පිළිකා රෝග ස්වරූප බොහොමයකින් සිදුවන මරණ වළක්වා ජීවිතය පවත්වා ගෙනයාමේ අනුපාතයන් පසු ගිය වසර 50 ඇතුළත පුදුමාකාර ලෙස ඉහළ ගොස් ඇතැයි සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. එහෙත් පිළිකාව සුවකිරීම පිණිස ප්‍රතිකර්මයක් සොයා ගැනීමට අප කොතෙක් දුරට ළංවී ඇත්ද?
පිළිකාව, අද සමාජයේ වැඩියෙන්ම කතා බහට ලක්වුණු, වැඩියෙන්ම අවධානය යොමු වුණු රෝගයකි. පිළිකාවට පිළියම් යෙදීමේ දී යම් සාර්ථක බාවයක් අත්පත් කරගෙන ඇතත් තවමත් ඉන් මිය යන සංඛ්‍යාව එමටය. පිළිකාව වළක්වා ගත හැකි රෝගයක් ලෙස සමහරුන්ගේ මනසෙහි සටහන් නොවන්නට පුළුවන. එහෙත්, මේ මාරාන්තික රෝගය ජය ගැනීමේ හොඳම මග ලෙස තවමත් සලකිය හැක්කේ පිළිකාවෙන් වැළකී සිටීමය. පිළිකා පර්යේෂණ පිළිබඳ අන්තර් ජාතික ඒජන්සිය (International Agency for Research on Cancer – IARC) හෙවත් IARC පෙන්වා දෙන අන්දමට ලෝකයේ පිළිකා අතුරෙන් අඩු තරමින් බාගයක් වත් වළක්වා ගත හැකිය. අනික පිළිකා අතුරෙන් සියයට 20 ක් දක්වා ප්‍රමාණයකට පාරිසරික හෝ නැතිනම් ජීවන රටා පේ‍්‍රරකයක් (මුල පුරන්නක්) තිබීමට ඉඩ ඇතැයි ද සඳහන් වේ.
දුම්පානය, ආහාර, මධ්‍යසාරය සහ අනෙකුත් හොඳින් දන්නා අවදානම් සාධක ගැන නිතැතින්ම ක්‍රියා කරන්නේ නම් එක්සත් රාජධානියේ පිළිකා අතුරෙන් සියයට 40 කට වැඩි ප්‍රමාණයක් වළක්වා ගත හැකි යයි එක් අධ්‍යයනයකින් හෙළි වෙයි. පර්යේෂකයෝ තව දුරටත් පේ‍්‍රරක සොයා ගැනීමෙහි නිරතව සිටිති. ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වසරේ දී සිදු කළ සමාලෝචනයකින් තහවුරු වූයේ උණු උණුවේ තේ හෝ කෝපි බීම සහ උගුරේ පිළිකාව අතර සම්බන්ධතාවයක් ඇතැයි පෙනී යන බවකි. මේ නිගමනයට එළඹ ඇත්තේ සකස් කරන ලද මාංශ පිළිකා කාරක බවට කලින් සිදු කළ ගෝලීය සමාලෝචනයකින් දැක්වීමෙන් අනතුරුවය.
වැලි මීයාගේ ආදර්ශය
වැලි මීයන් කිසි දිනක පිළිකාවෙන් මිය යන්නෝ නොවෙති. පිළිකා රෝගය වළක්වා ගන්නේ කෙසේ දැයි සොයමින්, වෙහෙසෙමින් සිටින විද්‍යාඥයන්ට වැලි මීයා ඉතා වටිනා සහායෙකු බවට පත් වෙමින් සිටියි. මේ ලෝම රහිත (‘තට්ට’) කෘදන්තකයෝ හයිලූරොනික අම්ලයෙන්(hyaluronic acid) නිපදවෙන සීනිමය, ඝන උකු ද්‍රව්‍යයක් වෑස්සෙන්නට සළස්වති. මේ ද්‍රව්‍යය, ඔවුන්ගේ සම මෘදුවට, රැළි වැටුණු ස්වභාවයෙන් තබනවා පමණක් නොව (සිරුරේ) සෛල වටා ආරක්ෂිත කූඩුවක් සාදයි. පිළිකා සෛල ප්රතිචලිතවීම (replicate) මේ කූඩු මගින් වළකාලනු ලැබේ. මේ අනුව ජාන ඉංජිනේරු විද්‍යාව මගින්, වැලිමීයාට සමාන ගුණාංගයක් (අපද ඇතුළත්ව) අනෙකුත් ක්ෂීරපායී සතුන්ට දායාද කර දිය හැකි දැයි ලන්ඩනයේ, ටෙක්සාස් සහ ඊශ්‍රායලයේ හයිෆා හි විද්‍යාඥයෝ දැන් සොයා බලමින් සිටිති.
1971 වර්ෂයේ දී එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති රිචඩ් නික්සන් පිළිකාවට එරෙහිව යුද්ධයක් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, ‘‘මේ මාරන්තික රෝගය ජය ගැනීමට නම් මිනිසෙකු හඳට යැවීමට හැකිවන පරිදි පරමාණුව විභේදනය කරමින් දැරූ සමාධිගත ප්රයත්නයම දැරිය යුතු බවයි”.
වර්තමානයේ ඒ ප්රයත්න ගැන තොරතුරු තවත් තතු ලිපියකින් බලාපොරොත්තුව් වන්න.
The Scientific Guide to Future Life (BBC Focus magazine special issue) හි පළවූ PREVENTING CANCER ලිපිය ඇසුරෙනි