Physics World හී පළවූ  Medium-height trees survive drought best යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: