සැමට විදු නැන නුවණ – Science Literacy for All

දේශගුණ විපර්යාස මැද දිවි ගෙවීම: විමෝචන උපරිම මට්ටමට අප පැමිණ ඇත් ද?

2015 දෙසැම්බරයේ ලෝකයේ රටවල් 195 ක් පැරීසිියේ දේශගුණ සමුළුවට සහභාගි විය. ගෝලීය උණුසුම  ඉහළයාම සෙන්ටිග්‍රේඩ් අංශක 2 () සීමා කිරීමට එහිදී ඔවුහු එකඟ වූහ.

2017 ජූනියේ දී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් ගිවිසුමෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට අදහස් කරන බව ප්‍රකාශ වීමත් සමගම පැරිස් සම්මුතියට මරු පහරක් එල්ල විය. එහෙත් ලෝකයට ඉදිරියට යා හැකියඉදිරියට යන්නේය.

මේ නව ලිපි මාලාවේ ඉදිරි ලිපි වලින් දේශගුණ විපර්යාසයේ යථාර්ථය මෙන්ම ඊට අප දක්වන ප්‍රතිචාර ගැන සොයා බැලීමට අදහස් කරමු : එනම් අප දැනට කරමින් සිටින්නේ කුමක් දඅප තව කළ යුත්තේ කුමක් දවඩාත් උණුසුම් වූ ලෝකයක් තුළ අපට උරුම වන අනාගතය කෙබඳු දආදී කරුණු ගැන මෙම ලිපි මාලාවෙන් සාකච්ඡා කෙරේ.

සෑම බ්‍රහස්පතින්දාවකම කියවන්න.

බලශක්තිය සඳහා මානව වර්ගයා දක්වන අනවරත ආශාව අපගේ පෘථිවි ග‍්‍රහයාගේ වායුගෝලයෙහි හරිතාගාර වායු ඉහළ දැමීමට හේතු වී ඇති බව ඇත්තකි. එහෙත් සුබ ආරංචි නැතුවාම නොවේ. මෙන්න ඉන් එකක්: බලශක්ති භාවිතයෙන් නිකුත් වන විමෝචන එක දිගට තුන් වැනි වසරටත් එක සමාන මට්ටමක පැවතිණ. කර්මාන්ත වලින් එන විමෝචන ඇතුලූව සමස්ත විමෝචන වර්ධනය එක දිගට තුන් වසරටත් සියයට 1 ට වඩා අඩුවිය.

මෑතක ඉතිහාසය ගතහොත් මීට පෙර තුන් වතාවකම බලශක්ති විමෝචන ස්ථාවර වූ අවස්ථා හෝ ඇත්තටම පහත වැටුණු අවස්ථා වාර්තා විය. එහෙත්, එවැන්නක් සිදු වූයේ පහළ වැටුණ්U ආර්ථිකයක් තුළ දී පමණකි. (1 චිත‍්‍රය බලන්න) එහෙත් මෙවර ලෝක ආර්ථිකය වර්ධනය වෙමින් පවතී. අවසාන වරට ගණන් බැලූ අවස්ථාවේ රටවල් 25 ක් බලශක්ති විමෝචන හා ආර්ථික වර්ධනය අතර ‘‘වියෑදීමක්’’ (සම්බන්ධය ලිහී යාමක්) අත් දකිමින් සිටියි. එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජර්මනිය සහ ඇමරිකා එක්සත් ජනපදය එම රටවල් අතර වේ.

1 වැනි චිත්‍රය

 

ඇත්තටම දැන් සිද්ධ වෙන්නේ කුමක් ද? මහා කලු, ගල් අඟුරු යෝධයා මියයමින් සිටියි.  දහජරා ෆොසිල ඉන්ධන අතරත් අන්තිම ජරාවක් වන ගල් අඟුරු භාවිතය වැඩියෙන්ම බැහැරව ගොස් ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. බැහැර කිරීම සිදු කෙරුණේ වායු සහ පුනර්ජන්‍ය බලශක්ති මගිනි. දැවැන්ත බලශක්ති අභිරුචියකින් පෙළෙන ලෝකයේ වර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් දෙකක් වන චීනයෙහි සහ ඉන්දියාවෙහි වායු දූෂණය කෙරෙහි ඇති අවධානය,  ගල් අඟුරු වලට එරෙහිව යම් බලපෑමක් ඇති කරයි. චන්ද්‍රිකා ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ(නිදසුනකට ඉන්දියාව ගතහොත්) ඇතැම් අළුත් ගල් අඟුරු බලාගාර වල ඉදි කිරීම අතර මග අත්හැර දමා ඇති බවකි. පුනර්ජන්‍ය බලශක්ති ද පෙරමුණට පැමිණෙමින් පවතී. ලාභදායී , වඩාත් කාර්යක්ෂම ටර්බයින සහ ප‍්‍රකාශ විද්‍යුත් ශක්තීන් ගතහොත් රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක රජයේ සහනාධාර නොමැතිව පවා ෆොසිල ඉන්ධන නිපදවන වියදමට ම හෝ ඊටත් අඩුවෙන් සුළං සහ සූර්ය ශක්තිය නිපදවිය හැකිය.

ලෝක ආර්ථික සංසදය(World Economic Forum) දක්වන අන්දමට ලෝකයේ රටවල් අතුරෙන් තුනෙන් දෙකකට  මේ තත්ත්වය ඉදිරි වසර කිහිපය තුළ දී ව්‍යාප්ත විය යුතුය. 2016 වර්ෂයේ දී, විශාල ජලවිදුලි බලාගාර හැරුණු කොට පුනර්ජන්‍ය ප‍්‍රභවයන්ගෙන් නිපදවන විදුලිය අනුපාතය සියයට 11.3 කින් ඉහළ ගියේ යයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන් ප‍්‍රකාශ කරයි. ලොව පුරා එකතු වූ නව විභවය ගතහොත් ඉන් සියයට 55% ක්ම පුනර්ජන්‍ය බලශක්තීන්ය. එම කාරණයම ගත්තත් ආර්ථික ජයග‍්‍රහනයක් බවට පෙරළෙමින් පවතී. ලාභ නොලබන පාරිසරික ආරක්ෂක අරමුදල(Environmental Defence Fund) දක්වන අන්දමට ඇමරිකා එක්සත් ජනපදයේ සූර්ය බල සහ සුළං බලශක්ති අංශය, සමස්ථයක් ලෙස ආර්ථිකයට වඩා 12 ගුණයක වේගයෙන් රැකියා නිර්මාණය කෙරේ.

අපි ඇත්තටම අවංකව සිතා බලමු: ගෝලීය උණුසුම්වීමේ නරකම ප‍්‍රතිඵල මග හරවා ගන්නට නම් මේ කරුණු කාරණා තේරුම් බේරුම් කර ගත යුතුව තිබුණේ මෙයට අඩු තරමින් දශකයකට වත් පෙරය. එහෙත් දැන් තිබෙන ප්‍රවණතා පෙන්නුම් කරන්නේ අපට අපේ නරක පුරුදු වෙනස් කර ගත හැකි බවයි.

NEW SCIENTIST(THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි LIVING WITH CLIMATE CHANGE: HAVE WE REACHED
PEAK EMISSIONS? යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: