ලෝකයේ දුප්පත්ම රටවල ගොවිතැන නව මගකට යොමු කිරීම

Posted by

සාගින්නට එරෙහි සටනට ආධාර කිරීම සහ ග්‍රාමීය සංවර්ධනය ප්‍රවර්ධනය අරමුණු කර ගත් යෝධ ව්‍යාපෘතියක් රාජ්‍ය හා පෞද්ගලික අංශ සන්ධානයක් මගින් ගෝලීය මට්ටමෙන් ක්‍රියාත්මක කෙරේ. ඩොලර් මිලියන 500 ක් වැය වන මෙම ව්‍යාපෘතියෙන් සංවර්ධනය වන රටවල ගොවිතැනෙහි නිරත කුඩා ගොවීන්ට අදාල දත්ත එක් රැස් කරනු ඇත. ව්‍යාපෘතිය 2030 දක්වා ක්‍රියාත්මකයි. අප්‍රිකාවේ, ආසියාවේ හා ලතින් ඇමරිකාවේ දුගීභාවයෙන් වෙලී ජීවත්වන මිලියන 500 ක් පමණ වන ගොවීන් ඉටුකරන කාර්යයන් සම්බන්ධයෙන් දැනට ඇති තොරතුරු හිඩැස පිරවීමට මෙමගින් අදහස් කෙරේ. එසේ කරනු ලබන්නේ ලෝක ආහාර සංවිධානය සහ ලෝක බැංකුව වෙන වෙනම වර්ධනය කරනු ලැබූ සමීක්ෂණවල විෂය පථය පුළුල් කිරීමෙනි. පශු සම්පත, බෝග අස්වැන්න වැනි සාධකවලට සම්බන්ධ මෙකී සමීක්ෂණයන්හී නියමු වැඩසටහන් රටවල් අටක පසුගිය දශකය තුළ පැවැත්විණ.

Related image

මෙම ව්‍යාපෘතියේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම වැඩසටහනෙහි (Food and Agriculture Organization of the United Nations – FAO), බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙහි සහ ජාතික රජයන්ගේ සන්ධානයක් හැටියට ක්‍රියාවට නැංවේ. ලබන වසරේ සිට වසර තුනක් යන තුරු ඩොලර් මිලියන 36ක් යොදවන අතර 2030 තෙක් අතිරේකව තවත් ඩොලර් මිලියන 250 ක් වැය කෙරෙන බව සන්ධානයේ ප්‍රකාශකයෙක් පසුගියදා ප්‍රකාශ කළේය. ඉතිරිය ව්‍යාපෘතියට සම්බන්ධ වන ආණ්ඩු වලින් සහ සේවා හා භාණ්ඩ වශයෙන් සැපයෙණු ඇත.

සන්ධානයේ සාමාජිකයන් දැනටමත් ආයෝජනය කර ඇති කෘෂිකාර්මික වැඩසටහන් වලින් වෙනසක් ඇති කිරීමට හැකි වී ඇත්දැයි සොයා බැලීමට ගොවිතැනට යොදා ගන්නා බිජ වර්ග, ගොවීන්ගේ ආදායම මෙන්ම ඔවුන්ගේ තාක්ෂණික ධාරිතාව ගැන වඩාත් නිවැරදි තොරතුරු එක්රැස් කිරීම උපකාරී වනු ඇත. තවද රජයන්ට, තම රටවල ගොවීන්ට ආධාර කිරීම පිණිස යෝග්‍ය කෘෂිකාර්මික ප්‍රතිපත්ති සැකසීමට ද මේ දත්ත ප්‍රයෝජනවත් වෙතැයි සැලකේ. මෙම වැඩසටහන,   එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ආධාර වනු ඇතැයි අපේක්ෂිතයි.

Image result for fao

2015 දී මෙම ඉලක්ක සම්මත කරගනු ලැබූ වේ දුප්පත්කම අඩු කිරීම සහ ලෝකයේ දුප්පත්ම රටවල වෙසෙන්නන්ගේ ජීවිත නංවාලීමේ අභිප්‍රාය ඇතිවයි. එක් ඉලක්කයක් වන්නේ 2030 වන විට සාගින්න තුරන් කිරීමේ පුඅළුල් ප්‍රයත්නයෙහි ම කොටසක් ලෙස කෘෂිකාර්මික ඵලදායිතාව සහ කුඩා පරිමාණ ගොවීන්ගේ ආදායම් දෙගුණ කිරීමයි. ලෝකයේ රජයන් පමණක් නොව මානව හිතවාදීන්, සංවර්ධන බැංකු සහ ඇමරිකා එක්සත් ජනපදය අන්තර්ජාතික සංවර්ධන නියෝජිතායතනය(US Agency for International Development — USAID)) වැනි අරමුදල් සපයන නියෝජිතායතන මුහුණපාන ගැටලුව වන්නේ ප්‍රගතිය නිරික්සුම් කරන්නේ කෙසේද යන්නයි.

Image result for collecting data on agriculture

ලොවපුරා ග්‍රාමීය කෘෂි කර්මාන්තය පිලිබඳ දත්ත බොහොමයක් සැකසෙන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගිනි. මෙම ආයතනය ඒ සඳහා විශ්වාස තබන්නේ ඒ ඒ රටවල් සපයන වාර්තා මත ය. එහෙත් මේවා බොහෝවිට අසම්පූර්ණ වේ. ජනසංගණන වලදී විස්තරාත්මක කෘෂිකාර්මික තොරතුරු එක්රැස් කරන රටවලට පවා දත්ත බොහෝ විට වසර ගණනක් හෝ දශක ගණනක් කල්ගත වූ ඒවාය. අනික බොහෝ රජයන්ට එවන් විශාල සමීක්ෂණ නිරතුරුව නැවත නැවත සිදු කිරීමට මුදල් නොමැත.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම වැඩසටහන  සහ  ලෝක බැංකුව මගින් වැඩි දියුණු කරන ලද සමීක්ෂණ වඩාත් නාභිගත ය. එමෙන්ම වඩාත් ලාභදායී හා වේගවත්ය. සෑම වසරකම අස්වැන්න නෙලීමට පෙර සහ පසු දත්ත එකතු කිරීමට රටවල් වලට  ඉන් මග පෑදෙයි.  50 ක්ස් 2030 ලෙස නම් කර ඇති මේ නවතම මුලපිරීමේ කොටසක් ලෙස, සමීක්ෂණ පවත්වාගෙන යන ආකාරය  සහ සේවකයන් විසින් එකතු කර ගනු ලබන දත්ත භාවිත කරන අන්දම  ගැන රජයන්ට තාක්ෂණික සහාය සැපයේ. ඊට හිලව්  වශයෙන් වැඩසටහන් වෙනුවෙන් ආණ්ඩුව අරමුදල් යෙදවීම ක්‍රමයෙන් වැඩි කළ යුතුවන්නේ දශකයක් ඇතුළත සමීක්ෂණ හිමිකාරිත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

ව්‍යාපෘතියේ ප්‍රධාන පරීක්ෂණ මධ්‍යස්ථානයක් වන්නේ උගන්ඩාවයි.  එරට ලෝක බැංකු සමීක්ෂණය භාවිත කිරීම ආරම්භ කළේ 2009 දී ය. ගොවිපොළ හිමියන්ට සිය පශු සම්පත සඳහා පශු වෛද්‍ය සේවාව සපයා ගැනීමේදී අපහසුකම් ඇති වන බව සමීක්ෂණ ප්‍රතිඵල පෙන්නුම් කළේය. ගම්බද ගොවීන්ට සිය සතුන් වෙනුවෙන් වෛද්‍ය පහසුකම් ලබාගැනීමට ඉඩ සැලසෙන පරිදි උගන්ඩාව රාජ්‍යය සිය වැඩසටහන දැන් යළි සකසමින් සිටි.

උගන්ඩාව  එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම වැඩසටහනෙහි සමීක්ෂණය ද ප්‍රයෝජනයට ගනු ඇත. මේ වසරේදී එසේ කරන දෙවැනි රට උගන්ඩාවයි. සේවකයන් සිය ගණනක් දැන් සමීක්ෂණ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පුහුණු කරනු ලබන අතර මේ මාසයේ (ඔක්තෝම්බරයේ) ක්ෂේත්‍ර වෙත ගොස් ගොවීන් හමුවී කතාබහකොට  මේ කන්නයේ වගාව ගැන දත්ත එක් රැස් කරනු ඇත. ඉන්පසුව ඔවුන් විසින් මුල්ම අස්වැන්න ලබා ගැනීමෙන් පසුවද තවත් සමීක්ෂණ පවත්වනු ලැබේ. ලබන අප්‍රියෙල් වල දී ඇරඹෙන ඊළඟ කන්නයේදී ද මේ ක්‍රියාදාමය සිදු කිරීමට නියමිතය. මෙහි අවසන්  ප්‍රතිඵලය වන්නේ ගම්බද ගොවිපල පිළිබඳ යථාතථ්‍ය භූගෝලීය තොරතුරු සහිත,  සංඛ්‍යාලේඛන වශයෙන් නියෝජනාත්මක දත්ත සමුදායකි. එම දත්ත සමුදාය ප්‍රවණතා හඳුනාගැනීමට මෙන්ම රජයේ  ප්‍රයත්නයන් තත්වානුකූලව කිරීමටද ඉඩ සලසයි.

NATURE – International Journal of Science හී පළවූ Big-data project aims to transform farming in world’s poorest countries යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.