ගෝලීය උණුසුම්වීම සුනාමි උවදුර වැඩිකරයි

මෙතෙක් වාර්තාවී ඇති ඉහළම සුනාමිය බාගදා ඇතිවන්නට ඇත්තේ ගෝලීය උණුසුම්වීම හේතුවෙනි. ඒ අනුව වඩාත් උණුසුම් ලෝකයක් යනු වඩාත් සුනාමි බහුල ලෝකයකි.
ඇලස්කාවේ ටින්ඩෝල් ග්ලැසියරය කෙළවර ආසන්නයේ සිදුවූ නායයාමකින් 2015 ඔක්තෝබර් 17දා පාෂාණ මෙට්‍රික් ටොන් මිලියන 180ක් ටාන් පියෝඩය (Fjord =මුහුදේ දිග, පටු කඩතොල්ලකි) වෙත ඇද හෙළනු ලැබිය. නිම්නයේ අනෙක් පැත්තේ, මෙහි ප්‍රතිඵලයක් ලෙස හටගත් රළ මීටර් 193 උසට නැගි බව නවතම අධ්‍යනයකින් හෙළිවෙයි. මෙය ලොව වාර්තාවී ඇති වඩාත්ම උස සුනාමියකි.
පර්යේෂකයන් කියා සිටින්නේ නායයෑම සිදුවූයේ ග්ලැසියරයේ අපගමණය(retreat=පසුබෑම) හේතුවෙන් බවයි. අපගමණය බාගවිට සිදුවන්නට ඇත්තේ ගෝලීය උණුසුම්වීමේ බලපෑමෙන් විය හැකිය. පෘථිවිය තව තවත් උණුසුම්වෙද්දී එවන් සිදුවීම් තව තවත් ඉහළ යා හැකි බවට පර්යේෂකයෝ අනතුරු හඟවති.
ග්ලැසියර දළ පැති සහිත නිම්ණ නිර්මාණය කරණු ලබන අතර ඒවා කෙළවර වන තැන සාමන්‍යයෙන් පියෝඩයක් හෝ විලක් ඇත. ගෝලීය වශයෙන් සලකන විට ග්ලැසියර අපගමණය වෙමින් පවතින්නේ අස්ථායී බෑවුම් ඉතිරි කරමිනි. නිරාවරණයවූ කඳුකර පැතිවල සිදුවන හිම දියවීම ඒවා තවත් අස්ථායී කිරීමට හේතු වෙයි.
වාසනාවකට මෙන් අවදානමට ලක්වන ප්‍රදේශ වනාහී වැසියන් සුළු ප්‍රමාණයක් සහිත දුරස්ථ, දුෂ්කර ඒවාය. එමෙන්ම එවැනි සුනාමි රළ, සාගර පත්ලේ භූ කම්පන හේතුවෙන් ඇතිවන සුනාමිවලදී මෙන් නොව දුරත් සමග ඉක්මණින් දුර්වලවේ. එසේවුවද විනාශයක් සිදුකිරීමේ විභවය ඒවා සතුය. අධ්‍යනයේ සමකර්තෲ, ලාභනොපතන සංවිධානයක් වන Ground Truth Trekking හි බ්රෙට්වුඩ් හිග්මන් විශාල හානියක් පැමිණිය හැකි ප්‍රදේශයක් දෙසට ඇඟිල්ල දිඟුකරයි: ඒ විනෝද චාරිකා නැව් මගින් එකවරකට දහස් ගණන් ජනතාව පැමිණෙන ඇලස්කාවේ ග්ලැසියර බොක්කයි(Glacier Bay).
ප්‍රතිචාරයක් ලබාදෙන්න