ගුරුත්වය පිළිබඳව ඇල්බට් අයින්ස්ටයින්ගේ පැහැදිලිකිරීම තහවුරුකිරීමේ සුවිශේෂී සම්පරීක්ෂණයක යෙදෙමින් තාරකා විද්‍යාඥයෝ අපේ මන්දාකිනියේ හෙවත් ගැලක්සියේ(අපේ මන්දාකිනිය: ක්ෂීර පථ මන්දාකිනිය = Milky Way Galaxy) මැද පිහිටි අධිදැවැන්ත කලු කුහරය(supermassive black hole) වටා සුපිරි වේගයකින් ගමන් කරන තනි තරුවක ගමන් මග නිරික්සුමක යෙදෙති.
ඔවුන්ගේ තක්සේරුව අනුව එම තාරකාව භ්‍රමණයවන වේගය ආලෝකයේ වේගයෙන් සියයට 3ක් පමණවේ. (ආලෝකයේ වේගය: පැයට කිලෝමීටර 1080000000 ). මේ තනි තරුවේ කක්ෂ ගත ගමන අනුව එය කලු කුහරයට වඩාත්ම ළංවන අවස්ථාවෙදී තිව්රතර ගුරුත්වය මගින් ආලෝකය ඇදෙන්නේ ගුරුත්වාකර්ෂණ රක්ත විස්තාපනය(red shift) නම් වු සාපේක්ෂතාශ්‍රිත ආචරණයක්(relativistic effect) මගිනි.
චිලී රාජ්‍යයේ ඇති යුරෝපා අති විශාල ටෙලස්කෝපය (Very Large Telescope) ප්‍රයෝජනයට ගනිමින් පර්යේෂකයන් විසින් සිදු කරනලද මෙකී නිරීක්ෂණයන් අයිසැක් නිව්ටන්ගේ නියාමයන්ට පටහැනි වුවද අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවාදය අනුව යථාතථ්‍යව ගැලපෙන්නේ යයි ඔවුහු Astronomy & Astrophysics සඟරාවෙහි 2018 ජූලි කලාපයට වාර්තාවක් සපයමින් සඳහන් කරති.
S2 යනුවෙන් නම් කෙරුණු මෙම තනි තරුව සතුව ඇත්තේ බෙහෙවින් ඉලිප්සීය කක්ෂයකි. එහෙයින් එම තරුව සිය කක්ෂ ගත ගමනේ දී කලු කුහරයට කිලෝමීටර බිලියන 20ක් එනම් අලෝක පැය 17 තරම් ලං වෙයි. ක්ෂීර පථ මන්දාකිනියෙහි දැනට ඇති කිසිම තාරකාවක් කලු කුහරය වෙත මෙපමණ ළං වන්නේ නැත. අවසන් වරට එය වඩාත්ම ළංවු අවස්ථාවේ එනම් 2002 දි මේ ආකාරයට අවශ්‍ය මැන බැලීම් සිදු කීරීම පිණිස එකල තිබූ ටෙලෙස්කෝප හෙවත් දුරේක්ෂ සූක්ෂම නොවීය.
ජර්මනියේ , ගර්චින්ග් හි පාරභෞමික භෞතික විද්‍යාව සඳහාවූ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ මෙම පර්යේෂකයන් පිරිස මෙම තාරකාව කලු කුහරයෙන් තව ඈත්වෙද්දී, එමෙන්ම සිය උපකරණ වඩ වඩාත් නවීකරණය වෙද්දී, ඉදිරි වර්ෂවලදී ද සාපේක්ෂතාවාදය තවදුරටත් තහවුරු කිරීමට බලාපොරොත්තුවෙති.
American Association for the Advancement of Science (AAAS) Science සඟරාවෙහි 2018 August 3 කලාපයේ පළවූ Speedy star supports theory of relativity නම් ලිපිය ඇසුරෙනි