දේශගුණ විපර්යාස මැද දිවි ගෙවීම: වඩාත් උණුසුම් ලොවකට මුහුණ දිම

Posted by

2015 දෙසැම්බරයේ ලෝකයේ රටවල් 195 ක් පැරීසිියේ දේශගුණ සමුළුවට සහභාගි විය. ගෝලීය උණුසුම  ඉහළයාම සෙන්ටිග්‍රේඩ් අංශක 2 () සීමා කිරීමට එහිදී ඔවුහු එකඟ වූහ.

2017 ජූනියේ දී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් ගිවිසුමෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට අදහස් කරන බව ප්‍රකාශ වීමත් සමගම පැරිස් සම්මුතියට මරු පහරක් එල්ල විය. එහෙත් ලෝකයට ඉදිරියට යා හැකියඉදිරියට යන්නේය.

මේ නව ලිපි මාලාවේ ඉදිරි ලිපි වලින් දේශගුණ විපර්යාසයේ යථාර්ථය මෙන්ම ඊට අප දක්වන ප්‍රතිචාර ගැන සොයා බැලීමට අදහස් කරමු : එනම් අප දැනට කරමින් සිටින්නේ කුමක් දඅප තව කළ යුත්තේ කුමක් දවඩාත් උණුසුම් වූ ලෝකයක් තුළ අපට උරුම වන අනාගතය කෙබඳු දආදී කරුණු ගැන මෙම ලිපි මාලාවෙන් සාකච්ඡා කෙරේ.

සෑම බ්‍රහස්පතින්දාවකම කියවන්න.

Image result for HOW TO COPE IN A WARMER WORLD

වඩාත් උණුසුම් ලොවකට මුහුණ දිම

පැරිස් සම්මුතියේ දී එකඟත්වයට පත් ගෝලීය උණුසුම්වීමේ සීමා ඒ විදියටම  තබා ගැනීම පැහැදිලිවම අසීරු කටයුත්තකි. සිතන්නට බොහෝ විට ඉඩ ඇත්තේ මේ සියවස අවසන් වන විට ලෝකය තවත් සෙන්ටිග්‍රේඞ් අංශක 3 සිට 4 දක්වා ඉහළ යයි යනුවෙනි (3 to 4°C)  (කියවන්න සැප්තැම්බර් 6, 2018  තතු ලිපිය). ඉන් අදහස්වෙන්නේ හානියට පත්වීමයි සහ අවුල්වීමයි.

එසේ වුවත්, දැන් සිටම සූදානම් වීමට පටන් ගැනීම හේතුවෙන් හැඟී යන්නේ බොහෝ දෙනාට, බාගදා වැඩිම දෙනාට පවා ඉහළ යන උෂ්ණත්වයන් හමුවේ වුව යහතින් සිටිය හැකි බවයි. කෙසේ වෙතත්, ඉන් අදහස් කෙරෙන්නේ හුදු ගංවතුර වළක්වාලන බැම්මක් දෙකක් ඉදිකර නිහඩවීම නම් නොවේ.

Related image

මෙන්න මේ ආකාරයේ ලෝකයක් ගැන සිතන්න: ඉහළ යන මුහුදු මට්ටම හේතුවෙන් සරු බිම් අහිමිව ගොස්, අන්ත දේශගුණික සිද්ධීන් නිතර නිතර සිදුවෙන ඒ වගෙම  ඉන්ධන ලෙස දැවීම පිණිස ජෛවී ස්කන්ධ වගා කිරීමට අතිශය විශාල බිම් පෙදෙසක් අවශ්‍යවන  අවශ්‍ය ලෝකයක්. ලෝකයේ එන්ට එන්ටම වැඩිවන ජනගහනයට ආහාර සැපයීම එවන් ලෝකයක් තුළ කෙබඳු අභියෝගයක් විය හැකි ද? මෙවන් අවස්ථාවක් උදා වුවහොත්, ඉඩම් අඩුවෙන් යොදා ගනිමින් අඩු සම්පත් ප‍්‍රමාණයකින් වැඩි පුද්ගලයන් ප‍්‍රමාණයකට ආහාර සැපයීමට මග පෑදෙන වඩාත් හොඳ භෝග සංවර්ධනය වෙත වඩාත් ප‍්‍රමුඛත්වයක් යොමුවිය යුතුය. සූර්යයාගේ ශක්තිය වඩවඩාත් උකහාගත හැකි,ඒවාටම තමන්ට අවද්‍ය නයිට්‍රජන් පොහොර නිපදවා ගත හැකි, එමෙන්ම නියං, ගංවතුර, ලවණ, පළිබෝධ සහ රෝගවලට ඔරොත්තු දෙන බෝග වගාවන් ජීවවිද්‍යාඥයන් විසින් දැනටමත් වැඩි දියුණු කරමින් සිටිනු ලැබේ.

Related image

අපේ නිවාස, අපේ ව්‍යාපාර, මාර්ග සහ රේල්ලූ අන්ත කාලගුණයෙන් ආරක්ෂා කිරීමට ද මේ හා සමාන කතාවකි. ඉන් බොහෝ අවස්ථානවල දී කළයුත්ත කුමක් දැයි අපි දනිමු. උස් භූමි වල වැඩියෙන් ගස් වැවීම හෝ වැඩිවන වර්ෂාපතනයට ඔරොත්තු දෙන පරිදි වඩාත් විශාල ඇළි කාණු ඉදිකිරීම එවන් කාර්යන්ය. අප කළ යුත්තේ එම කාර්යන් සඳහා  ගෙවීමට මුදල්සොයා ගත යුත්තේ කෙසේ ද යන්න සැලසුම් කර ගැනීමයි.

දේශගුණ විපර්යාසයේ වඩාත්ම ඒකාන්ත බලපෑම එමෙන්ම වඩාත්ම වියදම් වැයවීමේ විභවයක් සහිත බලපෑම වනුයේ මුහුදු මට්ටම ඉහළ යාමයි. එය 2100 වෙද්දී මීටර් 3 ක් තරම් ද, අවසානයේ මීටර 20 ක් හෝ ඊටත් වැඩිප්‍රමාණයකින් ද ඉහළට යා හැකිවිය හැකිය.  2016 ඇමරිකා එක්සත් ජනපදය ලූසියානා හි Isle de Jean Charles නම් මුහුදු ජලයෙන් යටවෙමින් පවතින කොදෙව්වකින් පුද්ගලයන් 60 දෙනෙකු ඉවත් කිරීමට පමණක් ඩොලර් මිලියන 48 ක් වෙන් කළේය. මුහුදු මට්ටම මීටර 1.8 කින් ඉහළ ගියොත් ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලයන් මිලියන 13 ක් අවතැන් වේ. එමෙන්ම ලෝක මට්ටමින් එම සංඛ්‍යාව මිලියන සිය ගණනක් වේ. අවදානම් සංසිඳවීම පිණිස කළ යුතු දෑ බොහෝය. නිදසුනක් දක්වතොත්, ශත වර්ෂයක් ගතවීමටත් පෙර මුහුදුට බිලිවිය හැකි ප්ලෝරිඩාව වැනි ප‍්‍රදේශවල පිහිටි භූමියේ ගොඩනැගිලි ඉදිකිරීම තහනම් කිරීම දැක්විය හැකිය.

කෙසේ වෙතත් දේශගුණික හේතුවෙන් වඩාත් ක්ෂණිකව එල්ලවන තර්ජනය වන්නේ මූල්‍යමය කාරණාය. නිදසුනක් ගමු: මුහුදු මට්ටම මීටර 2 කින් ඉහළ ගියොත් ඩොලර් බිලියන 882 ක් වටින්නේ යයි ගණන් බලා ඇති එක්සත් ජනපද දේපළ තර්ජනයට ලක් වේ. ඉතින් කිසිවෙකුත් ඒවා මිළදී ගැනීමට ඉදිරිපත් නොවන්නේ නම් මුහුදු ජලයෙන් යටවී යාමට බොහොම කාලයකට පෙර සිටම එම දේපළ වල වටිනාකම ශුන්‍ය වේ.  පුපුරා යාමට ළංවූ වෙරළබඩ බුබුලක් බවට එම දේපළ පත්වේ.

Related image

එහෙත් කාබන් බුබුල සමග සසඳන විට මෙය මොන කජ්ජක් ද? ෆොසිල ඉන්ධන සමාගම් වල වටිනාකම මත අතිශය විශාල ධනයක් රඳා පවතී. මෙයින් කොටසක් ඔබගේ මුදල් ද විය හැකිය. මන්ද, විශ‍්‍රාමික අරමුදල් බොහොමයක් ආයෝජනය කෙරෙන්නේ ෆොසිල ඉන්ධන සමාගම් කොටස්වලය. “අප කවුරු කවුරුත් ෆොසිල ඉන්ධන සමාගම් වලට නිරාවරණය වී ඇත්තේ කෙලෙසද යන්න තෝරා බේරා ගැනීමට අප පටන් ගත්තා විතරයි” කාබන් ව්‍යාප්තිය ගැන සොයා බලන Carbon Tracker Initiative ආයතනයේ ඇන්තනි හොබ්ලි පෙන්වා දෙයි.

මෙකී සමාගම් සතු ඛනිජ තෙල්, ගල් අඟුරු සහ වායු සංචිත ලාභ සහිතව විකිණිය හැකි හෙයින් මෙම සමාගම ඉහළ වටිනාකමකින් යුක්ත යයි බොහෝ ආයෝජකයෝ සළකති. එහෙත් අපේ මේ පෘථීවි ග‍්‍රහයා දවාලීමට අපට අවශ්‍ය නම් පෙර කී සංචිත වටිනාකමක් ඒවාට එකතු කිරීමට නොහැකි වන පරිදි,  පොළොව අභ්‍යන්තරයේ ම — ඔව් පොළොව යටම තිබිය යුතුය. ‘‘දේශගුණික විපර්යාස, මූල්‍යමය ස්ථාවරභාවය නියම කෙරෙන සාධකයක් බවට පත් වූ විට, එතකොටත් පමා වූවා වැඩි විය හැකි ය” යි එංගලන්ත මහා බැංකුවේ අධිපති මාක් කානේ 2015 දී පැවැත් වූ දේශනයක දී අනතුරු හැඟවීය. ඉන් අනතුරුව කානේ, සමාගම්වල දේශගුණික අවදානම් ඇගයීමට ලක් කිරීම සඳහා මෙහෙයවන මූලාරම්භක ආයතනයක් පිහිටුවීමට උපකාර කර ඇත. මෙහි අරමුණ වන්නේ විශාල අවදානම් වලට මුහුණ පා සිටින සමාගම් එම අවදානම අඩුකර ගැනීමට  –  නිදසුනකට ෆොසිල ඉන්ධන මත නිරායෝජනය කිරීම() මගින් අඩුකර ගැනීමට  දිරිගැන්වීමයි.  මෙය සාර්ථකව ක‍්‍රියාත්මක වන බවක් දැක්වේ : 2016 වසරේ වාර්තාවකට අනුව සමාගම් සිට, විශ්ව විද්‍යාලවල සිට   විශ‍්‍රාමික අරමුදල් දක්වා වූ පුද්ගලයන් 60,000 ක් සහ ආයතන 700 ක් දැනටමත් නිරායෝජනයට සැලසුම් කර තිබේ.

දේශගුණික විපර්යාස ගැන සැක පහළ කරන්නන් හා සංවාදයක් ගොඩ නගා ගන්නේ කෙසේ ද?

දේශගුණික විපර්යාසය පිළිබඳව ස්වයං-පැහැදිලි සත්‍යයන් සමහරු ප‍්‍රතික්ෂේප කරති; තවත් සමහරු විද්‍යාවෙන් පවසන දේ ගැන පොදු එකඟතාවකට පහසුවෙන් ළඟා නොවෙති.   මේ සම්බන්ධයෙන් යම් ක‍්‍රියා මාර්ග ගත යුතු බවට මෙ පිරිස් පොළඹවා ගන්නේ කෙසේ ද?

නිදහස් වෙළඳපොළමතධාරීන්(Free market ideologues)

දේශගුණික විපර්යාසය යනු අපේ ලෝකයට එල්ල වන මහාම තර්ජනය යන්න හුදෙක්  ව්‍යාසනවාදී ලෝකයේ රජයන් මුලා කිරීමට ගන්නා පිස්සු ප‍්‍රයත්නයක් ලෙස බැහැර කරනා නිදහස් වෙළඳපොළමතධාරීන් කියා සිටින්නේ විමෝචන පාලනය කිරීමට ගන්නා වෑයම ධනවාදය මෙහෙයවන බලවේගය වන නිදහසේ වෙළඳපොළට තර්ජනයක් බවයි. ඔවුන් මූලික දේශගුණ විද්‍යා මත බැහැර කරන්නේ නැති නමුත් එහි වැදගත්කම ගැන සැලකිල්ලක් දක්වන්නේ නැත.

ප‍්‍රතිචාරය : නිදහස් වෙළඳපොළට සමාජයීය සහ දේශපාලන ස්ථාවරභාවය අවශ්‍යවන්නා සේම දේශගුණික ස්ථාවරභාවය ද අවශ්‍ය බව අවධාරණය කළ යුතුය. දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් යම් ක‍්‍රියාමාර්ග ගත යුතු යයි විශාල බැංකු, රක්ෂණ සමාගම් ඛනිජ තෙල් සමාගම් කියා සිටිය ද රජයෙන් දක්වන උදාසීන බාවය ඔවුන්ගේ ප‍්‍රධාන කාරණා වලට ශාපයක් වී තිබේ.

ක‍්‍රිස්තියානි මතධාරීන්

බොහෝ ක‍්‍රිස්තියානි භක්තිකයන්,  විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපද ක‍්‍රිස්තු ධර්ම ප‍්‍රචාරකයන් අදහස් කරන්නේ මනුෂ්‍යයන්හට මේ පෘථිවිය මත ආධිපත්‍ය හිමිව ඇති හෙයින් ස්වභාව ධර්මය අපට  ඕනෑ ආකාරයකට පරිහරණය කළ හැකි බවයි. මේ මතය සාමුහිකවාදයට එරෙහි දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුකූලය.

ප‍්‍රතිචාරය : දේශගුණ විපර්යාස වඩාත්ම තර්ජනයක් වන්නේ දුප්පත්ම කොට්ඨාශයන්ටය. ක‍්‍රිස්තියානු සදාචාර මෙන්ම පාප් වහන්සේ ප‍්‍රකාශ කර සිටින්නේ ඇති හැකි අය නැති බැරි අයට උදව් කළ යුතු බවයි.

 සම්ප‍්‍රදායනුකූල කොන්සවටිට්වාදීන් 

‘දේශගුණය කවදටත් වෙනස් වෙනවා.  ඕක ලොකු දෙයක් නෙවෙයි. දැන් ඊට විරුද්ධව කෑ මොර ගෑම හුදු විලාසිතාවක්. අඩු තරමේ විද්‍යාඥයන් අතරවත් ඔය ගැන එකඟත්වයක් නැහැ. ඉතින් අපේ නම් ඔය ගැන තැකීමක් නැහැ’ යනුවෙන් ඔවුහු පවසති.

ප‍්‍රතිචාරය : මොවුන් ද පොළඹවා ගත හැක්කේ විද්‍යාව මගිනි. මෙය හුදු විලාසිතාවක් නැතිනම් ‘පිස්සුවක්’ නොවන බව පැහැදිලි කර දිය යුතුය. නිඩසුනකින් දක්වන්නේ නම් හරිතාගාර ආවරණය වසර 200 ක් පැරණි භෞතික විද්‍යා අදහසකි. දේශගුණික ආකෘති රසායන විද්‍යාඥයන් විසින් සකසනු ලැබුවේ වසර සියයකට පමණ පෙරය.

‘අපි කපෝතියි’ කල්ලිය

‘මිනිසුන්ගේ චර්යාව වෙසන් කරන්න බෑ. එනිසා විමෝචන නතර කරන්නත් බැහැ’ යනු මේ සේනාංකයේ මතයයි. මොවුන් විද්‍යාව ප‍්‍රතික්ෂේප කරන්නන් නොවේ; මොවුන් ඇත්තටම නියතවාදීන් ය (determinists).

ප‍්‍රතිචාරය : දැන් දැන් පුනර්ජන්‍ය බල ශක්තීන්  පෙරට එන හැටි පෙන්වා දෙන්න. මිනිසුන්ට චර්යා වෙනස් කර හැකියි. දුම්පානය අඩු වී ඇත්තේ එසේය.

NEW SCIENTIST(THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි LIVING WITH CLIMATE CHANGE: HOW TO COPE IN A WARMER WORLD යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.