අප ජීවත්වන ලෝකය වැදගත් විධි බොහොමයකින් හැඩ ගස්වනු ලැබ ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් මගිනි. ජීවිතයට හා පරිසරයට එල්ලවන තර්ජන වළක්වා ගැනීම, ඉවත් කර දැමීම හෝ අඩුකර ගැනීම පිණිස මෙන්ම සමාජයීය අවශ්‍යතා පිරිමසා ගැනීම පිණිස ද අපි තාක්ෂණික විකල්ප නිර්මාණය කරගෙන ඇත්තෙමු. ගංගා හරස්කර, වේලි බැඳ, එමෙන්ම වනාන්තර එළිපෙහෙළි කර ඇත්තෙමු. ද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ තනා ඇත්තෙමු. අති විශාල ප්‍රමාණයක ප්‍රදේශ පුරා මහ නගර සහ මහාමාර්ග තනා ඇත්තෙමු. තවද, සමහරවිට කැමැත්තක් ඇතත් නැතත් වෙනත් ජීවීන්බොහෝ දෙනාගේ ඉරණම තීරණය කරනු ලැබ ඇත්තෙමු.
එසේ නම්, එක අර්ථයකින් ගත් කල, — වැඩිකොටම තාක්ෂණය හරහා හැඩගස්වා සහ පාලනය කරනු ලැබ — අපේ ලෝකයේ බොහෝ කොටස් සැලසුම් කරනු ලැබ ඇත; අපේ අපේක්ෂාවන් යයි අප සිතන ආකාරයටය අනුකූලවය. අපේ ග්‍රහලෝකය වන පෘථිවිය අද අප පත්කොට ඇති අන්දමට, අපේ අනාගත යහපැවැත්ම අප තාක්ෂණය වැඩිදියුණු කිරීම, භාවිතා කිරීම හා සීමා කිරීම කෙලෙස සිදු කරන්නේද යන්න මත ඉතා දැඩිව රැඳී පවතී. එසේ වන හෙයින් එය ඉතා තදින්ම රඳා පවතින්නේ, තාක්ෂණයේ කි‍්‍රයාකාරිත්වය මෙන්ම අප ජීවිතය ගෙවන සමාජයීය සංස්කෘතික, ආර්ථික සහ පාරිසරික පද්ධති කොයිතරම් හොඳින් අප අවබෝධ කරගන්නේ ද යන්න මතය.
අපේ ජීවිත හා පරිසරය හැඩ ගස්වන ලද ප්‍රධාන මානව ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තාක්ෂණයේ ඇතැම් ප්‍රධාන අංග ගැන මෙම ලිපි පෙළ මගින් ඉදිරිපත් කරනු ලැබේ. ලිපි පෙළ කේන්ද්‍රගතව ඇත්තේ මූලික තාක්ෂණ ක්ෂේත්‍ර 8ක් මතය: කෘෂිකර්මය, ද්‍රව්‍යයන්, නිෂ්පාදනය, ශක්ති මූලයන්, ශක්තිය භාවිතය, සංනිවේදනය, තොරතුරු සැකැසීම හා සෞඛ්‍ය තාක්ෂණය. අද ලිපිය සන්නිවේදනය (HEALTH TECHNOLOGY) ගැනයි. මෙම ලිපියේ මුල් කොටස සැප්තැම්බර් 17 වෙනි සඳුදා පළවිය. මෙතැනින් කියවන්න.
සෞඛ්‍යය තාක්ෂණය II
(රෝග අභීක්ෂණය(සොයා ගැනීම), රෝග විනිශ්චය සහ රෝග නිරීක්ෂණයකිරීම (monitoring) වර්ග කිහිපයක තාක්ෂණය මගින් වැඩිදියුණු කරනු ලැබ ඇති බව මෙම ලිපියේ මුල් කොටස අවසානයේ සඳහන්විය, අද ඒ ගන තවදුරටත් විස්තර)
ක්‍රෝමසෝම වල ජාන ස්ථානගතව ඇති ආකාරය අනුරූපණය කිරීම පිණිස ඇති තාක්ෂණ ක්‍රම ආධාරයෙන් ළමුන්ගේ හෝ දෙමාපියන් වීමට අපේක්ෂාවෙන් සිටින්නන්ගේ රෝගවලට් අදාළ ජාන සොයාගැනීමට හැකිය. දෙවනුවට සඳහන් අයට මේ බව දැන්විය හැකි අතර ඇතිවිය හැකි අවදානම් ගැන උපදේශන ලබා දීමට ද පුළුවන. ශරීරය නිරීක්ෂණය කිරීම සහ මැන බැලීමට ඇති තාක්ෂණය දිගින් දිගටම වර්ධනය වෙද්දී එකතුවන තොරතුරු සම්භාරය වෛද්‍යවරයකුට එකවර සියල්ල පහසුවෙන් සලකා බැලීමට නොහැකි තරමට විශාල වේ. රෝග වලට ආවේණික ප්රතිමානයන් සහ රටාවන් සහිත රෝගියාගේ දත්ත සංසන්දනය කෙරෙන පරිගණක ක්‍රමලේඛ(computer programs) රෝග පිරික්සීමෙහිලා ආධාර කර ගැනීම එන්ට එන්ට ම වැඩි වේ.
බොහෝ ලෙඩ රෝග වලට ප්‍රතිකාර කිරීමේ නව විධික්රම ද විද්‍යා පාදක තාක්ෂණයන් මඟින් වැඩි දියුණු කර තිබේ. නිදසුනක් ගතහොත් රසායන විද්‍යා දැනුම, ඖෂධ සහ ස්වාභාවිකව හටගන්නා ශරීර රසායන ක්‍රියාකරන්නේ කෙලෙසද, ඒවා විශාල පරිමාණයෙන් සංශ්ලේෂණය කරන්නේ කෙසේද එමෙන්ම යෝග්‍ය ප්‍රමාණයෙන් ඒවා සිරුරට සපයන්නේ කෙලෙසද යන්න ගැන අපේ අවබෝධය වැඩි දියුණු කර ඇත. ඇතැම් වර්ගවල පිළිකා සෛලයන්ට වැඩිම හානියක් ගෙන එන ද්‍රව්‍ය හඳුනා ගනු ලැබ ඇත. ඉතා සියුම්ව පාලිත ආලෝක කදම්භ, අතිධ්වනිය(ultrasound), එක්ස් කිරණ සහ න්‍යෂ්ටික විමෝචනය ( මේ සියල්ල අනුරූපණය සඳහා යොදා ගන්නවාට වඩා බෙහෙවින් තීව්ර) යනාදියෙහි ජීව විද්‍යාත්මක බලපෑම පිළිබඳ වැටහීම, ස්කැල්පල (සැත) සහ ප්ලෝෂකරණය (cauterization=අග්නි කර්මය) සදහා ඇති වෙනත් තාක්ෂණික විකල්පයන් ට මග පාදා ඇත. මානව ප්‍රතිශක්ති පද්ධතිය පිළිබඳ දැනුම වර්ධනය වී ඇති හෙයින් ද, එමෙන්ම නව ද්‍රව්‍ය සංවර්ධනය කිරීමට හැකිවී ඇති හෙයින් ද පටක හෝ සම්පූර්ණ අවයවය ම පවා බද්ධ කිරීමම එන්ට එන්ට ම සුලබ වෙයි. කල්පවතින එමෙන්ම ශරීරරයේ ප්‍රතිශක්ති පද්ධතිය මගින් ප්‍රතික්ෂේප නොකරන නව ද්‍රව්‍ය හේතුවෙන් දැන් ඇතැම් සිරුරු කොටස් ආදේශ කිරීමට සහ හෘදය වස්තුව විද්‍යුත් ක්‍රමය පාලනය කිරීමට, ශරීර අභ්‍යන්තර තත්ත්වයන් සංවේදනය හෝ ප්රශස්ත කාලච්ඡේදය තුළ ( ශරීරාභ්යන්තරයේදීම) ඖෂධ ලබාදීම පිණිස උපකරණ ආරෝෂණය සඳහා (implant devices) හැකියාව ලැබී ඇත.
මානසික රෝගාබාධයන්ට ඵලදායීව ප්‍රතිකාර කිරීමේදී ක්ෂණිකව දක්නට ඇති මනෝවිද්‍යාත්මක රෝග ලක්ෂණවලට පමණක් නොව ඒවාට තුඩුදිය හැකි කාය විද්‍යාත්මක හේතු සහ ප්රතිවිපාකයන් එමෙන්ම එකී පුද්ගලයාගේ පූර්ණ අත්දැකීමට පාදක මුල් ගැනද අවධානය යොමු කිරීම අදාළ වේ. කල්ගතවන හෝ බොහෝ සූක්ෂමව සිදුකරන පෞද්ගලික සම්මුඛ සාකච්ඡා, සමාන ගැටළුවලට මුහුණ් පා සිටින පුද්ගලයන් අතර සමූහ සාකච්ඡා හෝ ඕනෑකමින් සැකසු දඬුවම් හා පරිපෝෂණ චර්යාවන් හැඩගැස්වීම ද මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර වලට ඇතුළුවිය හැකිය. වෛද්‍යමය ප්‍රතිකාර අතරට ඖෂධ භාවිතය හෝ විද්‍යුත් කම්පනය හෝ ශල්‍යකර්ම පවා ඇතුළත් විය හැකිය. අනෙකුත් ප්‍රතිකාර බොහොමයකින් ඇතිවන බලපෑමට වඩා මෙකී ප්‍රතිකාරයන් ඕනෑම එකක සමස්ත බලපෑම අවිනිශ්චිතය. එක් තනි ප්‍රවේශයක් සමහර අවස්ථාවල සාර්ථක විය හැකි වුවද තවත් අවස්ථාවක ඵලරහිත විය හැක.
වැඩිදියුණු කරන ලද වෛද්‍ය තාක්ෂණයන් සදාචාරාත්මක සහ ආර්ථික ගැටලු ඉස්මතු කරයි. මහජන සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාව සහ කෘෂිකර්මාන්තය යන අංශවල වැඩි දියුණු කළ තාක්ෂණයේ ඒකාබද්ධ ප්‍රතිඵලයක් ලෙස මනුෂ්‍යයන්ගේ ආයු කාලය සහ ජනගහනය ද වැඩිවී ඇත. මෙම වර්ධනය මේ සියවසේ මැද වනතුරුවත් අඩු වෙතැයි අපේක්ෂා නොකෙරෙනවා පමණක් නොව සියලූ මානවයන්ට ප්‍රමාණවත් ආහාරපාන ඉඳුම්හිටුම් සෞඛ්‍ය සත්කාරය සහ රැකියා නියුක්තිය සම්බන්ධයෙන් අභියෝග වැඩි කරන අතර ඊටත් වඩා පීඩනයක් පරිසරය වෙත පටවයි. ඇතැම් ප්‍රතිකාර ක්රමයන්ගේ අධික පිරිවැය හේතුවෙන් සහන සැලසිය යුත්තේ කාටද, ගෙවිය යුත්තේ කවුද යන්න පිළිබඳ අප්‍රසන්න තේරීම් සිදුකිරීමට සමාජය මත බලපෑම් ඇති කරයි. එපමණක්ද නොව රෝග විනිශ්චය විධි ක්‍රම සහ රෝගවලට ප්‍රතිකාරකිරීම සහ දෝෂවලට සම්බන්ධ තාක්ෂණය වර්ධනය වීම හේතුවෙන් එසේ නොමැතිව තමන්ගේ ජීවිත පවත්වාගෙන යාමට තමුන්ටම නොහැකි වන ජනතාව ජීවත් කරවීමට සමාජය සතු හැකියාව වැඩි දියුණු කර ඇත. මෙය, අතිශය විශේෂ සත්කාර සැපයිය යුතුද සහ එසේනම් ඒ කොපමණ කාලයකටද එමෙන්ම කා උදෙසා ද යන්න තීරණය කිරීම පිළිබඳව ප්‍රශ්න ඉස්මතු කරයි. ගබ්සා කිරීම, අධික දුබලතා සහිත බිළිඳුන්ට දැඩිසත්කාර සැපයීම, මොළ මරණයට පත් පුද්ගලයන්ගේ ජීවන ක්‍රියාවලිය පවත්වාගෙන යාම, ශරීරාවයව විකිණීම, මානව ජාන වෙනස් කිරීම, මෙන්ම ජිවවෛද්ය තාක්ෂණය මගින් ඇතිවන බොහෝ සමාජීය හා සංස්කෘතික ගැටලු ගැන දිගටම වාද විවාද පවතී.
නිවාරක සහ ප්රතිකාරමය සෞඛ්‍ය සත්කාර සේවාවට එන්න එන්නම වැදගත්වන ප්‍රතිබද්ධ සේවාවක් වනුයේ විවිධ භූගෝලීය සමාජයීය සහ ආර්ථික කණ්ඩායම් අතර රෝග, මන්දපෝෂණය සහ මරණ බෙදී යන ආකාරය පිළිබඳව වාර්තාවක් තබා ගැනීම පිණිස සංඛ්‍යාලේඛන උපයෝගී කර ගැනීමයි. මහජන සෞඛ්‍ය ගැටළු පවතින්නේ කොයිබද සහ ඒවා කොපමණ සීඝ්‍ර තාවයකින් ව්‍යාප්ත වන්නේ ද යන්න තීරණය කිරීමේදී මේවා උපකාරී වේ. නිවාරණ සහ ප්‍රතිකාර පියවර වල බලපෑම ප්රක්ෂේපණය කිරීමටත් ඒ අනුව ඵලදායි ලෙස සැලසුම් කිරීමටත් ඇතැම්විට ගණිතමය ආකෘතිය වලට ද සහාය ලබා ගනිමින් එවන් තොරතුරු අර්ථ නිරූපණය කළ හැකි වේ.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE DESIGNED WORLD නම් 8 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක අවසන් ලිපියයි මේ.