සැමට විදු නැන නුවණ – Science Literacy for All

මළ මිනිසෙකුගේ උදරෙයේ තිබූ බීජයකින් ගහක් පැලවේද?

ඛේදවාචකයක් ලෙස පෙනී යන එහෙත් වාසනාවකට මග පෑදීමට ඉවහල්වූ  කතාන්දරයක් මේ දිනවල අන්තර් ජාලයේ හුවමාරුවෙයි. ඉන් විස්තර කෙරෙන්නේ, ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ බඩේ(උදරයේ) තිබූ අත්තික්කා ඇටයක් පැලවි මහ ගසක් වූ සැටිත්,   අනතුරුව,  සයිප්‍රසයේ ලෙනක තිබී මියගිය තැනැත්තාගේ මළ මිනිය සොයාගනීමට වසර 40කට පසුව එම ගස උපකාරීවූ ආකරයත්ය.

එහෙත් වෙනත් ඕනෑම මනස්සෘෂ්ටික නැතිනම් අභූත කතාන්දරයකදී  මෙන් මෙහි ද මූලික අංගවල අඩුපාඩු බොහෝයි. අඩුතරමින් ප්‍රවෘත්ති ආයතන කිහිපයක්වත් එහෙම කල්පනා කරයි. එසේ වුවත් මේ කතාන්දරය අපට එක් ප්‍රශ්නයක් ඉතුරු කර තැබීමට සමත් වෙයි: මළ මිනිසෙකුගේ උදරෙයේ තිබූ බීජයකින් ගහක් පැලවේද? යන්න එම ප්‍රශ්නයයි.

ඔරිගන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යා මාචාර්යවරයෙකුවන, ඔය කියන අත්තික්කා ඇටය හෝ ඉන් හටගත්  වෘක්ෂයට කිසි සම්බන්ධයක් නොමැති ජේ නොලර් ට අනුව නම් උත්තරය ‘ඔව්’ යන්නයි.

පළතුරු හටගන්නා ශාක, ඒවායේ ඵල අනුභව කිරිම සඳහා බොහෝවිට විශ්වාසය තබන්නේ පළතුරු හපා ආහාරයට ගන්නා පක්ෂීන් සහ වවුලන්ගේ සිට වලසුන්, වඳුරන් දක්වා වූ  සතුන් මතය. දිරවීමට නොහැකි ඇට මේ සතුන් විසින් මළ මාර්ගයෙන් පහ කළ විට , ඒ වර්චස් පිඬ වැටෙන ඕනෑම් තැනක මුල් අදීමට අවස්ථාව ඇතිවෙයි.

“සතෙකුගෙන් බීජ ප්‍රරෝහණය වෙනවා නම් ඒ ආකාරයටම මිනිසෙකුගෙන් වුණත් ප්‍රරෝහණය වෙන්න පුළුවනි”නොලර් Live Science වෙත අදහස් දක්වමින් කියා සිටියි. ඒත් ඉතින් බීජය මළ මිනිසෙකුගේ බඩේම තිබිය යුතු නැත. මිය ගිය අයගේ ජීරණ පද්ධතියේ කුඩා අන්ත්‍රය හෝ මහා අන්ත්‍රය වැනි ඕනෑම තැනකින්  ඇටය පැලවිය හැකියි.

මියගිය පුද්ගලයෙකුගේ සිරුරේම පමණක් නොව සාක්කුවක හෝ  පොදු සුසාන භූමි  ප්‍රදේශයක තිබුණාවු බීජයකට පවා අවශ්‍ය පෝෂණ කොටස්  දිරාපත්වෙමින් පවතින  සිරුරකින් ලබා ගත හැකි බව හෙතෙම ප්‍රකාශ කළේය. දිරාපත්වෙන  ජීවවිශේෂයන්ගේ මේද සහ ප්‍රෝටීන පසෙහි ඇති අන්වීක්ෂීය දිලීර ජාල මගින් බිඳ දමනු ලැබේ. ඉන් අතුරුව, සහජීවි සම්බන්ධතාවක් පවත්වමින් දිලීර සරල සීනි හුවමාරුවට ශාකවලට මෙම පෝෂක සපයයි.

දිරාපත් ශරීර කොටස් අතර බීජ හෙවත් ඇට සරුවට වර්ධනය වන්නේය යන කතාව අළුත් අදහසක් නොවේ. වම්පනෝග් ස්වදේශික අමරිකානුවෝ බඩ ඉරිඟු සරු කිරීමට  දිරාපත් මත්ස්‍ය ‘කටු’ පොහොර යෙදූහ. මෑතක නිදසුනක් දක්වතොත් 2015 වසරේදී  අයර්ලන්තයේ දී බිමට පෙරළී ගිය ගසක මුල් අතරේ තිබී මධ්‍යකාලීන  සමයේ ඇටසකිල්ලක කොටස් පර්යේෂකයන්ට හොයා ගැනීමට හැකිවී තිබේ.

Image result for cave by the sea side

අප ආපහු සයිප්‍රස් ඝාතනය වෙත ආවොත්, ප්‍රවෘත්ති ආරංචිමාර්ග කිහිපයකම වාර්තා කෙරුනේ අහමත් හර්ගූන්  නමැත්තා 1974 ග්‍රීක හා තුර්කි සයිප්‍රස් ජාතිකයන් අතර පැවති අරගලවලදී මරා දමන ලද බවයි. හර්ගූන් සහ තවත් දෙදෙනෙකු ගුහාවකට ගෙනයන ලදුව ඩයිනමයිට් පිපිරකමකින්  මරණයට පත්වූ බවයි කතාවේ කියැවෙන්නේ. පිපිරීමෙන් ගුහාව මුදුනේ සිදුරක් සෑදිණ, ඉන් සූර්යාලෝකය ගුහාවට වැටුණු අතර එය හර්ගූන්ගේ බඩේ තිබූ අත්තික්කා ඇටය මුල් ඇද වැඩීමට සැලසිණ. පසුව, මේ අමුතු ස්ථානයක ගසක් ඇත්තේ මන්දැයි පර්යේෂකයෙකු විපරම්කර බලනවිට වින්දිතයාගේ දිරාපත්ව ගිය මෘත කලේබරය සොයා ගැනීමට හැකිවිනැයි ප්‍රවෘත්ති වාර්තාවල දැක්විණ.

මේ කතාවේ අඬු ලුහුඬුකම් එමටය. සයිප්‍රසය සම්බන්ධයෙන් 1963-64 සහ 1974 අරගලවලදී අතුර්දන්වූවන් ගැන සොයා බලන කමිටුව 2006 වසරේ දි ලද තොරතුරකට අනුව පුද්ගලයන් තිදෙනෙකු මුහුද ආසන්නයේ ගුහාවක වලදමා ඇතයි වාර්තාවිය. ඒ ආසන්නයේ අත්තික්කා ගසක් වැවී තිබුණු නමුත් ඒ මියගිය ගිය අයවළුන් කිසිවෙකුගේ සිරුර තුළින් නොවේ යයි Cyprus Mail පුවත් පත වාර්තා කළේය. මිය ගිය හර්ගූන්ගේ පවුලේ අය බාගවිට දුක තුනී කරගනු වස් සිරුරෙන් ගස හට ගත්තේයයි කතාව ගොතන්නට ඇති බව පුවත් පත වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවැනි කතා තව කොපමණ නම් ඇත්ද? රසවත් වුවත් ඒවායේ ඇත්ත නැත්ත දැන ගත හැක්කේ වග විභාග කිරීමෙන්ම පමණකි. එසේ නැතුව මළ මිනිසෙකුගේ උදරයේ තිබු බීජයකින් ගසක් හට ගත්තා යයි ඇසූ පම්ණින් පිළිගැනීමන් නොවේ!

Live Science හී පළවූ Can Seeds in a Dead Person’s Really Sprout into Trees? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: